ආදරයේ මායාව සහ සැබෑව 02 කොටස

image_title_here
ආදරයේ මායාව සහ සැබෑව 2 කොටස

ආදරයේ බාම් එක  ගා ගන්න කලින් දැන  ගත යුතු දේවල්....

මේ ලිපිය කියවන්න ට කලින් පළමු ලිපිය බලලා තේරෙන ටික ජීවිතයට  අමුණ ගන්න මුලින්ම. 

පලමු ලිපිය......මෙතනින්......:

සැබෑ ආදරයට වයසක්... කාල පරාසයක් ....... මිල මුදල් හෝ මොනයම් දෙයක්වත් අදාල නැහැ..... එක දෙයක් හැරෙන්නට. 

ඒ එකම දේ තමයි...... ස්පන්දනය වන හදවතක් තිබීම.... 

පොඩ්ඩක් කියවන එක නවත්තල පපුවට අත තියල බලන්න ඒක වැඩද කියල....... වැඩ වගේ නම් මම මේ කියන ආදරේට ඔබ සුදුසුකම් සම්පූර්ණ කරලා ඉවරයි. පොඩ්ඩක් මකුළු දැල් ටික කඩලා දාලා.... සුද්ද බුද්ද.... කරලා ගත්තොත්  යස අගේට වැඩ කරාවි. 

හදවතයි ඔබේ නිවහන විය යුත්තේ.... ඒකට සාමාන කරන්නට තවත් දෙයක් නැහැ. ඒත් ඇත්තටම හදවත ඔබේ නොවේ. ඔබේ අම්මා සහ තාත්තාගේ ශක්තියෙන් නිර්මාණය වී ආහාර.... ජලය ...සහ ප්‍රාණ ශක්තියෙන් ක්‍රියාකාරී වෙමින් පවතිනවා මිසක් එය ඔබේ නොවේ. ඇත්තටම කිව්වොත් මේ හදවත දැන් ඔබ අරන් ඉන්නේ රෙන්ට් එකට..... නමුත් ඔබට ඔබව දැනෙන්නේ ඒ ගැජට් එක හරහා.ඔබට දැනෙන....  හැඟීම්... දැනීම්... සියල්ලේ උල්පත හදවතයි. එක පැත්තක ඉදන් මොළය සහ අනිත් අවයව ටිකක් සපෝට් එක දෙනවා. 

ඔන්න ඔය හදවත ඇතුලේ එක් තැනක සියුම් කොටසක් පවතිනවා. ඒක හරියට අපි ෆෝන් වලට දාන සිම් එකක් වගේ. ඔන්න ඔය සිම් එකෙන් තමයි විශ්වය සමග සම්බන්ධ වන ප්‍රධාන මූලාශ්‍රය පවතින්නේ. ඒක බටහිර පර්යේෂකයන් හඳුන්වනවා subtle heart  කියලා. අපිට සිංහලෙන් කියන්න පුළුවන් සියුම් හදවත ලෙස.... මෙන්න මේ සියුම් හදවත නිවැරදිව සුසර කර ගත්තොත් එහෙම නැත්නම් එය ස්වභාවිකව වැඩ කරන තැනට ගේන්න පුළුවන් නම් මොනවා වේවිද .....? 

එකම දෙයයි වෙන්නේ..... ඔබේ මේ මනුෂ්‍ය ජීවිතය දිව්‍යමය ජීවිතයක් බවට පත්වේවි. ඒ කියන්නේ දවසේ හැම තත්පරයකම ඔබට සජීවී.... ප්‍රාණවත්... ක්‍රියාකාරී සහ වාසනාවන්ත එකක් වෙනවා කිව්වොත් ඒත් මදි. 

ප්‍රශ්නේ කියන්නේ ඒක දැන් හරියට වැඩ  කරනවද කියන එකයි. 

