![]() |
වහල් වෙළදාම |
ඔයලා දන්වද මිනිසෙක්ගේ ජිවිතයට තිබෙන අයිතිය තවත් මිනිසෙක්ට පැවරුණු කාලවකවානුවක් පුරාණයේ තිබුණු බව. ඒ තමයි මිනිසුන් වහලුන් අකාරයට වෙළෙදාමේ යෙදවීම.
මේ වහල් වෙළෙදාම ලෙස හදුන්වන්නේ වහලුන් ලෙස මිනිසුන් අල්ලා විකිණිම සහ ඔවුන්ව මිලදී ගැනීම. මේ වහල් වෙළෙදාම සදහා අවාසනාවන්ත ඉරණමට මුහුණදුන්නේ අප්‍රිකානු රටවල කළු ජාතිකයන් සහ ගෝත්‍රිකයන්.
සුමේරයානුවන්, ඊජිත්තු වැසියන්, රෝමවරන් සහ ග්‍රීකයන්ට වහලුන්ගේ සේවය නිතරම අවශය වුනා. ඒදා වහල් වෙළෙදාම මහා පරිමාණයෙන් ව්‍යාපාරයක් ලෙස සිදු කරන්නට යෙදුනේ යුරෝපීය යටත් විජිතවලට කම්කරුවන් මුහුදු මගින් ප්‍රවාහනය කිරිමට පටන්ගත්තට පස්සේ. මිනිස් වෙළෙදාම 19 වැනි සියවස තෙක්ම පැවතිම අප්‍රිකානු සහ අමෙරිකානු සංස්කාතීන්ට විශාල බලපෑමකුත් ඒල්ලා කළා.
ඉතින් මේ වහල් මෙහෙයෙ ආරම්භය සිට අවසානය දක්වා සහ ඒ අතර වුනු සිදුවිම්වල සංශිප්තයක් ඔයාට මේ ලිපිය තුලින් ලබා ගන්න පුළුවන්.
වහල් සංකල්පය ඇති වීම.
වහල භාවය නැමැති සංකල්පය මිනිසා අකුරු දැන ගැනීමටත් පෙර ඇති වූනු ඉතාම දුෂ්ට, අමානුෂිය දේයක්. මානව පරිණාමයේ දඩයක්කාර යුගය තුළ වහල් සේවය තිබුණේ නැහැ. නමුත් ගොවිතැන් කරන්නට පුරුදු වූනු මිනිසාට ආර්ථිකය යන සංකල්පය හුරුවීමත් තෙක්ක වහලුන්ගේ අවශයතාව මතු වුණා. ඒ අනුව දඩයක්කාර යුගයේ ඉදලා පැවැත ඒන ගොවියා වහලුන් නැතිව ජිවත්ව ඉදල තියෙන්නේ වසර 1000ක පමණ කාලයක් විතරයි. ලෝකයේ මුල්ම අකුරු ලියු මිනිසුන් වන මෙසෙපොතේනියාවේ ජනයා ජිවත් වුනු කාලය තුල ඒ කියන්නේ ක්‍රි.පු 4000දි මැටි පුවරුවල වහලුන් පිළිබද ලියු තොරතුරු හමු වෙලා තිබෙනවා.
වගා කටයුතු සදහා
ඒක්සත් ජනපදයේ දකුණු දිග කපු වගාබි්ම්වල වැඩපල කරන්න ,ඒ වගේම ආහාර පිසින්න සහ පිරිසිදු කරන්න මේ වහලුන්ගේ ජිවිත බලහත්කාරයෙන් යුතුව යොදාගත්තා . ඉතින් මේ විදියට ගත කරන වහල් ජිවිතය බෙහෙවින් දුක්බර අතිෂය පීඩාකාරී ඒකක් බවට පත් වුනා. සාමාන්‍යයෙන් මිනිසෙක් දිනකට වැඩ කරන පැය ගණනට වඩා වැඩි පැය ගණනක් වහලුන්ට සේවයේ යෙදෙන්නට සිදු වුනා.
