ඔබේ පෞරුෂත්වය කුමක් ද? | What’s Your Personality Type?

image_title_here
What’s Your Personality Type?

නිහඬ චරිත (Introverts)

මනෝවිද්ද්‍යාවට(psychology) අනුව මිනිසුන් ඔවුන්ගේ පෞරුෂය(personality) අනුව ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන් ඒ introverts සහ extroverts යන කාණ්ඩ දෙක. ඊට අමතරව ambiverts කියලා තව කාණ්ඩයකුත් තියෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකයේ සීයට සීයක් introvert හරි extrovert ලක්ෂණ පෙන්වන පුද්ගලයන් නැ.ඒකියන්නෙ ඕනෑම පුද්ගලයෙක් තුල ඉහත කාණ්ඩ දෙකේ ලක්ෂණ අඩු වැඩි වෂයෙන් තියෙන්න පුලුවන්. පුද්ගලයෙකුට introvert ලක්ෂණ වැඩ්පුර තියෙනවනම් එම පුද්ගලයා introvert කාණ්ඩයටත් extrovert ලක්ෂණ වැඩ්පුර තියෙනවනම් එම පුද්ගලයා extrovert කාණ්ඩයටත් අයත් වෙනවා.ඊට අමතරව මේ කාණ්ඩ දෙකේම ලක්ෂණ සමානව (ආසන්නව හරි)තියෙන අය ambivert කාණ්ඩයටත් අයත් වෙනවා.

නිහඬ චරිත කියන එකෙ නිවැරැදිම තේරුම නොවුනත්  සමාජයේ බහුතරයකට හුරු  වචනයක් හින්දා මාතෘකාවට යොදාගත්තා. මේ සම්බන්ධයෙන් සිංහලෙන් ලියවුනු ලිපි අඩු නිසා introvertsලා ගෙන පුලුවන් තරම් විස්තර මේ ලිපියෙන් සමාජගත කරන එක තමා ප්‍රධානම අරමුණ සහ මේකට ප්‍රධානම හේතුව introvertsලා සමාජයෙ ගොඩක් ⁣වෙලාවට අසාධාරණයට හා වරදවා වටහා ගැනීමට ලක්වන එක. (මේ ලිපිය  පිරිමි INTP /INFP පෞරුෂය පැත්තට පොඩ්ඩක් බරවැඩි වීමේ හැකියාවක් තියෙනවා.)

Introvert කෙනෙක් කියන්නේ සරලව, තමා තුලින්ම සතුටු විය හැකි ඒ කියන්නෙ අභ්‍යන්තර සිතුවිලි වලට යොමුවුනු කෙනෙකුට.ඒවගේම මේ අය සමාජය සමග ගැටීමෙන් ඉක්මනට වෙහෙසට(energy draining)පත්වෙනවා.ඒ හින්දා ගොඩක් වෙලාවට මේ අය තනියම ඉන්න කැමති මොකද තනියම ඉන්නකොට තමා මෙයාලගෙ වෙහෙස නිමිලා සාමාන්‍ය තත්වෙට එන්නෙ(energy recoverying).

Extroverts කෙනෙක් කියන්නෙ බාහිර පරිසරය තුලින් සතුටුවිය හැකි ඒ කියන්නේ සමාජයතුල ගැටීමෙන් වෙහෙස නිමාගන්න හරි සතුටු වෙන්න පුලුවන් කෙනෙකුට.⁣ මේවගෙ කෙනෙකුට තනියම ඉන්න එක නැත්තම් එකතැනකට වෙලා ඉන්න එක ⁣ටිකක් අමාරු දෙයක්. හොඳම උදාහරණය තමයි COVID 19 නිසා ගෙවල්වලට වෙලා ඉන්න සිදුවීම, introvertsලට මෙකෙන් බලපෑමක් වෙන්නැති තරම් හැබැයි ඉතින් extrovertsලට නම් මේක ගොඩක් අමාරු තත්ත්වයක්.

Ambivert කෙනෙක් කියන්නෙ ඉහත තත්ත්ව දෙකටම හැඩගැසුනු කෙනෙකුට.සමාජයේ වැඩිම ප්‍රතිශතයක් ඉන්නෙත් මේ අය.

දැන් සාමාන්‍ය idea එකක් ඇතිනෙ Introvert, Extrovert, Ambivert  කියන personalities ගැන. ඉතින් අපි දැන්  topic එකට යමු. 

සමාජයේ බහුතරය Ambiverts අය.නියම Introverts (INTP is the most introverted of the MBTI) අය පොඩිගානක් තමා ඉනනේ.  සමාජයේ බහුතරය Ambiverts වුනාට සමාජයේ තියන ගොඩක් දේවල් Extrovertsලට හරියන විදිහට තමා තියෙන්නනෙ මොකද Ambiverts අය සමාජයේ extrovertsලා වගේ හැසිරෙන නිසා.ඒහින්දා introverts අය සමාජයේ අසාධාරණයට වගේම වරදවා වටහා ගැනීම්වලට ලක්වෙනවා. සාමාන්‍යයෙන් introvertsලා පාඩුවෙ කාටවත් කරදරයක් නැතුව ඉන්න පිරිසක්.  Introvertsලා සාපේක්ෂව බුද්ධිමත් ඒවගේම විශේෂ දක්ෂතා ගොඩක් තියන පිරිසක්.  ඉතින්⁣ මේ අයගෙ තියෙන ප්‍රධාන ලක්ෂණ එකෙන් එක අරන් බලමු. 

