මාතරට "මක්ක" වෙලාද? - දකුණේ කටවහරේ අතීතය සහ වර්තමානය

image_title_here
මාතරට "මක්ක" වෙලාද? - දකුණේ කටවහරේ අතීතය සහ වර්තමානය

 "ශ්‍රී ලංකාව පුංචි රටක් වුණාට, හැතැප්මෙන් හැතැප්මට අපේ භාෂාව වෙනස් වෙනවා. ඒ අතරින් "මාතර භාෂාව" කියන්නේ කාටත් එක පාරටම කනට අහුවෙන, කාටත් ලේසියෙන් අමතක නොවෙන අපූරු කටවහරක්.

කෙල්ලෙක්ට "ගැටිස්සි" කියලත්, කොල්ලෙක්ට "අහවලා" කියලත්, විස්තරයක් අහන්න "විගහට කියාපිය" කියලත් අණ කරන මේ භාෂාව හරිම පණ ඇති භාෂාවක්. සමහර වෙලාවට කොළඹ ඉඳන් එන කෙනෙක්ට මේක වෙනම භාෂාවක් වගේ දැනෙන්නත් පුළුවන්.

මේ ලිපියෙන් අපි කතා කරන්නේ මාතරටම විශේෂ වුණු, දකුණේ අනන්‍යතාවය පෙන්නන ඒ රසවත් වචන සහ යෙදුම් ගැනයි. ඉන් පසු අවධානය යොමු කරමු ගාල්ලේ ලාලිත්‍යය, මාතර ගැම්ම සහ හම්බන්තොට රළු බව: ඒ කියන්‌නේ දකුණේ හඬ වෙනස් වන හැටි.  

කියවිමේ පහසුව තකා පොඩි කතාවක් විදියට ඉදිරිපත් කරන්නම්. (මෙය සත්‍ය කතාවක දෙබස් හෝ සිද්ධියක් පදනම් කරගෙන නිර්මාණය නොවුවකි. මගේ ප්‍රබන්ධයක් පමණයි.)

ආරම්භය:

කොළඹ ඉඳන් ආපු "පොෂ්" නංගිලා සෙට් එකක් (ෂෙනාලි සහ ටනාෂා) මාතර ගමක ගඟකින් නානවා. ඒ පැත්තේ යන ගමේ කොල්ලෙක් (සුමනේ) මේක දැකලා කතාවට සෙට් වෙනවා.

(ෂෙනාලි සහ ටනාෂා සන් ක්‍රීම් ගාමින් ගඟේ වතුරට බහින ගමන්)

ෂෙනාලි: "අනේ ටනාෂා, මේ වතුර නම් So cool නේද? හැබැයි මේ ගල් ලිස්සනවා අප්පා."

ටනාෂා: "ඔව් අනේ, Careful වෙන්න. මගේ Nail art එක ඩැමේජ් වෙයිද මන්ද මේ වතුරට."

(මේ වෙලාවේ මාතර "සුමනේ" උදැල්ලකුත් කරේ තියාගෙන එතනින් යයි. මේක දැකලා එතනම නතර වෙයි.)

සුමනේ: "බොලවු... මක්කැයි ඔයැයිලා ඔය කොරන්න හදන්නේ? ඔය හත් ඉලව්වට බැහැලයි ඉන්නේ... වතුර ගැඹුරුයි, ගිලුණොත් එහෙම ආයේ ගොඩ ඒමක් නෑ ඕං."

ෂෙනාලි: (බියෙන් සහ පුදුමයෙන්) "Excuse me? මොකක්ද ඔයා කිව්වේ? හත් ඉලව්ව?"

සුමනේ: "නෑ නෑ.. මං කිව්වේ ඔයැයිලා ඔය බැහැලා ඉන්න තැන වළ ගැඹුරුයි කියලා. අනික ඔය සබන් ගාන්න එපා නෝනේ... මේ දවස්වල අර ලොකු කිඹුලත් ඔය හරියේ කටු අන අන හිටියා."

ටනාෂා: (කෑගසයි) "Omg! ෂෙනාලි, Crocodile? අනේ අපි යමු ඉක්මනට."

සුමනේ: "හා.. හා.. කලබල නොවී හිටා! ඔයැයිලා ඔය කෑගහන සද්දෙට ඌ බයේ දුවලයි ඇත්තේ. ඌ හරි අහිංසක සතා. පහුගිය දාක අපේ එළදෙනව ගිලලා සතියක් විතර බඩේ අමාරුවෙන් හිටියේ."

ෂෙනාලි: (තරහින්) "What nonsense! එළදෙනෙක් කාලා බඩේ අමාරුව හැදුන කිඹුලෙක් ඉන්නවද? මේ මනුස්සයා අපිව බය කරනවා."

සුමනේ: "බය කරනවා නෙවෙයි නෝනේ.. ඔයැයිලා ඔය ඔළුවෙ ඉඳන් වක්කරගන්න ෂැම්පු ගඳට ඌ ආයෙත් එන්න බැරි නෑ. අනික ඔතන ලිස්සනවා. වැටිලා දතක් එහෙම ගැලවුණොත් ආයේ ඉතින් කොළඹ ගිහින් ෆොටෝ ගද්දි 'චීස්'  කියලා හිනා වෙන්න නෙවෙයි වෙන්නේ, 'හිච්චී' කියලා තමයි හිනා වෙන්න වෙන්නේ."

ටනාෂා: "අනේ මට බෑ.. යමු යමු ෂෙනාලි. මේ මෑන් අපිව බයිට් කරනවා."

(කෙල්ලෝ දෙන්නා ගොඩට දුවයි)

සුමනේ: (තනියම හිනා වෙමින්) "බලහල්ලකෝ ඉතින් මුන්ගේ වැඩ... ගමේ ලිඳේ වතුර ටිකයි, ගඟේ වතුර ටිකයි අවුස්සලා දාන්නමයි එන්නේ. හීන් සැරේ ගෙදර යන්න ඕන... අම්මා බත් බෙදලයි ඇත්තේ දැන්."

මෙහි යොදාගත් මාතර වචන සහ යෙදුම්:

  • මක්කැයි: මොකක්ද/මොකද

  • හිටා: ඉන්න (හා.. හා.. කලබල නොවී හිටා)

  • බැහැලයි ඉන්නේ: බැහැලා ඉන්නේ (අවධාරණය කිරීමට 'යි' යන්න එකතු කිරීම)

  • බොලවු: යම්කිසි පුදුමයකදී හෝ අවධානය ගැනීමට භාවිතා කරන වචනයක්.

  • කටු අන අන: (දත් මැද මැද / කටු කමින්)

  • හිච්චී: පොඩි/පුංචි (මෙහිදී අදහස් කළේ දත් නැතුව හිනා වෙද්දි කට පොඩි වෙන බවයි).

  • හීන් සැරේ: හෙමින් / පාඩුවේ.

  • ඔයැයි: මේක හරිම ලස්සන වචනයක්. "ඔයා" කියනවට වඩා "ඔයැයි" කියද්දි ගෞරවයක් වගේම ලෙන්ගතුකමක් තියෙනවා


ෂෙනාලි සහ ටනාෂා ගඟෙන් නාගෙන, වෙවුල වෙවුල පාර දිගේ එනවා. අපේ මාතර "සිරිබරිස්" මාමා (අවුරුදු 55ක විතර ගැරඬි මෝස්තරේ කෙනෙක්) හොඳටම මඩ නාගෙන, අමුඩ ලේන්සුවත් ගහගෙන කුඹුර කොටනවා. කෙල්ලො දෙන්නා මේක දැකලා ෂොක් වෙලා වගේ බලන් ඉන්නවා.

ෂෙනාලි: (ඇස් දෙක ලොකු කරගෙන) "Oh my god! ටනාෂා... Look at that! අර මනුස්සයා ඇඳගෙන ඉන්න ඒක මොකක්ද අනේ? ඒක නිකන් අර අපි බීච් පාටි එකට අඳින G-String එකක් වගේ නේද?"

සිරිබරිස්: (නහය උඩට කර වටපිට බලයි) "ගඳ? මක්කැයි බොලවු ගඳ? මේ මම දාඩිය පෙරාගෙන කුඹුර කොටන කොට තොපිට මගේ ගඳ ආවද? ඕ මයි ගඳ? තොපි අර ජාඩි දාපු මාළු ගඳ ගහන ක්‍රීම් ගාගෙන ඇවිත් මට කියනවා ගඳයි කියලා. පල යන්න යන්න."

ටනාෂා: (අමුඩේ පෙන්නමින්) "No.. No.. Uncle... Underwear! (අන්ඩර් වෙයාර්) Your underwear is out!"

සිරිබරිස්: (කලබල වී වටපිට බලයි) "අඬ බෙර? යකෝ මෙතන තොවිලයක් නටනවද අඬ බෙර ගහන්න? මේක කුඹුර නෝනේ... මෙතන බෙර ගගහ නටන්න මට පිස්සු කියල හිතුවද? මේ දාඩිය දාගෙන වැඩ කොරනවා පේන්නේ නැද්ද?"

