MRI ස්කෑන් පරික්ෂණයකින් හෙළි වූ මෛත්‍රී භාවනාවේ රහස් | Secrets of Compassion Meditation Revealed by an MRI Scan


දිනපතා මෛත්‍රී භාවනාව වඩන්නන්ට ආයුෂ, වර්ණ, සැප, බල නිසැකවම උරුම වන බව බුදුන් වහන්සේ දේශනා කළහ. අප සිතාගෙන සිටිනවාටත් වඩා බරපතළ ලෙසින් මෛත්‍රි භාවනාව වඩන්නන්ට සෞඛ්‍ය ප්‍රතිලාභ අත්වන බව විශේෂයෙන් ඇමෙරිකාවේ විවිධ විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යා සහ මනෝවිද්‍යා පර්යේෂකයන් විසින් නිසි විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුව කරන ලද පර්යේෂණවලින් හෙළි කෙරෙන අනාවරණයන් සෑබැවින්ම පුදුම ඵලවනසුලුය.

ටිබෙට් භික්ෂූන්ගේ රහස | The secret of Tibetan monks

අද අප අවධානයට යොමු කරනුයේ මේ ආකාරයෙන් ඉරුවාදයට මෛත්‍රී භාවනාවෙන් සාර්ථක විසදුමක් දෙන බවට කෙරුණු පර්යේෂණයකි.

මෙම පර්යේෂණයද සිදු කර තිබුනේ ඇමෙරිකාවේ ය. මැසුචුසෙට්ස් සරසවියේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂිකාවක වන මැකෙන්සි ඊ ටොනෙලියා. ඇය තවත් පර්යේෂිකාවක සමග උත්සාහ කර ඇත්තේ මේ වන තෙක් බටහිර වෛද්‍ය විද්‍යාවේ නිශ්චිතවම හෝ නිට්ටාවටම ඉරුවාරදය සුව කරන බෙහෙතක් සොයාගෙන නැති හෙයින් ඊට භාවනාමය ප්‍රතිකාරයක් සෙවීමයට. බුදුන් වහන්සේ විසින් දෙන ලද උපදෙස්වලට අනුව මෛත්‍රී භාවනාව සරල ලෙස පෙනුණද ඇගේ පර්යෙෂණය සරල වූයේ නැත. ඉතා උසස් මට්ටමේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිය පර්යේෂණය දියත් කළාය.

ඇය මේ සදහා මෛත්‍රී භාවනාවමම තෝරා ගැනීම ගැන මෙසේ කියන්නීය.

බොහෝ දෙනෙක් සතිපට්ඨානය ඒනම් සිහිය පිහිටුවීමේ භාවනාව පිළිබදව කතා කරනවා. නමුත් මා වැඩියෙන්ම ආකර්ෂණය වුණේ මෛත්‍රී භාවනාවට. ඒයට ඒක් හේතුවක් වුණේ කොන්දේ වේදනාව සහිත රෝගීන්ට මෛත්‍රී භාවනාවෙන් ලද ගුණය පිළිබදව කළ පර්යේෂණයේ ප්‍රථිඵල. අනෙක මෙම භාවනාමය ව්‍යායාමයෙන් ධනාත්මක සිතිවිලි නිතර නිතර වර්ධනය කෙරෙනවා. බුදුන් වහන්සේ උගන්වා තිබෙන්නේ තමන්ගෙන් ආරම්භ කොට තම සමිපතමයින් පමණක් නොව සකල ලෝකවාසින්ට යහපතක් වේවා, ඔවුන් නිදුක් වේවා, නිරෝගී වේවා ආදී වශයෙන් මෙත පැතිරවීමට. ඒය විනාඩි කිහිපයක් දැඩි අවධානයෙන් යුතුව කරන, කෙනකුගේ සිතෙහි ප්‍රසාදයක්, පහන් හැගීමක් ඇති වෙනවා. සුබවාදි මනසක් නිර්මාණය වෙනවා. මෙහි සරල තාක්ෂණයක් තිබෙනවා. ඒය කාටත් පුරුදු පුහුණු කරන්න වගේම වර්ධනය කරන්නත් පහසුයි.