ගොඩක් වෙලාවට තනියෙන් ඉන්න කැමතියි.

මේකට හෙතුව කලින් සඳහන් කරල තියෙන්නෙ. ඉතින් මේ හේතු නිසා මේ අය උත්සව අවස්ථා නැත්නම් සෙනග ගැවසෙන තැන් මගහරින්න උත්සාහ කරනවා. බැරිවෙලාවත් ඒවගේ අවස්ථාවකට මුහුනදෙන්න වුනොත් ගොඩක් වෙලාවට කොනකට වෙලා තනියෙන් අනිත් අයගෙ අවධානයට ලක්නොවී ඉන්නතමා බලන්නෙ. නැත්නම් අඳුරන කෙනෙක් ලඟට වෙලාම ඉන්නත් පුලුවන්. මේ වගේ අවස්ථාවක mobile phone එක මෙයාලට නැතිවම බැරි දෙයක් මොකද ඒක පාවිච්චි කිරීම මගින් වෙන අයත් එක්ක සන්නිවේදනය මගහරවන්න පුලුවන් නිසා. 

මෙතනදී  කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ගොඩක් අය හිතන් ඉන්නෙ introverts අය ලැජ්ජාශීලි  (shyness)නැත්තම් සමාජභීතිකාව (social phobia ) නිසා මේ විදිහට හැසිරෙනවා කියලා. ඒක ගොඩක් වැරදි වැටහීමක් මොකද shyness සහ social phobia  කියන්නෙ මානසික රෝග තත්ත්වයක් සහ introverts ලගේ මේ හැසිරීම personality  එකක් වීම. කොහොම වුනත් මේ රෝග ලක්ෂණ introverts  අයට තිබීමේ හැකියාවකුත් තියෙනවා.

තමා පිළිබඳව මනා අවබෝධයක් තියෙනවා.

introverts අය හුදකලාවට ගොඩක් නැඹුරුවුන අය. ඒ නිසා මේ අය සැලකිය යුතු කාලයක් තමා සමග ගතකරනවා. ඉතින් මේ හේතුව නිසා තමාගෙ තියෙන හැකියාවන් වගේම දුර්වලතා ගැනත් මේ අයට හොඳ අවබෝධයක් තියෙනවා. මේ අය හැකි සෑමවිටම දුර්වලතා හදාගන්න වගේම හැකියාවනුත් වැඩිදියුණු කරගන්න උත්සාහ කරනවා.

ඒ වගේම මේ අය වැරදිවලට අත්වැරදීම්වලට ලොකු බයක් දක්වනවා මොකද මේ අයට මේ ව⁣ගේ දේවල් අමතක කරන එක ගොඩක් අමාරුයි.මේවගේ අමිහිරි අත්දැකීම් ඕනෑම මොහතක මේ අයගේ ඔලුවට එන්න පුලුවන්. ඉතින් බොහෝවිට මේ අය වැරදි ,අත්වැරදීම් නොකර ඉන්න ලොකු උත්සාහයක් දරනවා.

අනිත් අයගෙ හැඟීම් (සත්තුන්ගෙ පවා)තේරැම් ගන්න පුලුවන් වීම.

ගොඩක් අය නොහිතන විදිහෙ හැකියාවක් තමා මේක මොකද  introverts අය සමාජශීලි නැති නිසා සමාජය ගැන අවබෝධයක් නෑ කියලා තමා ගොඩක් අය හිතන්නෙ. Introverts අයට අනිත් අයගෙ හැසිරීම, කතාකරන විදිහ, social media වල හැසිරෙන විදිහ වගේ ගොඩක් දේවල් වලින් අනිත් අය මොනවගේද කියලා අඳුරගන්න පුලුවන් සහජ හැකියාවක් තියෙනවා. ඉතින් මේ හේතුව නිසා ගොඩක් අය මේ අය එක්ක තම ප්‍රශ්න දුක් ගැනවිලි කියන්න කැමැත්තක් දක්වනවා. මොකද මේ අයට කතාබහ නොකර වුනත් අනිත් අයගෙ තත්ත්වය අඳුන ගන්න වගේම ඒ අවස්ථාවට ගැලපෙන විදිහට හැසිරෙන්නත් විශේෂ හැකියාවක් තියෙන හින්දා.

ඉතින් මේ අයගෙ මේ හැකියාව නිසා සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනී⁣මේදී නිවැරැදි තීරණ ගැනීමට හැකියාවක් තියෙනවා. ඒවගේම සුරතල් සතුන් රැකබලා ගැනීමට විශේෂ හැකියාවක් තියෙනවා.

ඉතින් මේ හේතු නිසා  introverts අය එක්ක අමනාපකම් තියාගන්න එක ගොඩක් හොඳ දෙයක් නෙමෙයි මොකද සමහර විට ඔයා ඔයාගැනවත් නොදන්න දේවල් introvert කෙනෙක් දැනගෙන ඉන්න පුළුවන්. 

වැඩිය කතාබහ නැතිවුනත් ගොඩක් හොඳ සවන්දෙන්නෙක්.

