කෑම නොදිරවන රෝගයට තිත තියන වට්ටෝරු හයක්

  


'ආමවාත' රෝගයෙන් බහුතරයක් දෙනාට පීඩා විදින්නට සිදු වන බව රහසක් නොවෙයි. සන්ධි ආශ්‍රිතව ඉදිමුම් වේදනා පෙන්වන මේ රෝග තත්ත්වයට මුලික හේතුව තමයි අපේ ආහාර චක්‍රයේ ඇති අක්‍රමිකතා. ආහාර තත්ත්වලදී සියලුම රෝගවලට බලපාන දෙයක් තමයි 'ආමය' (ශරීර අභ්‍යන්තරයේ නිපදවෙන දෙයක්) මේ ආමය තමයි ආමවාතයට මූලික වන්නේ,

ආහාර නිසි පරිදි දිරවන්නේ නැතිව අව‌ශෝෂණය වන කොටස්වලටයි ආම්‍ය කියන්නේ. මෙය සියලුම රෝගවලට පොදු හේතුවක්. මේ ආමවාතය කියන්නේ විවිධ කාරණා නිසා කෝපවල වාතයක් සමග සැදෙන රෝගයක්, දිරවිමට නොහැකි තරමට දිනපතා අධික ලෙස ආහාර ගැනීම, දිරවීමට නොහැකි ආහාර ගැනීම වැනි හේතුන් මේ රෝගය වැලදීමට මුල් වෙනවා.

දෛනිකව පුරුද්දක් ලෙස දිරවීමට පහසු ආහාර ගැනීමත්, බර ආහාර, දිරවීමට අපහසු ආහාර නොගෙන සිටීමත්, ඒවැනි නිවැරදි ආහාර රටාවකට අනුගත වෙමින් කය මහන්සි කරවා ඊට ව්‍යායාමයක් දෙමින් සිතට සුවයක් ලබා දෙනවා නම් ඒ ආකාරයෙන් ඒදිනෙදා ජිවිතය ගත කරනවා නම් ආමවාතයෙන් මිදෙන්නට පුළුවන්.

ආමවාතය හදුනා ගන්න ලක්ෂණ කිහිපයක් සදහන් කරන්න පුළුවන්. ආමවාතය ආරම්භක අවස්ථාවේ අහාර දිරවීමේ දී ශරීරයේ ශක්තිය අඩු බව හා ආහාර නොදිරවන ගතිය පෙන්වනවා. ඒ වාගේම අධික පිපාසයක්  දැනෙනවා. කෑම අරුචියක් දැනෙනවා. ඇගපත රිදීමක් ඇති වෙනවා. ගන්තා ආහාර නිසි පරිදි දිරවන්නේ නැති බව තමන්ට දැනෙනවා. ඒ වගේම විටින් විට උණත් හට ගන්න පුලුවන්.

රෝගය මෙසේ කල්ගත වනවාත් සමග සන්ධි ආශ්‍රිතව රෝග ලක්ෂණ පෙන්වන්නට පටන් ගන්නවා. රෝගය තීව්‍ර අවස්ථාවේදි ශරිරයේ බොහොමයක් සන්ධිවල වේදනවා, ඉදිමුම, සන්ධි ආශ්‍රිතව ක්‍රියා කිරිමට අපහසුතා ඇති වෙනවා. රෝගය ප්‍රබල අවස්ථාවේදි රෝගියාට උණ රෝගය අධික වන්නත් පුළුවන්. රෝගය බොහෝ කල් ගත වුණාම ශාරීරික ලක්ෂණ අඩුවෙලා සන්ධිවල ක්‍රියා කිරිමේ අපහසුව ඇති වෙනවාට අමතරව සන්ධි ආශ්‍රිත විවිධ විකෘතිතා ඇති වෙන්නත් පුළුවන්. සන්ධි තද වීම්, සන්ධි ක්‍රියා කිරීමේ අපහසුතා, ගමන් බිමන් යෑමට නොහැකි විමේ අපහසුතා, වැඩපළ කිරීමේ අපහසුතා ඇති වන්නත් පුළුවන්. 

රෝගය හදුනා ගත හැකි තවත් ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඒවා රෝග ලක්ෂණ ලෙසත් හදුන්වන්න පුළුවන්. සීතල දවස්වලට, වැසි දවස්වලට, බඩගින්න අඩුවෙන් දැනෙන දවස්වලට මේ රෝග ලක්ෂණ වැඩිපුර දැනෙනවා. රාත්‍රි කාලයේදි උණුසුම් දිනවලදි රෝගීයාට යම් පහසුවක් දැනෙන්න පුලුවන්. උණුසුම් පරිසරයක් ඒක්ක රෝගියාගේ රෝග ලක්ෂණ අඩු පරිසරයක් ඒක්ක රෝගියාගේ රෝග ලක්ෂණ අඩු වෙද්දී යම් සැනසීමක් ලබන්න පුළුවන්.

ආමවාතයට ප්‍රතිකාර කිරිමේදි අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි 'අග්නිය' වර්ධනය කරන ප්‍රතිකාර විධි, ආහාර දිරවීමට ශක්තිය ලබාදෙන බඩගින්න වැඩි කරවන ප්‍රතිකාරය කළ යුතු වීම. ඒ වගේම 'ආම පාචන' ප්‍රතිකාරය කළ යුතු වෙනවා. ඒ වගේම ඇල් වතුර වැඩිපුර පානය කළ යුතුයි. දිරවීමට අපහසු බර ආහාර නොගැනීමත් වැදගත්. ඇල් වතුර නෑම, නිදි වැරීම වගේ කටයුතුවලින් වැළකි සිටිය යුතුයි. බඩගිනි නොමැති අවස්ථාවල ආහාර ගැනීමත් හොද නැහැ.

