වෙරළු වල ඇති ගුණ ගැන දැනගෙන හිටියද?


වෙරළු වලින් සිදුවිය හැකි ප්‍රධානතම කාර්යය තමයි සිරුරේ හට ගන්නා විෂ සහත තත්ත්වයන් සමනය කිරීම. ඒ අනුව හෘදයාබාධ වැළඳීම වළකාවන්නටත්, පිළිකා වර්දනය වීම නවත්වන්නටත් වෙරළුවලට පුළුවන්. මේ හපන්කම කිරිමට වෙරළුවලට හැකිවන්නේ එහි අඩංගු Polyphenol නමැති සංඝටකය නිසයි.

දියවැඩියාව පාලනය කිරිමට වගේම අග්න්‍යාශය යළි පණ ගන්වන්නටත් Polyphenol වලට හැකියි. එසේම රුධිරයෙහි තිබෙන Glutathion නමැති සංඝටකය වැඩිදියුණු කරන්නත් වෙරළුවලට හැකියි. ශරීරයේ තිබෙන විෂ නාශක සංඝටක වරක් පාවිච්චි කර නිම වු පසු ප්‍රතිචක්කීකරණය කරන්නට මෙකී Glutathion වලට හැකියි.

වෙරළු වල ශරිරයට හිතකර මේද වර්ග තිබෙනවා. හෘද කපාට, ධමනි යනාදියට සිදුවන හානිය එමගින් වැළකෙනවා. අධික රුධිර පීඩනය අඩු කරන්නටත් වෙරළුවලට හැකියි. එසේම අඩු කොලෙස්ටරෝල් මට්ටම් පවත්වාගෙන යෑමටත් වෙරළුවලට මිනිස් සිරුර තුළදි කරන්නට පුළුවන්. එම ක්‍රියාවලිය සිදුකරනනේ වෙරළු තුළ තිබෙන Olec ඇසඞ් නමැති සංඝටකයයි.

ඒ වගෙම ශරීරයේ හට ගන් නා විවිධ වේදනාවන් නැති කරන වේදනා නාශකයක හැටියටත් වෙරළු සිරුර තුළදි ක්‍රියාත්මක වෙනවා. උදරය, මහාන්ත්‍රය, පියයුරු යන තැන් වල හට ගන්නා පිළිකාව නැති කිරීමට වෙරළුවලට පුළුවන්. ලොව තිබෙන පිළිකා නාශක පලතරු අතුරින් අංක 1ට එනනේ වෙරළු.

දිනකට වෙරළු කොපමණ සංඛ්‍යාවක් ආහාරයට ගතයුතුද?

දිනකට හොඳට ඉඳුණු වෙරළු 15ක් විතර ආහාරයට ගත යුතුයි. උදේ, දහවල්, සවස ඕනෑ වෙලාවක කමක් නැහැ. හැබැයි රාත්‍රියට ආහාර ජීර්ණය වීම ප්‍රමාද නිසා රෑට වෙරළු කෑවොත් ප්‍රතිඵල එන්නේත් ප්‍රමාදවෙලා. 

දැන් අපි බලමු වෙරළු වලින් බීම එකක් හදාගන්නේ කොහොමද කියලා සහ අයින් ලැබෙන ගුණ ගැන...

දෙදෙනෙකුට බීම වීදුරු 02 සාදා ගැනීමට අවශ්‍ය දේ 

  • ඉදුණු වෙරළු ගෙඩි 20
  • සීනි සහ ලුණු අවශ්‍ය පමණට
  • වතුර ලීටර් 1/2
  • දෙහි යුෂ
  • අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/4 ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම වෙරළු ටික සෝදා පිරිසිදු කර එහි ඇති වෙරළු ඇට ඉවත් කර බ්ලෙන්ඩරයට දමා වතුර හා සීනි අවශ්‍ය පමණට දමා බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයකට දමා එයට ලුණු හා සීනි අවශ්‍ය ප්‍රමාණයට දමා පානය කළ හැකිය. අවශ්‍ය නම් ශීතකරණයේ තබා ද පානය කළ හැකිය. වැඩි රසයක් ලබාගැනීමට මෙන්ම ගුණයෙන් ද යුක්ත වීමට දෙහි යුෂ තේ හැඳි 01 ක් එක්කර ගන්න.

එහි ගුණ

එහි ඇති අධික සිසිල් ගුණය නිසාම රත් පිත් නසයි. එමනිසා බඩ දැවිල්ල පිත් වමන සර්වාංග දාහය නැති කරයි. එහි ඇති ගුණය නිසා සම පැහැපත් කරයි. ලප කැළැල් නැතිකර සමේ වියළි බවින් නැතිකරයි. ඇස්වල දීප්තිය ඇතිකරයි. මළබද්ධය වළක්වාලයි

විටමින් බහුල පලතුරක් නිසා හිසකෙස් වැටීම වළක්වාලයි. හිසකෙස් වර්ධනය ඇතිකරයි. දීප්තිය ඇතිකරයි. විටමින් බහුල නිසාම රක්ත අල්පතාවය අඩු කරයි. ගර්භණී මව්වරුන්ට උදා වමනය නැතිකිරීමට මෙම පානය සමත්ය.

කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යෑම, මුත්‍රා රෝග (මුත්‍රා දාහ) ආදියට ඉතා හොඳය.

  • රක්තවාත ඇති අයට ශෝහය (ඉදිමුම) මෙන්ම දාහය ද නසාලීමට මෙම පානය සමත්ය.
  • විටමින් ‘සී’ බහුල පලතුරක් බැවින් දත් රෝගවලට වඩාත් හිතකරයි.
  • පණු රෝග නසාලයි

අගුණ වන අවස්ථා

 බොහෝ විට අගුණ වන අවස්ථා දුර්ලභය. කුඩා දරුවන්ට පවා හිතකර පලතුරක්ය. නමුත් සමහර විට සෙම් බහුල අයට අගුණ විය හැකිය.

එහි අඩංගු දෑ

විටමින් ‘සී’, පොටෑසියම්, කැල්සියම්, ඛනිජ ලවණ, කාබෝහයිඩ්‍රේට්, පොස්පරස්, ජලය, සීනි ආදියෙන් බහුලය.


Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.