Introverts අය ගොඩක් වෙලාවලදී නිශ්ෂබ්ධව තමා ඉන්න කැමති. මෙයාලා වැඩිය කතා නැතිවුනාට හොඳට අවධානයෙන් අහ⁣ගෙන ඉඳලා අවශ්‍ය වෙලාවට විතරක් කතා කරන්න කැමතියි. මේ අය ඕපාදූප කතාකරන්න වැඩි කැමැත්තක් නෑ ඒවගේම මෙයාලට අනුව එදිනෙදා විස්තර කතාකිරීම, සුභපැතීම් වගේ දේවල් කිසිම තේරුමක් නෑ.ඉතින් ගොඩක් ලොවට මේ අයට කාත් එක්කවත් කතාකරන්න දේවල් නැති තරම් . සමහර වෙලාවට මේ අය එයාලගෙ යාලුවොන්ගෙ නම් පවා දන්නැති වෙන්න පුලුවන් මේ හේතුව නිසා. 

පොඩි පොඩි කතාවලට මෙයාලා කැමති නැති වුනාට දේශපාලනය, ලිංගිකත්වය ,තාක්ෂණය වගේ  බර මාතෘකා ගැන යාලුවෝ සමග කතා කරන්න කැමැත්තක් දක්වනවා. මේ අය අනිත් අයගේ විස්තර අහන්න උවමනාවක් නැති වුනාට ආදර සම්බන්ධයකදීනම් ප්‍රශ්න පත්‍රයක් වුනත් හදලා අහන්න ඉඩතියෙනවා .

කොහොම වුනත් introverts අය කලින් සඳහන් කලා වගේ අනිත් අයගෙ ප්‍රශ්න ,දුකගැනවිලි වලට හොඳින් ඇහුම්කන් දෙන්න වගේම ඒවට විසඳුම් නැත්නම් දිරිගැන්වීම් වගේ දෙවල් කරන්නත් හොඳ හැකියාවක් තියෙනවා. 

ඊට අමතරව introverts අය අමුත්තන් සමග කතාබහ කරන්න අකමැත්තක් දක්වනවා. ඒවගේම මේ අයට තමා පිළිබඳව හදිසියේ කියන්න වුනොත් අපහසු තාවකට පත්වෙනවා වගේම සංවේදී වෙන්නත් පුලුවන්. සමාන්‍යයෙන් introverts අය විශේෂ කටයුතු (අනිවාර්යෙන් කතාබහ කිරිමට සිදුවන ) සඳහා කලින් පුහුණු වීම සිදුකරනවා. මේ අය මේ අවස්ථාව මනසතුල මවාගෙන මොනවගේ ප්‍රශ්න අහයිද ඒවට කොහොමද උත්තර දෙන්නේ වගේ දෙවල් කල්තියා පුහුණු වෙනවා.නැත්නම් ඒ වගේ අවස්ථාවක අපහසුතාවයට පත්වීමට පුලුවන්.

 සමහර වෙලාවට කියන්න ගියපු දේට වඩා වෙනත් දෙයක් කටින් පිටවීම නිසා මේඅය අපහසුතාවයට පත්වෙන්න පුලුවන් ඉතින් මෙවගේ හේතු නිසා මේ අය කතාබහ නොකර Message ,email වගේ දෙවල් වලින් සම්බන්ධතා පවත්වන්න වැඩි කැමැත්තක් දක්වනවා මොකද මේ වගේ එවගේ වැරදි නිවැරැදි කරගැනීමට හැකියාවක් තියෙන නිසා.

ඉතින් introvert කෙනෙක් ඔයා එක්ක කතා ⁣කරේ නැත්නම් එකෙන් කියවෙනනේ එයාට ඇත්තටම කතා කරන්න දෙයක් නැති එක හෝ කතාවක් පටන්ගන්න පොටක් නැති එක මිසක් පෞද්ගලික අමනාපයයක් හො ලොකුකමක් එහෙම ⁣නෙමෙයි.

අනුන් මත යැපෙන්න අකමැතියි.

Introvertsලා හැමවිටම වගේ තමගේ දෙවල් තමා විසින්ම කරගන්න ලොකු උත්සාහයක් දරනවා. මේ අය අත්‍යාවශ්‍යම කාරණයක ඇරෙන්න අනිත් අයගෙන් උදව් ඉල්ලන්න අකමැත්තක් දක්වනවා. සමහර වෙලාවට දෙමාපියන්ගෙන් යැපෙන්න වීමට පවා මේ අය ලොකු අකමැත්තක් දක්වනවා. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට මේ අය තමන්ගෙ ප්‍රශ්න අවශ්‍යතාවන් දෙමාපියන්ගෙන් සඟවාගෙන ඉන්න තියෙන ඉඩ වැඩි.මේ නිසා introverts  ළමයින් ගැන පෙඩ්ඩක් හොයාබලන එක ගොඩක් වැදගත්.

කොහොමවුනත් මේ අය අනිත් අයටනම් හැකි පමණින් උදව් කරන්න බැඳිලා ඉන්නවා(උදව් ඉල්ලුවොත්). මේ අය තමන්ට කරන උදව් උපකාර අමතකනම් කරක්නෙ නෑ. ඒවගේම ඒවට කෘතගුණ සලකන්නත් අමතක කරන්නෙ නෑ. 

තදින්ම අවධානය යොමුකරලා වැඩකරන්න පුලුවන්.

