ආදරයේ මායාව සහ සැබෑව 03 කොටස

image_title_here
ආදරයේ මායාව සහ සැබෑව 3 කොටස

( අනුන්ගේ හදවත් වල පදිංචි වෙන්න දඟලන අයට ......) 

කීපාරක් බැලුවත් කමක් නෑ ....කලින් ලිපි දෙක බලලා ආපහු මේක බලන්න. 

ඔබ ආදරය ගැන සිහින මවන්නෙක්ද.......?  ඒ කියන්නේ ඔබට ආදරය අවශ්‍ය කෙනෙක් ද.....?  පළමු ලිපි දෙකෙන් මා කියූ දේවල් ගොඩක් අය තේරුම්  ගත්තත් නිකම් මෙහෙම ඉන්න අය ගොඩක් ඉන්න බව දැනෙනවා......." ඔහොම කිව්වට ඒත් ......."  වගේ එකක් ඔබ තුළ තියෙනවද......? 

මොකද...මේ  මම කිව්ව එක ඔබට ඇහුන වාර ගණනට වඩා ඔබට තහවුරු වී තියෙන්නේ අනුන්ගේ හිතක් තමන්ගේ කරගෙන ඒක තමන්ට ඕන විදිහට මෙහෙයවා ගනිමින් තමන්ට ම පාලනය කරගන්නට ඇති ආසාව...... හැම තැනම තියෙන්නේ එහෙම එකක් නිසා. නමුත් ඒක බොරුවක් බව දැනගත්තත් බොහෝ අය ඒකට හරිම ආසයි. ඒකෙන් ඔබව පිච්චෙනවා කියලා  දැනගත්තත් ඒකට ඔබ ආසයි..... එකෙන් ඔබව දියවෙලා කෑලි කෑලි වලට කැඩිලා යනවා කියලා දැනගත්තත් ඔබ ඒකට කැමතියි. හේතුව අර තියෙන හැඟීම් සමුදාය.....ඒ වෙනුවෙන් ඕනම දෙයක් ඔට්ටුවට තියන්න සූදානම්. හැබැයි එහෙම ඔට්ටුවට තියපු අයගෙන් බහුතරය දැන් විඳවනවා..... පිච්චෙනවා ......දැන් කෑලි කෑලි වලට කැඩී ගිහින්...... දැනෙන වේදනාව දරාගන්න බැහැ....... සමහර  පැති දැන් හදන්නත් බැහැ....ඒ තරමට damage කරගෙන..... 

මම මෙහෙම කිව්වොත් බොහෝ අය පිළිනොගනීවි.. නමුත් ඒක ඇත්තක් .......මොකද ...අර ඔබට කලින් ඇති වූ හැඟුම්  සමුදාය බොරුවක්...... ඔබ සිහින මවපු ඒ ලෝකෙ කඩා වැටුණා ට දැන් ඒ ඇතිවන තත්වය ......එකත් බොරුවක්. 

මේ ලිපිය කියවන ඔබෙන් මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒකට පිළිතුරක් ඔබෙන්ම ලබාගෙන ඊළඟ කොටසට යන්න. 

ප්‍රශ්නය තමයි....... 

ඔබ වැඩියෙන්ම ආදරේ ඔබේ අම්මාට ද.......? තාත්තාට ද.......? දෙන්නම කියන අය පොඩ්ඩක් වැඩිපුර හිතලා හොයාගන්න. 

ඔය අතරින් පිරිමි අය පැහැදිලිවම අම්මට ආදරේ කරන අතර ගැහැනු අය තාත්තාට ආදරේ කරනවා. ඒ නොතේරෙන කාලේ ඉඳන්ම හටගත් දෙයක්..... 

මෙම ස්වභාවය සිග්මන් ෆ්‍රොයිඩ්  මනෝ විශ්ලේෂණයේදී (psychoanalysis theory ) ගැඹුරින් කතා කරනවා. 

