![]() |
ඉඩදෙන්න ජිවිතයට සුමුදුව ගලා යන්න. |
ජි
සතුන් නිවැරදි ව ජිවත්වන බවට තව ප්‍රබල සාක්ෂියකි, ඔවුන්ගේ නිරෝගීතාව, සතෙකු ලෙඩ වන්නේ කලාතුරකිනි. බොහෝ විට ඊට පවා හේතු වන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ය. සතුන් සමග මිනිසුන්ගේ නිරෝගීතාව සසදා බැලුවොත්, මිනිසුන්ගේ තත්ත්වය ඉතා කණගාටුදායක ය. මිනිස් සමාජය රෝගවලින් පිරීලා. මෙහි ලෙඩ ඉතා සුලභයි. මේ ඇයි? වැරදි ජිවන රටාව, පරිසර දුෂණය හා වැරදි ආහාර ගැනීම හා වැරදි මානසිකත්ව නිසා ය.
ඔබට ජිවත්විම ගැටලුවක් ද? මොහොතක් මෙනෙහි කර බලන්න. ඒම ප්‍රශ්නය ඇසුවාම බොහෝ දෙනාගේ පිළිතුර වන්නේ "නැහැ" යනුයි. ඔවුන් ඒසේ කියන්නේ ඒ වේලාවේ ගැටලුවක් නැති නිසා වෙන්න පුළුවන්. ඔබ ඊට පිළිතුරු දිය යුතු වන්නේ තම සමස්ත ජිවිතය දෙස බලා යි.
අයෙකු මෙසේ කියනු ඇත. ජිවිතය ගැටලුවක් ව දැනෙන අවස්ථා ඇත ඒහෙත් අනෙක් අවස්ථාවලදි ජිවත්වීම ගැටලුවක් නොවේ, අපි ඔය හිටපු ගමන් කියන්නේ "මට නම් ජිවිතය ඒපා වෙලා තියෙන්නේ" කියල. ඒ ප්‍රකාශය සත්‍ය දැයි විමසා බැලිම වටි. ජිවත් විම ගැටලුවක්ව දැනෙන අවස්ථා අපමණ ඇති වේ. රෝගතුර විම, රැකියාව නැති විම. තරග විභාග අසමත් විම, සිරගත වීම, පෙම්වතා තමාව අත හැරීම, දරුවන් රෝගාතුර විම, ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ මරණය ඒබදු කටුක ජිවිත අවස්ථාවලට නිදසුන් ය. අපි ඉන් කිහිපයක් ගෙන ඒහිදි පුද්ගලයා අත්දකින මානසික ක්‍රියාකාරිත්වය හදුනා ගනිමු.
මේ කාලය උචිතම තරග විභාග කටයුතු නිසා විභාග අසමත් වීම මුලින් අරගෙන බලමු, ඒහිදි ප්‍රබල දුක්ඛිත හැගීම් ඇති වන්නේ බලාපොරොත්තු, සිහින අදී කටයුතු මීට සෘජුවම සම්බන්ධ කර තිබිමත්, වෙනත් විකල්පයක් නැතැයි සිතා ඒය මතයක් ලෙස අරගෙන තමන් වටා ගොඩනැගි තිබෙන පරිසරයට මුහුණ දිමට ඇති නොහැකියාව යි. තමන්ගේ සම්පුර්ණ සතුට ඒ තුලින් ගිලිහී යයි. තමන් සැලසුම් කරගත් ජිවිතය දැන් අහිමි වී යයි. ජිවිතය තොරකරගන්නට සිතෙයි. මේ යනාදි සියලුම හැගුම් දුඃඛදායක ය සමහර හැගුම් භායනක ය.
රැකියාව නැති විම ද ඊට සමාන වේදනාකාරි හැගුම් උපදවයි. මෙතැන සිට තමා පවතින්නේ කෙසේ ද? තම පවුල නඩත්තු කරන්නේ කෙසේ ද? යන හැගීම් නිසා මහත් අසරණ භාවයකට ඉන් පුද්ගලයා පත් වේ. තම රැකියාව අහිමි කළ අය කෙරෙහි කෝපය දැනෙයි.
අපට මෙසේ ම, තරුණියක තම ප්‍රේමවන්තයා විසින් අත්හරිනු ලැබු විට, සිතෙන් විදින දුක අපට සිතා ගත හැක. තමා ප්‍රතික්ෂේප කරණු ලැබ ඇත යන්න ඇයට මහත් සංතාපයක් උපදවයි.