Introverts ලට තියෙන සුවිශේෂ හැකියවක් තමා මේක. මේ අය තමත් විශේෂ කැමැත්තක් දක්වන දේවල්වලට අධික ලෙස අවධානය ( supper focus) යොමු කරන්න හැකියාවක් තියෙනවා. මේ වෙලාවට බාහිර පරිසරය තියෙන සියලු දේවල් අමතක වීමේ හැකියාවක් තියෙනවා. කොටින්ම වෙලාව,කන බොන එක,වෙනත් වැඩ පවා අමතක වෙනවා. ඉතින් මේ නිසා මේ අය කැමති ක්ෂෙත්‍රයේ උපරිමය කරා යෑමේ හැකියාව මේ අයට තියෙනවා. කොහොම වුනත් මෙයාලා අකමැති දේවල්වලට නම්  අවධානය යොමු කරන එකනම් ලේසි නෑ. අසාර්ථක ප්‍රථිපල ලැබෙන්න තියෙන ඉඩ වැඩි.ඒ නිසා මේ අයගෙන් වැඩක් ගන්න ඕනෑනම් එයාලට කැමතිදේ කරන්න දෙන එක තමා හොඳම වැඩේ.

හොඳ නිරීක්ෂණ හැකියාවක් තියෙනවා.

සාපේක්ෂව ⁣introverts අයගේ නිරීක්ෂණ හැකියාව ගොඩක් ඉහළයි. මොකද මේ අය නිතරම ඒ හැකියාව පාවිච්චි කිරීම සහ ඒක වැඩිදියුණු කරගැනීමට උත්සාහ කරන නිසා. විවිධ පුද්ගලයන්ගෙ හැඟීම් අඳුන ගන්න, විවිධ රටා අඳුන ගන්න,අනිත් අය නොදකින පොඩි වෙනස්කම් වගේ දෙවල් අඳුන ගන්න (Sherlock Holmes වගේ)  මෙයාල මේ හැකියාව පාවිච්චි කරනවා.

විශ්වාසය උපරිමයෙන් රකින වගේම අනිත් අයගෙනුත් උපරිමයෙන් බලාපොරොත්තු වන කෙනෙක්.

Introverts ලගේ ඕනෑම වර්ගයක සම්බන්ධතාවකදී වඩාත්ම අවධානය යොමුකරන දෙය තමා විශ්වාසය.  Introverts අය විවෘත අය නෙමෙයි ගොඩක් වෙලාවට ඉතින් මේ අය විවෘත වෙනවනම් වෙනනේ විශ්වාසය පදනම් කරගෙන තමයි. එකපාරක්හරි විශ්වාසය කඩකරන එක introverts ලට අනුව බරපතල වැරද්දක්. මෙයාලා එහෙම කරපු කෙනෙකුට සමාව දුන්නත් ඒ වැරැද්ද අමතකනම් කරන්නෙනෑ.

Introverts අය විශ්වාසය උපරිමයෙන් රකින පිරිසක්. ඉතින් දෙමාපියන්ට, යාලුවන්ට, සහකරු/සහකාරියට මේ අයගැන සැකයන් තියගන්න අවශ්‍ය වෙන්නෙනෑ කිසිම අවස්ථාවක. 

ගොඩක් වෙලාවට මනෝපාරක් ගහගෙන ඉන්න කැමැත්තක් දක්වනවා.

Introverts අයගෙ ප්‍රියතම විනොදාස්වාදය මේක වෙන්න ගොඩක් වෙලාවට ඉඩතියෙනවා. සීමාවක් නැතිව විවිධාකාර දේවල් මනසින් දකිනන නැත්නම් නිර්මාණය කරගන්න මෙයාලට විශේෂ හැකියාවක් තියෙනවා. ඇත්ත ලෝකය තුල මෙයාලට අත්විදින්නට නොහැකි ගොඩක් දේවල් හීන ලෝක වල මෙයාලා අත්විදිනවා.ඉතින් මේ හීන ලෝකවල තියෙන දේවල් සැබෑ ලොකයට ගන්නත් ගොඩක් introverts  අය උත්සාහ කරනවා. සාමාන්‍ය අයටනම් මේ ඇත්තටම විකාර වුනාට introverts  අයටනම් මෙවා කරන්න පුලුවන් දේවල්.මේ හේතුව නිසා මේ අයගෙන් කාටවත් හිතාගන්න බැරි අමුතු විදිහෙ නිර්මාණය බිහිවීමේ වැඩි ඉඩක් තියෙනවා.

ඒවගේම introverts අය තමන්ගෙ අනාගතේ විය හැකි විවධ ආකාර මනසින් මවාගෙන ඒවගේ අවස්ථාවලට මුහුන දීමට තම මනස පුහුණු කරනවා.ඉතින් මේ අයට අවශ්‍ය ඕනෑම හැගීමක්  මේ හීනවලින් මවාගෙන ඇත්ත ලෝකයට ගන්න පුලුවන්. හිතමු ⁣අඬන්න හිතුනා කියලා එතකොට මෙයාලාට  පුලුවන් තමන් ගොඩක් ආදරය කරන කෙනෙක් මැරෙන හීනයක් මවාගෙන දුක්වෙන්න.

සමාජයේ අවධානයට ලක්වෙන්න ⁣අකමැත්තක් දක්වනවා.

Introverts  අය අවධානයට ලක්වන්න කැමති පිරිසක් නෙමෙයි. කොහොමවුනත් මේ අයගේ අමුතු හැසිරීම් සහ විශේෂ හැකියාවන් නිසා සමාජයේ අවධානයට ලක්වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් අවධානයට ලක් වීම  මේ අයට අපහසුතාවක් ඇති කරනවා ඉතින් එයාලා කරන වැඩවලට පවා බාදා වෙන්න පුලුවන් කොටින්ම ඇවිදින විදිහ පවා අමතක වෙන්න පුලුවන් .

