කචා බඩම් ගිතයේ පිටුපස කතාව (The story behind the Kacha Badam song)

image_title_here
The Pursuit of Happyness 2006

සමහර පොඩි සිදුවිමක් හොදටම ප්‍රමණවාත් වෙනවා  කිසියම් හෝ පුද්ගලයෙකුගේ ජිවිතය ස්ර්ව සම්පුර්ණයෙන් ම වෙනස් කරන්න. අද මතෘකවටත් ඒය සුවිශේෂියි. මේ දවස්වල සුපිරියටම වයරල් වුණු, ලෝකයටම අලුත් රැල්ලක් වුණු කචා බාඩම්(Kacha Badam) ගීතය ගයනා කරන බුභන් භද්ද්‍යාකර් (Bhuban Badyakar) ගැනයි මේ ලිපිය.

කවුද මේ බුභන් කියන්නෙ ඔයාල විශ්වාස කරනවානම් විශ්වාස කරන්න මොහු පාරේ රටකජූ විකුණන වෙළෙන්දෙක්. සහා ඔහු ඉන්දියාවේ බටහිරි ‌බෙංගාලයේ බිර්භුම් දිස්ත්‍රික්කයේ ලක්ෂ්මිනාරායන්පූර් පංචායතනයේ කුරල්ජුරි ගම්මානයේ පදිංචිකරුවෙක්. මං මුලින් කිව්වා වගේ මේ ගීතය ගයනා කරන්නේ බුභන් භද්ද්‍යාකර් වගේම මේ ගීතය නිර්මාණය කරල තියෙන්නෙත් බුභන් භද්ද්‍යාකර්ම විසින්ම තමයි. ඒ ඔහුගෙ රටකජූ අලෙවි කරගන්න. ඒ වගේම මුල් කාලයේ ඉදලම මොහුට සිහිනයක් තිබිල තියෙනවා ‌ජනප්‍රිය ගායකයෙක් වෙන්න. ඔහු ඉන්දියාවේ යම් සාකච්චාවකට ඒකතු වෙමින් පැවසු අදහසක්.

මම කුඩා කාලයේ ඉදලම ගායකයෙකු වීමට සිතූවා ඒ සදහා මම බාල්ගේ කණ්ඩායමට ද ඇතුළත් වූනා. ඉතින් මම ඒ කණ්ඩායමටත්  ගායනා කළා.  විවාහ වූවාට පස්සේ ජිවන බරත් තෙක්ක මට ඒ ආකාරයෙන්ම බාල්ගේ කණ්ඩායමට එක්වීමට නොහැකි වුණා. ඊට පස්සේ පවුලේ අර්ථික  අපහසුතා අඩු කරන්න පෙදරේරුවෙකු විදියට ක්ෂේත්‍රයේ වැඩ කළා. සමහර අවස්ථාව වල මම මේ ගැන හිතලම ආතති ලෝකයේ අතරමං වුනා.

මේ ගීතය පිලිබදව කෙටි හැදින්විමක්  දුන්නොත් ගීතයෙන් කියවෙන්නේ "රටකජූ" ගැන. දැන් මේ ගීතය ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ් සහ වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවල සෑම තැනකම අසන්නට දකින්නට ලැබේනවා. ඒ වගේම මේ  ගීතයට පොඩි ළමයින්ගේ ඉඳන් වැඩිහිටියෝ දක්වා හැමෝම අසා කරන ගීතයක් බවට පත්වෙලා තියෙනවා. ලංකාව තුලත් කැලෙකට ගිනි තිබ්බා වගේ මෙක වයිරල් වෙලා තියෙනවා සහා වෙනවා. "ඇත්තටම මාත් මේ ගිතයට සවන් දුන්න, මටත් අමුතුම විනොදාස්වාද හැගීමක් අවා, නැතෙයි කියන්නත් බැහැනේ 🥳. " 

