![]() |
Area 51, where it is said that life exists outside of the earth |
ඒරියා 51, ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ, ලාස් වේගාස් අගනගරයේ මොජාවේහි ගෘම් නම් වියළි වැව් ඉවුර ආශ්‍රිතව පිහිටා තිබෙනවා. ඇමරිකාවේ ප්‍රමුඛ යුද්ධ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මෙය එඩ්වඩ්ස් ගුවන් හමුදා කඳවුර ලෙසත් හඳුන්වන අතර පළල සැතපුම් 6ක් සහ දිග සැතපුම් 10ක ඍජුකෝණාස්‍රාකාර භූමි ප්‍රදේශයක් පුරා පැතිරෙනවා. ඒරියා 51 ඇමරිකානු අභ්‍යාවකාශ ආඥාදායකයේ නියෝග මත තහනම් ගුවන් කලාප අංක 4808 ලෙස නම් කර තිබෙන අතර ඒ වෙත සිවිල් හෝ සාමාන්‍ය ගුවන් හමුදා වලට පිවිසීම තහනම්.
ඒරියා 51 හෙවත් 51වන කලාපය
ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ප්‍රාන්ත 50ට අමතරව පවතින, කිසිදු නිවැරදි තොරතුරක් දැනගත නොහැකි ප්‍රදේශය 51වන කලාපය හෙවත් ඒරියා 51 ලෙස හැඳින්වෙනවා. මේ ගැන එහි වැසියන්වත් නිවැරදි තොරතුරක් නොදන්නා බවයි පැවසෙන්නේ. මෙම ප්‍රදේශයේ නීත්‍යානුකූල අයිතිය හිමිවන්නේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ ඇමරිකානු ගුවන් හමුදාවටයි. ඔවුන්ගේ අවසරයකින් තොරව කිසිසේත්ම කිසිවකුට ඒරියා 51 වෙත ඇතුළු විය නොහැකියි. ඇමරිකානු රජය විසින් මෙය නෙවාඩා පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය ලෙස හඳුන්වනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමරිකානු හමුදාවේ බර අවි පරීක්ෂාව, රුසියානු ගුවන් යානා ගැන තොරතුරු සෙවීම සහ U 2 මෙහෙයුම මෙහිදී සිදුකළ අතර ඒ අවධියේදී මෙතරම් මුරකාවල් දමා තිබුණේ නැහැ.
ආරක්ෂාව
මෙහි ගොඩනැගිලි තුළ සිදුවන්නේ මොනවාද? ඒවා නඩත්තු වෙන අයුරු, ඒවායේ සේවය කරන්නන් ගැන කිසිදු තොරතුරක් දැනගත නොහැකි ලෙස ඇමරිකානු රජය විසින් ඒරියා 51 වෙත දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අතර පැය 24 පුරා ක්‍රියාත්මක වන ආරක්ෂක සේවයකින් යුක්තයි.
මෙම ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිලි වලට කිලෝමීටරයක් පමණ මෙපිටින් ආරක්ෂක වැටක් පිහිටුවා තිබෙනවා. එම භූමියට ඇතුළුවීම තහනම් බව සඳහන් පුවරු රැසක්ද අවට දැගකත හැකියි. CCTV කැමරා, කාන්දම් පද්ධති, සංවේදක වැනි නොයෙක් උපක්‍රම යොදා ඇති අතර ප්‍රදේශය වෙත ළඟාවෙන්නෙකුගේ අඩි ශබ්දය පවා මෙම කාන්දම් පද්ධතිය සහ සංවේදක මඟින් හඳුනාගත හැකි බව පැවසෙනවා. ඒවගේම පිටත සිටින හැකර්වරුන්ට ඒරියා 51 පරිගණක පද්ධතියට කිසිසේත්ම ඇතුළු විය නොහැකියි.