හිතමු පන්තියක ප්‍රශ්නයක් අහලා දන්න අයට උත්තරේ කියන්න කිව්වා කියලා. ඉතින් introvert කෙනෙක් උත්තරේ දැනන් හිටියත් නොකියා ඉන්න ඉඩ වැඩි සමහර විට ලඟ ඉන්න යාලුවාට හොරෙන් කියන්න ඉඩ තියෙනවා.ඊට පස්සෙ වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙනෑනේ

නිර්මානශීලි අදහස් වගේම විවෘත මනසක් තියෙනවා.

සහජයෙන්ම නිර්මාණශීලී හැකියාවන් සහිත පිරිසක්  තමයි  introverts අය. ⁣චිත්‍ර ඇඳීම , කවි/රචනා ලිවීම,සංගීත භාන්ඩ හැසිරවීම වගේ හුදකලාවට බර නිර්මාණශීලී හැකියාවන් introverts අයට බොහෝවිට තියෙන්න පුලුවන්. සම්ම⁣තයෙන් පිට හිතීමේ හැකයාව නිසා(out of box thinking)මේ අයගේ නිර්මාණ ඒඅයටම අවේනික වීම වගේම විශේෂයෙන් කැපී පෙනීමේ හැකියාවක් තියෙනවා.

කොහොමවුනත් මේ අය හිතන්න ලොකු වේලාවක් ගන්න ඉඩතියෙනවා මොකද මේ අය අනිත්  අය නොහිතන දේවල් බොහොමයක් හිතලා වඩාත් හොඳම දේ දෙන්න උත්සාහ කිරීමයි.මේ නිසා ක්ෂණික තීරණ ගන්න මේ අයට පොඩ්ඩක් අපහසු වෙන්න පුලුවන්.ඒ වගේම තීරණයක් ගන්න අවස්ථාවක මේ අයට පොඩ්ඩක තනියෙන් ඉන්න ඉඩදීම අත්‍යාවශ්‍යම දෙයක්.

කොහොම වුනත් මේ අයට තම අදහස් යම් කෙනෙකුට කියලා පැහැදිලි කිරීම හෝ එත්තු ගැන්වීමට තියෙන හැකියාව අඩුයි. ඉතින් ⁣මේ හෙතුව නිසා වෙනත් ක්‍රම මගින් අදහස් ඉදිරිපත් කිරීම හෝ අදහස් ක්‍රියාවට නංවලාම පෙන්වීම තමා මේ අය කරන්නේ.

පුද්ගලිකයි රහසිගතයි.

Introverts අය තමන්ගෙ පුද්ගලික දේවල් අනිත් අයට දැනගන්න සලස්වනවා අඩුයි. මේ අය තමන්ගේ හැඟීම් පවා පුද්ගලික⁣ දෙයක් විදිහට තමා සලකන්නේ ඒ හින්දා මේ අය හැඟීම් පිටතට පෙන්වන්නෙනෑ. මේ මේතුව නිසා මේ අය ගුප්ත නැත්නම් අමුතු අය විදිහට පේන්න පුලුවන්. මේ අය විශ්වාසය මත සමහර දේවල් කෙනෙකුට කියන්න ඉඩ තියෙනවා ⁣කොහොම වුනත් කෙනෙකු දැනගන්න ඕන මට්ටමට විවෘත වෙන්න තරම් මෙයාලා පරිස්සම් වෙනවා. මේ හින්දා කිසිම වෙලාවක මෙයාල නොකියපු දෙයක් කියන්න බලකරන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි.කොහොම වුනත් මේ අය තම නීත්‍යානුකූල සහකරු හෝ සහකාරියට නම් සම්පුර්ණයෙන් විවෘත වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. 

ඉතින් මේ වගේ අය ආශ්‍රය කරනකොට මේ අයගෙ mobile phone එක , දිනපොත වගේ පෞද්ගලික දේවල් අවසරයකින් තොරව පාවිච්චි කරන්න හිතන්නවත් එපා.

ඉතින් මෙයාලගේ මේ රහසිගත බව නිසා වාසි වගේම අවාසිත් ගොඩක් තියෙනවා.

ඕනාවට වඩා සිතීම(over thinking)

Introverts  අයගෙ තියෙන ප්‍රබල හැකියාවක් වගේම දුර්වලතාවයක් තමයි මේක.මේ අය ඕනෑම දෙයක් කරනකොට ඒ ගැන ඕනාවට වඩා ඒගැන හිතනවා. ඉතින් මේ නිසා මේ අය කරන දේවල් අඩුපාඩු අඩු සා⁣ර්ථක දේවල් වෙන්න තියෙන ඉඩ වැඩි.කොහොම වුනත් මේ අයගෙ වැඩ ගොඩක් හෙමින් සිදුවෙන්න තියෙන ඉඩවැඩි මොකද අන්තිම මොහොත දක්වාම වැරදි අඩුපාඩු හද හද ඉන්න යාම නිසා. ඒවගේම වැඩක් ඉක්මනින් පටන්ගන්නත් මෙයාලට තියෙන හැකියාව අඩුයි.