මෙබදු බේදවාචක ආතතිකාරී ජිවිත අවස්ථා යටතේ පුද්ගලයකු අත්දකින වේදනා බෙහෙවින්ම කවරෙකුට වුව ද ඒ හා සමාන ය. ඒවාට පහළින් බොහෝ අවස්ථාවල ද ඊට වඩා කුඩා, සියුම් ගැටළුවලින් පුද්ගලයා පෙළේ. අප ඒ සදහන් කළේ ජිවත්වීම ගැටලුවක් වශයෙන් දැනෙන අවස්ථා ය. ඒබදු කවර හෝ අවස්ථාවක් පැමිණි විට ඔබට ඒය හදුනා ගත හැකි ද? ඒය කෙරෙහි සංවේදි විය හැකි ද?
නිතර නිතර යමෙකු කම්කටොලු, කරදර, ප්‍රශ්න හා ගැටළුවලින් පෙළෙයි නම් ඉන් ගම්‍ය වන්නේ ඔහු තම ජිවන මග වර්ද්දා ගෙන ඇති බවයි, ඒනම් ඔහු නිවැරදි දැකුමෙන් හා බුද්ධියෙන් තොර ව ජිවත් වන බවයි. ජිවිතයේ නිවැරදි මග තෝරා ගැනීමට අවශ්‍ය බුද්ධිය අපට සහජයෙන් ලැබී ඇත. ඒ බුද්ධිය අවදිකර නොගතහොත් පුද්ගලයා ගිය ගිය තැන අවුල් ඇති කර ගනියි.
අප මේ විමසන්නේ, ජිවත්වීම ගැටලු සහගත වන අවස්ථාවල අත්දකින වේදනාකාරි මානසිකත්වය ගැනයි. මෙහිදි ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් තිබේ. ඒනම්, ආතතිකාරි අවස්ථාවල දැනෙන දුක, වේදනාව, හා සංතාපය අප අවශ්‍යයෙන් ම විදිය යුතු ද? ඒය කිසිසේත් කළ නොහැකියි සමහරුන් පිළිතුරු දෙනු ඇත.
කෙනෙකු ඔබට නින්දා කළේ යැයි සිතමු. ඒසේ නින්දා කරනු ලැබූ විට ඒහි වේදනාව අවශ්‍යයෙන්ම ඔබ විදිය යුතු ද? සමීපව නිරීක්ෂණය කරන විට, ඒ වේදනාව ඔබට ඔිනෑ නම් නොවිද සිටිය හැකි බව පෙනේ. යමෙකු ඔබට නින්දා කළ පමණින් ඔබ වේදනා විදිය යුතු නැත. නින්දාවකට පාත්‍රවීමේ දී ඔබ වේදනා විදින්නේ ඇත්ත වශයෙන් ඔබ ඒය දෙස බලන දෘෂ්ඨි කෝණය අනුවයි. ඒසේ නොවේ ද? ඔබට ඒ සිද්ධිය දෙස සිත නොරිදෙන කෝණයකින් බැලිය හැක.
මෙයට කදිම නිදසුනකි, මහාවංශයේ ඒන බුද්ධදාස රජතුමා අත්දුටු සිද්ධිය. රජතුමා විදියක සපිරිවරින් ගමන් කරද්දී, ඒක්තරා පුද්ගලයෙක් ඉතා අශෝභන වචනවලින් ඒතුමාට බැණ වැදුනේය. ඒයින් කෝප වනු වෙනුවට රජතුමා සිතුවේ මොහුට මට වෛර කරන්නට, යම් හේතුවක් තිබිය යුතුය යනුවෙනි. රජතුමා චරපුරුෂයකු ලවාා ඔහු ගැන තොරුතුරු සෙව්වේ ය. ඔහු කාත් කවුරුත් නැති, ඉන්න හිටින්න ගෙයක් දොරක් නැති, අසරණයෙකු බව හෙළි විය. රජතුමා ඒක් ඇමතිවරයෙකුට ඔහු සමග මිත්‍ර වන්නට කියා, තමා අප්‍රකට ව සිට, ඔහු ලවා නිවසක් තනාදී මාසික ජිවන ආධාරයක් ද පිරි නැමුවේ ය. ඒ මිනිසා මානසික ව යථා තත්ත්වයට පැමිණි පසු ඇමතිවරයා ඔහුට ඒ උපකාර කළේ තමා නොව රජතුමා බව හෙළි කළේ ය. සංවේගයට පැමිණි ඔහු රජතුමා වෙත ගොස් සමාව අයැදුවේ ය.