වහල් හිමිකරුවන් ඔවුන්ගේ සියළුම අයිතීන් පවරා ගෙන තිබේන නිසා වහලුන්ට ඔවුන්ගේ ජිවිතය ගැන කිසිම අයිතියක් තිබුණෙ නැහැ. ඒතෙනින් පැහැදිලි වෙනවා වතු හිමියන් වහලුන් දේපළක් ලෙස යොද ගෙන තිබුණා කියල. මේ නිසා ඔවුන්ට කිසිම අයිතිවාසිකමක් හිමි වුනේ නැහැ. මේ විදින දුක්ගැහැට පීඩනය සහිත අසාධාරණකම් නිසා වහල්ලු කැරලි ගෑසීමට පටන් ගත්තා. වහල් ඉතිහාසයේ ඒවැනි කැරලි 250කටත් වඩා වර්තා වි තිබේනවා.
වහලුන්ගේ සේවය
අතීතයේ වහල් භාවය උපරිමයෙන් සිදු වී තිබේන්නේ ග්‍රීක සහ රෝමානු අධිරාජ්‍ය සමයේ දි. ඒ කාලයේ නිෂ්පාදනය කටයුතු, ගෙදර දොර වැඩකටයුතු ඒ වගේම ගොවිපළවල් වැඩකටයුතු මේ සියල්ල සිදු කරන්නට යෙදුනේ වහලුන් විසින්. මේ කාලයේ දී ඔවුන්ට අයිතිවාසිකම් කීහිපයක් ලැබී තිබිණ. ඒ අතර සමහරුන්ට වහලබවින් නිදහසත් සමග ඉහළ සමාජ තත්වයක් හිමි වුණා. අතීතයේ රෝමවරුන් වහල් සේවය ලබාගැනීමේ කිසිම වැරැද්දක් දැක්කේ නැහැ. ඉතින් ඒ හින්දම රෝමය තුල පැවතුනු යුද්ධයෙන් පරාජිත පාර්ශවයට අයත් වුනු සියළුම දෙනා රැගෙන ගොස් වහලුන් ලෙස රදවාගත් බව ඉතිහාසය තුල සදහන් වෙනවා
බැබිලෝනියාවේන් හමු වූනු මානව ඉතිහාසයේ පැරණිම නීති සංග්‍රහය වන හමුරාබි කේතයේ (Hammurabi code) වහල් සේවය ගැන පැහැදිලිව සදහන් වෙලා තිබේනවා. ඒ අතර ඇරිස්ටෝටල් වගේ දාර්ශනිකයන් වහල් සේවය පිළිගෙනත් තියෙනවා.
සමහර මිනිසුන් උපතින්ම වහලුන් බව විශ්වාස කළා. ඉතින් ඒවැනි සිතුවිලි මිනිසුන්ගේ සිත් වලට පහළ වෙන්න තරම් ඒදා පරිසරය කොහොම සැකසිලා තිබෙන්න ඇත්ත ද? ඔයාලම ඒ ගැනත් කල්පනා කරල බලන්න.
ඉතින් ඒ කාලයේ කවුරි කෙනෙක් ණයක් ගත්තාට පස්සේ වෙලාවට ගෙවන්නට බැරි වුනොත් ඇය හෝ ඔහු ණය හිමියාගේ වහලෙක් බවට පත්වෙනවා. ණය ගෙව්වාට පස්සේ වහල් බවින් නිදහස් වීමේ හැකියාව ලැබිල තියෙනවා. අදටත් යම් යම් වෙනස්කම් සහිතව මෙය සමාජය තුල පවතිනවා ද? කියන ප්රශ්නය ඔබට භාර කරනවා. ඔබගේ විමර්ෂණ, ගවේෂණ අත්දැකිම් මත ඒයට පිළිතුරක් ගොනු කරගන්න උත්සාහ ගන්න.
