බෙනීගේ ධජය


ඒ 1927 අවුරුද්දේ ජනවාරී මාසයේ ඒක උදැසනක ඇලස්කාවේ සෙවාර්ඩ් ප්‍රදේශයේ කුඩා පාසලක හත් වැනි ශ්‍රේණියේ ඉගෙනගන්න 13 හැවිරිදි බෙනී බෙන්සන්ට සහ අනෙක් ළමයින්ට ඒදින ඔවුන්ගේ ගුරුතුමිය පන්ති කාමරයට ඇවිත් අමුතුම ආරංචියක් දන්වා සිටියා. ඒ තමයි ඇලස්කාවටම වෙන් වූ ධජයක් නිරිමාණය කරන්නට යන ආරංචිය, ඒ සදහා ධජයකට ගැලපෙන සිතුවමක් මෙම පාසලේ ළමයින්ටද නිර්මාණය කරන්නට හැකි බව ඇය පැවසුවා. 

ඇලස්කාවේ සියලු ප්‍රදේශවල පාසල්වල 7 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්නා සියලු ළමයින්ට මෙම ධජය සිතුවම් කිරීමේ තරගයට සහභාගී විය හැකි තිබුණා. පන්තියේ අනෙක් ළමයින් මෙන් බෙනීත් තීරණය කළා ජාතික ධජය සදහා සිතුවමක් නිර්මාණය කරන්නට. ජෙසි ලී නමැති ළමා අනාථ නිවාසයක විසූ බෙනී සවස පාසල් ඇරී ඒහි ගොස් කල්පනා කළේද ජාතික ධජයට අදින්නේ මොනවද කියලයි. අනාථ නිවාසයේ අනෙක් ළමයින් ද තැන තැන්වල වාඩී වී විවිධ දේ සිතුවමට නගමින් සිටියා. ඒම ප්‍රදේශයට ආවේණික වූ සීල් මත්ස්‍යයා, මැදියම් හිරු, උතුරුදිග ආලෝකය, ධ්‍රැව වලසා, හිමෙන් වැසුනු කදු, ගංගාවල්, වනාන්තර ආදීය අනෙක් ළමයින් අදිමින් සිටියා. කල්පනා කළ බෙනීට හදිසියේම අදහසක් පහළ වුණා. තමන් සැමදාම රෑට නින්දට යාමට පෙර බලා සිටින අහස ඔහුට මතක් වූණා. ඔහු නිදහස් තැනක වාඩි වී සුදු කඩදාසියක චිත්‍රය අදින්නට පටන් ගත්තා. බොහෝ වේලාවකට පසු ඔහු චිත්‍රය ඇද අවසන් කළා. ඔහු චිත්‍රයේ අදහසද ඒහි පැහැදිලි කර සටහන් කළා.

සිතුවම පුරා පැතිරී තිබෙන නිල් පැහැති යායෙන් ඇලස්කානු සුන්දර නිල් අහස, කදුකර විල් සහ ඒම ප්‍රදේශයට ආවේණික වු ෆොගෙට් මී නොට් මල්වල වර්ණය සංකේතවත් කරනවා. ඒක්සත් ජනපදයේ ඉතා ඈත උතුරුදිගින් පිහිටි ඇලස්කාවේ අනාගතය උතුරු තරුවෙන් සංකේතවත් කරනවා. ඉතිරි තරු 7න් තරු රටා අතර තිබෙන මහා වලසා සංකේතවත් කරනවා. පසු දින පාසල් ගිය ඔහු මෙය ගූරුතුමියට  භාර දුන්නා. මාස කිහිපයක් ගෙවී ගියා. විවිධ පාසල්වල ළමයින් ඒවන ලද සිතුවම් 142ක් අතරින් බෙනී බෙන්සන් අදින ලද සිතුවම ඇලස්කාන ධජය ලෙස නිර්මාණය  කිරිමට විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගෙන ඇති බව ඒක් දිනක් පාසලේදි ගුරුතුමිය දන්වා සිටියා ය. ඒ අනුව නිල් පැහැති සේද රෙදි කැබැල්ලක රන්වන් පැහැයෙන් තාරුකා ඇප්ලික් කර ඇලස්කානු ධජය සැකසුවා. 1927 ජූලී 09 දින පළමුවරට මෙය ඇලස්කානු අහසේ ලෙළ දුන්නා. තරගයෙන් ජයග්‍රහණය කළ බෙනීට ඇමරිකානු ඩොලර් 1000ක අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලක් සහ ඔහුගේ ධජයේ රුව කැටයම් කළ අත් ඔරලෝසුවක් ත්‍යාග ලෙස ලැබුණා. 1959 වසරේදි ඇලස්කාව අමෙරිකා ඒක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රාන්තයක් බවට පත්වුණා ඒදා සිට අදටත් ඇලස්කා ජනපදයේ ජාතික ධජය ලෙස භාවිත වන්නේ ඇලස්කාවේ චිග්නික් ප්‍රදේශයේ ඉපදී සෙවාර්ඩ් හි ගම්බද පාසලක ඉගෙන ගත් ප්‍රංචී බෙනී විසින් ජෙසී ලී අනාථ නිවසයේ සිට අදින ලද සිතුවමින් උපන් ධජයයි.


අන්තර්ජාලය ඇසුර‌ෙන් සිංහලට පරිවර්තනය කරන ලද ලිපියකි.


Getting Info...

කර්තෘ

This is a big world. I'm exploring everything that is accessible to my five senses.

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.