ෂෙනාලි: "Aiyo... Not drums! I said very bad! (වෙරි බැඩ්). So rude! (සෝ රූඩ්)"

සිරිබරිස්: (උදැල්ල බිම ගසා තරහෙන්) "මොකක්? වෙරි වැටිලා? සූරූට් ටිකක්? බොලවු, මම මේ කසිප්පු උගුරක්වත් බීලා නෑ. මම මේ වෙල කොටනවා මිසක් සූරූට් බොන්න ආවා නෙවෙයි. තොපේ තාත්තලා වෙන්න ඇති වෙරි වැටිලා සූරූට් බොන්නේ."

ටනාෂා: "What nonsense! ෂෙනාලි, මේ මනුස්සයා මාර Danger ඈ."

සිරිබරිස්: (බියෙන් පස්සට පනී) "ඩේන් ගාන්න? (ලේන් ගාන්න). හා... හා... මට තේරුණා. තොපි දෙන්නට ඕන වෙලා තියෙන්නේ ලේන් ගාන්න නේද? අර කුඹුර අයිනේ පොල් ගහේ ලේන්නු ජෝඩුවක් හිටියා. උන්ව ගාන්නද ඕන? මේ කෙල්ලොන්ට ගිය කලක්. මස් කන්නමයි දඟලන්නේ."

ෂෙනාලි: "Chee... Disgusting! යමු ටනාෂා යමු."

සිරිබරිස්: (උදැල්ල අමෝරා ගනී) "ඩිස් ගස්සන්න? යකෝ මම තොපිට ඩිස් ගස්සන්න මම ලයිට් කණුවක්ද? තොපි මට කරන්ට් එක අල්ලන්නද හදන්නේ? පල යන්න යන්න! මගේ කට අවුස්සගන්නෙ නැතුව."

ටනාෂා: "Please calm down! (ප්ලීස් කාම් ඩවුන්). We are going!"

සිරිබරිස්: (බඩ අල්ලගෙන හිනාවෙයි) "කාන්ඩම්? (Condom - උපත් පාලන කොපු). හත් ඉලව්වයි! තොපි දෙන්නට පිස්සුද හදිස්සියේ මගෙන් කාන්ඩම් ඉල්ලන්නේ? මේ කුඹුර අස්සේ මම ඕවා සාක්කුවේ දාගෙන එනවද? යකෝ මුන් වගේ වනචර කෙල්ලෝ ටිකක්! ගමේ කොල්ලෙක්ටවත් ඉන්න දෙන පාටක් නෑ මුන්."

ෂෙනාලි: "You look like a Joker! (ජෝකර්)"

සිරිබරිස්: "මොකක්? ජෝකා? ඔව් ඉතින්... අමුඩේ ගැහුවම ජෝකා අඳින්න ඕන නෑ තමයි බොලවු. තොපිට මගේ රෙද්ද අස්සේ තියෙන ඒවමයි ඕන. තොපි හිතුවද මම ජෝකෙක් ඇඳන් කුඹුරු කොටනවා කියලා? පල යන්න යන්න! 

(කෙල්ලො දෙන්නා යන්න පිටත් වෙයි‍.)

සිරිබරිස්: "යන්න කලින් අහගෙන යන්නකෝ... ඔයැයිලා අර ඩෙනිම් කලිසම තැනින් තැන ඉරාගෙන, හිල් කරගෙන, දණහිස් පේන්න අඳින්නේ 'ෆැෂන්' (Fashion) එකටනේ? ඉතින් අපි මේක ඇන්දම මොකෝ? අනික නෝනේ, මේක ගහගන්නත් ලොකු ටැලන්ට් එකක් තියෙන්න ඕන ඕං... නිකන් නූල් පොටක් එහෙ මෙහෙ වුණොත් මුළු කුඹුරම ඉවරයි!"

ෂෙනාලි: (ලැජ්ජාවෙන් රතු වී) "අයියෝ... So disgusting! යමු යමු ටනාෂා."

(කෙල්ලො දෙන්නා යන්න හදද්දිම සිරිබරිස් මාමා ආයෙත් කතා කරයි)

සිරිබරිස්: "පොඩ්ඩක් හිටා! ඔයැයිලා ඔය යන විදියට යන්න එපා නෝනේ."

ටනාෂා: "ඇයි? what happened?"

සිරිබරිස්: "නෑ... ඔයැයිලා ඔය නාගෙන එන විදියට මේ මඩ ගොඩ අස්සෙන් යද්දී, ලිස්සලා වැටුණොත් එහෙම... ඔයැයිලා ඇඳන් ඉන්න ඒවත් මඩ වෙලා, අන්තිමට ගෙදර යන්න වෙන්නේ මගෙන් මේ අමුඩ ලේන්සුව ඉල්ලගෙන තමයි ඕං! පරිස්සමෙන් පල යන්න."

ෂෙනාලි: "ඊයා... ඔයාගේ ලේන්සුව අපි අඳින්නේ නෑ."

සිරිබරිස්: (හයියෙන් හිනා වෙමින් උදැල්ල ගසයි) "හහ් හහ් හා... එහෙනම් කමක් නෑ... හීන් සැරේ ගිහින් හිටා! මට මේ වෙල කපාගන්න තියෙනවා. නිකන් කට කැඩිච්ච කතා නොකිය පල යන්න බොලවු යන්න!"

(කෙල්ලො දෙන්නා බය වී දුවයි)

සිරිබරිස්: (තනියම දොඩවයි) "බලහල්ලකෝ මුන්ගේ වැඩ. එකී මගෙන් අහනවා අඬ බෙර තියෙනවද කියලා... අනිකී මට කියනවා ලේන් ගාන්නලු... අන්තිමට මගෙන් කාන්ඩම් ඉල්ලනවා. මුන්ට හෙණ ගහලයි තියෙන්නේ! කාලෙකට හරියන වැස්සක් නෑ... ඒ වුණාට කෙල්ලොන්ගේ ගින්දර නම් තියෙනවා හෝ ගාලා!"

ෂෙනාලි සහ ටනාෂා බඩගින්නේ වෙව්ල වෙව්ල ගමේ තේ කඩයකට ගොඩ වෙනවා. කඩේ මුදලාලි (ගුණසේන මුදලාලි) බැනියම අත් යටට කරකවලා ගහගෙන, සරම කැහැපොට ගහගෙන පාන් කප කප ඉන්නවා.


(කෙල්ලො දෙන්නා කඩේ ඇතුලට එන්නේ නහය වහගෙන)

ෂෙනාලි: "Eww... So dusty here! (මාර දූවිලිනේ). ටනාෂා, අපිට කන්න මොනවා හරි තියෙනවද බලමු."

ටනාෂා: (මුදලාලි ළඟට ගොස්) "Excuse me Uncle! Do you have Submarines? (සබ්මැරීන් තියෙනවද?)"

ගුණසේන මුදලාලි: (පාන් කපන පිහිය අතේ තියාගෙනම රවා බලයි) "මක්ක? සබ මරින්න? යකෝ මේ කඩේ මිනියක් මැරුණේ නෑ බොලවු සබ මරින්න. මේක මිනී පෙට්ටි සාප්පුවක් නෙවෙයි. මේක තේ කඩයක්! මක්කැයි ඔයැයිලා මේ උදේ පාන්දර මළ ගෙවල් මතක් කොරන්නේ?"

ෂෙනාලි: "No No... Not dead body! Food! Okay, give me a Hot Dog! (හොට් ඩෝග් එකක් දෙන්න)"

ගුණසේන මුදලාලි: (පිහිය මේසෙට ගසා කෑගසයි) "හත් ඉලව්වයි! තොපි කුදැල්ලෝ වගේ හිටියට කන්නේ බල්ලොද? 'හොට් ඩෝග්' ඉල්ලන්නේ? යකෝ අපි බල්ලෝ මරන් කන්නේ නෑ. තොපි කොරියාවෙන් පැන්නද? බල්ලෝ නෑ... ඕන නම් මේ තියෙන්නේ පණ පිටින් ඉන්න කිඹුල්ලු... කාපල්ලා!"

(මුදලාලි වීදුරු පෙට්ටියේ තිබූ සීනි තැවරුණු කිඹුලා බනිස් දෙකක් එළියට දමයි)

ටනාෂා: "OMG! Crocodiles?. ඊයා... මට බෑ. මේකේ උඩ Sugar විතරයිනේ."

ෂෙනාලි: "Uncle, do you have Pasta? (පාස්තා තියෙනවද?)"

ගුණසේන මුදලාලි: "පා පාන්න? (පාගන්න). යකෝ මම මේ පාන් කපනවා මිසක් පිටි ගුලි පාග පාග ඉන්නේ නෑ. පිරිසිදුවට වැඩේ කොරනවා. තොපිට ඕන නම් කාපල්ලා මේ 'හලප'!"

(මුදලාලි හලප දෙකක් දමයි)

ටනාෂා: (කැන්ද කොළේ දැකලා) "What is this? (මේ මොකක්ද?). It’s wrapped in a leaf! (කොළයක ඔතලා). අංකල්, අපි එළුවොද කොළ කන්න? අපිට Burger (බර්ගර්) එකක් නැද්ද?"