ගැහැණු කෙනෙකුගේ මුල් ළමා වියේදී ඔබේ ප්‍රේමවන්තයා වන්නේ තාත්තා...... ඔබ අවිඥානිකව තාත්තාට ආදරය කරනවා..... අසීමාන්තිකව. ඒ ආදරෙන් එහාට ගිය ලිංගික බැඳීමකිනුත් වෙලී පවතිනවා.  එය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. 

ඔබ දිගින් දිගටම වර්ධනය වීමේදී මෙම හැඟීම් ක්‍රමයෙන් පාලනය කර ගනිමින් වැඩි වියේදී විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වීමේ කාලයක් එනවා. 

අන්න එතැනදී ගැහැනු අය තම ආදරවන්තයා සොයනවා. පිරිමි ගොඩක් අතරින් එක් විශේෂ වූ පිරිමියෙකුට හිත යනවා. ඔහු තෝරා ගන්නට හේතුව මොකක්ද කියලා ඒ අයගෙන් ඇහුවොත් කියන්නේ ......එයා අවංකයි ......එයාට හොඳ ගතිගුණ තියෙනවා ......එයා මේ වගේ..... ඒ නිසයි  වගේ වෛවාරණ කතා ගොඩක් අවංකවම කියාවි. 

පිරිමි තමන්ගේ ආදරවන්තිය තෝරාගැනීමේදී ගැහැණු ගොඩාක් අතරින් එක් විශේෂ කෙනෙකුට හිත යනවා. ඔයා ඇයි මෙයාව ම තෝරා ගත්තේ කියා ඇහුවොත් අර අය වගේම විවිධ හේතු කියාවි. ඒ අයට අනුව ඒවා ඇත්ත තමයි. නමුත් ඒ ඔවුන්ට පේන කොටස.... 

සමහර අය දෙදරා යන නමුත් විශ්වීය සත්‍යයක් ඔබට කියන්නම්...... 

දෙදරලා යන අය මාත් එක්ක තරහ උනාට තේරුමක් නැති වේවි. ඔබ පිළිගත්තත් නොගත්තත් එය එක් ප්‍රධාන සත්‍යයක්. 

ගැහැනු අය ආදරවන්තයා ලෙස හොයන්නේ තමන්ගේ තාත්තාව........ 

පිරිමි අය තම ආදරවන්තිය ලෙස හොයන්නේ තමන්ගේ අම්මව...... 

ඉස්සර මම යාලුවෝ එක්ක ඉන්න කාලේ සමහර යාළුවන්ට පෙම්වතියන් ඉන්නවා. මම ඒ අයව දැක්කහම යාලුවගෙ අම්මගෙ විස්තර කියනවා. නමුත් ඒ අම්මලා මට හමුවෙලා නැහැ..... සහ මම ඒ අයගේ විස්තර දන්නේ නැහැ. නමුත් කෙල්ල දිහා බලලා අම්මගෙ විස්තර කියනවා..... කියන ටික තක්කෙටම හරි...... යාළුවෝ පුදුම වෙනවා. සමහර අය විශ්වාස කළා මට අධිමානසික බලයක් තියෙනවා කියලා.... ඇත්තටම ඔය මොන මගුලක්වත් මට නැහැ.... 

සමහර යාළුවොන්ට පෙම්වතියක් ඒ කාලෙ හිටියෙ නැහැ. හැබැයි මම අම්මව දැකලා තිබුණා. ඒ නිසා මම උබට හම්බෙන කෙල්ල මේ වගේ කියලා කලින් විස්තර කියා තිබුණා.... පසු කාලයේ ඔවුන් මට කතා කරලා අහනවා කොහොමද බං උඹ එහෙම කිව්වේ........ ඒ කියපු කෙනා තමයි මට දැන් ඉන්නේ කියලා. 

අර  උඩ තියෙන තියරිය  තමයි මම භාවිතා කලේ...... 

විවෘතව බලන්න..... හොඳින් හිතල බලන්න.... අහල බලන්න..... ඔබ ඔබේ ම හිතෙන්....... මගේ ආදරවන්තයා තාත්තාට සමානද කියලා ........මගේ ආදරවන්තිය මගේ අම්මට  සමානද කියලා. 

