![]() |
The secret of Tibetan monks |
උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ කදු මුදුන් හැමදාම හිම තට්ටු හිස් වැසුම් පැලද සිටි. ඒ කදු, දරම්සාලා නගරය හැමදාම අධ්‍යාත්මයේ හුදෙකලා නගරයක් ලෙස පැවතෙන්නේ, ආධ්‍යාත්මික ශක්තියෙන් අනූන භාවනා යෝගී බෞද්ධ භික්ෂුන්ගේ සහ යෝගීන්ගේ ඇසුර නිතර ලබන නිසාය. මේ ප්‍රදේශයට බටහිර ඇත්තන් ගියේ නම් ඒ හුදෙක් කදු නැගීමෙන් විනෝද වීමට සහ හිමාල ප්‍රදේශයේ සංචාරය කිරීමේ මතක සටහනක් තම ජිවිත පොතට ඒක්කර ගැනීමට පමණි. මේ අතරේ දරම්සාලා වෙත යන කලාතුරකින් ඒකකු හෝ දෙදෙනකු ඒහි පවතින සංස්කෘතියට ඒබී නොබලනවා නොවේ.
අප අද BrainStorm තුලින් කතා බහට ලක්කරන්නේ මෙලෙස හිමාලයේ දරම්සාලා ප්‍රදේශයෙන් ආරම්භ වී ඇමෙරිකාවේ විස්කොන්සින් හරහා ලෝකයට ගිය, බටහිර අනුව විද්‍යාත්මක වූ අනාවරණයක් පිළිබදව ය.
මේ අනාවරණයට මුල පිරුවේ ඇමෙරිකාවේ විස්කොන්සින් මැඩිසන් විශ්ව විද්‍යාලයයේ ස්නායු පිළිබදව පර්යේෂකයකු වන වෛද්‍ය ඩෙිඩිඩ් රිචඩ්සන්ය. ඔහු පවසන පරිදි දරම්සාලාහි දලයි ලාමාතුමන්ගේ අනුගාමික භික්ෂුන් වහන්සේ හැට නමක් පමණ ඒ ප්‍රදේශයේ ටිබෙට් සරණාගතයන්ගෙන් ලැබෙන සිවුපසය පිළිගෙන බවුන් වඩති. වන්දනාමාන කරමින් බෞද්ධ වත්පිළිවෙත් පුරති. වෛද්‍ය රිචඩ්සන් මේ පළාතට ගොස් ඇත්තේ දලයි ලාමාතුමන් විසින් ඇමෙරිකාවේ දේශනවලදි ප්‍රකාශ කරන ලද බෞද්ධ භික්ෂුවක ආධ්‍යාත්මික වශයෙන් ළගා කරගන්නා අපරිමිත මානසික සුවය සහ ඒයින් ලබන වින්දනය, දයාව පෙරදැරි කර මානසික අභ්‍යාසවලින් මොළයට සහ මනසට සිදුවන බලපෑම පිළිබදව බටහිර ඇසින් බැලීමටය. ආචාර්ය රිචඩ්සන් කියන ආකාරයට තමන් භික්ෂුන් වහන්සේ සහ ආධ්‍යාත්මික ශක්තියක් ඇති බවුන් වඩන යෝගීන් මෙයට සම්බන්ධ කර ගත්තේ හුදෙක් පර්යේෂණ වස්තුන් ලෙසින් පමණක්ම නොව අදාළ පර්යේෂණයන්හි සක්‍රිය හවුල්කරුවන් ලෙසය.
"අපි පර්යේෂණය දියත් කළේ බටහිර පර්යේෂණ රාමුවට අනුවයි. ඒ අනුව භාවනාවේදී අවධානය, චිත්ත රූප මැවීම, භාෂාමය පෙළගැස්ම සහ ගැගීම් පාලනය කර ගැනීම යන කරුණු පිළිබද ව නිරීක්ෂණයක කළා"
මෙහිදි ඔවුන් විසින් සිදු කරන ලද නිරීක්ෂනවලින් සැබැවින්ම බටහිර ලෝකය මවිත වී ඇත. තරහව, බිය ක්‍රෝධය වැනි මිනිස් ජිවිතයට සේම සමාජයට විනාශකාරි වන මිනිස් හැගීම් සම්බන්ධයෙන් මෙම පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ බුදුදහමේ ඒන භාවනාවෙන් ලබන මානසික පුහුණුවට සම කළ හැකි වෙනත් කිසිවක් මෙතෙක් ලොව හමුව නැති බවය. ඒ පිළිබදව ආචාර්ය රිචඩ්සන් තම පර්යේෂණ පත්‍රිකාවක මෙලෙස සදහන් කරයි.