අන්තර්ජාලයේ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණයෙන් මේ ගැන පහසුවෙන්ම තොරතුරු දැනගැනීමට පුළුවන් යැයි ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ආරක්ෂක විධිවිධාන රාශියක් යොදමින් ඇමරිකානු රජය ඒරියා 51හි චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීමත් ප්‍රබල ලෙස අවහිර කර තිබෙනවා. ගෘම් විල අවට පිහිටි ගොඩනැගිලි වල වහල පෙනෙන ඡායාරූප හැර වෙන කිසිදු ඡායාරූපයක් චන්ද්‍රිකා තාක්ෂණයෙන්ද ලබාගත නොහැකියි
කටකතා සහ අනුමාන කිරීම්
මෙම ප්‍රදේශය සම්බන්ධව නිල තොරතුරු කිසිවක් දැනගන්නට නොලැබෙන නිසා එහි සිදුවනවා යැයි සිතන සිද්ධි වටා විවිධ මිත්‍යා මත, අද්භූත සිදුවීම් සහ කටකතා ගෙතී තිබෙනවා. මේ සම්බන්ධව ඇත්ත නැත්ත හඳුනාගත නොහැකි තරමටම ඒවා පැටලිලි සහගතයි. ගුවන් හමුදා කඳවුරක් ලෙස ඇමරිකානු රජයෙන් ලොවට පවසන නමුත් පිටසක්වල ජීවීන් සමඟ කටයුතු කරන ස්ථානයක් බවටත් හැඳින්වෙන ඒරියා 51 හි බුදුදහමේ ඉගැන්වීම් ප්‍රායෝගිකව භාවිතා කෙරෙන බවත් පැවසෙනවා.
මෙහි ඉතා රහසිගතව ජීව විද්‍යාත්මක අවි නිපදවන බවත්, පෘථිවි වැසියන් සහ පිටසක්වල ජීවීන් අතර හමුවීම් සිදුවන ස්ථානයක් බවත්, කාලය හරහා ගමන් කිරීම සම්බන්ධව පර්යේෂණ සිදුවන බවත් ඇතැමුන් අනුමාන කරනවා. ඇමරිකාව මුළු ලෝකයේම පාලනය තමන්ට නතු කරගැනීමට දැනටත් උත්සාහ කරමින් සිටින නිසා මෙහි ඒ වෙනුවෙන් කටයුතු සිදු කෙරෙන බව අනෙක් මතයයි.
රුසියානු චන්ද්‍රිකාවක් 1988දී ඒරියා 51හි ඡායාරූප ගැනීමට සමත් වුණා. මුළු භූමියෙන් ඉතා කුඩා කොටසක ඒරියා 51හි පර්යන්තය පිහිටා ඇති බවත් එය නිවාස, ගුවන්යානා ධාවන පථ, අහස් යාත්‍රාංගනය, කාර්යාල, බොජුන් හල්, මුර කුටි සහ රේඩාර් ඇන්ටනා වලින් සමන්විත බවත් ඒවායින් පැහැදිලි වුණා.
සැබෑවක්ද?
ඒරියා 51 සැබවින්ම පවතින බවට ඇමරිකානු රජය විසින් ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂක ලේඛනාගාරයට යැවූ ලිපියක සඳහන් වෙනවා. ඇමරිකාව මෙය පිළිගත් පළමු අවස්ථාව එය වුවත් 2002දී එම තොරතුරු සියල්ල ඉවත් කිරීමට ඔවුන් කටයුතු කළා. 1995දි ජනාධිපති බිල් ක්ලින්ටන් විධායක නියෝගයක් නිකුත් කරමින් ඒරියා 51 වෙත කිසිදු නීතියක් පැනවිය නොහැකි බවත්, කිසිදු විමර්ශනයකට භාජනය කළ නොහැකි බවත් පැවසුවා.
මෙහි සේවකයන් එහි සිදුවන සියළු කටයුතු රහසිගතව තබා ගන්නා බවට සහතික විය යුතු අතර ඔවුන් බාහිර ලෝකයෙන් මිදී දරු පවුල් සමග කඳවුරේම වාසය කරනවා. පිටත සමඟ කිසිදු ඥාති හෝ මිත්‍ර සබඳතාවක් පවත්වා ගැනීමට ඔවුන්ට අවසරයක් නැහැ.මෙහිදී ඇමරිකානු රාජ්‍ය නායකයින් සහ පිටසක්වල ජීවීන් මුණගැසෙන බවත්, ප්‍රදේශය ආශ්‍රිතව අභිරහස් යානා දකින්නට ලැබෙන බවත්, සඳගමන ඒරියා 51හිදී ව්‍යාජව නිරූපණය කරන ලද්දක් බවත් පැවසෙනවාඒරියා 51හි සේවකයන්ගෙන් තොරතුරු එකතු කරගෙන ඇනී ජේකොබ්සන් විසින් Area 51: An Uncensored History of America’s Top Secret Military Base නමින් කෘතියක් රචනා කළා. එයට අනුව ඒරියා 51හි අතිවිශාල රහසිගත උමං මාර්ගයක් පවතින අතර න්‍යෂ්ටික වැඩසටහන් ද පවතී.
