ගිලෙන්න ඒපා. යාත්‍රා කරන්න.


Oliver Wendell Holmes කියන්නෙ වෛද්‍යවරයෙකි. ඒ වගේම ඔහු කතුවරයෙක්, කාව්‍ය රචකයෙක්. බොහෝ පුවත්පත් හා සගරාවලට ලිපි ලියු පුවත්පත් ලේඛයෙකි. 

ඔහු වරෙක මෙසේ ලියා ඇත. "මේ ලෝකයෙ ඇති වැදගත් දෙයක් ලෙස මා දකින්නේ අප දැනට සිට ගෙන සිටින්නේ කොතන ද? යන්න නො වේ. අප ගමන් කරන්නේ කවර දිශාවට ද යන්නයි. දිව්‍ය තොටුපල වෙත ළගා වීමට නම් සමහර විට අපට සුළං පහර සමග යාත්‍රා කරන්නට සිදු වේ. සමහර විට  සුළං පහරට විරුද්ධ දීශාවට ද යාත්‍රා කරන්න සිදු වෙනු ඇත. නමුත් අප යාත්‍රා කළ යුතු ය. අපට ගිලෙන්නට නො හැකි ය. ඒසේ ම නැංගුරම් ලා සිටිමට ද නො හැකි ය."

ඉලක්කයක් සිත්හි තබා ගෙන ගමන් කරන විට වැදගත් ම සාධකය වන්නේ නිරන්තරයෙන් චලනය විමයි. ඉදිරියට ගමන් කරමින් සිටිමයි. යාත්‍රා කරන කල්හි ඔබට විවිධ අන්දමේ බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇත. චන්ඩ මාරුත හමා ආ හැකි ය, දිය සුළි සහිත මුහුදක් හමුවිය හැකි ය. ඒහෙත් ඒම බාධක මැඩ ගෙන යාත්‍රිකයෝ තම යාත්‍රාව පැදගෙන යති. 

ඔබගේ ඉලක්කය කරා ගමන් කරන විටත් අනපේක්ෂිත සිදුවීම් නිතර සිදුවිය හැකි ය. ඒහෙත් ඔබ ඔබගේ ඉලක්කය කරා යන මාවත පැහැදිලිව ම දකිමින් ඒම බාධකවලට මනාව මුහුණ දිය යුතු වේ. ගන්නා හැම පියවරක් ම ඔබේ ඉලක්කයට උදවු වන පියවරක් බවට සහතික විය යුතු ය. සමහර විට බධකය තදබල වැඩි නම් රුවල හකුලා ගෙන චණ්ඩ මාරුතය ඇදි යන තෙක් බලා සිටිය යුතු ය. කවර චන්ඩ මාරුතයක් වුව ද හමා ගොස් තුනි වි යන පරිදි ම අපට මුහුණ දීමට සිදුවන බාධක ද ක්‍රමයෙන් වියැකි යනු ඇත.

"අඩියක් පස්සට - අඩි දෙකක් ඉදිරියට"  

යැයි හමුදාවේ උපදෙසක් ඇත. අවශ්‍ය වුවහොත් අඩියක් පස්සට තියන්න. ඉලක්කය දෙස බලාගෙන ඊළග අවස්ථාවේ අඩි දෙකක් ඉදිරියට පනින්න.


ඔබට ජය වේවා!

ස්තුතියි.

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.