වහලුන්ට සැලකීම
වහල් හිමිකරුවෙක් තමන්ගේ යටතේ සිටින වහලුන්ට ගෞරවයෙන් ඒ වගේම කරුණාවෙන් සැලකිම වහල් හිමිකරුට අභිමනායක් රැගෙන ඒන ක්‍රියාවක් බවට පත් ඒදා පත් වෙලා තිබුණා. වහලුන්ට සැලකීම වැඩි වෙන තරමට හිමිකරුවාගේ කිර්තිය වැඩිවෙනවා. වහලුන්ට ආහාර, ඇදුම් සහ වෙනත් සැපයුම් හොදින් ලබා නුදුන්නොත් ඒය සදාචාර විරෝධි ක්‍රියාවක් බවට පත් වෙනවා. වහලුන් වැඩි පිරිසක් සිටින හිමිකරු ධනවතෙක්, බලවතෙක් ලෙස හදුන්වා තිබෙනවා.
වහල් වෙළෙදාමේ ආරම්භය
වහල් වෙළෙදාම මුල්ම වරට ආරම්භ කළේ ක්‍රි.ව. 1440 දී . අමෙරිකානු යටත් විජිතවල කපු සහ දුම්කොළ වගා කටයුතු සදහා අප්‍රිකානු මිනසුන් වහලුන් ලෙස අත්ලන්තික් සයුර හරහා නැව් මගින් ප්‍රවාහනය කරන්නට පටන් ගෙන තිබෙනවා. මේ ආකාරයට මිලියන 7කටත් අධික වහලුන් සංඛ්‍යාවක් අප්‍රිකාවේ සිට අමෙරිකාවට ප්‍රවාහනය කර තිබේන බව සදහන් වෙනවා.
මේ විදියට අල්ලාගත් අප්‍රිකානුවන් පා ගමනින් වෙරළට ගෙන ඒන ලද්දේ ගවයන්ට හංවඩු ගසනවා වගේ. ඒ තරමට මොවුන්ට වදහිංසා ලබා දිල තිබෙනවා. යුරෝපයේ වෙරළවලින් නැව් නැංග වෙළෙන්දෝ බටහිර අප්‍රිකාවට යාත්‍රාකර බඩු භාණ්ඩ ලබා දී ඒ වෙනුවට අප්‍රිකානු වැසියන් ලබා ගෙන තිබෙනවා. ඉන්පසු අප්‍රිකානුවන් අමෙරිකාවට රැගෙන ගොස් තිබෙනවා.
ඉතින් මේ වහල් වෙළෙදාම නිසාම අප්‍රිකානු රාජධානි කිහිපයක්ම විනාශ වුනා. වහල් වෙළෙදාමෙන් පස්සේ අමෙරිකානු රටවල ජනගහනය වෙනස්වෙන්න මෙය ප්‍රධාන හේතුවක් වුනා.
ක්‍රි.ව 1800 ගණන්වල බ්‍රසීලයේ ජනගහනයෙන් අඩක්ම අප්‍රිකානු සම්භවයක් සහිත අය විම ඊට හොදම නිදර්ශනයක්
වහල් වෙළෙදමේ කාල සීම
ක්‍රි.පූ 71 - 73 අතර කාල වකවානුවල රෝම අධිරාජ්‍ය සමයේ සටන් පුහුණු පාසලකින් පලා ගිය ග්ලැඩ්යේටර්වරුන්ගේ හා ඹවුන්ට පසුව ඒකතු වු පසුගිය වහලුන්ගේ කැරැල්ලට ස්පාටකස් නායකත්වය දෙයි. ඒම කැරැල්ල පරාජය වුයේ කැරලි ගැසූ වහලුන් 6000ක් දෙන කුරුසියේ තබා ඇන් ගැසීමෙනි.