හිට්ලර් ට සක්වළ ජීවීන් තාක්ෂනය දුන්නා ද ? හිට්ලර් මැරුනේ නැද්ද ? ඇන්ටාක්ටිකාව ට හිට්ලර් පලා ගියද ?
Dr.Hermann Oberth කියන්නේ රොකට් තාක්ෂනයේ දැවැන්ත චරිතයක්. මෙයා තමා ඇමරිකාවට පළමු සඳ ගමනට දායක උන Werner Von Brann ගේ ගුරුවරයා.මේ දෙදෙනාම ජර්මන් නාසි හමුදාවේ හිටපු විද්‍යාඥයින් පසුව දෙවන ලෝක යුධ සමයේදී ඇමරිකාව විසින් දියත් කළ Operation Paperclip හරහා ඇමරිකාවට ගෙන එන ලදි.
දැන් මාතෘකාවට එමු.1972 මාධ්‍ය සාකච්ඡාවකදී Dr.Hermann Oberth ගෙන් ආසන ප්‍රශ්නයකට මෙසේ පිළිතුරු දෙනවා.
" We cannot take all the credit for our record advancements in certain scientific fields alone.
We have been helped,
We have been helped by the people of other worlds."
මෙය නැවත වරක් අසු විට එසේම පිළිතුරු දෙනවා.මේක සරල කතාවක් වගේ පෙනුනට මේකෙන් කියන්නේ විද්‍යා හා තාක්ෂණික දියුණුවේ සියලු ගෞරවය මිනිසුන්ට ලබා ගත් නොහැකි බවත් ඒවට වෙනත් ලෝක වල ජීවීන් උපකාර කළ බවත්.
මේ කියන්නේ ජර්මන් නාසි හමුදාවේ හිටපු විද්‍යාඥයෙක් වගේම පසුව සක්වළ ජීවීන් ගැන කතා කරපු කෙනෙක්.ඒ වගේම කලින් කිව්ව මොහුගේ ගෝලය නාසා ආයතනයේ සිට චන්ද්‍ර ගමනට උපකාර කළ විද්‍යාඥ යත් ජර්මන් නාසි හමුදාව සක්වළ ජීවීන් හා එක්ව කටයුතු කළ බව පවසනවා.මේ දෙන්නම එසේ මෙසේ චරිත නෙමේ රොකට් තාක්ෂණය පිළිබඳ දැවැන්ත චරිත.
හැමෝම දන්න කරුණක් තමා ජර්මන් නාසි හමුදා ව ඉපැරණි ශිෂ්ටාචාරවල අධි මානසික ක්‍රම වර්ධනය කර ගත හැකි ක්‍රම හා ඉපැරණි ශිෂ්ටාචාර වල අහසින් යා හැකි ගුවන් තාක්ෂණයන් පිළිබඳ දැඩි උනන්දුවක් දැක් වූ බව. ඒව සෙවීමට Ahnenerbe නම් පර්යේෂණ කණ්ඩායමක් පවා පත් කරා. ඒ වගේම Thule society හා Vril society කියලා කණඩායම් දෙකක් ජර්මන් නාසි හමුදා පර්යේෂණ වල සිටියා. මෙයාලගේ ප්‍රදාන අරමුණ උනේ ජර්මන් ජාතිය Aaryan race එකකින් පැවැත් එන පරිශුද්ධ ජාතියක් බව විශ්වාස කිරීම හා එසේ කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
සමහරු කියන පරිදි හිට්ලර් හා නාසි පක්ෂයේ බිහි වීමට මේ Thule society එක දායක උන බවයි. එසේම Vril society එක තමා නාසි UFO හා Nazi bell machine ගැන පර්යේෂණ කරේ.මෙයාලා ඕන දෙයක් යට කරලා තමන්ගේ අරමුණ ඉටු කර ගැනීමට උත්සාහ කළා.
1930-40 කාලයේදී Maria Orsica කියන කාන්තාවක් සක්වළ ජීවීන් හා සම්බන්ධ උනා ටෙලි පති ක්‍රමෙකින්. ඇය Thule society එකේ සාමාජිකාවක් ඒ ඉඳලා පසුව Vril society එකට සම්බන්ද වෙනවා. ඇය වගේම තවත් කොන්ඩේ දිග තරුණ කාන්තා වන් පිරිසක් මේ ටෙලි පති වැඩේට දායක වෙලා තියනවා.මේ Vril කියන වචනය පුරාණ සුමේරියන් වචනයක්, එහි අදහස දෙවියන් යන්න වගේ එකක්. මේ මරියා ටෙලි පති ක්‍රමේ හරහා සම්බන්ද උනා කියන සක්වළ ජීවීන් මීට පෙර සුමේරියන් යුගයේදී පෘථිවියේ සිට නැවත ඔවුන්ගේ මව් ලෝකය වන Aldebaran තාරකා මණ්ඩලය වෙත ගිය බව පවසනවා.