ඒ කාලෙ තිබුන උන්මාදේ තමයි Law of attraction ....විෂුවලයිස් කරනවා.... 55 ලියනවා.... 369 කරනවා.... journal හදනවා.... ලිපි කියවනවා.... වැඩසටහන් කරනවා.... එකම විකාරයක්.... නමුත් ඒක හොඳ දෙයක්. ඔය අතරේ මට අවශ්‍ය වුණේ ඉන් එහාට ඇති ගැඹුරු මානයට  ඔබව රැගෙන යන්නට.... ඒ උගන්නපු අයටවත් හිතාගන්න බැරි ......අහලවත් නැති.... මානයකට.... කැමති අයව අරන් යන්නට. ඉතින් මොකක් හෝ හේතුවක් මත සමහර අය මගේ මග පෙන්වීම ඔස්සේ පිය නැගුවා. සමහර අය රැල්ලට අහුනා. සමහර අය කියව කියවා තර්ක කරමින් හිටිය. ඔය සේරම අතරේ මං පෙන්වා දුන් මාර්ගයේ ගිය අය ජීවිතයට නොහිතපු ස්වභාවයන් අත්විඳිමින් වෙනස්ම ජීවිතයක් තුළ ජීවත් වෙමින් එය උත්සවාකාරයෙන් හැම මොහොතකම සමරමින් ඉන්නවා ඔබ දැනටමත් දැක ඇති. 

මොකක්ද ඒකට හේතුව...... මෙන්න මේ subtel heart එක ක්‍රියාකාරී කරගැනීම. 

අපි බලමු එකේ වටිනාකම මොකක්ද කියලා.... 

හැමෝම දැනටමත් දන්නවා අපේ අභ්‍යන්තරික මානසික සිරුරේ චක්‍ර හතක් තියෙනවා කියලා. එය අපේ කොඳුනාරටියේ පහළ කෙළවරේ සිට හිස් මුදුන දක්වා පැතිරී තිබෙනවා. එහි මුල්ම චක්‍ර 3වන  මූලාධාර..... ස්වාධිෂ්ඨාන.... මණිපූරා.... පහළ මට්ටමේ චක්‍ර ලෙස යෝගීවරු වර්ග කර දක්වනවා. අනාහත චක්‍රය නැතිනම් හදවත් චක්‍රයට ඉහලින් ඇති චක්‍ර ඉහළ මට්ටමේ චක්‍ර ලෙස වර්ග කර දක්වනවා. 

ඇත්තටම අනාහත චක්‍රය අපගේ ශරීරය.... මනස.... හැඟීම්... සහ ආත්මය අතර පාලමක් ලෙස ක්‍රියා කරනවා. 

හෘද චක්‍රය අපගේ ප්‍රේමයේ සහ සම්බන්ධතාවල ප්‍රධානතම ප්‍රභවයයි. මෙම චක්‍රය තමයි මධ්‍යම චක්‍රය... දෙවිදිහකට ක්‍රියා කරනවා . විටෙක පහළ චක්‍ර 3 සමග සමපාත වෙනවා. එවිට එය කොළ පැහැති ආලෝක ධාරා විහිදුවා හරිනවා. තවත් විටෙක ඉහළ චක්‍ර 3 සමග සමපාත වෙනවා එවිට එය රෝස පැහැති ආලෝක ධාරා විහිදුවනවා. 

ඔබ දවසේ වැඩි කාලයක් මානසික පීඩනයෙන්.... වේදනාවෙන් සහ අසහනකාරී බවින් පිරී ඇති විට වැඩිපුර ක්‍රියාකාරී වන්නේ පහළ චක්රා වල ඇති අශුභවාදී ශක්තීන්. ඒවා තද රතු... කහ සහ දුඹුරු පැහැ ආලෝකයක් නිකුත් කරනවා. 

ඔබ මානසික සාමයෙන්.... නිදහසෙන් සහ සතුටින් සිටින විට ඔබේ Auric ශරීරයෙන් කොළ.... නිල්... දම්... සහ රෝස පැහැයන් නිකුත් වෙනවා. ඒවා ඉහළ මට්ටමේ කම්පන සංඥා සංඛ්‍යාත වලින් යුක්තයි. 

අපි දැන් බලමු මේ සියුම් හදවත  තව තවත් ක්‍රියාකාරී කරගන්නේ කොහොමද කියලා...... ක්‍රියාකාරී කරගන්නට ඕන කියනකොට ඔබට ප්‍රශ්නයක් එන්නේ නැද්ද .....? මේක ඒ කියන්නේ දැන් අක්‍රිය වෙලා වගේ අදහසක්. 