ගුණසේන මුදලාලි: "බාග? (භාගයක්). යකෝ ගෙඩි පිටින් හලපයක් දුන්නම තොපි බාගයක් ඉල්ලනවා? තොපේ කටවල් පොඩි හින්දා වෙන්න ඇති. මේක අස්සේ තියෙන කුරක්කන් ගුලිය කාපල්ලා යකෝ. මේවට කියන්නේ 'හලප' කියලා. තොපේ අර 'පාන් පිටි ගුලි' (Burgers) වගේ නෙවෙයි. කෑවොත් බඩේ අමාරු හැදෙන්නෙත් නෑ. කාපල්ලා!"

(ෂෙනාලි බඩ අල්ලගෙන)

ෂෙනාලි: "Okay Okay... We will eat. (අපි කන්නම්). But Uncle, where is the Washroom? (වොෂ් රූම් එක කොහෙද?)"

ගුණසේන මුදලාලි: (ඇස් ලොකු කරගෙන) "වහ රූම්? (වහ බොන කාමරේ). දෙයියෝ සාක්කි! තොපි දෙන්නා මේ බල්ලොයි, කිඹුල්ලුයි ඉල්ලුවේ අන්තිමට වහ බීලා මැරෙන්නද? අනේ නෝනේ... මේ කඩේ වහ විකුණන්නේ නෑ. අර ඉස්සරහ හාඩ්වෙයාර් එකට පල යන්න වහ බොන්න ඕන නම්. මාව පොලිසියේ රස්තියාදු නොකර."

ටනාෂා: "Aiyo... Not poison! (වහ නෙවෙයි). Bathroom! Restroom!"

ගුණසේන මුදලාලි: "බාත් රූම්? (බත් උයන කාමරේ). යකෝ මේක බේකරියක්. මෙතන බත් උයන්නේ නෑ. රෙස් රූම්? (Race Room). තොපි මොකද දුවන්නද හදන්නේ රේස් යන්න? මේ කඩේ ඇතුලේ දුවන්න ඉඩ නෑ හිටා."

ෂෙනාලි: (බැරිම තැන) "Toilet! Toilet! (ටොයිලට්)"

ගුණසේන මුදලාලි: "ආ... ඒක මිසක්. ටොයිලට් කිව්වා නම් ඉවරනේ. ඉංග්‍රීසියෙන් ලොකුවට 'වහ රූම්' ඉල්ලන්නේ නැතුව. ටොයිලට් නම් නෑ නෝනේ."

ටනාෂා: "What? No toilet? (ටොයිලට් නෑ?). Then where do you go? (එතකොට ඔයා යන්නේ කොහෙටද?)"

ගුණසේන මුදලාලි: (පස්ස පැත්තේ කැලෑව පෙන්නමින්) "අන්න අර පේන 'ලන්දට' ගිහින් හිටා! හැබැයි පරිස්සමෙන්... ඊයේ රෑ අපේ වැඩ කරන එකා එළියට බැස්සම ගැරඬියෙක් ඇවිත් එතනටම කොටන්න හැදුවා. තොපි දෙන්නා පරිස්සමෙන් මූණ අර පැත්තට හරවලා වාඩි වෙයල්ලා. නැත්නම් ගැරඬියා හිතයි සුදු හාවෝ දෙන්නෙක් ඇවිත් කියලා."

ෂෙනාලි: (කෑගසමින්) "Snake? (නයෙක්?). I can't do this! යමු ටනාෂා... අපි හෝල්ඩ් කරගෙන ඉමු (Let's hold it)."

ගුණසේන මුදලාලි: "හෝල් කොරන්න? (හිල් කරන්න). මොකක්ද හිල් කරගන්න ඉන්නේ? පිස්සුද බොලවු තොපිට? කාලා බීලා යනවද නැද්ද? නැත්නම් මම අරිනවා බල්ලොන්ව ලිහලා!"

ටනාෂා: (බියෙන් වෙව්ලමින් හලපයක් කටේ ඔබා ගනී) "Okay Uncle! We are eating! Mmm... Yummy!"

ගුණසේන මුදලාලි: (උඩ බලාගෙන) "බලහල්ලකෝ... මගෙන් බාග ඉල්ලුවා... වහ ඉල්ලුවා... බත් ඉල්ලුවා... අන්තිමට කුරක්කන් හලපේ ගිලිනවා තොරමල්ලි වගේ. මේ කොළඹ එවුන් නම් හදන්න බෑ ඕං!"


මෙහි යොදාගත් මාතර/දකුණේ කෑම සහ වචන:

  • කිඹුලා බනිස්: දකුණේ ප්‍රසිද්ධ බනිස් වර්ගයක් (සීනි තැවරුණු).

  • හලප: කුරක්කන් පිටි, පැණි සහ පොල් මිශ්‍ර කර කැන්ද කොළේ ඔතා තම්බන දේශීය කෑමක්.

  • මක්ක: මොකක්ද.

  • හත් ඉලව්වයි: පුදුමය හෝ කේන්තිය පළ කරන වචනයක්.

  • ලන්ද: කැලෑ රොද / පඳුරු සහිත ප්‍රදේශය.

  • හිටා: වාක්‍ය අවසානයට යොදන පදයක් (වාඩි වෙලා හිටා / ගිහින් හිටා).

  • තොරමල්ලි වගේ ගිලිනවා: පෙරේතකමෙන් කනවා (මාතර යෙදුමක්).


දැන් වෙලාව හවස 6ට විතර ඇති. ලාවට කළුවර වැටීගෙන එනවා. ෂෙනාලි සහ ටනාෂා ඉන්නේ හොඳටම මහන්සි වෙලා. මෙයාලා පාර අයිනේ තියෙන ගෙදරක ඉන්න වයසක කාන්තාවක් (මැගිලින් නැන්දා) ළඟට යනවා. මැගිලින් නැන්දා කට පුරා බුලත් විටක් හපාගෙන, ඉණේ අත් දෙක ගහගෙන, "මේ මොන අපබ්‍රංශයක්ද මේ එන්නේ" කියන බැල්මෙන් බලන් ඉන්නවා.

(ෂෙනාලි හති දාගෙන මැගිලින් නැන්දා ළඟට යයි)

ෂෙනාලි: "Good Evening Aunty! අනේ අපි මේ accommodation එකක් හොයනවා."

මැගිලින් නැන්දා: (බුලත් කෙළ පාරක් මිදුලට ගසයි) "චිහ්! මක්ක? ඇකම? යකෝ ඇකේ තියාගන්න තොපි මගේ පොඩි එවුන්ද? මේ හැමෝම එන්නේ මගේ ඇකේ ඉන්නනේ. පල යන්න යන්න! මගේ ඇකේ ඉඩ නෑ. අර ඉස්සරහ ගෙදර බල්ලෙක් ඉන්නවා ඌ ළඟට ගිහින් ඇකේ ඉඳපිය."

ටනාෂා: "No Aunty! Not that! We need a place to Sleep! (අපිට නිදාගන්න තැනක් ඕන)."

මැගිලින් නැන්දා: (ඇස් හීන් කර බලයි) "සිලිප්? (සෙරෙප්පු?). තොපි දෙන්නා මේ මහ රෑ සෙරෙප්පු හොය හොය යනවද? ඇයි පයේ දාගෙන ඉන්න දෙක මදි දො? අනේ මන්ද මේ කොළඹ එවුන්ගේ මෝස්තර. රෑට නිදාගන්නේ සෙරෙප්පු ඔළුව උඩ තියාගෙනද මන්දා."

ෂෙනාලි: "Aiyo... Not Slippers! Night stay! We want to spend the night here."

මැගිලින් නැන්දා: "නයි? (නයා). හත් ඉලව්වයි! මේ හැන්දෑ ජාමේ නයි අල්ලන්න? තොපි දෙන්නා අර නයි නටවන අහිකුන්ටක මිනිස්සුන්ගේ දරුවො දො? අනේ මේ කෙල්ලේ... මේ වත්තේ නයි නෑ. අර කඩේ මුදලාලි කිව්ව ගැරඬියා විතරයි ඉන්නේ. ඌව ඕන නම් අරන් පල යන්න."

ටනාෂා: (කේන්තියෙන්) "නෑ... අපි අහනේ Room! Room!. Do you have rooms?"

මැගිලින් නැන්දා: (කට කොනකින් සිනා සෙයි) "ආ... දැන් තමයි මට තේරුණේ. රූම්? තොපි දෙන්නා මේ 'රූම් අදින' ජාතියේ නේද? කෝ... කෝ... කොල්ලෝ කෝ? හැංගිලා දො ඉන්නේ? ගස් අස්සේ රිංගන්නේ නැතුව එළියට එන්න කියපිය උන්ට."

ෂෙනාලි: "What? Boys? No boys! We are Single!"

මැගිලින් නැන්දා: "සිංහල? මම දන්නවා යකෝ තොපි සිංහල කියලා. සිංහල වුණාට කතා කොරන්නේ නිකන් දෙමළාගේ කඩේට ගිය සුද්දා වගේනේ. මම අහන්නේ කොල්ලෝ ගැන. තොපි දෙන්නා මේ ගෙවල්වලින් පැනලා ඇවිත් මට බණ කියන්න එපා ඕං."

