කවුරු හරි ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා කවුද කියලා හිතට එකගව ඔයා ඔයාගෙන්ම අහන්න ඔයා කියනවද මම ශ්‍රි ලාංකිකයෙක් කියලා....🤔🤔🤔🤔🤔නෑ ඒ ප්‍රශ්නෙට මේ රටේ බහුතරයක් දෙනා දෙන පිළිතුර තමා මම සිංහල,මම දෙමළ,මම මුස්ලිම් කියන එක......රටක් විදියට අපට ඉස්සරහට යන්න බැරි වෙන්නත් එක හේතුවක් තමා අපේම මිනිස්සුන්ගේ හිත්වල තියෙන ජාතිවාදය,ආගම්වාදය...මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් මිත්‍රයා....ඕනි කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න අපේ රටේ හැකියාව තියෙනවා...ඒක ඒ මිනිස්සුන්ගේ අයිතියක් මිත්‍රයා....ඉතින් තමුන්ට කැමැති ආගම අදහන එකට අපට විරුද්ධ වෙන්න බෑ...
අනික් දේ තමා එක ආගමක,ජාතියක සුළුතරයක් කරන වැරදි නිසා සමස්තයම හෙළා දකින එක...ඔයාම මතක් කරලා බලන්න මේ රටේ වුණු සමහර සිදුවීම... එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ වැරැද්දක් නිසා සමස්ත ජාතියක්ම ආගමක්ම කොච්චර සැරයක් අපේම මිනිස්සු හෙළා දැකලා ඇතිද.....සිංගප්පූරුවත් ලංකාවක් කරනවා කීව මිනිස්සු අද අපේ රටත් පහු කරලා 100% උපරිම සංවර්ධනයක් අත් කරගෙන..අපි තාමත් දේශපාලනයට බැන බැන සීයට දහ අටයි දශම ගානක සංවර්ධනයක් පෙන්නුම් කරමින් ඉන්න රටක්...හැමදේට ම පාලකයන්ට බනින එක නෙවෙයි රටක් විදියට හැමෝම එක අම්මගේ ළමයි වගේ ඉන්නවනම් මේ රට තව ගොඩක් ලස්සන වෙයි...එදාට මේ රටේ අරගල නැතිවෙයි...ප්‍රශ්න ගැටලු අඩු වෙයි..තේරුම් ගන්න මිත්‍රයා රටක් විදියට ඉස්සරහට යන්නනම් ජාතිවාදය ආගම්වාදය තිබිලා බැහැ...මොකද එක පිම්මේ යන ගමන මගදි නැවතුණාම හති අරින්නම ලොකු කාලයක් යනවා....මම කියන්නෙ නෑ මේ හේතුව ම නිසා රට පහු බහිනවා කියලා...
ඒත් මතක තියාගන්න රටක් කියන්නේ තනිව යන්න ඕනි ගමනක් නෙවේ...හැමෝම එකතු වෙලා යන්න ඕනි ගමනක්....ඉතින් මොකටද ජාතිවාදය මොකටද ආගම්වාදය....අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ වුණුකොට....☸️🕉✝️☪️
සටහන✍️ නෙත්මි නවංජනා