ජිවිතයේ සැනසිල්ල තිබෙන්නේ කොහි ද?

image_title_here
ජිවිතයේ සැනසිල්ල තිබෙන්නේ කොහි ද?

ගමෙන් අප අවසාන වශයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ආරම්භයේදී ම පැහැදිලි කර ගැනීම වටී. ඒසේ නොවුනහොත්, සිදු වන්නේ ආගමේ මතුපිට අලංකාර වතාවත් හා සම්ප්‍රධායේ අප අතරමං විම යි. අපේ බොහෝ ආගමික ප්‍රර්ථාන මරණයෙන් ඒහා ලබන දේ බව පෙනේ. ඒ අනුව ආගම මිනිසා මරණයෙන් භායෙන් පළා යෑමට හදා ගත් විශ්වාස පද්ධතියක් ද යන ප්‍රශ්නය පහල වේ.

ඇත්ත වශයෙන් ආගමෙන් අප අවසාන වශයෙන් බලාපොරොත්තු වන්නේ ලෞකික ජිවිතයෙන් නොලැබෙන සැනසිල්ලයි. ඒසේ වුවත් බොහෝ දෙනා මේ ගැඹුරු ජිවන අවශ්‍යතාව ගැන සංවේදි විමක් පෙනෙන්නට නැත. ඒවැන්නක් ආගම අදහන්නේ ඒහි මතුපිට අලංකාරයෙන් හා භක්ති ආවේශයෙන් ලබන වින්දනය හා අස්වැසිල්ල උදෙසා ය . ඉන් ඒහා ගැඹුරකට යැමට තරම් ඔවුන් පරිනත නොවේ. ඒයට හේතුව මේ ගත කරන ලෞකින ජිවිතය සැහේ යැයි යනුවෙන් සිතා සිටීමයි. ඔබට ලෞකික ජිවිතයෙන් ඒහා වූ සැනසිල්ලක් අවශ්‍ය ද? නැත්තම් ඔබ තවම සිටින්නේ ලෞකික ජිවිතයට මහා වටිනාකමක් දී ඒය තුළ නැවතිලා ද?

ඇත්ත වශයෙන්ම, අපට ලෞකික ජිවිතය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ නොහැක. ඒය ඒකායන යථාර්ථයකි. ලෞකික ජිවිතයෙහි වරින් වර සතුට, සැප, ආත්ම තෘප්තිය, සිතේ සාමය, ප්‍රබෝධය, ආදරය අත්දකියි. ඒසේ වුව ද ඒවා තාවකාලික බව අප වටහා ගත යුතුය. ඒහි වැඩියෙන් ඇත්තේ ගැටුම් ය, ආතති ය, කැළඹිල්ල ය, දුක ය. මේ නිසා ජිවිතය මුහුකුරා යද්දි ලෞකික ජිවිතය නිස්සාර ය යන වැටහීම අපට ඇති වේ. ඒහෙත් අපි ඒ වැටහීම යටපත් කර නොසළකා හැර සුපුරුදු ලෙසම ජිවත් විමට උත්සාහ කරයි. දුර්ලභව සුළු පිරිසක් ලෝකය ඉක්මවා යම් පරම සැනසිල්ලක් තිබේ දැයි ගවේෂණය කිරිමට පෙළඹෙති. ආගම් මිනිසුන්ට ඒ සදහා දිර්ඝ ශීල වෘත අභ්‍යාස සහිත වැඩ පිළිවෙළක් අනුගමනය කළ යුතු යැයි නිර්දේශ කරයි. ඒය මහත් ආත්ම පරිත්‍යාගයෙන්, ආත්ම දමනයෙන්, දැඩි අධිෂ්ඨානයකින් හා විර්යයකින් කළ යුත්තකි. මේ ආගමික වැඩසටහන් දෙස බලන විට පෙනෙන්නේ උඩුගංබලා පිහිනීම බදු ආයාකාරී ක්‍රියාවක් බව පෙනේ. ඒය උඩුගංබලා පිහිනිමට මා උපමා කරන්නේ, සිතේ සාමාන්‍ය මිනිස් ස්වභාවයට ඒරෙහිව යැමක් ඒහි තිබෙන නිසාවෙනි. ස්වභාවය අස්වාභාවය කොට සිතා ඒය ජය ගැනීමට වෘතධරියා ක්‍රියා කරයි. ශරීරය ඉල්ලන්නේ යමක් ද ඒය නොදිම ඒහි මූලික ලක්ෂණයි. ආත්ම වධය හා ආත්ම දණ්ඩනය ඒහි අඩංගු වේ. ඒවැනි පිළිවෙත් පුරන්නන් මහා යෝගීන්, මහා ශාන්තුවරයන් ලෙස පොදු ජනයා සළකති.