මේ සෑම උපදෙසක්ම හරියට පිළිපදිමින් යම්කිසි කාලයක් ප්‍රතිකාර කළොත් මේ ආමවාත රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. මේ ආමවාත රෝගය සුව කරන වැදගත්ම ප්‍රතීකාරය විදියට 'ලංඝනය' නමැති අග්නිය වර්ධනය කරන සහ ශරීරය සැහැල්ලු කරන ප්‍රතිකාර ක්‍රමය හදුන්වන්න පුළුවන්. මේ ප්‍රතිකාරයට බහුල වශයෙන්ම යොදා ගන්නා ඖෂධ වන්නේ හීන් අරත්ත, වේරකරඩු, රසකිද, දේවදාර, නික වගේ දේවල්. ගුළි, කල්ක, චූර්ණ වගේ ආමවාත රෝගය සදහා භාවිත කරන බොහෝ බෙහෙත්වල මේ ඖෂධයන් අන්තර්ගතයි.

  1. මේ රෝගයට ප්‍රතිකාර කිරිම සදහා බඩගින්න යහපත් මට්ටමකට පත් කළ යුතුයි. ඒ සදහා තිත්පිලි මුල්, බෙලි මුල්, සමව අරගෙන මුට්ටියකට දමා ඒයට වතුර පත අටක් මිශ්‍රකර පත ඒකකට සිදුවා උදේ සවස පත භාගය බැගින් පානය කළ යුතුයි. නිසි සුවයක් ලැබෙන තුරුම ඒය පානය කළ යුතුයි.
  2. අරළු පමණක් අරගෙන ඒය මුට්ටිකට දමා වතුර පත අටක් මිශ්‍රකර පත ඒකකට සිදුවා දිනපතා උදේ පත  භාගය බැගින් පානය කරන්න. මෙයිනුත් බඩගින්න වැඩි වෙනවා. ඒ වගේම ඉගුරු, ගම්මිරිස් සහ තිප්පිලි යන ඖෂධ තුනම කෂාය කර දිනපතා උදේ සවස පානය කිරිමත් වැදගත්.
  3. සන්ධිවල ඉදිමුම සහ වේදනාව අඩු කර ගැනීමටත් සුදුසු ඖෂධිය කෂායක් දිනපතා පානය කරන්නත් පුළුවන්. වියළි ඉගුරු, දේවදාර, කොත්තමල්ලි, ඒළ බටු මුල් සහ කටුවැල් බටු සමව ගෙන මුට්ටියකට දමා කෂාය කර දිනපතා උදේ සවස පත භාගය බැගින් පානය කරන්න.
  4. වේදනාව අඩු කිරිම සදහා තැවීමට සුදුදු ඖෂධිය වණ්ඩුවක් සාදා ගන්නත් පුළුවන්. සුදුලුනු, රතුලුනු, අරත්ත අල, අමු ඉගුරු, සමව ගෙන හොදින් කොටාගෙන පොට්ටනියකට බැද තම්බා අර වේදනා සහිත සන්ධිවල ආලේප කළ හැකි කදිම ඖෂධයකුත් ඔබට නිවෙසේදිම සාදාගන්න පුළුවන්. සාරණ මුල්, දේවදාර, වියළි ඉගුරු, මුරුංගා පොතු සහ අබ හොදින් කොටාගෙන පොල් විනාකිරිවලින් සිහින්ව අඹරා ඉදිමුම වේදනා සහිත ස්ථානයේ ආලේප කරන්න.
  5. සන්ධි වේදනා ඉදිමුම් තත්වයන්ට නිසි සුවයක් ලබා ගන්න ඇල්ලීමට සුදුසු හුමාලයකුත් තිබෙනවා. ඒරඩු මුලු, අමු ඉගුරු සහ දස මුල් සමානව ගෙන හොදින් තම්බා ඉන් නගින වාෂ්පය සන්ධිවලට අල්ලන්න.
  6. ආමවාත රෝගය බහුලවම පවතින අවස්ථාවලදී සන්ධි ඉදිමුම් සහ වේදනාව බහුලවම තිබෙනවා නම් ඖෂධිය මැල්ලුමක් සාදා සන්ධි මත බදින්න. ලුණුවරණ කොළ සහ පොතු, වරා කොළ, සියඹලා කොළ, නික කොළ, බේත් ඒරඩු කොළ යන ඒවා මමිට බැගින් ගෙන අමු කහ කැබැල්ලක් සමග කොට මලවා බදින්න. වේදනා ඉදිමුම් සියල්ලම නැති කිරිමට මෙය අගනා ඖෂධිය මැල්ලුමක්.

ඉහත සදහන් කල ප්‍රතිකාරවලින් ඒක ප්‍රතිකාරයක් කලක් තිස්සේ කිරීමෙන් ආමවාත රෝගයෙන් සම්පූර්ණයෙන් සූවය ලබා ගන්න පුළුවන්. මේ රෝගය සුව කරන්නට අපි සන්ධි ඉදිමුම් ආශ්‍රිතව වේදනා තෙල් ආලේප කරන්නේ නැති බව හොදින් මතක තබා ගන්න. මේ 'ආමය' කියන දෙය නිසා තමයි තෙල් වර්ග ගාන්නේ නැත්තේ. ආමය සමග සම්බන්ධ රෝගයක් නිසාම මේ රෝගයට තෙල් නුසුදුසුයි. ආමය සහ සෛල ඒකට නොපැහීමයි ඒයට හේතුව.


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, 

ආචර්ය වෛද්‍ය ඒස්.ඒම්.ඒස්. සමරකොන්

Getting Info...

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.