ටනාෂා: "We are tourists! Just travelling."

මැගිලින් නැන්දා: "ටුවර්? (චූව?). යකෝ මුන්ට හැම තිස්සෙම බර හැදෙනවනේ. අර මුදලාලිත් කිව්වා තොපි එතනට ගිහින් 'වහ රූම්' හෙව්වා කියලා. දැන් මෙතනට ඇවිත් චූව ගැන අහනවා. තොපිට දියවැඩියාව දො? මේ ගස් මුලකට ගිහින් ඕක කොරගන්නවා. මගේ ගෙවල් අස්සේ රිංගන්නේ නැතුව."

ෂෙනාලි: (අඬන්න ඔන්න මෙන්න) "ඇයි මේ මිනිසුුුුන්ට කිසි දෙයක් තේරෙන්නේ නැත්තේ? Aunty, can we stay in your house? We will pay! (සල්ලි දෙන්නම්)."

මැගිලින් නැන්දා: "පේ? (පේර). මේ මහ රෑ පේර කන්න? තොපිට බඩේ අමාරුව හැදෙයි බොලවු. ඔය ගහේ පේර ගෙඩි දෙක තුනක් ඇති. කඩාගෙන කාලා, අර පිල උඩින් හාන්සි වෙලා හිටා! හැබැයි එක කොන්දේසියක් තියෙනවා ඕං!"

ටනාෂා: "What condition?"

මැගිලින් නැන්දා: "කොන්ඩම්? ආයේ පටන් ගත්තද? යකෝ මේක මහ වනචර ජාතියක්නේ. මම කිව්වේ කොන්දේසියක්! රෑට මම එළි වෙනකම් ඇහැරගෙන ඉන්නේ. තොපි දෙන්නා මගේ ගෙදර ඉන්නවා නම්, මට ඔය කොළඹ විස්තර ඔක්කොම කියන්න ඕන."

ෂෙනාලි: "Gossip? (ඕපාදූප?). You want gossip?"

මැගිලින් නැන්දා: "ගොසිප්? (ගොස් සිප් - ගිහින් සිපගන්න?). කාටද යකෝ ගිහින් සිපගන්න කියන්නේ? මම මේ මනුස්සයා නැති වෙලා අවුරුදු දහයක් තනියම ඉන්න ගෑණි. තොපි මට එනවද සිපගැනිලි උගන්නන්න? කට වහගෙන වරෙල්ලා ගේ ඇතුලට!"

(මැගිලින් නැන්දා ගේ ඇතුලට එක්කන් යයි. මේසය උඩ වළං කිහිපයක් තියෙයි)

මැගිලින් නැන්දා: "තොපි බඩගින්නෙ දො ඉන්නේ? අද මම හැදුවා මාළු ඇඹුල් තියල් එක්ක කොස් මැල්ලුමක්. කාලා බලපල්ලා. තොපේ ඔය 'හොට් ඩෝග්' බලු මස් වගේ නෙවෙයි. මේවා මාතර රහට හදපු කෑම."

ටනාෂා: "Ambul Thiyal? (ඇඹුල් තියල්). Is it sour? (ඇඹුල් ද?)."

මැගිලින් නැන්දා: "සවර්? (ෂවර්/නානවා). යකෝ මාළු එකෙන් නාන්න? තොපි නම් මහ පෙරේත ජාතියක්. කෑම එක දැක්කම ඒකෙන් නාන්න හිතෙනවද? නාන්න ඕන නම් අර ළිඳ තියෙන්නේ. මේක කාලා හිටා!"

ෂෙනාලි: (මාළු කෑල්ලක් කටේ දාගනී) "Wow! This is spicy but so tasty!"

මැගිලින් නැන්දා: "හහ්! දැන්ද රහ වැටුණේ? ඕකට තමයි නෝනේ කියන්නේ 'ගොරකා දාලා හදපු බල මාළු ඇඹුල් තියල්' කියලා. ඕක කෑවම දිව විතරක් නෙවෙයි බොලවු, බඩවැල් ටිකත් පණ එනවා. ඔය සුදු මූණවල් වලට ලේ ටිකක් උනන්නේ මේවා කෑවම තමයි."

ටනාෂා: "Can we get the recipe?"

මැගිලින් නැන්දා: "රෙසිපි? (රෙදි?). රෙදි ඉල්ලන්න එපා යකෝ. තොපි අර අමුඩේ ගහපු මිනිහගෙනුත් රෙදි ඉල්ලුවලු නේද? කාලා බීලා රෙදි නැතුව නිදාගනිල්ලා. මට වද නොදී."

මෙහි යොදාගත් මාතර/දකුණේ සංස්කෘතික කරුණු:

  • ඇකේ: උකුල (Lap).

  • ඇඹුල් තියල්: දකුණටම ආවේණික මාළු පිසින ක්‍රමයක් (ගොරකා සහ ගම්මිරිස් මූලික කරගත්).

  • හාන්සි වෙලා හිටා: නිදාගන්න / දිගා වෙන්න.

  • සිංහල?: "Single" යන වචනය "සිංහල" ලෙස පැටලීම දකුණේ නිතර සිදුවන දෙයක් (විහිළුවට).

  • හත් ඉලව්වයි: පුදුමය ප්‍රකාශ කිරීම.

  • සිපගන්න (Gossip): ඉංග්‍රීසි වචන වැරදියට තේරුම් ගැනීම.

දැන් වෙලාව උදේ 9 පහුවෙලා. ගමේ මිනිස්සු පාන්දර 4ට නැගිටලා වැඩත් ඉවර කරලා. හැබැයි ෂෙනාලි සහ ටනාෂා තාම මැගිලින් නැන්දාගේ පරණ ඇඳේ ගුලි වෙලා නිදි. මැගිලින් නැන්දා මිදුල අතුගාලා, බත් උයලා, දැන් ඉණේ අතක් ගහගෙන කාමරේ දොරකඩට වෙලා බලන් ඉන්නවා.


(මැගිලින් නැන්දා ඉවසල ඉවසල බැරිම තැන කෑගසයි)

මැගිලින් නැන්දා: "බොලවු! නැගිටපිය! ඉර මුදුන් වෙලා, කුකුළොත් බිත්තර දාලා, ඒවගෙන් පැටවු ඇවිත්, උන් ලොකු වෙලා දැන් උන්ගේ දරුවොත් අඬලන වෙලාව. තොපි තාම නිදි දො?"

(ෂෙනාලි ඇස් පොඩි කරමින්, කොණ්ඩේ අවුල් කරගෙන නැගිටියි)

ෂෙනාලි: "Mmm... Good Morning Aunty! ඇයි මේ කෑගහන්නේ? What is the time? (වෙලාව කීයද?)"

මැගිලින් නැන්දා: "ගුඩ් මෝල? (මෝල?). උදේ පාන්දර මෝලට යන්න? හාල් කොටාගන්න දො ඕන? යකෝ වෙලාව බලහන්... ඉර ගහලා තියෙන්නේ ඔළුව මුදුනටම. ගමේ ගෑණු ලිඳට ගිහින් නාලා, රෙදි හෝදලා, උයලා ඉවරයි. තොපි දෙන්නා තාම ඇඳේ පෙරළෙනවා නිකන් 'පිඹුරෝ' වගේ."

ටනාෂා: (නැගිටිමින්) "Aiyo Aunty... We are tired! (අපිට මහන්සියි). Can we have Bed Tea? (ඇඳට තේ එකක් දෙනවද?)"

මැගිලින් නැන්දා: "බෙට් ටී? (බෙටි?). උදේ පාන්දර බෙටි දාන්න තේ බොන්න? ඊයා ළමයෝ... මූණ කට හෝදගෙන වරෙල්ලා කුස්සියට තේ බොන්න. ඇඳ උඩ තියාගෙන බොන්න දෙන්නේ නෑ මම නම්. කුහුඹුවෝ වහනවා."

ෂෙනාලි: "Okay... Do you have Toothpaste? (ටූත් පේස්ට් තියෙනවද?). We forgot ours."

මැගිලින් නැන්දා: "ටූ පේස්? (මූණු දෙකක්?). තොපිට කොහොමත් මූණු දෙකක්නේ තියෙන්නේ. මේකේ ගාන්න ක්‍රීම් නෑ. අර අඟුරු කෑල්ලක් අරන් මැදගනිල්ලා. නැත්නම් අර අඹ ගහේ අත්තක් කඩලා දෙන්න දො?"

ටනාෂා: "Charcoal? (අඟුරු?). No way! මගේ දත් ටික කළු වෙයි. කමක් නෑ I will use my finger. (මම ඇඟිල්ලෙන් මැදගන්නම්)."

(දෙන්නා මූණ හෝදගෙන කුස්සියට එයි. මේසය උඩ දුම් දමන රොටි සහ රතු පාටට දිලිසෙන ලුණු මිරිසක් තියෙනවා)

ෂෙනාලි: "Aunty, what is this breakfast? It looks hard! (මේක හයිය පාටයිනේ)."