මිනිස් සිතට දිගුකලක් මෙබදු ආත්ම මර්දන ක්‍රියා පිළිවෙතක රැදී සිටීය නොහැක. නොබො කල් යන්නට පෙර ඒබදු වෘතධාරිහු තම ව්‍යායාමයෙන් බිද වැටෙති.  තමා ඒරෙහිව සටන් කළ සිතේ ආශාවන්ට වහල් වී ආපුසු ලෞකික ජිවිතය කරාම ඇද වැටෙති. 

ඉහත දැක්වු ආත්ම මර්දනය අප කරන භාවනාවේ පවා සියමු ස්වරුපයකින් පවති. ඒනම් සිත ඒකාග්‍ර කිරිමට දරණ ප්‍රයන්තයෙහි ඒ ආත්ම මර්දනය පවතියි. ඒසේ නොවේ ද? සිත ඒකාග්‍ර කිරිමේ දී, ඔබ තමන්ගෙ සිතෙහි ස්වබාවය මර්දනය කර ගැනීමට ප්‍රයන්ත දරනවා සේම බලහත්කරයෙන් සිත හැසිරවිමට උත්සාහ කිරිමෙන් සිත සමග ගැටෙන්නේ ය. මේ සියල්ලම පොදුවේ ගත කළ ආත්ම මර්දනයයි.

මෙහිදි ඔබ උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙයි. සිතට ඔිනෑ අකාරයට යන්නට ඉඩ දෙනවා ද? නැතහොත් සිතට ඒරෙහිව යනවා ද? මේ ඒක් මගක් වත් සැනසිල්ල කරා ඔබ රැගෙන යන්නේ නැත. සාමාන්‍යයෙන් ජනයා යන්නේ, සිතට ඔනෑ අකාරයට යි. සිත යන්නේ සුඛ ආස්වාද කරා ය. මේ නිසා පොදු ජනයා ලෝභ, තෘෂ්ණා, කාම මගෙහි යන්නෝ වෙති. ඒ වනාහී ලෞකික ජිවන මගයි.

ආගම ඊට විරුද්ධ පැත්තක් දේශනා කරයි. සිතට ඒරෙහිව යමින් ආත්ම මර්දනය කළ යුතුයි. ආගම් කියයි. බොහෝ අය භාවනාවන් ආත්ම වධ ස්වරුපයක් ලෙස ගන්නා සැටි ඔබට වටහා ගෙන ඇති. ඒබදු වූ ආත්ම මර්දනය භාවනාව වශයෙන් සැලකිමට හැකියාවක් පවති ද? 

දැන් ජිවිතයේ පරම සැනසිල්ලක් තිබේ නම් ඒය කවදාවත් සිත යන මග ඔස්සේ ගොස් ලබා ගත නොහැක. අප මේ දක්වා ජිවිතය පුරාවටම කළේ ඒයයි  ("නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ" ) ඉන් අපට අත්වන සුවයක් නැත. පරම සුවය අවබෝධ කර ගැනීමට ක්‍රියා කිරිමේ දි සිතට ඉඩ ලබා දී සිතුවිලි ජාලය ඔස්සේ යෑම මෙන් ම අනෙක් අතට සිතුවිලිවලට ඒරෙහි ව යැම ද යන ප්‍රවේශ දෙකම නිෂ්ඵල වේ. ඒසේ නම් සිතුවිලි ඔස්සේ ද නොයමින් අනෙක් අතට සිතට විරුද්ධව ද නොයමින් පරම සැනසිල්ල හෙළි කරන සත්‍යය මතු කරගන්නේ කෙසේ ද? 

ඔබට භාවනාවට පිවිසිමට අවශ්‍යතාවයක් ඇතියි සිතමු. ඔබ ඒ සදහා, විරිය යොදා සිත ඒකග කරන්නේ නම් ඔබ කරන්නේ අත්ම මර්දනයයි. ඒ වෙනුවට සිතට ස්වාභාවික ව හා නිරායාසයෙන් තැන්පත් විමට ඉඩ හැර සිත පිළිබද සිහියෙන් ඔබට සිටිය හැකි ද?  ඒහිදි ඔබ කරන්නේ තම සිතුවිලි දෙස අවදියෙන් බලා සිටිම යි. ඒවිට වඩා සමීපව හා වඩා සංවේදිව සිතුවිලිවල ස්වභාවය පෙනෙන්නට පටන් ගනීයි. අප මේ කියන සිහිය සිතුවිලිවටල විරුද්ධ නැත, ඒවාට ඒකග ද නැත. සිහියෙන් තම සිත දෙස බලා සිටීම ආත්ම මර්දනයක් නොවේ. ඒය වනාහි භාවනාවට පිවිසීමේ ස්වාභාවික ම මග ඒයයි.