කෙසේ නමුත් මරියා ඔසකා ට සක්වළ ජීවීන් සමඟ සම්බන්ද වෙන්න පුළුවන් උනාම ඇය ලබා දුන් රහසිගත වාර්තා දෙකක් ජර්මන් නාසි හමුදා වට ලබා දෙනවා. එක් වාර්තාවක් රහස් German Templar බසිනුත්,අනික සුමේරියන් බසිණුත් තමා දෙන්නේ.කෙසේ වෙතත් මේවා සාමන්‍ය ජර්මන් බසට පෙරළුවම එහි තිබී ඇත්තේ විශ්වය හරහා යන යානා ගැන මෙන්ම ඒව නිර්මාණය කරන සැලසුම් ක්‍රම යි. මේ පිළිබඳ පර්යේෂණ කිරීමට පත් කර ඇත්තේ නාසි හමුදාවේ භෞතික විද්‍යාඥ Dr.Autoshooman ය.දෙවන ලෝක යුද්දය අවසන් වී සොයා ගත් වාර්තා අනුව මේ පර්යේෂණ සිදු කර ඇත්තේ 1944 දිය. කෙසේ වෙතත් යුද්ධයේදී මිත්‍ර හමුදා දුටු හඳුනා නොගත් අධික වේගෙන් ගමන් කරන මෙන්ම, එක තැන සිටිය හැකි අද්භූත යාන විශේෂයක් ගැන සදහන් කර සිටියහ.ඒව ෆූ ෆය්ටරස් යනුවෙන් ඔවුන් නම් කළහ.මේවා පැසිෆික් හා යුරෝපා මුහුදු කලාප වල දැක ගත හැකි වූ බව පවසනවා.
කෙසේ නමුත් මරියගේ රහස් වාර්තා අනුව නිර්මාණය කළ පළමු යානය ගිනිගෙන දැවී ගිය අතර කෙසේ නමුත් නැවත මරියා සක්වළ ජීවීන් හා සම්බන්ද වී තොරතුරු අරගෙන යානා නිර්මාණය කල බව පැවසෙනවා.මේ පිළිබඳ පර්යේෂණ කළ Dr.Autoshooman ව පසුව ඇමරිකන් බරයට ගන්නවා. Dr.Autoshooman පවසන පරිදි මෙම යානා මිත්‍ර හමුදාව අතට පත් වීම නැවතීම සඳහා ඔවුන් මේ හා සමාන මොඩ්ල් දෙකක් සෑදූ බව කියනවා.
කෙසේ නමුත් 1946 පසුව මරියා ඔසක හා ඇය ගේ කණ්ඩායම කිසිම හේතුවක් හෝ අනතුරක් නැති ව අතුරුදන් වී තිබුණා.සමහර අයගේ මතවලට අනුව මරියා හා කණ්ඩායම Aldebaran තාරකා ව වෙත ගොස් ඇති බවයි.තවත් මතයක් අනුව ජර්මන් හමුදාව කලින්ම පරාද වෙන බව සක්වළ ජීවීන් දැන් වූ නිසා වෙනත් රටකට පළා ගොස් ඇති බවයි.
මිත්‍ර හමුදා බර්ලින් නගරය අල්ලා ගැනීමට පෙර මරියා ඔසාක ලබා දුන් වාර්තා පවා විනාශ වී තිබිය.නාසි න්ගේ වාර්තා විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බව ලෝකෙම දන්න රහසකි.ඒ වාර්තා අතර මෙවැනි යානා ගැන තිබූ වාර්තා පවා විනාශ නොකර සිටි යැයි කාටවත් කිව නොහැක.
කෙසේ නමුත් සමහර අයගේ මතය වන්නේ මෙය හුදෙක් ගොතපු කතාවක් බවයි.
කෙසේ නමුත් ලෝකයේ ප්‍රථම අධි බලැති V2 රොකට් එක පවා නිර්මාණය කළේ නාසි හමුදාවට ය.එසේම ඔවුන් න්‍යශ්ටික බෝම්බ පිළිබඳ පර්යේෂණ පව කර ඇති බව සදහන්. මේ කාලයේ අන් කිසිදු රටක් රොකට්ටුවක් හෝ න්‍යුෂ්ටික බෝම්බයක් ගැන හීනෙන් වත් සිතා නොසිටින්න ඇත.ඇත්තම කරුණ නාසින් මේවා ගැන පර්යේෂණ නොකර සිටියා නෙමේ ඔවුන්ට කාලය මදි වී ඇති බව පෙනී යයි. මන්ද මේ කාලයේ ඔවුන් පරාජය පේනා මාන්යේ සිටියහ.