"බෞද්ධ භික්ෂූන් තුළ අප දුටු දෙයක් තමයි භාවනාවෙන් ලබන මානසික පුහුණුව හේතුවෙන් හැගීම් සියල්ල පාලනය කර ගත හැකිවීම. ඔවුන් තුළ ඇතිවන සන්සුන් බව, හික්මිම, ප්‍රීතිමත් බව සහ කරුණාව දයාව නිසා බොහෝ විනාශකාරී හැගීම් පහව යනවා. විශේෂයෙන් මනසෙහි අභ්‍යන්තරික සාමයක් ඇති වෙනවා. ඒයට හේතුව වන්නේ බුදු දහම අන්තාගාමී ආධානග්‍රාහී ආගමක් නොවිමයි. ඒය ඒක් පුද්ගලයකුගේ ඒනම් බුදුන් වහන්සේගේ අත්දැකිම් අනුව අභ්‍යාසයන් පාදක කොට ලැබුණු දැනුම් මත ගොඩනැංවුණු ඒකක්. ඒ නිසා ඒහි යම් දැනුම් පද්ධතියක් තිබෙනවා."
මෙම ස්නායු විද්‍යා පර්යේෂකයාට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු තුළ ඇති භාවනා ක්‍රම පිළිබදව ඇත්තේ මහත් විස්මයකි.
වෛද්‍ය රිචඩ්සන් විසින් සොයාගෙන ඇති ආකාරයට බෞද්ධ භාවනා ක්‍රමවල අතිශයින්ම වැදගත් අංගයක් වන්නේ අවධානය ඒනම් සිහිය පිහිටුවා ගැනීමය.
විශේෂයෙන් සමථ භාවනාවේදි මෙම අවධානය ඒනම් සිහිය නිසි ලෙස පිහිටුව ගැනිම අරබයා සාර්ථක තාක්ෂණයක් ඇති බව ඔහු විශ්වාස කරයි. ඒහි පළමු පියවර වන්නේ මනස ලිහිල් කර ගැනිමය. මනසට විවේකයක් ලබාදීමය. ඒ සදහා ආනාපානසති භාවනාව වැනි තමන්ගේ හුස්ම ගැනීම සදහා හිත ඒකග කර ගැනීමේ කාර්යය මෙම භාවනා පිරීමේ මූලික පියවර බව පෙන්වා දෙන වෛද්‍ය රිචඩ්සන් ඒයින් පසුව ක්‍රමක්ක්‍රමයෙන් තම සිහිය පිහිටුවා ගැනීම හරහා මොළයේ අප නොසිතන අපූරු මානයන් අවදි කරවන බව ඔහු පෙන්වා දෙයි.
ඔහුගේ මෙම පර්යේෂණවලට රුකුලක් දී ඇති තවත් පර්යේෂකයකු වන්නේ පොල් ඒක්මන්ය. ඔහුද ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙකි. ඔහු පවසන්නේ සතිපට්ඨානය ඒනම් සිහිය පිහිටුවා ගැනීම මගින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් අප නොසිතන ආකාරයේ විස්මිත මානසික බලයක් අත්පත් කරනු ලබන බවයි. ඒමගින් යමක් දෙස සිහි නුවණින් දැකිය හැකි බව ඒක්මාන් පර්යේෂනයක් මගින් තහවූරු කරගෙන ඇත. ඒ ගැන පෝල් ඒක්මාන් මහාචාර්යවරයා මෙසේ සදහන් කරයි.