ඇත්තටම එය අක්‍රිය වෙලා නැහැ. එය ක්‍රියාකාරී වෙනවා. නමුත් හෙමින් ...... හරියට අපේ වාහනයේ එන්ජින් ඔයිල් පරණ උනහම එන්ජිම ටිකක් ගොරෝසු විදිහට වැඩ කරන බව අපට දැනෙනවා. එහි පිස්ටන් ටිකක් අපහසුවෙන් වැඩ කරන බවක් හොඳ රියැදුරෙකුට තේරෙනවා. ඒකට හේතුව එන්ජින් ඔයිල් නැතිනම් ලිහිසි තෙල් වල ලිහිසි ගතිය.... මෘදු ගතිය අඩු වෙලා ....එය ගොරෝසු වෙලා. 

අන්න ඒ වගේ අපේ මේ සියුම් හදවතත් ගොරෝසු වෙන්නට බලපාන හේතු ටිකක් තියනවා. 

 ඔබ නිතරම දුකින් සිටින විට 

ඔබ ඔබව අවතක්සේරු කර ගන්න විට 

ඔබ වෛරයෙන් තරහෙන් බොරුවෙන් ක්‍රෝධයෙන් හිත පුරවගෙන ඉන්න විට

ඔබ නිතරම අසුභවාදීව  සිතන විට 

වැදගත්ම සහ ප්‍රධානතම එක ඔබ ඔබට ආදරය නොකරන විට ....... 

මේ සියුම් හදවතේ වැඩ කරන ගම්‍යතාවය අඩුවෙනවා. එවිට අර උඩ කියපු  ඒවා ගෙන් සියුම් හදවත පිරී යනවා. 

ඔබ මා කියන කතාව සමහරවිට පිළිගන්න එකක් නෑ. මොකද මට මහාචාර්ය පට්ටමක් හෝ ආධ්‍යාත්මික පෙනුමක් නැති නිසා. 

නමුත් මම ඔප්පු කර පෙන්වන්නම්. බොහෝ අයට දැනටමත් දැනිලා ඇති. එහෙම දැනිලා නැත්තං නිකමට විනාඩි පහළොවක් පපුව මැද මොනවාද දැනෙන්නේ කියලා ඒ හරියට අවධානය යොමු කරගෙන ඉන්න..... 

දැනෙනවද බලන්න..... නිකං ගුලියක් හිර වෙලා වගේ.... කීරක් ඇනිලා වගේ.... බරයි වගේ.... හුස්ම හිරවෙනවා වගේ ....වමනේ යන්න එනවා වගේ.... නිකන් ඇතුලෙන් දැවිල්ලයි වගේ..... පිච්චෙනවා වගේ... හෝ මොනයම් අශුභවාදී සංවේදනයක් දැනේවි. අපේ පුහුණුවීම් වල ඉන්න අය නම් දැන් ඒවා සුද්ද කරගෙන නිසා එහෙම දැනෙන එකක් නැහැ. 

නමුත් මුලදී ඕනම කෙනෙකුට අඩු වැඩි වශයෙන් දැනීම ස්වභාවිකයි.... ඔබ කලින් හිරකර ගත් නැතිනම් යටපත් කරගත් ආවේගයන් මෙන්න මේ හදවත් චක්‍රය තුල සෘණ  ශක්තීන් ලෙස තැන්පත් වී ඇති ඒවායි...  ඒවා විශාල බර වල්. ඒවා විසින් විටින් විට අපේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී මතුවෙලා විවිධ විදිහට ක්‍රියා කරනවා. ඒ හැම එකකින්ම අපට සිදුවන්නේ සෘණාත්මක බලපෑමක්. 

මෙන්න මේ බරවල් තියෙන තාක් කල් ඔබට පියාඹන්නට නම් බැහැ. හරියට සමනලයකු ගේ කකුලේ පුංචි ගල් කැටයක් කකුලේ ගැට ගහලා වගේ. කොතරම් තටු සැලුවත් ඉහලට එස වෙන්නට බැහැ. ඒ වගේ ඔබේ හදවතත් බරයි නම් ඔබ ඉහලට එස වෙන්නට තියෙන හැකියාව ඉතාම අඩුයි. ඉහලට එස වුණත් වැඩි වේලාවක් ඉන්නට අපහසුයි. මොකක් හරි හේතුවක් නිසා නැවත පොළොවට ඇද වැටෙනවා. 

මම හිතනවා ඔබට යමක් මෙයින් තේරෙන්නට ඇතියි කියලා.... අහසේ පියාඹන්නට නම් බරෙන් නිදහස් වෙන්න ඕන. 

