විෂ වෙද ඔරුව


පරාම්පරාගව පැවිති ඒන දේශිය වෛද්‍ය ක්‍රමයේ විෂ වෛද්‍ය විද්‍යාව ඉතා උසස් තැනක තිබුණි. ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යමින් පවතින මෙම වෛද්‍ය ක්‍රමයේ "විෂ වෙද ඔරුව" විෂ ශරීරගතව, මුර්ඡා වූ රෝගියෙකගේ විෂ බැස්ස වීම පිණිස යොදාගත් ක්‍රමයකි.

බෙහෙත් ඔරුව(මුලාශ්‍ර: researchgate.net)


කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සැරයන් කෙනෙකු වශයෙන් සේවය කරන ඇල්. ඊ. ඒ. ජයරත්න මහතා විසින් තම පරම්පරාව සතුව ඇති පුස්කොළ පොතක් ආශ්‍රයෙන් ලියා ඉදිරිපත් කරන මෙම "විෂ වෙද ඔරුව(මෙහි කලාවකවානු නිවරදිව ප්‍රකාශ කළ නොහැක) " BrainStorm " පාඨකයන්ට සේම විෂ වෛද්‍යවරුන්ට ද  ප්‍රයෝජනවත් ‌වනවා ඇත.


සියලු සපුන් විස නොබැස ති් නන්

විෂයෙන් මල පැය ගණනක් උනි නන්

වෙදුන් බැරිය  කියමින්  අස්වේ  නන් 

ගැමුණු රජුන් ඉපදෙව් විස ඔරුවේ න්


සස් සද ඉරිමසු රනවරා ගෙන

ඒලවරාද නික පඹුරුද අත්ත 

පතොක් කරඹ මුඩමහණද ගනිමි  

කරපිංචා දෙහි ඉරිවේරිය ගෙන


දියමෙනේරිය කලු හබර ල

ඒරත් නිවිතිය වැන්න කිඹුල් වැ ල

වේලා රත් තම්පල ගොඩ මානෙ ල

ගොන් කැකිරි උක් දඩු දියහබර ල


තිබ්බොටු කිරිබදු පුපුලද ගන් නේ

මානුග දොඹ අහු බටු සමගින් නේ 

යක් බේරිය යක් වනස්ස ගන් නේ

වරාද අතතුත්තිරි මුල් ගන් නේ 


සුලු නසි මා නයි කරදද ගන් නේ

තිත්ත වැඩකොලු  ලුනුත් ‌ගන් නේ

ඹලිදද පුහුලුත් පොල් අරගන් නේ

ඒ කාවේරිය වල් අබ ගන් නේ


සාරණ අගුනත් උදු පියලි ද සේ

රුක් අත්තන ඉදිබඩ ගෙන ඒම සේ

සාතාවාරිය කොල්ලුද සතො  සේ

පෙනෙල කුප්පමේනිය ගෙන විග සේ

    

කටු කරඩුත් ඉගුරුත් උළු හා ලින ‌

මේ අවුසද කොටමින් මිරිකා ගෙන

බෝ සීනුක් සහ මුගුණුවැන්න ගෙන

ඔරුව කපා ඒහි ඇතුලත පුරව  


ඒළකිරි තණකිරි ඒහි වත්කර කර

තැඹිලි වතුර රසදිය ඒහි වත් කර

ඒල මුත්තර නර මුත්තර සම කර

තලතෙල් ගිතෙලුත් මීතෙල් වත කර


විසයෙන් මළ පැය ගණනක් පසු උන

විදුරඹ නස්නය කරවව් විගසී 

ඔලුව ඉහලගෙන කද ඔරුවට ලන

තුන් දා මළ මිනි කදවත්  උප දින


Getting Info...

කර්තෘ

This is a big world. I'm exploring everything that is accessible to my five senses.

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.