" මා වරක් ටිබෙට් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් තෝරාගෙන උන්වහන්සේලා සතිපට්ඨාන භාවනාවක් නිරත වන අතරේ ඔවුන් නොදැනුවත්වම භීෂණ අවස්ථාවකට මුහුණ දෙන්නට සැලැස්සුවා. වෙඩි, රතිඤ්ඤා මහා හඩින් පුපුරුවන්නට කටයුතු කළේ ඔවුන්ගේ රුධිර පීඩනය, හද ගැස්ම සමේ උෂ්ණත්වය මාංශපේශි චලනය ආදී ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන අතරේයි. බලාපොරොත්තු නැති අවස්ථාවක් මෙසේ වෙඩි සහ රතිඤ්ඤා හඩ කන් පැළෙන තරමින් ගිගුම් දුන්නත් මේ භාවනායෝගී භික්ෂුන් වෙතින් පිටතට දැනෙන මට්ටමේ චර්යාත්මක වෙනස්කමක් නිරීක්ෂණය කළ හැකිවුණේ නෑ. ඒ වගේම ඔවුන්ගේ හෘදය ගැහෙන වේගයෙන්වත්, රුධිර පීඩනයේවත් මාංශපේශි චලනයේවත්, සමේ උෂ්ණත්වය වැඩි විමේවත් ලොකු වෙනසක් දැකගත හැකිවුණේ නැ. අපි කවදාවත් බටහිර මිනිසුන් අතරේ මෙවැනි තත්ත්වයක් දැකල නැහැ. ඒය අපට පුදුමයක්"
පෝල් ඒක්මාන් සදහන් කරයි. ඔහු පවසන්නේ භාවනාවෙන් මනස දියුණු කළ ඔවුන්ගේ මොළය ඒ සිදුවිම පිළිබදව පෙර දැක ඊට ශරීරය ක්ණිකව සූදානම් කරවීමට සමත්ව ඇති බවය.
" ඒක දිගට භාවනා කිරීමෙන් ලබන අභ්‍යාසවලින් භික්ෂුන් සහ යෝගීන් කෙතරම් ප්‍රබල පුහුණුවක් ලබනවාද කියතොත් සාමාන්‍යයෙන් අපට දැනෙන බිය, තරහ වැනි හැගීම් ඉබේම පාලනය කර ගත හැකි මට්ටමට ඒ අයගේ මොළය දියුණු වී තිබෙනවා. අපට මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්න වුණා නම් අපි මුලින්ම තිගැස්සෙනවා. ඊට පස්සේ බියක් හෝ තරහක් ඒනවා. ඇඩ්රිනලන් හෝමෝනය, රුධිර පීඩනය වැඩි වෙනවා. ඒහෙම වෙන්නේ මේ හැගිම්වලට අදාල ප්‍රතිචාරය මොළය හරහා ආවාම. ඒහෙත් ඒකී හැගිම් ද ඉබේම පාලනය වන තරමට මේ භික්ෂූන්ගේ මොළය වෙනස් ආකාරයෙන් ක්‍රියා කරනවා. හරියට ගිනිදැල්ලක් ඇවිළෙන්නට පෙර ඒ බව දැනගන්නවා වගේ ඔවුන්ට මොළය හරහා පෙර දක්නා නුවණක් ඒනවා."
මහාචාර්ය පෝල් ඒක්මාන් පවසන්නේ බටහිර විද්‍යාවට අනුව තමන්ට ඒන හැගීම් ඇති විම වැළැක්විම නොහැකි බවයි. ඒ අනුව කළ හැක්කේ ඒම හැගීම්වලින් සිදුවන හානිය අවම වන පරිදි පාලනය කර ගැනීම පමණි. මෙම භික්ෂුන්ගේ විශේෂත්වය හැගීම් නොඉපදිමයි.
මෙයට අමතරව බෞද්ධ භාවනාවෙන් ලැබිය හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබදවද තම පර්යේෂණ මගින් අනාවරණය කර ගැන්මට මහාචාර්ය රිචඩ් ඩෙිවිඩ්සන් සමත්ව සිටි. ඒ අනුව ඔහු පවසන්නේ භාවනාව තුළින් සිහිය පිහිටුවීම සහ මෛත්‍රිය ඇතිකර ගැනීමෙන් ශරීරයේ රෝගවලට ඔරොත්තු දිමේ ඒනම් ප්‍රතිශක්තිය කෙරෙහි බලපාන මොළයේ කොටස් ඒයින් උද්දීපනය කර ගැනීමේ හැකියාව ලැබෙන බයයි. ඒ අනුව බෞද්ධ භාවනාව බටහිර ටැබ්ලට්, ඒන්නත් වලට ඒහා ගිය බලයක් අත් පත් කර ගැනීමේ ද ලොකු ඉඩක් ඇත.