AI වලින් හදපු මිනිත්තු කිහිපයක ෆිල්ම් එකකට කෝටි 30ක්! | Lily – Global AI Film Award Winner

image_title_here

කතාවේ පසුබිම ගවේෂණය කිරිම

ඹ විශ්වාස කරනවද... නිකන්ම නිකන් AI ටූල්ස් ටිකක් පාවිච්චි කරලා හදපු විනාඩි කිහිපයක වීඩියෝ එකකට, රුපියල් කෝටි 30කට එහා ගිය තෑග්ගක් හම්බුණා කිව්වොත්?

ඔව්... මේ ළඟදි Google සමාගමේන් තිබ්බ "Global AI Film Award" එකේ පළවෙනි තැන දිනුවේ ටියුනීසියාවේ කෙනෙක්. එයාගේ නම සූබෙයිර් එල්ජලාසි. ඉතින් මෙයා හදපු ෆිල්ම් එකේ නම තමයි "Lily" කියන්නේ.

හැබැයි, මේ කෝටි 30ක ජයග්‍රහණයට වඩා මගේ අවධානය යොමු වුනේ මේ මනුස්සයා මේ ගමන ආපු විදිහ සහ එයාගේ ෆිල්ම් එකේ තිබ්බ හරි පුදුම කතාවට.

ඉතින්, මේ මනුස්සයා කියනවා එයා 2020 අවුරුද්දේ හිටියේ මරණයත් එක්ක සටන් කර කර කියලා. එයාට පිළිකාවක් හැදිලා, හොස්පිට්ල් එකේ ඇඳට වෙලා ඉද්දි තමයි ලැප්ටොප් එක උකුලට අරන් වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ.

එයා කියනවා "දෙවියන් මාව මරණයෙන් බේරගත්තේ මට හිතාගන්නවත් බැරි තැනකට ගෙනියන්න වෙන්න ඇති" කියලා. අන්න ඒ අමාරු කාලේ එයා ලබපු පන්නරය තමයි මේ ෆිල්ම් එකෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ.

දැන් අපි බලමු මොකක්ද මේ ඩොලර් මිලියනයක් වටින "Lily" ෆිල්ම් එකේ කතාව කියලා.

මේකේ ප්‍රධාන චරිතය තනිකඩ, පාළු මනුස්සයෙක්. මිනිහාගේ  රස්සාව තමයි පරණ ෆයිල් අස් කරන එක. මිනිහා කොච්චර තනිවෙලාද කියනවා නම්, ඒයාම කියනවා "මගේ ජීවිතෙත් හරියට ෆයිල් ගොඩක් වගේ,  අමතක වෙච්ච දෙයක්..." කියලා

ඉතින් මේ පාළු මිනිහා දවසක් ගෙදර එනවා පාරේ තිබිලා අහුලගත්ත බෝනික්කෙක් අරගෙන. එයා හිතනවා මේ බෝනික්කා එයාගේ පාළුව මකයි කියලා. මිනිහා බෝනික්කාට අලුත් ඇඳුමක් ගෙනත් දීලා හරි ආදරෙන් කියනවා: "බලන්න ලිලී... මම ඔයාට අලුත් ඇඳුමක් ගෙනාවා... ඔයාගේ පරණ ඇඳුම දැන් කිලිටු වෙලා...".

ඒත් එක්කම පුදුම දෙයක් වෙනවා. මේ අජීවි බෝනික්කා කට ඇරලා කතා කරන්න පටන් ගන්නවා. 

"මට ඔයාගේ ඇඳුම එපා... අනික මගේ නම ලිලී නෙවෙයි...".

බොනික්කා ඒක පාරටම කතා කරන්න ගන්න නිසා  මේ මනුස්සයා හිතනවා එයාට පිස්සු හැදීලා ද  කියලා. ඒත් බෝනික්කා කතා කරන ඒක නවත්වන්නේ නෑ. එයා අහනවා: 

"ඇයි ඔයා මාව මගේ අයිතිකාරයගෙන් වෙන් කළේ? ඇයි මාව මෙතනට ගෙනාවේ?".