මේ ගීතය මුල් වරට සමාජ මාධ්‍ය තුල විසිරිලා පැතිරිලා ගිහින් තියෙන්නේ බුභන් භද්ද්‍යාකර් කචා බදාම් ගීතය ගයනා කර කර රටකජු වෙළාදාමේ කරන විට, ඒ්ක් අවස්ථාවක ඒම ගීතය අහගෙන හිටුපු පුද්ගයලයෙක් විඩියෝ ගත කරල සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරිමත් සමග විම විශේෂ සිදුවිමක්. ඒත් තෙක්ම බුහාන් ඉන්දියාව තුල ගොඩක් ප්‍රසිද්දියට පත් වුුුනා. හැම පුද්ගලයෙක්ම ඔහු ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් තමයි බුභන්ගේ කාලයක් පැවති සිහිනය යථාර්තයක් කරගන්න ‌පුළුවන් වෙන්නේ. ඒ වෙන විටත් ඉන්දියාව පුරාම මේ ගීතය ව්‍යාප්ත වෙලා හමාර නිස,  ඉන්දියාවේ ප්‍රසිද්ද තරණ පරම්පරාවේ කලකරුවන් දෙන්නෙක් වන "Ron-E" සහා  "Pragya Dutta"  හට මේ ගීතය අහන්න ලැබෙනවා. බුභන් සමග ඒකතු වෙලා සංගීතයත් නර්ථනයකුත් ඒකතු කරලා නැවත ගීතය ප්‍රතිනිර්මාණය කරලා සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහරිනවා. මේ ගීතයෙ ඉල්ලුම කොච්චරද කියනවානම්  විඩියෝව නිර්මාණය කරන වේලාව වෙනකොටත් යූටියුබ් බැලීම් මිලියන 58 වැඩියෙන් තිබුනු බව සදහන් වෙනවා. මම මේ ලිපිය ලියන වේලාව තුල මිලියන 62 වැඩි ප්‍රමාණයක් මෙය නරඹල තියෙනවා

මේ ගීත‌ය ප්‍රචලිත විමත් සමග මධ්‍යකරුවන් ඔහුගෙන් අහල තිබුණා "මේ ගිතය ල‌ෝකය පුරා ව්‍යාප්ත විමත් අතිශය ජනප්‍රියත්වයට පත්ව විමත් සමග ඔබට මොනවද සිතෙන්නේ දැන් ?" කියලා ඒයට බුභන් දිපු පිළිතුර,

ඇත්තට ජනප්‍රිය වීම සතුටක්, හැමෝම ජංගම දුරකථනවලින් මගේ ගීත නරඹනවා මං දැකල තියෙනවා. හැමෝම දැක්ක ගමන් අගය කරන්න එනවා. ලොකු සතුටක් දැනෙනවා. මම ගීතය ලිව්වා. මගේම තනුව, මගේම කටහඩ. මම මේ ගීතය නිර්මාණය කළේ රටකජු විකුණන්න. මේ සින්දුවට රටකජු ගන්න ගොඩක් අය එනවා. සමහරු රටකජු රුපියල් 5ට, සමහරු රුපියල් 10ට ගන්නවා.

මෙ කතාවෙන්, මේ සිදුවිමෙන් ගන්න පුළුවන් වටිනා දේවල් තියෙනවා. සමහර පුද්ගලයන්ට ඒක පාරටම  සිතපු නැති ආකාරයෙ අවස්ථාවන් ලැබෙනවා.  සමහර පුද්ගලයන්  ඒ අවස්ථාවන් වලට පරේ තිබෙන ටින් බෙලෙක්කයකට පයින් ගහනවා වගේ අවස්ථාවන් මගහරිනවා. මතක තියාගන්න ජිවිතයට ඒ වගේ ලොකු අවස්ථාවක් නොලැබුනත් පොඩි හරි අවස්ථාවක් ලැබුණොත් මගහරින්න ඒපා. සමහරු හිතනවා මේ වගේ ගීත සැරින් සැරෙට ඒනවා ඔ වගේ දේවල් අපිට අමුතු දෙවල් නෙවෙයි කියලා. ‌ඒසේ සිතන්න ඒපා. ‌සමාජ මධ්‍ය අද යම් දියුණු තත්වයක පවතින නිසා තමයි රටකජු විකුණන පුද්ගලයෙක්ටත්ව  සිංදුවක් කියලා ලොකයේම අවදානය දිනාගන්න පුළුවන් වුනේ. ඒ ඔහු ඒම පරිසරය තුල සිටිය නිසා. ඉතින් ඔබත් ජිවත් වෙන්නේ ඒ පරිසරය තුල කියල මතක තියාගන්න. ඉතින් ඔබට මොනවද කරන්න පුලුවන්.....? 

Normal Audio & Video Version

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

2 comments

  1. අමුතු ගතියක් තියෙනවා ගීතයෙ. කියන්න තෙරෙන්නේ නැති. 😍
    1. ඔබ හරි 👌
ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.