 Introverts අය ගොඩක් සංවේදී අය. කවුරු හරි හිතරිදෙන දෙයක් කිව්වොත් හරි හිත රිදෙන විදිහෙ ක්‍රියාවක් හ⁣රි කලොත් මේ අය ඒ ගැන ගොඩක් හිතන්න ඉඩතියෙනවා කොහොම වුනත් ඒක පිටතට නොපෙන්වා ඉන්න තියෙන ඉඩ වැඩි.ඒ වගේම මේ අය අතින් වෙන වැරදි , අත්වැරදි වගේම අමිහිරි සිදුවීම් ගැන මේ අය ගොඩක් පසුතැවෙනවා. ඉතින් මේ දේවල් ජීවිතකාලය පුරාම වුනත් මේ අයගෙ හිතතුල වදදෙන්න තියෙන ඉඩවැඩි. 

introverts අය හිටපුගමන් විෂාධය(depression) වගේ රෝග තත්ත්වය පත්වෙන්න හේතුවත් මේකයි. පොඩි හිතරිදෙන දෙයක් වුනු වෙලාවක පරන දේවල් (සමහරවිට අවුරුදු ගානක් පරන සිදුවීම් වෙන්න පුලුවන් ) මතක් වීම හා ඒගැන ඕනෑවට වඩා හිතලා මානසික පීඩනය වැඩි වෙන්න පුලුවන්. මේ අය මේවගේ දේවල් කාටවත් නොකියා තමන්ම විසඳගන්න යාමත් මේකට බලපානවා.ඒ වගේම එක දිගටම සමාජය ගැවසෙන තැන්වල ඉන්න සිදුවීම එහෙම නැත්නම් තනියම ඉන්න අවස්ථාවක් දීර්ගකාලයක් තිස්සෙ නොලැබීමත් යන හේතුත් විෂාධයට හේතු වෙන්න පුලුවන්.

ඉතින් මේ හේතු නිසා මේ අය කරපු වැරදි, අත්වැරදි වගේම අමිහිරි දේවල් නැවත නැවත මතක් කරදීම නම් එච්චර හොඳදෙයක් නෙමෙයි මොකද මේ අය තම වැරදි හදාගන්න වගේම අමිහිරි දේවල් අමතක කරන්නත් ⁣ගොඩක් උත්සාහ කරන නිසා.

සමාජ මාධ්‍ය වල හැසිරීම

සැබෑ ජීවිතයේ හැසිරෙන විදිහයි social media  වල මේ අය හැසිරෙන විදිහයි ගොඩක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා.ගොඩක් වෙලාවට මේ අය social media  වල වැඩි ක්‍රියාකාරී බවක් දකින්න පුලුවන් නැත්නම් social media භාවිතා නොකර ඉන්නත් ඉඩතියෙනවා. මේ අය fake accounts වලින් ඉන්න තියෙන ඉඩ වැඩි. ගොඩක් වෙලාවට මේ අය සැබෑ ජීවිතයේ නොකරන ගොඩක් දේවල් social media වල කරන්න ඉඩතියෙනවා. ගොඩක් වෙලාවට මේ අය අලුත් යාලුවෝ අඳුන ගන්න මේවා පාවිච්චි කරන්නෙ නෑ විශේෂයෙන් ගැහැනු introverts අය .ඒ නිසා මෙයාලගෙ friend list  එක අඩුවෙන්න ඉඩතියෙනවා. කොහොම වුනත් වෙනත් ව්‍යාපාර වගේ දේවල් අරමුණු කරගෙන කරන අයගේ friend list එක වැඩිවෙන්න පුලුවන්.

මෙයාලා සැබෑ ජීවිතයේ දී අවධානය යොමුවෙනවට කැමති නැතිවුනාට social media  වලනම් මේ අයගේ හැකියාවන් පෙන්වන්න වගේම මේ අයගෙ අදහස් ප්‍රකාශ කරන්න වැඩි ඉඩක් තියෙනවා.

 කොහොම වුනත් ⁣social media වලත් මේ අයගෙ අමුතු ලක්ෂණ දකින්න පුලුවන්. ඉතින් සමහර වෙලාවට මේ අයට post එකකට reacts හරි comments හරි දාන එක සෑහෙන්න හිතන්න ඕනෙ දෙයක් ඒ හින්දා මේ අය comments ,reacts දානව අඩුයි. ඒ වගේම විවධ දේවල්වලට සුබපතන එක මෙයාලගේ ඇඟේ නැති දෙයක් මොකද මේ අය සැමරීම් වලට වැඩි කැමැත්තක් නැති එක.මේ අය status බලනව අඩුයි.බැලුවත් seen වෙන්නැති විදිහට තමයි බලන්නේ(විශේෂ අවස්ථාවක වෙනස් විය හැක).මේ අය ගොඩක් වෙලාවට වැඩක් ඇති දෙයක් හරි මේ අයගෙ හැසිරීම් නැත්නම් හැඟීම් වලට සම්බන්ධ memes , posts  share කරන්න වැඩි ඉඩක් තියෙනවා මොකද මෙයාල කෙලින්ම මේ දෙවල් පෙන්වන්න අකමැති නිසා.