මේ මනුස්සයා තරහෙන් කෑගහනවා. 

"කට වහපන්! තමුසෙ නිකන් රෙදි කෑල්ලක් විතරයි...".

ඒකට පිළිතුර විදියට බෝනික්කා දෙන උත්තරේ පට්ටම දර්ශනිකයි. 

"ඔව් මම රෙදි කෑල්ලක් තමයි... හැබැයි මනුස්සයෙක් වෙච්ච උඹේ ජීවිතේට වඩා, රෙදි කෑල්ලක් වෙච්ච මගේ ජීවිතේ සතුටුයි...

දැන් තමයි කතාවේ භයානකම කොටස එළියට එන්නේ. මේ බෝනික්කා නිකන්ම නිකන් කතා කරන බෝනික්කෙක් නෙවෙයි. ඒයා තමයි මේ මිනිහාගේ හෘද සාක්ෂිය.

බෝනික්කා කෙලින්ම මූණටම කියනවා... ‍

"උඹ මිනීමරුවෙක්" 

එතකොටයි එළිවෙන්න ගන්නවා, මේ මනුස්සයා අතින් පාරේදී පොඩි ළමයෙක් හැප්පුණා කියලා. හැබැයි මිනිහා වාහනේ නවත්වන්නේ නැතුව පැනලා ඇවිත්. එදා ඒ අනතුර වෙද්දි  හැප්පුණ පොඩි ළමයා ළඟ හිටපු බෝනික්කා තමයි මේ ගෙදර අරගෙන ඇවිල්ලා තියෙන්නේ.

මිනිහා අඬ අඬා කියනවා, 

"ඒක ඇක්සිඩන්ට් එකක් ලිලී... මට බය හිතුණා... ඒ වේලාවේ වාහනේ නවත්තන්න මට ධෛර්යයක් තිබුණේ නෑ..." 

කියලා.

අන්තිමට මේ මනුස්සයා තේරුම් ගන්නවා තමන්ගේ හෘද සාක්ෂියෙන් පැනලා දුවන්න බෑ කියලා. එයා කෙලින්ම යන්නේ පොලිසියට.

ඊට පස්සේ මේ මිනිහා පොලිස් දේපාර්තුමෙන්තුව ගාව ලිලීවත් අත්දෙකෙන් බදාගෙන සිටගෙන ඉන්නවා . පස්සේ බොනික්කා අහනවා ඔයා මේ කරන්න යන දේ ගැන ඔයාට විශ්වාසද කියලා

මිනිහා උත්තර දෙනවා: 

 "මට මහන්සියි ලිලී... මට තවත් මේක දරාගෙන ඉන්න බෑ... 

 කියලා

ටික වෙලාවකින් පොලිසිය ඇතුළට ගිහින්, අර "සාක්ෂිය", එහෙම නැත්නම් අර බෝනික්කාව මේසය උඩින් තියලා එයා තමන්ගේ වරද බාර ගන්නවා.

ඒතනින් පස්‌සේ පොලිස් ඔෆිසර් මෙයගේ අත් විලංගු කරලා කුඩුවට දාන්න හදන කොට ලිලී කියනවා

 Goodbye... "මගේ නම බෙයා. හැබැයි මම කැමතියි ලිලි කියන නමට"

මේ මිනිහා අවුරුදු ගාණකට පස්සේ සැනසිල්ලේ හුස්ම ගත්තා. මොකද එයා තේරුම් ගත්තා "වරදක් කරපු කෙනෙක්ට දඬුවමකින් මිදෙන්න පුළුවන් එකම විදිහ, ඒ වරද පිළිගන්න එක විතරයි" කියලා.

