නැවතී‌මේ කලාව | දෙවනි කොටස



මගේ පුංචි පුතා එක්දිනක් මගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවා."තාත්තේ ඇයි අර ආන්ටි...හැමවෙලේම දුකෙන් ඉන්නේ...? එයා කතාකරන්නෙත් අඩ අඩා වගේනේ......." මම නිරුත්තර උනා..කතාව වෙන පැත්තකට හැරවීමේ අදහසින් මා ඔහුට පැවසුවා..."ඉතින් ඔයත් දුක්වෙන්නේ...ඒක හැමෝටම දැනෙන දෙයක්නේ........එවිට ඔහු පිලිතුරු දුන්නා...."මම දුක්වෙන්නේ ඒවෙලාවට විතරනේ........" මට කට උත්තර නැතිව ගියා.......

ඇත්තෙන්ම දුක,වේදනාව ,පීඩනය ,කනස්සල්ල හෝ සතුට,ප්‍රීතිය,ප්‍රමෝදය ආදී ඕනැම දෙයක් අප තුල හට ගැනීම ස්බාවිකයි.එය ....එනවා...යම් කාලයක් තියෙනවා .......ඉන්පසු නැතිව යනවා....එයයි ස්බාවදර්මයේ රිද්මය....

ඒත් ඔබ.............?

ඇතිවෙලා......තිබිලා.....නැතිවෙලා ...යන දේවල් හැමවෙලේම තමන් ලග රදවා ගන්න උත්සාහ කරනවා.ඉතින් බොහෝ අයට සීනි..ප්‍රෙශර්...හෝ ආතතිය ....නැතිනම් ඩිප්ප්‍රෙශන්...හේතුව ස්බාවයේ රිද්මය නැතිනම් නීතිය ඔබ දන්නේ නැහැ....

බොහෝ දෙනෙක් යම් සිදුවීමක් සිදුවූ විට ඇතිවන මානුෂික හැගීම්වලට මුහුණ දීමෙ කලාව දන්නේ නැහැ...ඔහු සිතනවා....ඇයි මටම මේක උනේ .......දුක ප්‍රතික්ෂේප කොට එය මගහැරීමට උත්සාහ කරන බව පෙනුනත් ..ඇත්තටම ඔහු ඇතුලතින් දුක්විදීමට විශාල කැමැත්තක් තිබෙනවා...බලන්න ඔබේ ඇතුලත ඔබ කියාවි...අනේ මට දුක නම් ඕන නෑ... මට ඕන සතුටෙන් ඉන්න විතරයි...කියා... එම සිතුවිල්ල ස්බාවික රිද්මයෙන් පිටතට යනවා...ඔබ සතුට සොයන්නේ නම් එහිම දුක ගැබ් වී තිබෙනවා...දුක සොයන්නේ නම් ඒතුල සතුට ගැබ්වී තියෙනවා..(එක පැත්තක් තියෙන කාසියක් ඔබට නිර්මාණය කල හැකිද..?)

දවසේ වැඩිවෙලාවක් අප සිටින්නේ දුකින්....නමුත් අප ඒ බව දන්නේවත් නැහැ..හේතුව කරන්න වැඩ ගොඩාක් තියෙනවා .රැකියාව හෝ වියාපාර. ,නිවසේ කටයුතු ,දරුවන් ගේ කටයුතු .....ඔබට ඔබ ගැන සාවධාන වෙන්න වෙලාවක් නැහැ.(ඇත්තටම ඔබට සාවධාන වෙන්න උවමනාවක් නැහැ ). ඔබට අවශ්‍ය එලියේ ඇති ප්‍රශ්න ටික විසදා සැනසීමකට පත්වීමටයි.එය නම් කවදාවත් සිදුනොවේවි...

යම් සිදුවීමකින් ඔබට දැඩි දුකක්,වේදනාවක් ,තනිකමක් දැනෙන්නට ගන්නවා.එය ස්බාවිකයි..නමුත් ඔබ එය ඔබේ ස්තාපිතයක් බවට පත්කරගන්නවා...හැමවෙලේම ඔබ සිතන්නේ ඒ සිදුවීම පිලිබඳව මතක් කරනවා සැලසුම් කරනවා,විශ්ලේෂණය කරනවා..කොටින්ම නොකර සිටින දෙයක් නැහැ..ඔබට මේ මොහොත මගහැරී ගිහින්...මේ දැන් දැනෙන හුස්ම ටික.......අවට අවකාශයේ දැනීම.....හදවතේ දැනීම.....සිරුරේ ඇතුලාන්ත ජීවය....මේ හැමදෙයක්ම මගහැරී ගිහින්....ඇත්තටම ඔබ බාගෙට මිය ගිය මල මිනියක්..........

එසේවීමට මූලික හේතුව..................

