ඔබේ සතුට කොතනද? ( පුංචි කතාවක්)


                                                                                    

දිනක් එක් නගරයකින් වෙනත් අලුත් නගරයකට වාසය සදහා පැමිණි පුද්ගලයෙක් තම අලුත් නගරයේ තොරතුරු දැනගැනීම සදහා එම නගරයේ පූජකවරයා මුණගැසී ඔහුගෙන් විමසනවා

" මේ නගරයේ පුද්ගලයන් කොයිවගේ අය ද?" 

කියලා.

එවිට පූජකවරයා ඔහුගෙන් නැවත අහනවා

 "ඔබ කලින් සිටි නගරයේ වැසියන් කොයි වගේ අයද" 

කියලා.

එවිට එම පුද්ලයා කියනවා 

"ඔවුන් හරිම කෘෘර, කපටි, අකාරුණික පුද්ලයන්" කියලා.

එවිට පූජකතමා පවසනවා මේ නගරයේ පුද්ගලයින් හැමෝමත් ඒ වගේම තමයි කියලා. 

ටික වේලාවකින් වෙනත් නගරයකින් පැමිණි තවත් පුද්ලයෙක් පූජකතුමා හමුවෙන්න ගොස් එම ප්‍රශ්නයම අහනවා. එවිට පූජක තුමා එම පුද්ගලයා ගෙන් අහනවා ඔබ කලින් ජීවත් වූ නගරයේ පුද්ගලයින් කොයි වගේද කියා 

එවිට එම පුද්ගලයා 

"ඔවුන් හරිම සාම කාමී, කාරැණික, සහයෝගයෙන් කටයුතු කරන පුද්ගලයන්" 

යැයි පවසනවා.

එවිට පූජකතුමා "මේ නගරයේ සිටින්නේත් එවැනිම පුද්ගලයන් තමා" 

යැයි පවසනවා. 

ඔබ ලෝකයේ අනිත් පුද්ගලයින්ගෙන් දකින දේ සහ බලා පොරොත්තු වන දේ ලෝකයේ අනිත් අය ඔබ තුලිනුත් දකියි. ඔබ තුලිනුත් බලාපොරොත්තු වේ.

එම නිසා හැම විටම අනෙකාගේ හොද දකින්න සහ ලෝකයට යහපත් වන්න. එවිට අනෙත් පුද්ලයින් ද ඔබගේ හොද දකීවි සහ ඔබට යහපත් වනු ඇත.


Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.