මෙලෙසින්ම ජිවිතයේ අපේ සිත් පෙළන, සසළ කරන, කළකිරවන සිද්ධි දෙස ධනාත්මක දෘෂ්ටියකින් බලන විට, ඒවා තමාට ජය ගත හැකි අභියෝග සේ පෙනෙනු ඇත. අප මේ කරුණ තව පියවරකින් ගැඹුරට බලමු. අතති නැති අවස්ථාවල ඒනම් බාහිර ගැටළු නැති විට සිත නිදහස් ය යන ආකල්පය අපට ඇත. ඇත්ත වශයෙන්ම ආතති නැති විට ඔබ නිදහස් ද?
තම සිතෙහි ක්‍රියාකාරිත්වය දෙස සමීපව බලන කළ බාහිර ගැටලු නොමැති විට පවා, සිත යම් ආකාරයෙන් පීඩා විදින බව ඔබ දකිනු ඇත. බාහිර ගැටලුවක් නැති විට, සිත නිදහසේ සිටින්නට නොදැනීම ඊට හේතුව යි. ඒවැනි සිත යහපත් වූ ගැටලුවක් මතු කර ගෙන හෝ කාල්පනික ව මවා ගෙන ඒ ගැන සිතමින් වෙහෙසෙයි.
ඇත්ත වශයෙන් මිනිස් සිත සටන් බිමක් වැනි ය. ඒය තුළ විවිධාකාර ගැටුම් පවතියි. ජිවිත ආශාව මරණය ආශාව සමග විටෙක ගැටෙයි. ඔිනෑකම ඒපාවීම් සමග ගැටෙයි. බුද්ධිය චිත්තවේග සමග ගැටේ. ආශාව භය සමග ගැටේ. මෙසේ ගැටුම මනැසේ මුලික අංගයකි.
මනැස කවර ආකාරයේ හෝ සංකල්පයක් ගොඩනගා ගැනීමත් සමග ඊට යටින් ඒහි ප්‍රතිවිරෝධි සංකල්පය ද ගොඩ නැගේ. පළමු වැන්න වර්ධනය වී ඒහි ශක්තිය හීන වෙන්ම යටපත්ව පැවති, ප්‍රතිවිරෝදි සංකල්පය මතු වී ක්‍රියාත්මක වන්නට පටන් ගනියි. නිදසුනක් ගතහොත් ඔබ ඒඩිතර වන්නට හදනවාත් සමග අනෙක් පැත්තෙන් බියගුළුකම වැඩේ. මේ ආකාරයෙන් අපේ ච්ත්ත සන්තානයේ සෑම තලයකම ගැටුම් පවති. කොටින්ම කිවහොත් ගැටුමෙන් තොරව සිතට පවතින්නට බැරිය. මේ අනුව අපට පෙනේන්නේ, මිනිසුන් සාමය පැතුවත්, ඔවුන්ට සාමයෙන් සිටින්නට බැරි වෙයි.
ඇතුළත ගැටුමෙහි ප්‍රකට අංගයකි, භය පුද්ගලයා සෑම විටම සිටින්නේ යම් භයකිනි. ඒහෙත් අප තුළ භීතින් දැක හදුනා ගැනීමට අපි සැළකිලිමත් නොවෙමු. තමා තුළ සවිඥානිකව මෙන් ම උපවිඥානික ව හා අවිඥානික ව ද පවත්නා භීතීන් දැකීම මහත් වූ ආත්මඥානයක් උපදවයි. මිට වර්ෂ මිලියනකට පෙර ඝන වනාන්තරයේ මානවකයන් තුළ ඇති වූ භිතීන් තවම අපේ අවිඥානයේ රැදී පවතින බව තේරුම් ගෙන තිබේ ද?
අප තුළ පවත්නා විවිධාකාර භීතින් දෙස බලන විට, ඒ සියල්ල පැන නගින්නේ ඒකම මූලයකින් බව පැහැදිලි වේ. ඒනම් "මම නැතිවෙයි දෝ" යන භයයි. මරණය පිළිබද භය ඒහි ප්‍රකට ම ස්වරූපයයි. අප තුළ මෙබදු භයක් පවතින්නේ ඇයි?
සැබැවින්ම නොමැති කාල්පනික පුද්ගලයකු "මම" යනුවෙන් තමා තුල ගොඩ නගා ගත් විට ඒ "මම" නැතිවෙයි දෝ යන භය ඇතිවිම ස්වාභවික ය. ඒම නිසා "මම" නිතර සිටින්නේ මගේ පැවැත්ම පිළිබද භයකිනි. වෙනත් වචනයෙන් කිවහොත්, ඔබ තුළ සිටින භය වන්නා "මම" ය. "මම" පෙරටු කර ගෙන ඔබ සිටින තුරු ඔබට සිදුවන්නේ භයෙන් ජවත්වීමටය.