මැගිලින් නැන්දා: "මේකට කියන්නේ 'පොල් රොටි' කියලා බොලවු. මේක කාලා වතුර එකක් බිව්වම දවල් වෙනකම් බඩගිනි එන්නේ නෑ. නිකන් ගල වගේ බඩේ තියෙනවා."

ටනාෂා: "Okay, let's try. (කාලා බලමු)."

(ටනාෂා රොටි කෑල්ලක් ලුණු මිරිසෙ ඔබා කටේ දාගනී. ඊළඟ තත්පරයේ ඇය රතු වී කෑගසයි)

ටනාෂා: "Ahhh! Hot! Hot! So Hot! (සැරයි! රස්නෙයි!). Water! Water!"

මැගිලින් නැන්දා: (කලබල වී) "හොට්? (හොට?). තොට කොහෙද යකෝ හොටක් තියෙන්නේ? මේක කෑවම හොට පෑදෙනවා තමයි. වතුර බොන්න එපා යකෝ... සැර වැඩි වෙනවා. මේ හකුරු කෑල්ලක් කාපන්!"

(මැගිලින් නැන්දා කළු පාට ගලක් වගේ දෙයක් දික් කරයි)

ෂෙනාලි: "What is this black stone? (මේ කළු ගල මොකක්ද?)."

මැගිලින් නැන්දා: "ගල? යකෝ මේක 'කිතුල් හකුරු'. තොපි දන්නවද මේකේ වටිනාකම? මේක කෑවම තමයි කටේ දැවිල්ල යන්නේ. හපලා කාපන්!"

(ෂෙනාලි හකුරු කෑල්ල කටේ දාගෙන හපයි)

ෂෙනාලි: "Wow! Sweet! (පැණිරහයි). Aunty, this is like chocolate!"

මැගිලින් නැන්දා: "චොක්ලට්? මේකට චොක්ලට් කියන්න එපා බොලවු, කිතුල් ගහට කරන අවමානයක්. මේක ඖෂධයක්! හරි... දැන් කාලා ඉවර නම් කියපල්ලා බලන්න තොපි දෙන්නගේ විස්තරේ. කොහේ ඉඳන් දො ආවේ? කොහෙද යන්නේ? අර අමුඩේ ගහපු මිනිහව අඳුරනවද?"

ටනාෂා: (කටේ දැවිල්ල යවාගෙන) "We came from Colombo. Just travelling. අර අමුඩ මෑන්ව අපි දන්නේ නෑ. He is crazy!"

මැගිලින් නැන්දා: "ක්‍රේසි? (කේර). කවුද කේර මාළුවා? සිරිබරිස් අයියා දො? මිනිහා ටිකක් කට සැරයි තමයි, හැබැයි රත්තරන් මනුස්සයා. හැබැයි නෝනේ, ඔයැයිලා මේ ගම්වල ඇවිදිනකොට ඔය ඇඳුම් ඇඳන් යන්න එපා ඕං."

ෂෙනාලි: "Why? (ඇයි?). These are shorts! (මේ කොට කලිසම්නේ)."

මැගිලින් නැන්දා: "ෂෝට්? (ෂෝක්?). ඔව් ඔව් ෂෝක් තමයි. හැබැයි ඔයැයිලාගේ කකුල්වල මදුරුවෝ කාලා පලු දැම්මම තමයි ෂෝක් එක බලන්න තිබ්බේ. අනික මේ ගමේ ඉන්න හරක් කුලප්පු වෙනවා ඔය රතු පාට දැක්කම. ඊට පස්සේ හරක් පස්සෙන් එලවද්දී 'ගුඩ් මෝල' කිය කියා දුවන්න තමයි වෙන්නේ!"

ටනාෂා: "OMG! Cows chasing us? (හරක් එලවනවද?). ෂෙනාලි, අපි යමු ඉක්මනට. This place is dangerous!"

මැගිලින් නැන්දා: "හා හා... යන්න කලින් මේ තේ එක බීලා හිටා! 'රණවරා මල් තම්බලා හදපු තේ එකක්'. මේක බිව්වම ඔයැයිලාගේ ඔය සුදු හම තවත් දිලිසෙයි."

ෂෙනාලි: (තේ එක බී බලයි) "Mmm... Herbal Tea! (හර්බල් ටී). So nice!"

මැගිලින් නැන්දා: "හර්බල්? (හබල්?). ඔව් ඔව් හබල් ගගා බොන්න ඕන නෑ. උගුරට දෙකට බීලා පල යන්න. මට දැන් වැඩ තියෙනවා. අද පන්සලේ පින්කම. මම සිල් ගන්න යන්න ඕන."

ටනාෂා: "Sil? (සිල්?). What is Sil?"

මැගිලින් නැන්දා: (ඔළුවේ අත ගසා ගනී) "දෙයියෝ සාක්කි! මූසලී... සිල් දන්නේ නෑ? පන්සලට ගිහින් සුදු ඇඳගෙන බණ අහන්නේ යකෝ. තොපි දෙන්නත් වරෙල්ලා යන්න මාත් එක්ක. අඩු ගානේ පින් අතේ වැඩක්වත් කරගන්න පුළුවන්. හැබැයි ඔය කොට කලිසම් ගලවලා, මගේ චීත්තයක් ඇඳගෙන යමු. නැත්නම් හාමුදුරුවෝ මාව පන්සලෙන් එලවයි තොපි දෙන්නව දැක්කොත්."

ෂෙනාලි සහ ටනාෂා: (එකිනෙකා දෙස බලා) "Chiththa? (චීත්ත?). No way!"


මෙහි යොදාගත් මාතර/දකුණේ කෑම සහ වචන:

  • ගුඩ් මෝල: Good Morning යන්න වැරදියට ඇසීම (මෝල - Mill).

  • පොල් රොටි: දකුණේ ජනප්‍රිය උදෑසන ආහාරයක්.

  • නයි මිරිස්: ඉතා සැර මිරිස් වර්ගයක් (Kochchi miris).

  • හොට: කුරුල්ලන්ගේ හොට (Hot යන්න පටලවා ගැනීම).

  • කිතුල් හකුරු: දකුණේ ප්‍රසිද්ධ අතුරුපසක්/සීනි ආදේශකයක්.

  • රණවරා තේ: ඖෂධීය පානයක්.

  • හිටා: වාක්‍ය අවසානයට (බීලා හිටා).

  • දො: ප්‍රශ්න කිරීමේදී (නිදි දො? / දෙන්න දො?).

(ෂෙනාලි සහ ටනාෂා, මැගිලින් නැන්දාගේ මල් මල් චීත්ත දෙකක් ඇඳගෙන, අමාරුවෙන් ඇවිදගෙන පන්සල් ගියා. හාමුදුරුවෝ මේ දෙන්නා දිහා බලලා අනුකම්පාවෙන් උපදෙසක් දුන්නා.)

ලොකු හාමුදුරුවෝ: "දුවේ... රූපය කියන්නේ ජල බුබුලක් වගේ දෙයක්. ඒක තාවකාලිකයි. 'සංවරය' තමයි ලස්සනම ආභරණය. තේරුණාද?"

ෂෙනාලි: (ටනාෂාට කොඳුරමින්) "Jala Bubula? (ජල බුබුල?). Is that a Bubble Bath? (හාමුදුරුවෝ කියන්නේ නාන්න කියලද?)"

ටනාෂා: "I think so. 'Sanwaraya' must be a new brand of jewelry. (සංවරය කියන්නේ අලුත් ජුවලරි බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඇති). Yes Hamuduruwane! We love jewelry!"

(හාමුදුරුවෝ හිස ගසා යන්න ගියාට පසු, දෙන්නා මැගිලින් නැන්දාට සල්ලි දෙන්න හැදුවා.)

ෂෙනාලි: "Aunty, thank you for everything. Here is 5000 Rupees for the room and food."

මැගිලින් නැන්දා: (අත ගසා දමමින්) "මේ අහපිය... තොපි හිතුවද මේක හෝටලයක් කියලා? අපි මේ දකුණේ මිනිස්සු බොලවු. අපි ගෙදරට එන මනුස්සයෙක්ට බත් වේලක් දීලා, ඉන්න තැනක් දීලා සල්ලි ගන්නේ නෑ. ඒක අපේ ජාතියේ නෑ. ඒ සල්ලි අරන් ගිහින් අර එලවන හරක්ට පුන්නක්කු අරන් දියල්ලා. දැන් පරිස්සමෙන් පල යන්න!"

ටනාෂා: (පුදුම වී) "Wow... Free service? දකුණේ මිනිස්සු මාර Good Hearted නේද ෂෙනාලි?"

දෙන්නා චීත්ත ටිකක් උඩට උස්සගෙන, හෙමින් හෙමින් ගුණසේන මුදලාලිගේ කඩේ ගාවට එනවා. එතන බංකුවේ වාඩි වෙලා ඉන්නවා ගමේ චණ්ඩි පාට් දාන, කසිප්පු පෙරන "කසිප්පු සෝමෙ " (සෝමපාල). මිනිහා ඉන්නේ "වෙරි මතේ". කටේ බීඩියක්. ඇස් රතු වෙලා.