85% කට වැඩි පිරිසකට එය බලපානවා. තව 15% කට එය වෙනස් වෙන්නට වෙනත් හේතු කිහිපයක් බලපානවා. 

දැන් ඔබට තේරෙනවද ඔබ පිස්සුවෙන් ඔබ සතු සියලු දේ උගස් තබා තම ප්‍රේමය කියා දුවන්නට හේතුව මොකක්ද කියලා. 

කොල්ලෝ හොයන්නේ තමන්ගේ අම්මව...... 

කෙල්ලො හොයන්නේ තමන්ගේ තාත්තාව....... 

මේ ලියපු ලිපිය කියවන්න පටන් ගන්න කොට තිබූ මානසික ස්වභාවය දැන් ඔබේ වෙනස් වී ඇති අයුරු බලන්න. පපුව මැද දැන් දැනෙන හැඟීම  ඒ විදිහටම දැනෙන්නට දෙන්න. අපහසුවක් ඇති වුවත් එය දැනෙන්නට දෙන්න. 

ඇත්ත පොඩ්ඩක් නෙමෙයි ගොඩක් තිත්තයි...... ඒකට හේතුව ඇත්ත ඇති සැටියෙන් දැකීමට වඩා මට ඕන විදිහට ලෝකය හදාගන්න ඕන කියන මමත්වය බලවත් වූ විට අපිට මායාව ඇත්තක් ලෙස පෙනෙනවා....... නමුත් එය තාවකාලිකයි. මායාව කඩා වැටෙන විට ඇතුල  හෙල්ලෙනවා .....ඒක ස්වභාවිකයි... ඒක කවදාහරි වෙන්නට නියමිත දෙයක්. 

හොඳින් තේරුම් ගන්න. ඔබේ අවිඥානික සිත සොයන්නේ එලියෙන්...... ඔබේ අම්මට..... ඔබේ තාත්තාට...... සමාන කෙනෙක්...........කොල්ලො කියන්නෙ අම්මා වගේ මට  සලකන්න පුළුවන් කෙනෙක් ඕන. කෙල්ලො කියන්නෙ තාත්තා වගේ මාව බලාගන්න පුළුවන් කෙනෙක් ඕන. 

ඔබටත් මෙය අදාළ ද .......? බොහෝ අයට එහෙම ඇති.... වලිගේ පාග ගත්ත කිහිප දෙනෙක් තර්ක කරන්නට එන්න පුළුවන්..... ඒ ගොල්ලො ඒක පටලෝගෙන මිසක් වෙනත් දෙයක් නැහැ. 

තාත්තා වගේ මාව බලාගන්න....... අම්මා වගේ මට සලකන..... 

කියන කතාවලින් ඔබට තේරෙනවද...... අපේ අඩුවක් සපුරාගන්නට අනිත් කෙනා ඕන වගේ එකක්. එහෙම නැතිනම් තමන්ගේ ලිංගික ආශාවන් ටික සපුරාගන්නට අනෙක් කෙනාව ඕන වගේ එකක්..... අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙලා තියෙනවා. 

ඒ කියන්නේ අනෙකා නැතුව බැහැ වගේ එකක්. ඇතුලෙන් එනවා. ඔන්න ඔතන තමයි කෙලවගන්න ප්‍රධානම තැන.... ඒ කියන්නේ සමස්ත ජීවිතේම වරද්ද ගන්න ප්‍රධාන තැනක් . 

මොකද ඔබට අවිඥානිකව දැනෙනවා.... එයාවම ඕන.. එයාවම නැතිව බැහැ වගේ....එයා නැති වුනොත් නිකං ජීවිතයක් නැහැ වගේ.... නැතිනම් ජීවිතෙන් තේරුමක් නැහැ  වගේ....... අන්න ඒ හැඟීම් සමුදාය ආශ්‍රිත කරගෙන ඇති වන සිතුවිලි පද්ධතියක් නිර්මාණය උනහම ඔබට  ප්‍රමාණවත් සිහියක් නොතිබුණේ නම් ඔබ අනිවාර්යයෙන්ම පිස්සු නටනවා. ඒ වෙනුවෙන් ගින්නට උනත් ඔබ පනිනවා... කතා දෙකක් නැහැ.... 