සාමාන්‍යයෙන් මේ අය නොදන්න අයට friend request  දාන්න තියෙන ඉඩ අඩුයි.ඒ වගේව මේ අයට එන friend request  ගැනත් හොඳට හොයලා බලලා තමා accept කරන්නේ.ඊට අමතරව සමහර වෙලාවට මේ අය හේතුවක් නැතිව friendsලව unfriend කරන අවස්ථාත් තියෙනවා. එවගේම social media  වල හොඳට කතාබහ කරල ඉන්න කෙනෙක් එක්ක වුනත් මේ අය සැබෑ ජීවිතයේ දී කතා කරගන්න බැරි වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

කොහොම වුනත් මේ අය chat කරන්න වැඩි කමැත්තක් නෑ. ඒ හින්දා මාසගානකින් කතා

කරපු නැති යාලුවෝ මේ අයට ඉන්න පුලුවන්. ඒ වුනත් යාලුවෝ එක්ක තිබුනු බැඳීම නම් අඩු වෙන්නේනෑ .⁣ඒ වගේම මේ අය groupවල වැඩිය ක්‍රියාකාරී නෑ කොහොම වුනත් අවශ්‍ය වෙලාවක විතරක් මේ අය ක්‍රියාකාරී වෙන්න පුලුවන් .

call, video call ගැනනම් කියලා වැඩක් නෑ මේ අය කොහොමටවත් ඒවට කැමති නෑ. එවගේ අවස්ථාවක වුනත් msg එකකින් වැඩේ ⁣ගොඩදාගන්න මේ අය කැමතියි.

ඉතින් මේ අය අපහසුතාවට පත් විය හැකි දේවල් ප්‍රසිද්ධියේ නොකියා private message (inbox) එකකින් කියන එක තමා හොඳම වැඩේ.

ආදර සම්බන්ධතා

ගොඩක් වෙලාවට introverts  අය ආදර සම්බන්ධතාවලට යන්න ගොඩක්කල් ගන්න ඉඩතියෙනවා. Introverts  අයගේ ප්‍රධානම අරමුණ ගොඩක් වෙලාවට විවාහය නෙමෙයි. ඒවගේම සාමාන්‍ය අයට වඩා අමාරු නැත්නම් වෙනස් විදිහේ අරමුණු මෙයාලට තියෙන්න පුලුවන්. මේ හින්දා මේ අය ගොඩක් වෙලාවට අරමුණු ඉටුකරගෙන ආදර සම්බන්ධතාවකට යන්න හිතන් ඉන්නවා වෙන්න පුලුවන් මොකද ආදර සම්බන්ධතාවක් කියන්නේ මෙයට අමුතු දෙයක් නිසා.

ගොඩක් වෙලාවට introverts  කෙනෙක්ගේ හිතේ මනඃකල්පිත රූපයක් තියෙන්න පුලුවන්. ඒවගේම මොනවගේ පෞරුෂයක්ද තියෙන්න ඕනෑ කියලා මේ අයට අදහසක් තියෙනවා. ඉතින් මේක හරියට කුස පබාවතී කතාව වගේ තමා ඊටත් වඩා ලොකු කට්ටක් කන්න වෙනවා introverts අයට පතාගෙන ආපු කෙනා හොයාගන්න.

අනිත් හේතුව තමයි මේ අය සමාජශීලි නැති නිසා මේ අයට සම්බන්ධයක් පටන්ගන්න තේරෙන්නෙ නැති එක හරි ඒව⁣ගේ දේකට අවස්ථාවක් නොලැබෙන එක. ගොඩක් වෙලාවට මේ අය friendzone  එකේ හිරවෙන්න තියෙන ඉඩත් වැඩි. මොකද මේ අය ⁣ගොඩක් වෙලාවට අනිත් අය ආකර්ෂණය කර ගන්නවට වඩා, හොඳින් හැසිරෙන්න උත්සාහ කිරීමයි.(ගැහැනු අය bad  boy type  එකට nice boy type  එකට වඩා ආකර්ෂණය වීම).කොහොම වුනත් Sigma male(introverted Alpha) පෞරුෂයක් තියෙන අයට ගැහැනු අය ආකර්ෂණය වෙනවා කියලා තමා කියන්නෙ.
සමහර introverts අය අහඹු විදිහට කෙනෙක් හමුවෙයි කියා බලාපොරොත්තු තියාගෙන සිටීම.(හින්දි filmsවල වගේ)සමහර විට මේ අයට ආදර සම්බන්ධතාවක අවශ්‍යතාවක් නැති වීම වගේ තවත් හේතු තියෙන්න පුලුවන් .

කොහොම වුනත් introverts  අය ගොඩක් හොඳ ආදරවන්තයන් ලෙස තමයි සලකන්නේ.මේ අය විශ්වාසය උපරිමයෙන්ම රකින අවංක අය. ඒ වගේම මේ අයට අනිත් කෙනාගේ හැඟීම් අවශ්‍යතා තේරුම් ගන්න වගේම ඒ අයගේ හීන සැබෑ කරගන්න මග පෙන්වන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ අය තමන් ආදරය කරන කෙනා වෙනුන් ගොඩක් කැප කිරීම් කරන්න ඉඩතියෙනවා. මේ අය ගොඩක් වෙලාවට ආදරය ක්‍රියාවෙන් පෙන්වන අය. 