(කසිප්පු සෝමෙ මේ "චීත්ත ඇඳපු සුදු නෝනලා" දැකලා විසිල් එකක් ගසයි)

සෝමෙ: (බීඩිය විසිකරමින්) "අම්බෝ... මේ දෙව්ලොවෙන් බැස්ස දිව්‍යාංගනාවියෝ කවුද? අද නම් ඉර පෑව්වේ බටහිරෙන් දො මන්දා. නංගිලා... කොහෙද මේ හීන් සැරේ යන්නේ?"

ෂෙනාලි: (ටනාෂාගේ අත තදින් අල්ලගෙන) "Don't look at him Tanasha. Just walk. (එයා දිහා බලන්න එපා. යමු)."

සෝමෙ: (නැගිට පාර හරස් කරයි) "ආ... හා... මොකෝ මේ ගණන් උස්සන්නේ? අපි කළු හින්දා දො? සුදු නෝනලා චීත්ත ඇන්දම නිකන් 'රාජකීය ඉටි පන්දම්' වගේ දිලිසෙනවා ඕං. එන්න එන්න... අපි පොඩ්ඩක් 'සෙට්' වෙමු."

ටනාෂා: (බියෙන්) "Excuse me! Move! (අයින් වෙන්න). We don't want to set! (අපිට සෙට් වෙන්න ඕන නෑ). And why do you smell like Sanitizer? (ඔයාගේ ඇඟෙන් සැනිටයිසර් ගඳක් එනවා)."

සෝමෙ: "සැනිටයිසර්? යකෝ මේක 'ස්පෙෂල් ඩීසල්'. මේ ළඟ ගෙදර පෙරන ඒවා. බොලාලට ඕන නම් කියන්න, මම 'ෂොට්' එකක් දාන්න දෙන්නම්. කටේ ගෑවුණොත් බඩවැලේ යන පාර දැනෙනවා ඕං."

ෂෙනාලි: "Shot? (වෙඩි?). Oh my god! He has a gun? (එයා අපිට වෙඩි තියන්නද හදන්නේ?) Please don't shoot! Take our money!"

සෝමෙ: (හයියෙන් හිනා වෙයි) "ෂූට්? හහ් හහ් හා... නෑ නෑ... මම වෙඩි තියන්නේ නෑ. මම කිව්වේ 'අඩියක්' ගහමු කියලා. වරෙල්ලා යන්න මාත් එක්ක."

(සෝමෙ අයියා ෂෙනාලිගේ අතින් අල්ලන්න හදයි)

ටනාෂා: (කෑගසයි) "Don't touch her! You dirty man!"

සෝමෙ: (මූණ රකුසු කරගෙන) "හුත්... මොකක්ද යකෝ කිව්වේ? ඩර්ටි? මම කුණු ගොඩක්ද? තොපි කොළඹින් ආවා කියලා මාව පාගන්න එපා ඕං. මම මේ ගමේ චණ්ඩියා 'කසිප්පු සෝමෙ'. මම යකෙකුටවත් බය නෑ. තොපි දෙන්නා අද යන්න ඕන මගේ ගෙදර!"

ෂෙනාලි: "Help! Help!"

සෝමෙ: "කෑගහන්න එපා නෝනේ... කවුරුත් එන්නේ නෑ. අද ඔයැයිලා මගේ 'ආලේ' වෙන්න ඕන."

ෂෙනාලි: "Ale? (අල?). Potato? Why does he want us to be potatoes? (ඇයි එයා අපිට අල වෙන්න කියන්නේ?). We are not vegetables!"

සෝමෙ: (කේන්තියෙන්) "අල නෙවෙයි යකෝ... 'ආලේ'! ආදරේ! Love!. වරෙල්ලා යන්න. නැත්නම් මම දෙනවා ඇදගෙන වැටෙන්න කනට එකක්."

(සෝමෙ ටනාෂාගේ චීත්තෙන් අදියි. කෙල්ලො දෙන්නා බය වෙලා අඬන්න පටන් ගනී. මේ වෙලාවේ ඈතින් "ඩොක් ඩොක් ඩොක්" ගාගෙන ලෑන්ඩ් මාස්ටර් එකක් එන සද්දයක් ඇහෙයි.)

ටනාෂා: "Look! A vehicle! Stop! Stop!"

(ඒ එන්නේ අර කලින් දවසේ හම්බ වුණ "සිරිබරිස් මාමා" යි. එයා ලෑන්ඩ් මාස්ටර් එකේ නැගලා, තව ගමේ කොල්ලො දෙන්නෙක් එක්ක එනවා. සිරිබරිස් මාමා මේ කලබලේ දකිනවා.)

සිරිබරිස්: (ලෑන්ඩ් මාස්ටර් එකෙන් බැස උදැල්ලත් අරන් එයි) "මොකෝ යකෝ මේ කලබලේ? ආ... මේ අපේ 'කසිප්පු සෝමෙ' නේද? මොකද බොල තොට මරාලයක් කඩා පාත් වෙලාද මේ අහිංසක ගැටිස්සියොන්ට කරදර කොරන්නේ?"

සෝමෙ: (සිරිබරිස් දැක ටිකක් බය වෙයි, නමුත් ගාණට ගනී) "ආ... සිරිබරිස්. මම මේ නිකන් විහිළුවක් කොළේ. මුන් මට කුණුහරුපෙන් බැන්නා බං ඉංග්‍රීසියෙන්."

සිරිබරිස්: (උදැල්ල සෝමෙගේ මූණට ලං කරයි) "විහිළු? තොගෙ අම්මද බොල මේ මහ පාරේ ගෑණු ළමයින්ට විහිළු කොරන්න කිව්වේ? මේ ළමයි මගේ අඳුරන කට්ටියක් යකෝ. තොට මම කියන්නේ... ආයේ මේ පැත්තේ කැරකුණොත් තොගේ ඔය කසිප්පු පෙරන හැලිය මම දානවා ලිඳට! පල යන්න!"

(සිරිබරිස්ගේ සැරට සහ උදැල්ලට බයේ සෝමෙ අයියා "හරි හරි බං යමන් යමන්" කියාගෙන හීන් සැරේ ලිස්සලා යයි.)

ෂෙනාලි: (සිරිබරිස් ළඟට දුවගෙන විත්) "Thank you Uncle! Thank you so much! You are a Hero! (ඔයා වීරයෙක්)."

සිරිබරිස්: (ලැජ්ජාවෙන් ඔළුව කසයි) "හීරෝ? (ලී රො?). ලී රොත්තක් නෙවෙයි නෝනේ... මම කුඹුරට දාන්න දර රොත්තක් ගෙනාවා. ඒක පස්සේ. හැබැයි ඔයැයිලා බය වෙන්න එපා. මම ඉන්නකම් ඔය එකෙක්ටවත් ළං වෙන්න දෙන්නේ නෑ."

ටනාෂා: "Uncle, can you drop us to Matara town? (අපිව මාතරට ඩ්‍රොප් කරන්න පුළුවන්ද?). We can't walk anymore."

සිරිබරිස්: "ඩ්‍රොප් කොරන්න? (අතාරින්න?). පිස්සුද නෝනේ... මම ඔයැයිලා වගේ ලස්සන ළමයිව අතරමග අතාරින්නේ නෑ. නගිනවා ලෑන්ඩ් මාස්ටර් එකේ ට්‍රේලරේට. මම ගිහින් දාන්නම් බස් ස්ටෑන්ඩ් එකටම. හැබැයි පරිස්සමෙන් වාඩි වෙලා, අර පුවක් මල්ල බදාගෙන හිටා!"

ෂෙනාලි: "Land Master? Is this a convertible car? (මේක විවෘත කාර් එකක්ද?). Wow! Open air!"

සිරිබරිස්: (ට්‍රැක්ටරේ පණ ගන්වයි) "ඔව් ඔව්... මේක තමයි ගමේ 'ප්‍රාඩෝ' එක. හොඳට හුළං වැද වැද යන්න පුළුවන්. නැගපල්ලා!"

(කෙල්ලො දෙන්නා සතුටින් ලෑන්ඩ් මාස්ටර් එකේ ට්‍රේලරේට නගියි. සිරිබරිස් මාමා "චක චක චක" ගාමින් වාහනේ මාතරට පදවයි.)


මෙහි යොදාගත් මාතර/දකුණේ යෙදුම්:

  • ආලේ: ආදරය (පැරණි/සාහිත්‍යමය වචනයක් වුවත් සමහර විට විහිළුවට භාවිතා වේ).

  • රාජකීය ඉටි පන්දම්: සම සුදු නිසා විහිළුවට කියන නමක්.

  • සෙට් වෙමු: බීමට හෝ රස්තියාදුවට එකතු වීම.

  • කසිප්පු සෝමෙ: ගමේ හොරාට කසිප්පු පෙරන නිසා ගමේ අය දාපු නමක්.

  • ගැටිස්සියෝ: තරුණ ගැහැණු ළමයි.

  • මරාලයක්: ලොකු කරදරයක්.

  • හිටා: වාක්‍ය අවසානය (බදාගෙන හිටා).