ක්‍රි.ව 1600 පමණ අරාබි වෙළෙදුන් විසින් ආසියාවට හා අරාබියට බටහිර අප්‍රිකානු වහලුන් යවන ලදි.
අමෙරිකාවට යැවූ පළමු වහලුන් පිරිස 1619 වසරේ අමෙරිකාවේ වර්ජිනියා වෙත ළගා විය.
1780 - 86 පමණ වහල්බවින් නිදහස් කිරිමේ පනත අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක සම්මත විය.
1831 වසරේ නැට් ටර්නර් විසින් ඇමෙරිකාවේ වර්ජිනියාහි වහලුන්ගේ නැගී සිටිමමට නායකත්වය දෙන ලදි. ඒයට සම්බන්ධ වූ සියලු දෙන ඒල්ලා මරන ලදි.
1833 වසරේ දී බ්රිතානයයෝ වහල් වෙළෙදාම නතර කළහ.
1857 වසරේ ඩේඩ් ස්කොට් තීන්දුව ඩ්‍රෙඩ් ස්කොට් නැමැති පුද්ගලයා වහලකු ලෙස සේවය කරමින් සිටි අතර ඔහුගේ විවාහයෙන් පසු තමාටත් තම පවුලටත් නිදහස ලබා ගැනීම සදහා නීතියේ සරණ පැතීය. ඒහි ප්‍රතිඵලයක් වශයෙන් සියළු කළ ජාතිකයන් හා වහලුන් නිදහස් මිනිසුන් බවත් ඔවුන්ට කිසිදිනක අමෙරිකාවේ පුරවැසිභාවය හිමි නොවන බවත් ඒරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තින්දු කරන ලදි.
1863 වසරේ දී මුදාහැරීමේ ප්රකාශනය මගින් අමෙරිකාවේ දකුණු ප්‍රදේශ ජනපදවල වහලුන් නිදහස් විය.
1948 ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රකාශනය මගින් වහල් සේවය හා වහල් වෙළෙදාම තහනම් කරන ලදි.
නැව්වලින් රැගෙන යාම.
වහලුන් රැගත් නැව් අත්ලන්තික් සයුර තරණය කරද්දි හුස්ම හිරවීම, රෝග වැළදිම හා කුසගින්න යනාදී හේතුන් නිසා අප්‍රිකානුවන් මිලියනයකටත් වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇත. මෙසේ ප්‍රවාහනය කළ වහලුන්, නැව්වලින් සයුරට පනිතැයි යන බිය නිසා ඔවුන්ව දම්වැලින් බැද ගෙන ගිහය. ඒ වහලකු අහිමි විම වහලුන්ගේ හිමිකරුට විශාල අලාභයක් වන නිසායි.
නිදහස ලැබිම
18 වැනි සියවසේ අග භාගයේ පමණ සිට වහල් භාවය අවලංගු කිරිම සදහා ඉංශ්‍රිසි හා අමෙරිකානු ව්‍යාපාර ක්‍රියාත්මක විය 1851 වසරේ දී හැරියට් බිචර් ස්ටෝච් විසින් රචිත ටොම් මාමාගේ කුටිය(uncle tom's cabin) නැමැති නවකතාව වහල් සේවයට විරුද්ධව ලියන ලද්දකි. 1833 වසරේ දී පමණ බ්‍රිතාන්‍යය සිය වහල් වෙළදාම නැවැත් විය. නමුත් අමෙරිකාවේ වහල් වෙළෙදම දෙවැනි ලෝක යුද්ධය වනතුරුම නොනවත්වා ගෙන යන ලදි.
හැරියට් ටබ්මන්
වහල් වෙළෙදාමට ඒරෙහිව සටන් කළ විමුක්ති සටන්කාමිනියක් හා මිනිසුන්ගේ අයිතිවාසිකම් උදෙසා කැපවී කටයුතු කළ ඒඩිතර කාන්තාවක් ලෙස ඇගේ නම ඉතිහාසයේ ලියවි තිබේ. අමෙරිකානු සිවිල් යුද සමයේ දී ඇය හෙදියක සහ ඔත්තුකාරියක වශයෙන් ද කටයුතු කළා ය.
