ආදරේ කියන්නෙ රසායනික ප්‍රතික්‍රියාවක්ද?

 




{tocify} $title={අන්තර්ගතය}

ප්‍රේමය ලොව හැමතැනම ඇතී හැමදෙනටම හමුවෙලා ඇති..එනමුදු ප්‍රේමය කිමැයි කියා හදුනාගත් කිසි කෙනෙකු නැතී...එහෙමනෙ චන්දන ලියනාරච්චි කියන්නෙ🎼

හැබෑවටම මොකද්ද මේ අහවල් ප්‍රේමය කියන්නෙ..අනේ මන්ද එව්වට උත්තර දෙන්න නං සෑහෙන්න අමාරුයි😅.

හැබැයි ප්‍රේමය ආදරය හැබෑවටම මේ පංචස්කන්ධය ඇතුලෙ ඇතිවෙන්නෙ කොහොමද කියලනං කියන්න පුලුවං..එහෙනං,

අද බලමු රාමාට සීතාට, ජැක්ට රෝස්ට, මච්චිනෝට ලයලට, රෝමියෝට ජුලියට්ට, ජාලියට අශෝකමාලට, දම්මිට සුගත්ට ඔබට මට, එකී නොකී හැමෝටම ඇතිවුන ඒ ආදරයේ ජීව විද්‍යාත්මක කතාව.

හොදයි මේ මහා භාරදූර වැඩේට දායක වෙන රසායනික ද්‍රව්‍ය ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනව. 

  • ස්නායු සම්ප්‍රේශක - ඒ කියන්නෙ ස්නායු දෙකක් අතර ආවේග රැගෙන යන රසායණික ද්‍රව්‍යක් කියමුකො. 
  • හෝමෝන - මෙවත් රුධිරය හරහා පණිවිඩ අරං යනව..

ඔන්න ඔව්ව එකතු වෙලා තමා අපිට මේ වින්නැහිය කරන්නෙ.මෙව්ව එකතු වෙලා අපේ මොළය තුල ඇති කරන සංකීර්ණ රසායනික වෙනස්කමක් තමා ආදරේ කියන්නෙ..කොච්චර සංකීර්ණද කියන්නෙ සමහරුන්ට පණ පිටිං පොළවෙ වැලලෙන්ඩත් හිතෙනව.😂 ඉතිං එහෙනං  මේ ‌රසායනික ද්‍රව්‍ය මොනවද කියල එකින් එක පැහැදිලි කරගමු. 


1.ෆෙරමෝන(Pheromone)

ආදරයේ මූලික පියවරට සාදර සම අනුග්‍රහය දෙන්නෙ මෙයාල. මෙව්ව ශ්‍රාවය වෙන්නෙ සම වගේ තැන් වලින්. කේඨයෙ, දහඩිය වල තියෙනව. මෙව්වගෙ විශේෂ අනන්‍ය වෙච්ච සුවදක් තියෙනව. මොළයට පුලුවන් මේ සුවද අදුරගන්න, ඒ සුවදෙන් තමන්ට ජානමය වශෙයෙන් වැඩියෙන්ම ගැලපෙන කෙනා තෝරගන්න. තෝරගෙන හිත හිරිවට්ටන්න මේ රසායනිකයට හැකියාවක් තියෙනවා.


2.ඇඩ්‍රිනලීන් හා කෝටිසෝල්(adrenaline and cortisol.)

අධිවෘක්ක ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන හෝමෝන දෙකක් කියල කියන්න පුළුවන්. හිත ගිය ගෙනා ලගට ආවම හරි මතක් උනාම හරි මෙයාල කරන්නෙ දාහඩිය දාන එක වැඩි කරනව, හුස්මගන්න වේගෙ වැඩිකරල දෙනව..හෘද ස්පන්ධනේ වැඩි කරල රුධිර සංසරණය වේගවත් කරල දෙනව. කණීනිකාව ලොකු කරල දෙනව. අහනවනං එහෙම දුවනවනං එහෙම...ඒකට උදව් කරන්නෙ මෙයා. 