සිරිබරිස් මාමාගේ ලෑන්ඩ් මාස්ටර් එක "චක චක චක" ගාමින්, දුම දමමින්, ගැස්සි ගැස්සී මාතර බස් ස්ටෑන්ඩ් එක ළඟට ඇවිත් නතර වෙනවා. මිනිස්සු ඔක්කොම බලන් ඉන්නේ මේ ලෑන්ඩ් මාස්ටර් එකේ ට්‍රේලරෙන් බහින "චීත්ත ඇඳපු සුදු නෝනලා" දෙන්නා දිහා.


(ලෑන්ඩ් මාස්ටර් එක නතර වෙයි. ෂෙනාලි සහ ටනාෂා වෙව්ල වෙව්ල බිමට බසී)

ෂෙනාලි: "Oh my god! Uncle... That ride was crazy! (ඒක පිස්සු හැදෙන ගමනක්). My whole body is vibrating! (මගේ මුළු ඇඟම දෙදරනවා). It’s like a Thai Massage!"

සිරිබරිස්: "තායි මසාජ්? (තායිලන්ත සම්බාහනය?). නෑ නෝනේ... මේකට කියන්නේ 'ලෑන්ඩ් මාස්ටර් මසාජ්' එක. ඔය කොන්දේ කැක්කුම්, ඇඟේ පතේ අමාරු ඔක්කොම හරි යනව ඕකේ පැයක් ගියාම. ඇට කටු සේරම නියම තැනට සෙට් වෙනවා."

ටනාෂා: (කොණ්ඩෙ හදාගනිමින්) "Uncle, everyone is looking at us! (හැමෝම අපි දිහා බලනවා). Are we famous?"

සිරිබරිස්: "ෆේමස්? (පේමස්?). ඔව් ඔව්... මේ චීත්ත ඇඳගෙන, ට්‍රැක්ටරේක ආපු සුද්දියෝ දෙන්නෙක් දැක්කම කවුද යකෝ නොබලන්නේ? උන් හිතනවා ඇති මේ අලුත් ටෙලි නාට්‍යයක් ෂූට් කරනවා කියලා."

(දැන් දෙන්නා සමුගන්න ලෑස්ති වෙයි. ෂෙනාලි පර්ස් එක අරන් රුපියල් 2000ක් සිරිබරිස් මාමාට දික් කරයි)

ෂෙනාලි: "Uncle, please take this money. For the fuel and your help."

සිරිබරිස්: (තරහින් අත පස්සට ගනී) "මේ ළමයෝ... මාව යකා අවුස්සන්න එපා ඕං. මම මේක කළේ සල්ලි වලට නෙවෙයි. අපි ගමේ මිනිස්සු බොලවු. කාට හරි කරදරයක් වුණාම පිහිට වෙන එක අපේ යුතුකම. ඔය කොළ දරුවන්ගේ අතේම තියාගෙන බස් එකට ටිකට් ගනිල්ලා. මට එපා!"

ටනාෂා: (සංවේදී වී) "You are so sweet Uncle! (ඔයා හරි හොඳයි). Can we take a Selfie with you?"

සිරිබරිස්: "සෙල්පි? (සෙලවෙන පි?). හා හා... ඔය ෆෝන් එකේ කෑල්ලක් ඔබලා ගමු එහෙනම්. හැබැයි මගේ මූණේ දැලි ඈ... ෆෝන් එකේ ගෑවෙයිද දන්නේ නෑ."

(තුන්දෙනාම ලෑන්ඩ් මාස්ටර් එකට හේත්තු වී සෙල්ෆියක් ගනී. සිරිබරිස් මාමා දත් 32ම පෙන්නා "හී" කියා හිනා වෙයි)

සිරිබරිස්: "හරි නෝනේ... දැන් පරිස්සමෙන් ගිහින් හිටා! ආයේ මේ පැත්තේ එනවා නම් ඔය කොට කලිසම් නැතුව, මේ වගේ ලස්සනට ඇඳගෙන වරෙල්ලා. එතකොට ගමේ කොල්ලොත් කැමති වෙයි."

ෂෙනාලි: "Sure Uncle! We love this fashion now. (අපි මේ චීත්ත ෆැෂන් එකට ආසයි). We will name it 'Chiththa Couture'!"

සිරිබරිස්: "චිත්ත කුටු? (චීත්ත කූඩුව?). මොන කූඩුවක් හරි කමක් නෑ... පරිස්සමෙන් පල යන්න. ආ... තව දෙයක්! ඊළඟ පාර එනකොට තනියම එන්න එපා ඕං."

ටනාෂා: "Why Uncle?"

සිරිබරිස්: "ඇයි අහන්නේ? හොඳ 'මනමාලයෙක්' හොයාගෙන වරෙල්ලා."

ෂෙනාලි: (ඇස් ලොකු කරගෙන) "Mana Malaya? (මන මාලය?). Is that a necklace? (ඒක මාලයක්ද?). Uncle wants us to bring a necklace next time?"

සිරිබරිස්: (ඔළුවේ අත ගසා ගනී) "මාලයෙක් නෙවෙයි යකෝ... මනමාලයෙක්! හස්බන්ඩ් කෙනෙක්! කසාද බැඳලා වරෙල්ලා කියල කිව්වේ. මේ කෙල්ලොන්ට සිංහල තේරෙන්නෙත් නෑ, ඉංග්‍රීසි තේරෙන්නෙත් නෑ. හරි හරි... පල යන්න දැන් බස් එක යයි."

(කෙල්ලො දෙන්නා හිනාවෙලා බස් එකට නගියි. සිරිබරිස් මාමා අත වනයි)

සිරිබරිස්: (කෑගසමින්) "යන්නම් කියන්න එපා බොලවු... 'ගිහින් එන්නම්' කියපල්ලා! බුදු සරණයි! අර මැගිලින් නැන්දා දීපු හලප ටික බඩගිනි වුණාම කාපල්ලා!"

ටනාෂා: (බස් එකේ ජනේලෙන්) "Bye Uncle! We will miss you and your Land Master Massage!"

(බස් එක පිටත් වෙයි. සිරිබරිස් මාමා බිම බලාගෙන තනියම හිනා වෙයි)

සිරිබරිස්: "අනේ මන්දා... කොළඹ කොච්චර ලොකු වුණත් වැඩක් නෑ, මුන්ගේ මොළේ අබ ඇටයක් තරම් නෑ. 'මනමාලයෙක්' කිව්වම මාලයක් ඉල්ලනවා. ඒ වුණාට හිත් හොඳ කෙල්ලෝ දෙන්නා. පව්... ගමේ රහ දැනගෙන යන්න ඇති."


කොළඹ යන බස් එකේදී...

ෂෙනාලි සහ ටනාෂා අර "චීත්ත" දෙක ඇඳගෙනම,  බස් එකේ සීට් එකට හේත්තු වෙලා ඉන්නවා. මුළු බස් එකම මේ දෙන්නා දිහා බලනවා.

ෂෙනාලි: "You know Tanasha... Those people were very different. They didn't take money. They gave food. They helped. Nobody in Colombo does that, right? (ඒ මිනිස්සු හරි වෙනස්. සල්ලි ගත්තෙත් නෑ. කෑම දුන්නා. Help කළා. Colombo වල කවුරුවත් එහෙම කරන්නේ නෑ නේද?)"

ටනාෂා: "Yeah Shenali. And honestly, This cheetah is much more comfortable than denim. It's breathable... not stuffy. Let's go to Colombo and make this a trend.(මේ චීත්ත එක ඩෙනිම් එකට වඩා මාර පහසුයි. හුළං යනවා... හිර වෙන්නේ නෑ. අපි fකොළඹ ගිහින් මේක රැල්ලක්/ජනප්‍රිිය කරමු.)"

ෂෙනාලි: "Good idea! Let's give this a name... 'The Matara Vibes Collection'.(අපි මෙකට නමක් දාමු Matara Vibes Collection කියලා)"

(දෙන්නා හලපයක් කඩන් කන ගමන්, සිරිබරිස් මාමාගේ සෙල්ෆිය දිහා බලාගෙන හිනා වෙලා, ෆේස්බුක් එකට අප්ලෝඩ් කරනවා. කැප්ෂන් එක මෙහෙමයි:)





"අපි කලින් සඳහන් කළ ඒ රසවත් ගැමි වහර අද මාතර නගරයේ ඇසෙනවාද? ඇත්තම උත්තරය නම් 'නැහැ' යන්නයි.

අද ඔබ මාතර බස් නැවතුමට හෝ කඩ වීදියට ගියොත් ඔබට ඇසෙන්නේ ලංකාවේ ඕනෑම නගරයක ඇසෙන සාමාන්‍ය සිංහල භාෂාවමයි. අර පරණ ගැම්ම සහ විශේෂ වචන ටිකෙන් ටික මැකී ගිහින්.

මේ වෙනසට හේතුව කුමක්ද?