අමෙරිකාවේ මේරිලන්ඩ් හි වහල් පවුලක උපත ලද හැරියට් ටබ්මන් හැදි වැඩුණේ වහලිකය සේ බොහෝ දුක් ගැහැට මධ්‍යයේ ය. වහල්භාවය කෲරත්වය අමානුෂික බව තවත් ඉවසා සිටිය නොහැකි තැන ඇය පලා ගියා ය. නමුත් ඇය නැවත පැමිණ විටෙන් විට වහලුන් මුදවා ගන්නට වූවාය. ඇය රහස් මාර්ග ඔස්සේ යමින් තම පවුලේ සාමාජිකයන් හා අනෙකුත් වහලුන් 300කට අධික ප්‍රමාණයක් නිදහස් කරගන්නට සමත් වුවාය.
ශ්‍රි ලංකාවට පැමණිම
ශ්‍රි ලංකාවේ වෙරළ ආශ්රිත සුළු ප්‍රදේශ කිහිපයක පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව කාපිරි ජාතිකයන් ලෙස හදුන්වන ජන වාර්ගික කණ්ඩායම් සිංහල ජනයා සමග මිශ්‍රව ව්‍යාප්ත වුයේ ය. කම්කරුවන් ලෙස සේවය කිරිමටත්, සිංහල රජවරු හා සටන් සදහා සෙබලුන් වශයෙනුත් මෙරටට ගෙනා අප්‍රිකානු වහලුන්ගෙන් ඔවුහු පැවත ඒයි. ඔවුන් මෙරටට ගෙන ඒන ලද්දේ පෘතුගීසි ජාතිකයන් විසිනි. කපිරිඤ්ඤ, බයිලා සංගීතයත් අපට ඔවුන්ගෙන් දයා ද වූ ඒවාය.
අප්‍රිකාවෙන් මෙරටට ගෙනා වහලුන් පසු කාලයේ දී රදවා තිබුණේ බේරේ වැවේ තිබු විශාලතම දුපතේ ය. ඒය ස්ලේව් අයිලන්ඩ් ලෙස හැදින් වේ.
කොළඹ කැරැල්ල
සිංහල රජ සමයට පසුව ලන්දේසි, පෘතුගීසි ජාතිකයන් ද මෙරටට වහලුන් ගෙන්වන ලදි. ඒ 18 වන ශතවර්ෂයේ දි පෘතුගීසි සමයේය. දිගින් දිගටම මෙරටට ගෙන් වු කාපිරින් නිසා ජනගහනය ඉතා වේගයෙන් වර්ධනය විය. මේ හේතුවෙන් තම අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් ඒකතු වි කොළඹ නගරයේ කැරැල්ලක් ඇති කරන ලදි. මේ කැරැල්ලෙන් බැරන්ට් වැන්බර් ස්ටෝන්ස් නම් පිස්කල්වරයා සහ ඔහුගේ බිරිද ඝාතනය කරනු ලැබිණි. ඒ ඔහුගේම මෙහෙකරුවා වූ කාපිරි ජාතිකයෙකු විසිනි. 1818 වසරේ දි ඉංශ්‍රිසි ජාතිකයන් විසින් ලංකාවේ පැවැති වහල් සේවය නීතියෙන් තහනම් කරනු ලැබුවා.
ලෝකයේ අනෙක් රටවල්වල වහල් සේවය දෙස බැලීමේ දි මෙරට පැවැතියේ සදු ජාතිකයන් විසින් කළු ජාතිකයන් පාගා දැමීමක් නොවේ. කුල ක්‍රමය අනුව සිංහලයන් විසින් සිංහලයන්වම වහල් සේවයේ යොදවා ගැනිමකි.