අපි බලමු කොහොමද ඒ බරින් නිදහස් වෙන්නෙ කියලා... කක්කා බරින් නම් ඕනම වෙලාවක නිදහස් වුණත් හදවතේ බරින් නම් ලේසියෙන් නිදහස් වෙන්නට බැහැ. 

ඒ කොච්චර බැරි  උනත්.... අමාරු උනත් ....බයවෙන්න එපා. පුංචි කැපකිරීමක් සහ මහන්සියකින් ඒ සියලුම බරින් නිදහස් වන හැටි මම ඔබට පෙන්වා දෙන්නම්. 

නිකමට හිතන්න.... ගෙදරක ස්වාමියා ටික කාලයකට ගෙදර නැති උනහම ඒ ගෙදර කලින්ට වඩා වෙනස් වෙනවා නේද..... අනෙක් අය තම තමන්ට ඕන විදිහට ඉන්න පටන් ගන්නවා. සද්ද බද්ද වැඩියි.... පිට අය  යනවා එනවා.... සම්පූර්ණයෙන්ම කලින් තිබූ තත්වයට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒ කියන්නේ ගෙදර ලොක්කා  ඉන්න වෙලාවට අනෙක් සියලු දෙනා ඔහුට යටත්වයි ඉන්නේ.ඔහු නැති වූ ගමන් සියලු දෙනා තමන්ට කැමති පරිදි ඉන්නට පටන් ගන්නවා. කලින් තිබූ විනය දැන් නැතිව යනවා. 

අන්න ඒ වගේ ඔබේ අවධානය ඔබේ හදවතින් පිට ගියාම විවිධ දේවල් හදවත ඇතුලේ ලැගුම් ගන්නවා. පිට දේවල් වලින් එය පිරී යනවා. තරහව... දුක... කළකිරීම.... වේදනාව ආදී අශුභවාදී ශක්තීන්ගෙන් හදවත වෙලා ගන්නවා. ඒකට ප්‍රධානතම හේතුව ස්වාමියා හදවත තුළ නොසිටීම. 

දැන් ඔබට තේරෙනවද...... ඔබේ ජීවිතය කාලකන්නි වන තැන..... ඔබ ඔබේ හදවත් ලෙනේ නොසිටීම පමණමයි..... මොන තරම් වෙලාව හොඳ නැති උනත්.....  මොන තරම් ප්‍රශ්න තිබුණත්.... ඔබ ඔබේම හදවතේ ලැගුම් ගන්නව නම් ඔය එකකටවත් ඔබව යටත් කරගන්න බැහැ.ඒ තරම් බලයක් එතන තියෙනවා. 

ඔබට  දැන් තිබෙන ජීවිත එපා නම්..... මේක  වෙනස් කරගන්නට ඕන නම් .....ඔබටත් සතුටේ මාත්‍රයක් අවශ්‍ය නම් එන්න ඔබේම ආත්මීය ලෙනට...... එතනයි ඔබේම නිවහනේ මූලස්ථානය..... 

නමුත් අපි මොකද කරන්නේ.... අනුන්ගේ හදවත් ලෙන්වල අපි පදිංචි වෙන්නට ගිහින් නියපොත්තේ ඉඳන් හිසකේ දක්වා පුච්ච ගන්න එක විතරයි කරගෙන තියෙන්නේ. ඒක දෛවයේ වරදක් නොවේ. ඔබේ වරදක්... කරන්ට් එක නැති නිසා උදාහරණයකට කරන්ට් එකම ගම්මු. අපිට විදුලියෙන්....දේවල් රත්කරගන්න... සීතල කරගන්න... ආලෝකය ලබාගන්න ....වගේ දහසකුත් දේවල් කරගන්න පුලුවන්. නමුත් ඔබ විදුලිය වැරදියට භාවිතා කරන්නට ගියොත්....ඔබ වංකද.... අවංකද... පින-පව බලන්නේ නෑ... වෙන්න තියෙන දේ වෙනවා.... අන්න ඒ වගේ ඔබ අනුන්ගේ හදවත්වල මාලිගා හදන්නට යනවනම්  ඔබේ එක අමතක කර අබ සරණයි. 

ටිකක් වැඩේ දිග ඇදෙන නිසා ඊලග එකට යන්න වෙනව වගේ..

ප්‍රධාන කර්තෘ
- නුවන් රාජපක්ෂ -

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.