අපි ජිවිතයේ හැම විටම යම් ජිවින අවස්ථාවක සිටිමු. මෙහි දි විමසිය යුතු කරුණක් තිබේ. අවස්ථාව හා ජිවත් වීම ඒකක් ද? දෙකක් ද? යන්නයි. ඒනම් අවස්ථාව ජිවත්වීම තිරණය කරයි ද? හොදින් බැලුවහොත් ඔබට වැටහේවි, අවස්ථාව ඒකක්ය. ජිවත්විම අනෙකක් ය යන සත්‍යය.
මෙය පැහැදිලි කිරිමට මෙබදු උපමාවක් ගෙන හැර දැක්විය හැක ඔබ වාහනයක් පදවා ගෙන දුර ගමනක් යන්නේ යැයි සිතන්න. ඒහිද ඔබ මග දෙපස කැළැ. වෙල්යා, නගර, ගම් පසුකර ගෙ යන්නෙහිය. ඒවා ජිවිතයේ අප පසු කරන ප්‍රීතිය, දුක සැප දනවන ජිවිත අවස්ථා හා සමාන කළ හැක. ඔබ ජිවිත ගමනේ දී ද ඒබදු වු විවිධ අවස්ථා පසුකර ගෙන කාලය සමග පෙරට ගමන් කරන්නෙහිය. අවස්ථා වනාහී ඒන යන දෙය කිසිම අවස්ථාවක් ස්ථිර ව රදා නොපවතී. දැන් ඔබ යම් ජිවිත අවස්ථාවක් ආත්මීය වශයෙන් ග්‍රහණය කළහොත් ඔබ ඒතැන නවතින්නෙහිය. ඒසේ නොවේ ද? ඔබ ඒතැන නැවතීමත් සමග ජිවිතයේ සුමුදු ගලා යැම නවතියි. ඒය දිය පහරක් වතුර වළකට වැටීම බදුය. ඒවිට ජිවිතය ඒතැන පල් වන්නට වෙයි. පලු වූ වතුර විෂ වේ.
අවස්ථාව වනාහී බාහිරව ඔබ මුහුණ දෙන බාහිර පරිසරයකි. නැවත කිවහොත් අවස්ථාව ඒකකි. ජිවත්වීම තවකෙකි. නිදර්ශනයක් ගනිමු. වැහි අදුරෙන් යුක්ත දවසට ඔබ තම මානසිකත්වය තීරණය කරන්නට ඔබ ඉඩ දෙනවා ද? ඇත්ත වශයෙන් ජිවත්වීම පවතින්නේ අවස්ථාවට ඉහළිනි. ඒය තේරුම් ගැනීමට පහසු වනු පිණිස අපි ඒය ශුද්ධ ජිවනැයි හදුන්වමු. ශුද්ධ ජිවනය වනාහි අවස්ථා හා බාහිර ඉන්ද්‍රිය ගෝචර තලය ඉක්මවා පවතින, ලෝකයේ කිසිවකින් නොකෙළසී පවතින දෙයකි. මෙහිදි ජිව ධාරාව පිරිසිදු ව ගලන දිය දහරක් වැනිය. ඒය පවතින්නේ සැප, දුක, ප්‍රීතිය ශෝකය, ජයග්‍රහණය , පරාජය අත්දකින සිතුවිලි ඉක්ම වූ උත්තර තලයේ ය. ලෝකයෙහි කිසිදු ගැටලුවක් ඒහි නොපවති. ඒහි තමා යැයි සිතනු ලබන "මම" නැත. සිතන්නේක් ද ඒහි නැත. ඒහි ඇත්තේ විශ්වයට විවර වූ නිර්මල සිහිය හා ඉන් පහල වන පැහැදිලි දැකුම පමණය. සැබැ ජිවිතය ඇත්තේ ඒහි ය.
යමෙකු ශුද්ධ ජිවනය තක්ෂණ මාත්‍රිකව හෝ දුටුවහොත්, ඔහු ජිවිත අවස්ථාවලට දුන් අවධාරණය ලිහිල්ව යන්නේ ය. ඒතැන් සිට ඔහුට හෝ ඇයට අර්ථවත් වන්නේ ජිවිත අවස්ථා නොව ඒවා ඉක්මවා පවතින ශුද්ධ ජිවනනයි.