අන්තිමට මේ බොනික්කා ඒයාගේ මුල් අයිතිකාරයට ඒ කියන්‌නේ අර මිනීහගේ වාහනයට හැප්පුනා කුඩා ගැහැණු ළමයට  බර දෙනවා. හැබැයි තාම ඒය සුවය ලබමින් හොස්පිටල් ඒකේ  ඉන්නේ. සිහියවත් ඇවිල්ලා නැ තාම. ඒ හින්දා ඩොක්ටර්, ලිලී ඒහෙම නැත්තම් බෙයා ඒයාගේ තුරලෙන් තියලා ඒතනින් නික්මෙනවා. කතාවත් ඒතනින් අවසන් වෙනවා.

ඉතින් , ඇත්තටම මේ ෆිල්ම් එකෙන් පෙන්නන්න උත්සාහ කරන්නේ, අපිට ලෝකෙන් ඕන දෙයක් හංගන්න පුළුවන් වුණාට, කවදාවත් අපේ හෘද සාක්ෂියෙන් දේවල් හංගන්න බෑ කියන එකයි.

හිතලා බලන්න... මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කරපු සූබෙයිර්ට තිබුණා "මම කොහාමත් දැන් මැරෙණවා" කියලා ජීවිතේ අතාරින්න. ඒත් එයා එහෙම කළේ නෑ. එයා තමන්ගේ ඒ දරාගන්න බැරි වේදනාව, තමන්ගේ තනිකම, තමන්ගේ බය... මේ හැමදේම "Lily" කියන නිර්මාණය ඇතුළට ඔබ්බවලා, ඒ වේදනාව කලාවක් කළා.

අද එයා දිනලා තියෙන මේ ඩොලර් මිලියනය කියන්නේ, එයා එදා වින්ද ඒ වේදනාවට ලැබුණ වන්දි මුදලක්.

ඒ නිසා, උඹට දෙයක් අහිමි වුනාම, ජීවිතේ එපා වුණාම, අතේ සතේ නැති වුණාම... ඒ වේදනාව පාවිච්චි කරලා ජිවිතේ අහිමි කරගන්න, නරක දේවල් කරන්න යන්න එපා. ඒ වේදනාව පාවිච්චි කරලා කවියක් - සිංදුවක් ලියන්න පුළුවන්, සිංදුවක් කියන්න පුලුවන්. චිත්‍රයක් අදින්න පුලුවන්... එහෙම නැත්නම් මේ වගේ ෆිල්ම් එකක් හදන්න පුලවන්.

මතක තියාගනින්... 

"ලෝකේ බිහිවුණ හැම විශිෂ්ට නිර්මාණයක් අස්සෙම තිබුණේ, කියාගන්න බැරි ලොකු වේදනාවක්."

මේ ෆිල්ම් එක හදන්න එයා Google Veo, Gemini, Nano Banana, ElevenLabs, Suno වගේ AI ටූල්ස් පාවිච්චි කරල තියෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි AI වලට පුළුවන් රූප මවන්න විතරයි. මේ වගේ ගැඹුරු කතාවක්, මේ වගේ හැඟීමක් මවන්න පුළුවන් මනුස්සයෙක්ට විතරයි.

ඉතින් තාක්ෂණයට බය වෙන්න එපා. තාක්ෂණය කියන්නේ ඔයාගේ හිතේ තියෙන කතාව එළියට ගන්න තියෙන පින්සලක් විතරයි. වැදගත් වෙන්නේ ඔයා අඳින චිත්‍රයයි.

උඹත් උඹේ වේදනාව කලාවක් කරපන්. ගැම්මක් අරන් වැඩ පටන් ගමු. ඊළඟ අවුරුද්දේ  Global AI Film Award එකේ... ලංකාවේ නමක් තියෙන්න බැරි නෑ!

සම්පුර්ණ චිත්‍රපටය බලන්න(4K UHD)

Getting Info...

කර්තෘ

This is a big world. I'm exploring everything that is accessible to my five senses.

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.