ටොනෙලි මෙම පර්යේෂණය කිරීමට පෙර මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් සිදු කෙරුනු තවත් පර්යේෂණයක් ගැනද අවධානය යොමු කර තිබුණි. ඒ පර්යේෂණයේ ප්‍රතිඵලවලින් පැහැදිලිවි වී තිබුණේ මෛත්‍රී භාවනාවෙන් හටගන්නා ධනාත්මක සිතිවිලි සහ සිතේ ප්‍රබෝධය අන් කිසිදු සතුටු අවස්ථාවකට වඩා බලවත් බවයි. ඇය පවසන්නේ අපට තෑග්ගක් සම්මානයක්, ජයග්‍රහණයක් ලැබුණු විට ඒසේ නැති නම් විවාහ උත්සව වැනි ප්‍රීති ප්‍රමෝද ජනක අවස්ථාවක සිතේ ඇති වන සතුට දිගු කාලීන නොවන බවය. සිතට දුකක්, වේදනාවක් හෝ කලකිරිමක් ඇති වූ විට ලැබෙන අසුබවාදී හැගීම් සිත තුළ ඊට වඩා කල් පවතින බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. ඒහෙත් මෛත්‍රී භාවනාවේදි අපේ මනසේ නිර්මාණය වන සුබවාදි හැගීම් මාස ගණනක් වුවද සිත තුළ පවතින බව ඇමෙරිකාවේම උතුරු කැරොලිනා සරසවියේ බී.ඒල් ෆෙඩ්රික්සන් මහතා විසින් සිදු කරන ලද පර්යේෂණයකදි ද තහවුරු වී ඇත. 

ටොනෙලි පවසන්නේ සතිපට්ඨානයෙන් සහ මෛත්‍රී භාවනාවෙන් සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇති කෙරෙන බව කියැවෙන සොයා ගැනීම් 300කට වඩා සිදුව ඇති බවය. මේ සියලු පූර්ව දැනුම ඉරුවාරදය රෝගීන් පර්යේෂණයට ලක් කිරීමට පෙර ඇය සතු වී තිබේ.

ඉරුවාරදය යනු ස්නායු හා සම්බන්ධ රෝග තත්වයකි. මෙම රෝගයෙන් පෙළෙන අයගෙන් බහුතරය කාන්තාවන්ය. මෙම රෝග තත්ත්වය ඇති වෙද්දි දැඩි හිසරදය, තෝන්තු ගතිය දැනෙනවා මෙන්ම වමනයද යයි. මේ වන විට ලෝකයේ ඉරුවාරදයෙන් පීඩා විදින්නෝ මිලියන ගණනක් සිටිති.

ටොනෙලි කළේ දිගු කලක් තිස්සේ මෙම රෝගයෙන් පිඩා විදින රෝගීන් පිරිසක් සම්බන්ධ කරගෙන අදාල පර්යේෂණය කිරිමය. අදාළ රෝගීන් සම්මුඛ පරීක්ෂණවලින් පසුව පරිස්සමින් තෝරා ගැනුණේ පර්යේසණයේ ප්‍රතිඵල හැකි තරම් නිවැරදිව ලබාගත යතු නිසාය. වයස අවුරුදු 26ත් 71ත් අතර රෝගී කණ්ඩායමේ සියයට 68ක්ම නියෝජනය කළේ කාන්තා පාර්ශ්වයයි.

ඔවුන්ට දිනකට විනාඩි 20ක මෛත්‍රී භාවනාමය වැඩසටහනක් නිර්දේශ කෙරුණි. ඒය නිසි ලෙස පුරුදු පුහුණු කිරීමකින් පසුව රෝගීන්ට භාවනා කිරිමට සැලැස්වුණු අතර, මෙම රෝගීන් පරීක්ෂාවට ලක් කෙරුණේ ඉන් පසුය.

මෙම රෝගිනට් ඉරුවාරදය සේම මානසික ආතතිය නිසා ඇතිවන හිසරදයද සැලකියයුතු ප්‍රමාණයකින් අඩු වු බව අනාවරණය වී ඇත. ඒ අනුව මෛත්‍රී භාවනාවේ නියැළුණු පුද්ගලයන්ට ඉරුවාරදය ඇති වන අවස්ථා සියයට 33කින් ද, ආතතිකාරි හැගීම් නිසා ඇති වන හිසරදය සියයට 43කින් ද අඩු වී ඇති බව මෙම පර්යේෂකයන්ට වටහාගත හැකි විය.

