![]() |
ඔබට ඔවුන් වෙනුවෙන් යමක් කළ හැකියි. |
ඒම ධනවත් තරුණයා ලොව බොහෝ රට රටවල නිදහසේ සංචාරය කළා. පිය උරුමයෙන් ලැබුණු යස ඉසුරු ඔහුට ඒවැනි ජිවිතයක් ගත කරන්නට මග පැදුවා. ඔහු ඇමෙරිකාව, තායිලන්තය, ඒංගලන්තය, ප්‍රංශය, කැනඩාව වැනි බොහෝ රටවල සිරි නරඹා තිබෙනවා. ඒක් අවස්ථාවක ඔහුට ප්‍රථම වතාවට ඉන්දියාවට යන්න අවස්ථාවක් ලැබුණා. හරියටම කිව්වොත් ඉන්දියාවේ අග නගරය වන මුම්බායි නගරයට. ඔහු නතර වුණේ ජේ. ඩබ්ලිව්. මැරියට් කියන තරු පන්තියේ හෝටලයේ. දවසක් දෙකක් ඒම තරු පහේ හෝටලයේ ගතකර මුම්බායි නගරයේ ඇතුළු ප්‍රදේශවල සංචාරය කළාම ඔහු ගොඩක් කලකිරුණා. ෂරුක් ඛාන් රගපෑ සිනමාපටවල පෙන්වන සුන්දර ලෝකය මුකේෂ අම්බානිගේ තට්ටු ගාණක් උස මහා මන්දිරිය අවටවත් නැති බව ඒහි ඇවිදින්න ගිය හවස්වරුවක ඔහුට හොදින් වැටහුණා.
මුම්බායි නගරයේ ඇති තවත් ඇතුළු විදියක් දෙකක් ඔස්සේ ගමන් කළාම ඔහුට ජිවීතය ඒපාම වුණා. දුප්පත්කමින් පීඩා විදින බොහෝ අසරණ මිනිසුන් ඔහුට මුණගැසුණා. ඉන්දියාවේ අදුරු පැතිකඩ මනාව හෙළිකළ Slumdo Millionaire සහ Lion වැනි විශිෂ්ට සිනමාපට ඔහුට යාන්තමට මතක් වුණා. ඔහු දෙවියන් දැඩිව විශ්වාස කළ කෙනෙක්. ඔහු ලංකාවට ආවේ මේ විෂම ලෝකය ගැන තරමක කෝපය මිශ්‍ර ශෝකයකින්. ඔහුගේ ඒ හැගීම් තවත් වැඩි වුණේ ලංකාවට ඇවිත් දින දෙකකට පසු වැරැහැලි ඇදගත් දරුවකු බොරැල්ලේදි ඔහුගේ මර්සිඩීස් බෙන්ස් රථයේ වැසුණු විදුරුවට වේගයෙන් තට්ටු කරමින් කෑමට යමක් ඉල්ලූ නිසයි. කොළ ඒළිය පත්තු වුණු නිසා ඔහුට රථය ඉක්මනින් ඉදිරියට ධාවනය කරන්න සිද්ධ වූ නිසා දරුවාට රුපියලක්වත් දෙන්න බැරි වුණා. ඒ පිළිබද ඔහුගේ හිතේ කනගාටුවක් තිබුණත් කළ හැකි දෙයක් ඒ කලබලකාරී අවස්ථාවේ තිබුණේ නැහැ. ඔහු ඒය ඒහෙම සාධාරණිකරණය කර ගත්තා.
ඔහු නිවෙසට ආව ගමන්ම දෙවියන්ට කෝපයෙන් බැන්න. ඒ වගේම ඔහු යළිත් දෙවියන් වෙනුවෙන් කිසිම දෙයක් නොකරන්නට දැඩිව තීරණය කළා. නිවෙසේ තිබුණු සියලු දේව පිළිම සහ පින්තුර ඉවත් කළා.
ඔබ වහන්සේ ඉතාම කුරිරු කෙනෙක්. සමහර මිනිස්සු අන්ත දුක් විදිනවා. අඩුම තරමේ අද උදේ අතක් නැතිව හිගා කන්න ආව පුංචි ළමයා වෙනුවෙන්වත් ඔබට යමක් කරන්න තිබුණා. ඔබට ඇති බලයෙන් වැඩක් නැහැ. අසරණයා හැමදාම අසරණයි. දෙවියෝ අසරණයන් දිහා බලන්නේ නැහැ
ඔහු දෙවියන් ට බණින්න පටන් ගත්තා...
මම ඒ අසරණයන් වෙනුවෙන් දැනටමත් යමක් කරල තියෙන්නේ.
තරුණයා පුදුමයට පත්කරමින් දෙවි කෙනෙක් ඔහු ඉදිරියේ පෙනි සිටිමින් අබිමානයේන් කිව්වා.
ඒ මොකක් ද?
මම ඔබව නිර්මාණය කළා.
ඉතින්,
ඉතින් ඔබට ඔවුන් වෙනුවෙන් යමක් කළ හැකියි.
දෙවියා පැවැසුවා.
දෙවියන්ගේ ඒ පිළිතුරත් සමග ආවේගශිලි තරුණයා ගින්දරට වතුර දැම්මා වගේ සන්සුන් වුණා. සැබැවින්ම අන්ත අසරණ වුණු මිනිසුන්ට යමක් කරන්න නොදැකපු දෙවියන් මහ පොළොවට වඩින තුරුම ඉන්න ඔිනෑද? මිනිසුන්ට මිනිසුන් වෙනුවෙන් යමක් කළ නොහැකි ද? දැනටමත් නොදැකපු තිස්තුන් කෝටියක් දෙවිවරු නඩත්තු කරන්න වෙහෙසෙන සමහර දේවාල පෞද්ගලික සමාගම් වෙනුවෙන් නිකරුණේ වියදම් කරන ධනය වැටිලා ඉන්න මිනිසුන්ට අත දෙන්න විධිමත් ලෙස යොදවන්න අපට බැරිද? ගෞතම බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, ඒබ්‍රහම් ලින්කන්, නෙල්සන් මැන්ඩෙලා...ඇතුළු බොහෝ විශිෂ්ටයන් මිනිසුන්ගේ ජිවිත වෙනස් කළේ මහා මන්දිරි තුළ සැප පමණක් විදිමෙන් නොවෙයි.
ස්වාභාවධර්මය නම් අසීමිත දෙවියා ඔබ නිර්මාණය කර තිබෙන්නේ මේ ලෝකය යහපත් ලෙස වෙනස් කරන්න අවශ්‍ය සියලුම ශක්තින් සහ හැකියාවන් අඩංගු මෘදුකාංග ලෝභ නැතිව ඔබ තුළට අන්තර්ගත කරලා. ඉතින් ඒම මෘදුකාංගවලින් වැඩ ගැනිම නම් ඔබගේ රජාකරියක්. ඒ නිසා අනෙක් මිනිසුන්ගේ ජිවිතය වෙනස් කරන්න ඔබට කළ හැකි පුංචිම දේ අදම කරන්න අමතක කරන්න ඒපා. සැබැවින්ම ඔබට ඔවුන් වෙනුවෙන් යමක් කළ හැකියි. මිනිසුන් වෙනුවෙන් යමක් කිරිම ඔබගේ යුතුකමක් නොව වගකීමක්. ඒ වගකීම ඔබ හදවතින්ම ඉටු කරනවා නම් ඔබ මිහිමත සැරිසරන ජිවමාන දෙවියෙක්...
ස්තුතියි...