අංගුලිමාලට තම අරමුණ සපුරාගැනීමට අවශ්‍ය වූයේ තව එක ඇගිල්ලක් පමනයි. ඔහු එක්තරා ශ්රමනයෙක් පේනමානයේ සිටිනවා දුටුවා... ඉතාමත් සතුටින් ඔහු ලුහුබැන්දා බුදුන් පසුපස. ..ඒත් ඔහුට ලංවීමට බැරිවුනා. අවසානයේ දී දැඩි වෙහෙසටපත් ඔහු " ඒයි ශ්‍රමනය ඔහොම නැවතියන්" ලෙස කෑමොර දුන්නා. බුදුන් මදහසක් පාමින් "මම නැවතිලා ඉන්නේ අංගුලිමාල, ඔබත් නවතින්න....යැයි පැවසුවා. එකවරම මෙය වටහාගැනීමට අංගුලිමාලට හැකියාවක් තුබුනේ නැහැ. ඔහු නැවතත් නවතින ලෙස බුදුන්ට අනකලා. බුදුන් පැවසුවේ " මම නැවතී සිටිමි,....ඔබත්..නවතින්න, නැවතීමේ ආනන්දය අත්දකින්න...."
අංගුලිමාලට ක්ශනිකවම අවබෝධ උනා සහ ඔහු දැක්කා. තමන්ගේම ඇතුලාන්ත දිවීම...........පුපුරාගියා ඔහුගේ දුවන මනස.....ඔහු සැනසීම අත්කරගත්තා...
එතකොට ඔබ.....?.......?.........?
ඔබ දිනකට කොයිතරම් km ප්‍රමානයක් ඇතුලාන්තයෙන් දුවනවාද....? ඇතැම්විට ඔබ සිටින්නේ ඔබේ කාර්යාලයේ හෝ නිවසේ....දවසින් වැඩිහරියක්...ඒත් ඔබ....km..සියගනනක් ඇතුලතින් දුවනවා ඇත.....මෙයයි ඔබ තුල ගැටලු නිර්මාණය කරන මූලික හේතුව.....එකක් ඉවරවෙන විට තව එකක් ......කවදාවත් මේ ප්රශ්නවල ඉවරයක් නෑ.....මොකද ඔබ හිතීමට ඇබ්බැහි වෙලා....එය ඔබට නවත්වා ගන්නට බැහැ ....ඔබේ හිත කියනවා....සල්ලි නිසා තමයි මේ ඔක්කෝම......අරයා නිසා තමයි....මේ හැම ප්‍රශ්නයක්ම ආදී ලෙස ඔබ මුලාවෙන්.....විසදුම් සෙවීමට තම ජීවිත කාලයම යොදනවා....ඔබ හිතනවා කවදා හරි මේකෙන් නිදහස් වෙනවා කියලා.....ඒත් එය කවදාවත්...සිදුවන්නේ නෑ.....සිදුවුනත් බොහෝම ටික කාලයයි......ආපහු අර අසහනය ඇවිත්......ඉතින් ඔබ හෙම්බත් වෙනවා.....සහනය සොයනවා.....සමහර ඇබ්බැහි වීම් වලින් ඔබට තාවකාලික සහනයක් ලබාගෙන පසුව එයද පාලනය කල නොහැකි ගැටලුවක් කරගෙන මුලු ජීවිතයම අවුල් ජාලයක් කර ගන්නවා.....ඉතින් අපි මෙයින් නිදහස් වීමේ මාර්ගය අපි පටන් ගනිමු...ඒ වෙනුවෙන් මට කලහැකි උපරිමය මා ඔබ වෙනුවෙන් යොදවනවා ....දවසේ විටින් විට ඔබේ ඇතුලාන්තයේ දිවීම...නැතිනම් කියවීම....නැතිනම් කල්පනා කිරීම.....මේ ගැන පරීක්ශා කර බලන්න.විටින් විට හිතන එක පිලිබඳව සාවධාන වන්න. ඒ පිලිබඳව දැනුවත් වෙන්න.....(ප්‍රබල ආද්‍යාත්මික පුහුනුවකි).ඔබට දැනේවි ක්ශනික නැවතීමක්,සැහැල්ලුවක්,හිඩැසක්,ඒ දේ ටික ටික පුහුණුවක් බවට පත්කරගන්න.අපි හෙමින් පටන් ගනිමු...
සුබපැතුම්
Coach with Nuwan(Counseling - Meditation -LOA)