ඔබ මීට කලින් පූර්ව නිගමනයන් අරන් තියෙනවා. මෙසේ සිදුනොවිය යුතුබවට...ඔබ කලින්ම සිතාගත්තා මෙහෙම වෙන්න බැහැ..එයා..මං ගැන බලන්න ඕන...,මං කාටවත් වැරැද්දක් කරන්නේ නැහැ ...,මං ආගමික ජීවිතයක් ගත කරන්නේ.....එහෙම වෙන්න ඕන.මෙහෙම වෙන්න ඕන කියා ඔබ ලෝකය වැඩකල යුතු ආකාරය පිලිබඳව සිතුවමක් ඇතුලාන්තයේ හදා ගත්තා....දැන් ඒ අනුව ජීවත්වෙන්න හදනවා.....ප්‍රශ්න වලනම් ඉවරයක් නෑ නේද.....?ඔබ උත්සාහ කලේ ඔබට අවශ්‍ය ලෙස ලෝකය නිර්මාණය කරන්නට...නමුත් එයට ප්‍රතිවිරුද්ධ දේ බොහෝ විට සිදුවනවා..ඉතින් ඔබ පීඩාවට පත්වෙනවා......සරලයි.......

ආද්‍යාත්මික පුරෝගාමීන් (Spiritual Pioneers )ගේ ක්‍රමය අනෙක් පැත්තයි..එනම් ඔවුන් කිසිම චිත්ත සිතියමක් ඇතුලාන්තයේ හදා ගන්නේ නැහැ.ඔවුන්ට බලාපොරොත්තු,අරමුණු කිසිවක් නැහැ....දැන් කලයුතු යමක් ඇත්ද...එයට උපරිම සාවධානාත්මකව නැතිනම් දැනීමෙන්(සිතීම අඩුවෙන්) කරනවා.ඒ කියන්නේ යම් කාර්යක් සිදුකොට අවසානයේ එහි ප්‍රතිඵල ලැබෙන විට ඔහු එයට අයිතිය හගවන්නේ නැහැ.නමුත් අප "ආ ඒක කලේ මම...කොහොමද ...හොදයිද..? අපට අවශ්‍ය ඇගයීම...(.මාව පොරක් කරගැනීම)අන් අය එය අගය කරනවා නම් ඔබ සතුටු වෙනවා...ප්‍රතික්ෂේප කලහොත් ඔබ.....?

සෙන් කතාවක්......ඒක එහෙමද ?........."(.is that so ".)..

හකුයින් කියන සෙන් ගුරුවරයා පිරිසිදු ජීවිතයක් ගත කල අයෙක් ලෙස ප්‍රකටව සිටියා.ඒ නිසා බොහෝ දෙනෙක් ඔහුට ගෞරව කලා...ඒලග පාත ලස්සන තරුණියක් ජීවත් උනා.ඇගේ දෙමාපියන් ධනවත් අය..හදිසියේම දෙමාපියන්ට දැනගන්න ලැබුනා ඒ තරුනිය මවක් වෙන්න යන බව..මේක අහලා දෙමාපියන් ට හොදටෝම තරහ ගියා ඔවුන්ට ඕනෑ උනා දරුවගේ තාත්තා කවුද කියා දැනගන්න..ඒ ත් ඇය කියන්න කැමැති උනේ නැහැ.දැඩි පීඩනයකින් පසුව ඇය කීවා.." ඒයා හයිකුන්"

දෙමාපියන් ඒක අහපු ගමන් තරහෙන් පිපිරි පිපිරී එතුමා හමුවෙන්න ආරාමයට ගියා.ඔවුන් කී සියල්ල නිහඩව අහගෙන සිටියා.අවසානයේදී එතුමා මෙසේ කිව්වා..." ඒකත් එහෙමද...?( is that so..?)

"ඒකත් එහෙමද කියලා හරියන්නේ නෑ.දරුවා ලැබුනාම ඔබට ගෙනත් දෙනවා..." දෙමාපියන් යන්න ගියා..

දරුවා ඉපදුනාට පස්සේ ඔවුන් දුන්නා හයිකුන්ට...ඔවුන් එතුමාට කලේ ලොකු ලැජ්ජාවක්,එතුමාගේ පිරිසිදු ජීවිතයට උනේ ලොකු කැලැලක්.ඒ ත් එතුමා එයින් මදක්වත් සැලුනේ නෑ.ඔහු දරුවා බාර ගත්තා..දරුවාව හොදින් හදාවඩා ගත්තා...මුලු ගමම ඔහුට විරුද්ධ උනා...දුශ්කරතා වැඩි උනා..නමුත් ඔහුට ගානක්වත් නෑ.

අවුරුද්දක් ගතවුනා..දරුවා නැතිව ජීවත්වීමට අම්මාට අපහසුවුනා.දරු කැක්කුම දරාගන්න බැරිඋනා.ඇය අවසානයේ ඇත්ත හෙලිකලා.දරුවාගේ ඇත්ත පියා මාලු වෙලද පලේ තරුනයෙක්....

එය දැනගත් විගස ගෑනු ලමයාගේ දෙමාපියන් දිව ගියා ආරාමයට...හයිකුන් හමුවුනා....වැද වැටිලා අනේක වාරයක් සමාව ඉල්ලුවා තමන් අතින් උන වැරැද්දට.....දරුවාව ආපහු ඉල්ලුවා..

හයිකුන් ගුරුතුමා ඒ ඉල්ලීමට එකග වුනා..ආපහු දරුවාව දෙන ගමන් කීවේ "ඒකත් එහෙමද "....කියා.


සුබපැතුම් 

Coach with Nuwan(Counseling - Meditation -LOA)

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.