අද උදේ මට එක්තරා වෛද්‍යවරයෙක් කතා කළා. ඔහු ජීවිතය නැති කර ගන්න සියල්ල සූදානම් කරගෙන..... පහුවදා උදෑසන..... ඒ නිසා ඔහු යූටියුබ් එකට ගිහින් අවසාන වතාවට පිරිත් අහමින් නින්දට යන්න තීරණය කරලා......මොකද ඔහුට අනුව ඔහුගේ අවසාන රාත්‍රිය නිසා. මොකක්දෝ කරුමෙකට play  වෙලා තියෙන්නේ මගේ subliminal එක. නමුත් ඒක ඇහෙන්න දීලා. එහෙම්ම නින්ද ගිහින්. උදේ නැගිටලා  බලනවලු දැන් මට මොනවද කරන්න තියෙන්නේ..... ඊයේ රෑ ගත්ත තීරණය මතක් වුණත් ඒක ක්‍රියා කරන්න තරම් ගඩ් එකක් ඇවිල්ලා නැහැ. අවසානයේ ඔහු මට කතා කළා....දැන්නම් මැරුවත් මැරෙන එකක් නැහැ. 

මෙහෙම කරන්නට හේතුව කුමක්ද කියා මා ඔහුගෙන් ඇසූ විට පෙම්වතිය දැන් ඔහුව මග අරින නිසාලු.... 

ඉතින් මම ඔහුගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. 

( ගොඩක් අය ප්‍රශ්න වලින් මිදෙන්නට මට කතා කළාට ඒ අයට මම දාන ප්‍රශ්න තොගේ හැටියට අර ප්‍රශ්න ටික වැදගැන්මකට නැති වෙන බව තමයි මගේ පෞද්ගලික අත්දැකීම ) 

ඒ සංවාදය දිගටම ලියන්නම්.......... 

මම : ඔයා ආදරයකින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ...?

ඔහු : සතුට 

මම :  දැන් ලැබෙන්නේ ඒ බලාපොරොත්තු වෙන දේ ද....? 

ඔහු : නැහැ... දුක 

මම : එතන ඔයාට පොඩි අවුලක් වගේ තේරෙන්න නැද්ද ....? 

ඔහු : තියෙනවා 

මම :  එහෙනම් ඇයි ඒ ගැන පොඩ්ඩක් හිතලා බැලුවේ  නැත්තේ .... 

ඔහු :  නිහඬයි 

මම : හරි එයාව පොඩ්ඩක් පැත්තකින් තියන්න. 

එයාව තෝරගන්න කලින් ඉඳලම ඔබ සහකාරියගෙන් බලාපොරොත්තු වෙන වැදගත්ම දේවල් පිලිවෙලට ලියන්න.... කොලේක වම් පැත්තේ  පිළිවෙලට..... ඒ කියන්නේ වැඩියෙන්ම බලාපොරොත්තු වන දේ පළවෙනියට ඊලඟ එක දෙවනියට ආදී ලෙස..... 

ඉන්පසු ඒ කොලේ ම දකුණු පැත්තේ අර පිළිවෙලින් ලියපු ඒවා ඉදිරියේ ම දැන් පෙම්වතියගෙන් ලැබෙන ප්‍රමාණය ලියන්න....තමන් ට දැනෙන විදිහට සංක්‍යාත්මක ප්‍රතිශතය.... 

උදාහරණයකට.........

විශ්වාසය   - එයාගෙන් ලැබෙන ප්‍රතිශතය - 40% 

අවංක කම  -    එයාගෙන් ලැබෙන ප්‍රමාණය - 30% 

ආරක්ෂාව   -   එයාගෙන් ලැබෙන ප්‍රමාණය - 65%

ඔන්න ඔය වගේ ස්වයං විමර්ශනයක් කරන්න. දැනට පවතින ආදර සම්බන්ධතාවල ගැටුම් තියෙන අය අනිවාර්යෙන් ......ඉන්පසු දකුණු පැත්තේ ලකුණු ටික එකතු කරලා බලන්න. ඔබ දේවල් දහයක් බලාපොරොත්තු වූවා නම් ලකුණු දාහක්.... මුළු ගණන ...ඔය 1000න් අඩුම ලකුණු 600ක් වත් එන්නේ නැතිනම් ඒ සබඳතාවය ගැන තීරණයක් ගැනීම ඔබට විතරක් නෙමෙයි...... ඔහුට විතරක් නෙමෙයි...... ඉපදෙන්නට ඉන්න පොඩි උන්ට පවා විශාල උපකාරයක් වේවි. 