මේ introverts  අය ගැන කියන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. මේ ගැන වැඩිදුරටත් දැනගන්න පුලුවන් වන් link  ටිකක් article එක අන්තිමට දාලා තියෙනවා ඊට අමතර තව විශේෂ කරැණු කීපයකුත් පහතින් දාලා තියෙනවා.
  • අඳුරන්නැති number එකකින් එන calls end වෙනකල් බලාන ඉන්න එක.(send a message before call).
  • message එකක යවපු දේවල් වලට වඩා delete කරපු දේවල් වැඩි වීම.
  • පරිසරයට ඇල්මක් දැක්වීම.
  • mood එක වෙනස් කිරීමට හැකි වීම.
  • තනියෙන් කතාකිරීම.
  • පොත් පත් නැත්නම් ලිපි කියවීමට කැමැත්තක් දැක්වීම.
  • වෙනස් විදිහෙ අත්දැකීම් ලබන්න කැමැත්තක් දැක්වීම.
  • පැත්ත ගියත් ඇත්ත කීම.
  • ඕනෑ දෙයක් අතහැරීමට ඇති හැකියාව.
  • අවශ්‍යනම් තාත්වික බොරැ කීමේ හැකියාව.( කලාතු⁣කින් භාවිතා කරයි)
  • දක හිතෙන සිංදු අයන්න කැමැත්තක් දැක්වීම.
  • සාමාන්‍ය අයට වඩා හොඳ ඉවසීමක් තිබීම.(රතු කට්ට පැන්නවීම භයානක විය හැක)
  • හැම විටම අඬදබර වලින් වැලකී සිටීම.
  • හැමවිටම පරිස්සම් වීම.
  • ප‍රථිපත්ති උපරිමයෙන්ම රැකීම.

Introverts අය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා වගේම introverts අයගෙ මේ අමුතු දේවල් ⁣වරදවා තේරුම් ගන්නැතිව, ඒ අයට කරදරයක් නොවන ආකාරයට ඒ අයගෙන් සමාජයට අවශ්‍ය සේවාව ඉදිරියෙදී ලබාගනු ඇතැයි අනුමාන කරනවා. ඒ වගේම මේ අය තමන්ට තදින් ඉන්න වගේම සමහර විට තමන් ගැනම කළකිරීමෙන් ඉන්නත් ඉඩ තියෙනවා. Introvert කෙනෙකුට Extrovert කෙනෙක් වෙන්න බැරි වුනත් උත්සාහ කරොත් Ambivert කෙනෙක් වෙන්න පුලුවන්.ඒ වගේම Extroverts  අයට ඒ අයට අවේනික හැකියාවන් වගේම දුර්වලතාවන් තියෙනවා.
ඒ නිසා එකිනෙකා තේරුම් ගෙන කටයුතු කිරිම තමා හොඳම දේ.

කලින් අවස්ථාවල MBTI ,INTP වගේ වචන පාවිච්චි කරලා තිබුනා. MBTI (The Myers–Briggs Type Indicator) කියන්නෙ පුද්ගල පෞරුෂය විවිධාකාර වු ප්‍රශ්න මගින් අනාවරණය කරගැනීමට නිර්මාණය කරනලද පරීක්ෂණයක්(test). මේකට අනුව මිනිසුනගේ ⁣personalities වර්ග කාණ්ඩ 16 කට වෙන් කරලා තියෙනවා. මේ ලිපිය අවසානයේ introverts  කාණ්ඩ 8 සහ ඒවට අදාල ජනප්‍රිය චරිත කිහිපයකුත් ඇතුළත් කරලා තියෙනවා.

ඔයාලටත් මේ ⁣test එක කරලා ඔයා අයිති මොන කාණ්ඩයටද කියලා වගේම ඒ අනුව ඔයාගෙ දුර්වලතා, ප්‍රබලතා, ඔයාට හරියන රැකියා මොනවද වගේ ගොඩක් දෙවල් දැනගන්න පුලුවන්.
සබැදිය 1 සබැදිය 2
මේ link දෙකෙන් ඔයාලට ඉහත සඳහන්කල test  ⁣එක කරගැනීමේ හැකියාව තියෙනවා. මේ link දෙකේම English වලින් තමා ප්‍රශ්න තියෙනනේ. දෙවැනි link එකේ තියෙන test එකේ ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් වගේම වැඩි ප්‍රයොජනයක් තියෙන report  එකකුත් ගන්න පුලුවන්.

MBTI introverts පෞරුෂ සහ උදාහරණ

  • INTP(Introverted, Intuitive, Thinking and Perceiving)
  • Marie curie,Elon musk,Albert Einstein, Neo(Matrix)
  • INTJ(Introverted, Intuitive, Thinking and Judging)
  • Bobby Fischer, Isaac Newton, Batman
  • INFJ(Introverted, Intuitive, Feeling and Judging)
  • Mahatma Gandhi, Nelson Mandela, Charles Xavier (the X-Men)
  • INFP(Introverted, Intuitive, Feeling and Perceiving)
  • Princess Diana, William Shakespeare, Frodo (Lord of the Rings)
  • ISFJ(Introverted, Sensing, Feeling and Judging)
  • Mother Teresa, Vin Diesel, Captain America
  • ISFP(Introverted, Sensing, Feeling and Perceiving)
  • David Bowie, Michael Jackson, Luke Skywalker(star wars)
  • ISTJ(Introverted, Sensing, Thinking and Judging)
  • Angela Merkel, Warren Buffett, Rey(Star Wars)
  • ISTP(Introverted, Sensing, Thinking and Perceiving)
  • Dalai Lama, Tom Cruise, Han Solo(Star wars)
මෙම ලිපිය කුමන අකාරයකින් හෝ උපුටා ගැනීම ප්‍රශ්නයක් නොවන බව සහ කතෘ අයිතිය අපේක්ෂා නොකරන බව දන්වා සිටිමි. මෙහි අඩංගු කරුණු වෙනත් තැන්වලදී වෙනස් විය හැකිය.😂

Getting Info...

කර්තෘ

2 comments

  1. ඒලම😇. සාත්තරයක් කිව්වා වගේ. 😁

    1. ඒල 😊
ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.