3.සෙරටොනින්(Serotonin)

ආදර සම්බන්දයක් ඇති උන මුල් දවස්වල මේ අගය සෑහෙන්න පල්ලෙහ බහිනව. කලබල කාරී බවක්. නොසන්සුන් බවක්..හැම තිස්සෙම කෝල් කරන්න බලන්න යන්න හිතෙන ගතියක්,මේස පුටු වලට පයින් ගහන්න හිතෙන ගතියක් ඇති කරන්නෙ මෙයා...


4.ඩොපමීන්(Dopamine)

ආදර සම්බන්දයක් ඇති උනාම සමහරුන්ට කන්න ඕනෙත් නෑ නින්ද යන්නෙත් නෑ..හෙන ගැම්මක් ශක්තියක් තියෙනවා..ආදරේ කරන කෙනා පොඩ්ඩක් බැලුවත් ඇති දවසටම..පොඩි දෙයින් සතුටු වෙන්න පුලුවන්..ඒයාව අතඇරගන්න බෑ..හැම වෙලේම මතක් වෙනවා..අන්න එව්වට වගකියන්න ඕනෙ මෙයා.මෙන්න මේකම වෙනව කියල විද්‍යාඥායන් කියනව. කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කලාමත්..හිතෙනව නේද? ඉතිං  හිතන්න කොකේන් පාවිච්චි කරන අයට ඒක නවත්තගන්න කොච්චර අමාරු ඇද්ද කියල...


5.ඔක්සිටොසීන්(Oxytocin)

ගොඩක් අය දන්නව මේ ගැන. අම්මෙක්ට දරු ප්‍රසූතියෙදි වගේම දරුවට කිරි දෙනකොටත් මේ හෝමෝනය වැදගත්. ඒ වගේම ආදරේ කරන අයටත් සැහෙන්න වැදගත්. ආදරේ වෙනුවෙන් කැපවෙන්න..මොන බාධක ආවත් එව්වට මූණ දෙන්න..ඕන කටුක අද්දැකිමක් ආදරේ වෙනුවෙන් විදදරාගන්න පුලුවන් වෙන්නෙ මෙයා නිසා.


6.නොරෙෆිනෙෆ්‍රීන්(Norepinephrine)

ලස්සනම වැඩේ කරන්නෙ මෙයා...සමහරුන්ට තමං ආදරේ කරන කෙනා කොච්චර ලොකු සෙනගක් මැද්දෙ දැක්කත් වටේ බොද වෙලා එයාව ෆෝකස් වෙලා පේනව..විශ්වාස කරන්න සමහරුන්ට සිරාවටම ඒහෙම වෙනවා.😂ආයේ එයා එක්ක ඉන්නකොට වෙලාව යනව තේරෙන් නෑ...බැක්ග්‍රවුන්ඩ් එකෙන් මල් සින්දු ඇහෙන්න ගන්නවා....මල්පිපෙනව පේනව...සමනළ්ලු පියාඹනව පේනවා...ඔය සේරම මෙන්න මේ නොරෙෆිනෙෆ්‍රීන් නිසා.

ඉතිං මේ සේරම ශ්‍රාවය වෙන්නෙ ජීවීන් දෙදෙනෙක් ආදරෙන් බන්දවල ප්‍රජනන කාර්‍ය සාර්තකව සිද්ද කරවන්න කියල....අපේ ජාන වලින් ශරීරයට දෙන නියෝග අනුව. ඔව්ව නැති උනානං හිතන්න ආදරේ කොච්චර කැත,එපාවෙන එකක් වෙන්න තිබ්බද කියල😬

ඒ උනාට ඉන් එහා දීර්ඝකාලීන ආදරයක් ඇති වෙන්නෙ අපේ MHC(Major Histocompatibility Compelx), ජාන වලට ආදලව නියමිත ආකාරයෙන් ගැළපෙන අය හමු උනොත් කියල විද්‍යාඥයෝ කියනව, ඉතිං අපි ප්‍රාර්ථනා කරමු හැමොටම එහෙම MHC එක ගැළපෙන අය හමුවේලා මේ රසායනික ගැළපෙන විදිහට ශ්‍රාවය වෙලා හැමෝටම ඒ  හැගීම් විදින් පුළුවන් වෙන්න කියල...

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.