මොකද ඔයා ඇතුලෙන් බලාපොරොත්තු වෙන දේ එළියෙ device එකෙන් ලැබෙන්නේ නැතිනම් මුලින්ම පොඩියට පටන්  ගන්න ඝට්ටනේ පස්සේ උඩු දුවනවා..... මොකද ඔබේ ඇතුලේ ඉන්න කෙනා....සහ.... ඒත් ඇත්තටම පණ තියෙන එකා දෙන්නෙක්. ඒ නිසා හැඟීමට වහල් නොවී ඉඳහිට හරි මොළය පොඩ්ඩක් පාවිච්චි කරලා...... පොඩ්ඩක් විශ්ලේෂණය කර ගන්න..... නැතිනම් ගත්තට පස්සේ මාරු කරගන්න ගියාම හරිම කරදරයි.... සරලවම කිව්වොත් බැහැ වගේම තමා. 

තනියම  ඔබට කරගන්න අමාරු නම් විශ්වාසවන්ත කෙනෙක් සමග ඒ පිළිබඳව විශ්ලේෂණය කර ගෙන දළ අදහසක් ගන්න....නෑ මට එයාව හදාගන්න පුළුවන් පස්සෙ කාලෙක වගේ....... ගොන් විදියට හිතන්න යන්න එපා....කොහොමත් හදා ගන්න තියෙන හැකියාව ඉතාම අල්පයි..... 

නිකමට හිතන්න අපට අවශ්‍ය දෙයක් මිලදී ගන්න ගියාම අපි ඒකෙ features බලනවා නේද.....?  උදාහරණයකට ෆෝන් එකක් ගමු....... 

ඔබ රුපියල් විසිදාහක් අරං යනවා.... ෆෝන් කඩේකට ඔබ සල්ලි ටික දීලා ෆෝන් එක ගෙදර අරන් එනවද... නැහැ නේද ..? 

සමහර අය කඩේට යන්න කලින් ඒ මිලට තියෙන ෆෝන් ගැන හොයනවා.... දන්න අයගෙන් අහනවා ..තමන්ට ගැලපෙන එක ගැන විස්තර විවිධ අංශ වලට ගිහින් බලනවා.... අවසානය තමන්ට වඩාත් ප්‍රයෝජනවත් පහසුකම් තියන එක තෝරා ගන්නවා... සමහරු කැමරාවට වැඩියෙන් කැමති..... සමහරු display quality එකට කැමති.... තවත් අය බාහිර පෙනුම සහ  සුවපහසුව බලනවා... තවත් අය විවිධ තෝරාගැනීම් කරනවා .....ඒවා එකිනෙකට සාපේක්ෂව වෙනස්. 

මොන දේ ගන්න ගියත් අපි හොඳින් හොයලා බලනවා... ඒත් ජීවිත කාලෙටම ගන්න වෙන එකම device එක ඇතිවන පළමු හැඟීමෙන්ම තෝරාගෙන අවසන්...... ඉතින් විඳවනවා කෙළවරක් නැහැ.... මොකද තේරෙන්න කල් යන නිසා. 

ජීවිත කාලෙටම ගන්න එකම device එකයි නම් හොඳින් හොයලා බලන්න.... ඒත් මදි ....මොකද එකේ සැබෑව අපිට හොයාගන්න අමාරු නිසා...... ඒකටත් හේතු තියෙනවා. 

දිග වැඩි උනාද මන්ද නිසා ඊලඟ එක එනකන් පොඩ්ඩක්  ඉමු.....

ප්‍රධාන කර්තෘ
- නුවන් රාජපක්ෂ -

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.