ඇත්ත වශයෙන් ම පරම සැනසිල්ල කරා පැමිණිම කෙබදු ක්‍රියාවක් ද? ඒහිදි සිදු වන්නේ කුමක් ද? ජිවිතයේ පරම සැනසිල්ල යැයි කිව හැකි තත්වයක් තිබේ ද? තිබේ නම් ඒය නිරාවරණය කර ගන්නේ කෙසේ ද? ඒකක් කිව යුතුය, පරම සැනසිල්ල ඔබට මේ පවතින සිත තුළින් නම් කිසිදා හමු වන්නේ නැත. මේ සිතෙහි තිබෙන්නේ මතුපිට තාවකාලික සැනසිල්ලකි. පරම සැනසිල්ල ඇත්තේ මේ සිතෙන් ඔබ්බේහි ය. ඒ සදහා මේ සිත උත්තරණය කළ යුතුය. ඒය අසන විට ඇති වන ප්‍රශ්නය නම් සිතෙන් ඔබ්බට යා හැකි ද යන්නයි. ඒය අධිෂ්ඨානයෙන් හෝ විර්යයෙන් කළ හැක්කක් නොවේ. සිතෙන් සිතා ඔනෑකමින් කර ගත හැක්කක් ද නොවේ, ඒය ඉදුණු ඵලයක් නටුවෙන් ගිලිහෙණු සේ ස්වාභාවිකව සිදු වන්නකි. 

අපි හිතමු ඔබ තම සිත විසින් පනවා තිබු සියලු සිමා ඉක්මවා අවදි වුනා කියලා. ඒය හරියට සිහිනයකින් අවදි විම බදුයි. ඒහිදි වන්නේ සිමීත තත්වයකින් අසිමිත තත්වයකට යැමයි. ඒ සීමිත තත්වය නම් ඔබට සිතෙන් මවා ගෙන සිටින ලෝකයයි. අසිමිතය නම් අනන්ත නිදහසයි විමුක්තිය කියන්නේ මෙන්න මේ සංසිද්ධියට යි. මෙය උපමා රූපයකින් හොදින් පැහැදිලි කළ හැක. සිතන්න, මහා සාගරයේ පොලිතින් බෑගයක් තුලට හසු වි සිටින මත්ස්‍යයකු ගැන, මේ මත්ස්‍යයා පොලිතින් බෑගයෙන් මහ සාගරයට මිදී යෑම උගේ විමුක්තියයි. අප කථා කරන මානසික විමුක්තියත් මේ හා සමාන සංසිද්ධියකි. ඒ වනාහී පුද්ගල සිත තුල හිර වුන විඥානය අවකාශයට මිදි යෑමයි.

අප පිළිබද ප්‍රශ්නය නම් මනැසින් මැවුන ලෝකය තුළ අප හිරවී සිටිමයි. මෙය ඔබට වැටහේ ද? බොහෝ දෙනාට මෙය නොවැටහේ. මක්නිසාද යත් මනැසට හා ඉන් නැගෙන වේතනා, සිතුවිලි හා අභිලාෂවලින් අපි වසග වී ඒවා සත්‍ය යැයි සිතා සිටිමු. මේ නිසා විමුක්තිය කරා තබන පළමු පියවර වන්නේ, තම චෛතසික ක්‍රියාකාරිත්වයේහි ස්වභාවය දැකීමයි. තම පුද්ගල මනැස තුළ තමා මැදැරිගත වී ඇති බව ඒවිට වැටහෙනු ඇත. ඒම අවබෝධය යම් විටෙක පහළ වෙයි ද සිතුවිලිවලට වූ වසගයෙන් අවදි වී සිහියට පැමිණේ.

සිතට තම ස්වබාවය යම් මොහොතක මුළුමනින්ම වැටහෙයිද ඒ මොහොතෙහි සිතෙහි අන්ධ ක්‍රියාවලිය ස්වේඡාවෙන්ම නතර වෙයි. ඒවිට හෙළිවන්නේ මහා සාගරය බදු වූ අනන්ත මහා නිදහසයි. ඒය වනාහි මනැසේ සියලු ගැටුම් ඉක්මවා පවතින පරම සැනසිල්ලයි.


Getting Info...

කර්තෘ

This is a big world. I'm exploring everything that is accessible to my five senses.

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.