  1. තාක්ෂණය සහ සමාජ මාධ්‍ය (Social Media Effect): අද ගමේ කොලුවත්, මාතර ටවුන් එකේ නංගිත් ඉන්නේ TikTok, Instagram සහ Facebook ලෝකයේ. ඔවුන් අනුකරණය කරන්නේ එහි දකින 'ට්‍රෙන්ඩ්' එකයි. එනිසා "මක්කැයි" කියනවාට වඩා "මොකක්ද" කියන්නට ඔවුන් හුරු වී අවසන්. පරණ වචන පාවිච්චි කිරීම 'ගොඩේ' (Outdated) වැඩක් ලෙස අලුත් පරම්පරාව දකිනවා.

  2. අධිවේගී මාර්ගය සහ කොළඹ සබඳතා: දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සහ කොළඹ එකට ඈඳුවා. බොහෝ දෙනා රැකියා සහ අධ්‍යාපනය සඳහා කොළඹට නිතර එනවා. මේ සංකලනය නිසා මාතරට ආවේණික වූ හුදකලා සංස්කෘතිය සහ භාෂාව වේගයෙන් කොළඹකරණය වුණා.

  3. අධ්‍යාපනය: පාසල් සහ ටියුෂන් පන්ති තුළ උගන්වන්නේ සම්මත සිංහල භාෂාවයි. එනිසා කුඩා කාලයේ සිටම දරුවන් හුරුවන්නේ පොදු ව්‍යවහාරයටයි.

එහෙනම් මාතරකම ඉතුරු වෙලා නැද්ද?

වචන වෙනස් වුණාට, "රැඳී ඇති දේවල්" කිහිපයක් තිබෙනවා:

  • වේගය සහ රිද්මය: වචන කොළඹ වුණාට, මාතර අය කතා කරන වේගය සහ ඒ රළු රිද්මය  තවමත් එලෙසමයි.

  • කෙලින් කතා කිරීම: වචන අලංකාර කර කර ඉන්නේ නැතුව, කියන්න තියෙන දේ මූණටම කියන ඒ "මාතර ගතිය" තාම භාෂාව ඇතුලේ ජීවත් වෙනවා.

  • පැරණි පරම්පරාව: ගම් ඇතුලට වෙන්නට තවමත් අර සුන්දර පැරණි බස කතා කරන ආච්චිලා සීයලා ඕනෑ තරම් ඉන්නවා.(මේ ලිපිය ලියන්නත් උපකාර වුනෙ ඒයාල.)

ඒ නිසා අද මාතර භාෂාව කියන්නේ 'පරණ ගැමි වහරේ වේගයත්, අලුත් නාගරික වචනත්' එකට එකතු වුණු අපූරු මිශ්‍රණයක්. ඔයැයිලත් උත්සාහ කරන්න තමන්ගේ පළාතේ දිස්ත්‍රිකයේ ප්‍රදේශිය කටවහර ගැන අවබෝධයක් ලබාගන්න.

ගාල්ලේ ලාලිත්‍යය, මාතර ගැම්ම සහ හම්බන්තොට රළු බව: දකුණේ හඬ වෙනස් වන හැටි

දකුණු පළාතේ භාෂාව පොදුවේ "දකුණේ භාෂාව" ලෙස හැඳින්වුවත්, ගාල්ල, මාතර සහ හම්බන්තොට අතර සියුම් නමුත් පැහැදිලි වෙනස්කම් තිබෙනවා. මෙය හරියට "කිරි තේ" එකක් වගේ. එකම තේ එක වුණාට සීනි සහ කහට ප්‍රමාණය වෙනස් වුණාම රස වෙනස් වෙනවා වගේ වැඩක්. අපි බලමු උදාහරණ සහිතව කොහොම ද වෙනස් වෙන්නේ කියල.

1. ගාල්ල (Galle) - "මෘදු දකුණ" (The Soft South)

ගාල්ල යනු දකුණේ ආරම්භයයි. කොළඹට ආසන්න නිසාත්, සංචාරක කර්මාන්තය සහ විදේශීය ආභාෂය (ලන්දේසි බලකොටුව) වැඩියෙන් ලැබුණු නිසාත් ගාල්ලේ භාෂාව ටිකක් "සංකලනය වූ" (Mixed) ස්වභාවයක් ගන්නවා.

  • විශේෂත්වය: මාතර තරම් රළු නැත. වචන උච්චාරණය ටිකක් ඇදලා (Sing-song style) කතා කරයි.

  • උදාහරණ:

    • මාතර අය "යනවා" කියද්දි, ගාල්ලේ අය සමහර විට "යනෝ..." (Yano) හෝ "යනවා ළමයි" ලෙස ටිකක් මෘදු කර කතා කරයි.

    • "ඔයා" කියන වචනය ගාල්ලේ බහුලව පාවිච්චි වෙනවා (මාතර/හම්බන්තොටට වඩා).

    • බත් කනවාද? යන්න ගාල්ලේදී: "බත් කෑවද ළමයි?" (ටිකක් ආචාරශීලී ස්වරයක් ගනී).

2. මාතර (Matara) - "සාහිත්‍යමය සහ වේගවත් දකුණ" (The Core South)

අපි කලින් කතා කළ "ඔරිජිනල් දකුණේ භාෂාව" ලෙස බොහෝ දෙනා පිළිගන්නේ මාතර වහරයි. රුහුණේ කවියන් සහ සාහිත්‍යකරුවන් බිහිවූ ප්‍රදේශය නිසා වචනවල පවා පොඩි කවියක් වගේ රිද්මයක් ති‌බෙනවා.

  • විශේෂත්වය: වේගවත්ය. කෙලින් කතා කරයි. අකුරු තද කර කතා කරයි.

  • ප්‍රධාන වචන: මක්කැයි, බොලවු, හිටා, දො, අහවලා.

  • උදාහරණ:

    • බත් කනවාද? යන්න මාතරදී: "බත් කෑව දො?" හෝ "කාලා හිටා!"

    • "ඇයි?" යන්නට: "මක්කැයි?"

3. හම්බන්තොට (Hambantota) - "කටුක සහ ගැමි දකුණ" (The Raw/Deep South)

හම්බන්තොට යනු වියළි කලාපයට අයත්, හේන් ගොවිතැන් බහුල ප්‍රදේශයකි. කටුක පරිසරයත්, හේන් වල පැල් රකිද්දී කෑගසා කතා කිරීමත් නිසා හම්බන්තොට භාෂාව ඉතා ශබ්ද නගා (Loud) සහ රළු (Rough) ස්වභාවයක් ගනී. පැරණි සිංහල ගැමි වචන වැඩියෙන්ම ඉතුරු වී ඇත්තේ මෙහිය.

  • විශේෂත්වය: කටහඬ වැඩිය. වචන කෙටියි. "තෝ", "යක්කෝ" වැනි වචන සාමාන්‍ය කතාබහේදී පවා (තරහක් නැතිව) භාවිතා වේ.

  • ප්‍රධාන වචන: යෝ (Yo),බොල, උඹ.

  • උදාහරණ:

    • බත් කනවාද? යන්න හම්බන්තොටදී: "බත් ටිකක් ගිල දාපිය යෝ!" (ඉතා රළුයි වගේ පෙනුනට එයාලගේ ආදරේ පෙන්වන්නේ එහෙමයි).

    • "මොකද?" යන්නට: "මොකෝ බොල?" හෝ "මොකද්ද යක්කෝ?"


සන්සන්දනාත්මක උදාහරණ (Comparison Scenario)

පාරේ යන කෙනෙක්ගෙන් "කොහෙද යන්නේ?" කියලා අහන විදිය.

ප්‍රදේශය අසන ආකාරය (Dialect) දැනෙන හැඟීම (Vibe)
සාමාන්‍ය සිංහල කොහෙද මේ යන්නේ? සාමාන්‍යයි.
ගාල්ල "කොහෙද ළමයි මේ යන්නේ...?" ටිකක් ඇදලා කියන, සුහදශීලී හඬක්.
මාතර "කොහෙයි යන්නේ බොලවු?" වේගවත්, ප්‍රශ්න කරන ස්වභාවයක්.
හම්බන්තොට "කොහාටද යෝ මේ දුවන්නේ?" හයියෙන් කෑගසා අසන, ගැමි බවක්.

යම් දෙයක් ගැන පුදුම වීම.

ප්‍රදේශය අසන ආකාරය
සාමාන්‍ය සිංහල අම්මෝ! ඇත්තටමද?
ගාල්ල "අනේ අම්මේ... ඇත්තටමද අනේ?"
මාතර "හත් ඉලව්වයි! බොරු නෙවෙයි දො?"
හම්බන්තොට "බුදු අම්මෝ... යකෝ මාර වැඩක්නේ!"

"කොළඹ කෙනෙක්ට මේ තුනම එක වගේ ඇහුණට, දකුණේ මනුස්සයෙක්ට කටහඬ ඇහුණ ගමන් කියන්න පුළුවන් මිනිහා ගාල්ලෙද, මාතරද, හම්බන්තොටද කියලා. ගාල්ලේ තියෙන්නේ 'ලාලිත්‍යයක්', මාතර තියෙන්නේ 'ගැම්මක්', හම්බන්තොට තියෙන්නේ 'රුදුරු බවක් (Ruggedness)'."

Getting Info...

කර්තෘ

This is a big world. I'm exploring everything that is accessible to my five senses.

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.