ඒහිදි අදාළ පර්යේෂණයට මාසයකට වාර 2ත් 10ත් අතර ප්‍රමාණයක් ඉරුවාරදය වැලදෙන රෝගීන් 27 දෙනකු සහභාගි වූ අතර, ඔවුන්ට ඉරුවාරදය වැලදෙන වාර ගණන සැලකිය යුතු ලෙස අඩු විය. දිර්ඝකාලිනව. ඖෂධ ඇතුළු විවිධ වෙදකම් පසුපස ගිය මෙම රෝගීන්ට පවා මෙම ප්‍රතිඵල අදහාගත නොහැකි වූ බව පර්යේෂිකාව වර්ක් තම පර්යේෂණය පිළිබදව උදම් අනමින් කළ දේශනයකදි සදහන් කොට ඇත. 

මෙම තොරතුරු ඒම්.ආර්.අයි. ස්කෑන් පර්ක්ෂණයේදී ද තවදුරටත් තහවුරු කර ගැනීමට පර්යේෂකයන් සමත් වූහ. මෙම ඒම්.ආර්.අයි. ස්කෑන් පරික්ෂණයේදී ඔවුන්ට පෙනී ගොස් තිබුණේ දිනකට විනාඩි 20 බැගින් මෛත්‍රී භාවනාව වැඩීමට හුරු වූ මෙම රෝගීන්ගේ මොළයේ  වම්පස බාහිකයේ ඇති වේදනාවට සංවේදි වන කොටසේ ක්‍රියාකාරිත්වය කෙමෙන්  අඩූ වී ඇති බවය. ඒමෙන්ම මොළයේ අපට ධනාත්මක සහ සුබවාදී හැගීම් ඇති කරවන කොටසේ ද ක්‍රියාකාරිත්වය වැඩි වී ඇති බව ඔවුන්ට නිශ්චය කර ගැනිමට හැකියාව ලැබිණ. සාමාන්‍යයන් ඉරුවාරදයෙන් පෙළෙන  පුද්ගලයන්ට නිතරම සාංකාව, ඉක්මනින් කෙන්ති යෑම වැනි අසුබවාදී හැගීම් ජනනය වැඩි වන අතර, මෙම භාවනාව කිරීමෙන් අදාළ හැගීම්ද යටපත් වන බවද පර්යේෂකයන්ගේ අදහසය.

මෙම පර්යේෂණය අවසානයේ පර්යේෂිකාව යෝජනා කරන්නේ අතුරු එල ගෙන දෙන විවිධ ඖෂධ නිර්දේශ කිරිම වෙනුවට මුලිකව ඉරුවාරදයෙන් වේදනාව සමනය කරනු සදහා භාවනාව නිර්දේශ කිරිමට වෛද්‍යවරන් කටයුතු කළ යුතු බවය. ඒමෙන්ම ඇය යෝජනා කරන්නේ වේදනාව පාලනය කිරිම සම්බන්ධ හෙද පුහුණු වැඩසටහන්වලිදි හෙදියන්ට රෝගින් මෛත්‍රී භාවනාවට හුරු කරවීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා දිය යුතු බවයි. ඒ පිළිබදව ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරින් අවධානයට ලක් කර ඇත.

මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ඒළි දැක්විමට පර්යේෂිකාවට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. ඒයින් පෙනී යන්නේ බෞද්ධ භාවනාවේ පවතින මහත් පල මහානිශංස කෙසේ වෙතත් ඒහි ඇති සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබදව බුදු දහමෙන් දුරස් වූ ලෝකය දක්වන උනන්දුවය. ඒ උනන්දුවෙන් දශමයක් හෝ අපේ වෛද්‍ය පර්යේෂකයන්ටත් තිබෙන්නේ නම් අපට ලෝකයාගේ නිරෝගීභාවය වෙනුවෙන් කොපමණ උතුම් මෙහෙයක් කළ හැකිද යන්න සිතා බැලිය යුතුය.

Getting Info...

කර්තෘ

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.