වැඩ කල් දමීම යනු අහිතකර පුරුද්දකි. අවසාන මොහොත දක්වා ම වැඩ කල් දැමීම හා අතපසු කිරීම නිසා හැම අතින් ම පීඩාකාරී, අසහනකාරී මානසික තත්ත්වයක් වර්ධනය වනු ඇත. ඔබ ඉතා වැදගත් විභාගයකයට සුදානම් වන කල්හි අවසන් මොහොත දක්වා ම, අන්තිම දවසේ රාත්‍රිය දක්වා ම, ඔබේ ඉගෙනුම කල් දමන්නේ නම් ඒය වැඩ කල් දැමීමකි. අතපසු කිරීමකි. මේ අයුරින් අවසන් මොහොත දක්වා වැඩ කල් දැමීමේ ප්‍රතිඵලය කුමක් ද? පාසලේ දී විභාගවලින් අඩු ප්‍රතිඵල ලබා ගැනීමට ඒ හේතුවන බව ඔබ දැක ඇත. වැඩ කල් දැමීමෙන්, අවසන් මොහොත දක්වා අතපසු කිරීමෙන්, හොද ම ප්‍රතිඵල නෙලා ගත නොහැකි බව ඔබ දැනටම අත් විද ඇතිවාට සැකයක් නැත.
මේ දක්වා ඔබ නාස්ති කර ඇත කාලය වෙත ඔබට නැවත ළගාවිය නොහැ කිය. ඒ නිසා සෑම මොහොතක ම වඩා ප්‍රථිපල සහිත වන්නේ කුමක් ද යන්නට අවධානය යොමු කළ යුතු වේ. හැම මොහොතක් ම වටිනනේ ය. ඉදිරි කාලයේ කිරිමට ඇති දේවල් සිහියේ තබාගෙන ඔබ අද සිටම සැලසුම් කළ යුතු වේ ක්‍රියාත්මක විය යුතු වේ.
බෙන්ජමින් ප්රෑන්ක්ලින් වරෙක ප්‍රකාශ කළේ,
"ඔබට අද ඉටු කළ හැකි දෙය කිසි විටක හෙටට කල් නොදමන්න."
කියා ය.
අද කුමක් කළ යුතු ද යන්න වැදගත් කමේ අනුපිළිවෙලට ගොනු කර ගන්න. අද ම, වහා ම, යනුවෙන් කළ යුතු දේ හා කාලය වර්ග කරගත හැකි ය. ඔබ පාසල් ශිෂ්‍යයකු නම් ඔබේ ගුරුවරුන ඔබ කළ යුතු දේවල් පිළිබද ව වරින් වර මග පෙන්වා ඇත. ඉගි සපයා ඇත.
ඔබ නිමකල යුතු පැවරුමක් හෝ ව්‍යාපෘතියක් ඇති කල්හි, දවල් හීන දැකිම හෝ කවුරු හෝ සමග ඒ ගැන කතා කිරීම හො පමණක් ප්‍රමාණවත් නැත ඔබ ඒම කාර්යයේ යෙදෙන තෙක් ම ඒම කාර්යය කෙරෙන්නේ නැත.
මෙි සදහා මම පොඩි යෝජනාවක් කරන්නම්, ඔබ අද මේ මොහොතේ සිට ම "කළ යුතු වැඩ" පොතක් ආරම්භ කරන්න. අද, හෙට , ඉදිරි සතියේ දී , ඉදිරි මාසයේ දී ආදි ලෙස කළ යුතු වැඩ, පොතක ලියා ගන්න. වරින් වර ඒ පොත දෙස බලා ඒ ගැන අවබෝධයක් ගන්න. සිහිපත් කරගන්න. ආරම්භ කළ වැඩ නිම කරන්න. නිම කිරීමෙන් පසු ඔබට ලැබෙන සැහැල්ලුව භුක්ති විදින්න. වැඩ නිමකර , සම්පුර්ණ කර නිමි භාණ්ඩයක් ලෙස දකින විට ඔබේ සිතේ ඇතිවන තෘප්තිය, ආහ්ලාදය භුක්ති විදින්න ඉගෙන ගන්න.
ඔබට ජය වේවා!!!
ස්තුතියි!💖