සිංහල අලුත් අවුරුද්ද (අව්ව+රුදු)යනු ශ්‍රී ලංකාවේ දී ඉපැරණි වර්ෂක්‍රමයෙන් එන ශක වර්ෂ 1941 වන අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන ශ්‍රී ලාංකික සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයින් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයින් ද සමරනු ලැබේ. දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ මෙම නව අවුරුදු සැමරුම සිංහල ජාතිකයින් ද එකම කාල වකවානුවක දී සමරති. මෙම උත්සවයට දෙමළ අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕ අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද උත්සවය ආදී උත්සව සමඟ සමීප සබඳතාවක් ඇත. එදින ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයකි. එය සාමාන්‍යයෙන් අප්‍රියෙල් මස 13 වන දින හෝ 14 දින සමරනු ලැබේ.
සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී නව වසර උදාවෙයි. එයින් අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම ද සිදු කෙරේ. තවද ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම සිංහල අවුරුද්ද ලෙස සැලකෙන මතයක්ද වේ.මෙම නව වසර සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ මාසයේ සමරනු ලබන අතර අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි.විවිධ විශ්වාස සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳී පවතී.කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර වේ. බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීම මඟින් බෞද්ධාගමික පරිසරයක් තුල අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට මඟ පෙන්වනු ලැබීය.රටේ බහුතර ජනතාව බෞද්ධයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් සිංහල අවුරුදු වත් පිලිවෙත් කිරීමට අදත් ශ්‍රී ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති.
අනෙක් අතට හින්දු ආගම ගැන සලකා බලන කල එය පුරාතණයේ සිටම බුදු දහම හා සමාන්තරව පැවතුනු ආගමක් ලෙස හඳුනා ගත හැක.එම නිසා නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු විය.බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක හා බැඳී පැවතිනි. එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයන් අතර අවුරුදු චාරිත්‍ර වල විශාල පරස්පරතා හඳුනා ගත නොහැක.
මිථ්‍යා විශ්වාස හා ප්‍රබන්ධ වලට අනුව අලුත් අවුරුදු උදාව හින්දු සාහිත්‍යයට නියත වශයෙන්ම බැඳී පවතී.සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකනු ලබන 'ඉන්ද්‍රදේව'පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම ලෙස නව අවුරුදු උදාව සැලකේ.අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැඟී සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳ පොළවට වඩියි.ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ශණ බලය බිඳ දමා එය කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවතී.
වර්තමානයේ අවුරුදු දින සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබා දෙන නැකැත් වේලාවන් අනුව කරනු ලබයි.එම නිසා අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය, හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් වල සංකීර්ණ එකතුවක් ලෙස සැලකිය හැක.෴
මෙවර වැඩ ඇල්ලීමේ නැකතට පැළයක් සිටුවා ස්වබාදහම ලස්සනකර සමරමු ...!