1939 ඇල්බට් අයින්ස්ටයින් පවා ඇමරිකානු ජන්ධිපති Franklin Delano Roosevelt ට ලිපියක් පවා ලිව්වේ ජර්මන් නාසි හමුදාව නයුෂ්ටික බෝම්බ නිර්මානය කිරීමේ අවදානමක් තිබෙන බවත් හැකි ඉක්මණින් ඊට එරෙහි ව ක්‍රියා කළ යුතු බවය. Operation Paperclip හරහා ඇමරිකාව ජර්මන් නාසි හමුදාව යටතේ සිටි විද්‍යාඥයින් ඇමරිකාවට ගෙන්වා ගත්තේය.මෙය සිදු උනේ ඇමරිකාව හා සෝවියට් රුසියාව අතර බර්ලින් නුවර අල්ලා ගැනීම ට තරඟයක් තිබෙන අතර ය.නමුත් ඇමරිකාව එය පසෙකට දමා ජර්මන් විද්යාඥයන් ගෙන්වා ගැනීමේ නිරත වූහ. මෙය සුළු පටු නොවේ.යම් වාසියක් නැත්තම් ඔවුන් මෙසේ කරන්නේ නැත.කෙසේ නමුත් ඇමරිකාව අභ්‍යවකාශ ,යුධ තාක්ෂණය හිටි ගමන් දියුණු වූයේ මේ Operation Paperclip හරහා ජර්මන් විද්‍යාඥයින් ගෙන්වීම්න් පසුවය.එසේ නම් ඇමරිකන් බුද්ධි අංශ ජර්මන් රහස් ගැන කලින් ඉඳන් දැන සිටින්න ඇත. අද යම් තරමින් සුමේරියන් භාෂා ව කියවන්න පුළුවන් අය හිටියට ලියන්න පුළුවන් අය නැත.කිසි ම භාෂාවකට සම්බන්ද නැති සුමේරියන් භාෂාව වසර 3500 පෙර විනාශ උනා.මේ Nazi UFO කතා බොරු නම් සුමේරියන් කතාවක් ගාවන්නේ මොකද ? කෙසේ නමුත් මරියා සම්බන්ධකම් පැවැත් වූ ව කියන්නේ Aldebaran තාරකාව අසන්නේ ලෝකයක ජීවීන් සමඟ.මේ Taurus ( වුෂභා ) රාශියේ ප්‍රදාන තාරකා තුනක් ඇති අතර, Aldebaran තරුව ආලෝක වර්ෂ 65 පමණ දුරකින් ඇති අතර, මේ ප්‍රදාන තරු තුනෙන් තැඹිලි පැහැ තාරකාව වටා ජලය ඇති Aldebaran B නැමති ලොවක් සොයා ගත්තා. මෙහි ජලය ඇති නිසා ජීවයක් පැවතීමට ඉඩ ඇත.මේක හොයා ගන්නේ 1993, හැබැයි මරියා ඔසෙක් කතාව හා aldebaran තාරකා මණ්ඩලය ගැන..කතාව එළියට එන්නේ 1960 දී.
කෙසේ නමුත් නාසි න් විසින් 1938 දී ඇන්ටාක්ටිකාව ට පිරිසක් පිටත් කළ යවනවා. ඒ කියන්නේ තෙල් සොයන්න කියලා,නමුත් මේක සත්‍ය ක් කියලා හිතන්න බෑ.මොකද දකුණ දිග ඉඳලා ජර්මනියට තෙල් ප්‍රවාහනය කරයි කියලා හිතන්න අමාරුයි.කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධය අවසානයේ විශාල U- බෝට්ටු ප්‍රමානයක් ජර්මනියේ සිට පෘථිවයෙහි දකුණු දිගට යාත්‍රා කළා කියලා කතාවක් තියනවා. ඒ වගේම ඒ වල නාසි නිලධාරී මෙන්ම හිට්ලර් පවා සිටින්න ඇති කියලා සමහර පිරිස් කියා සිටිනවා.කෙසේ නමුත් අද ට ත්,කිසිම වාර්තාවක් නැතුව අතුරුදන් වූ U බෝට්ටු 50 ක් හා තවත් විශාල ප්‍රමාණයක් නාසි හමුදා නිලධාරීන් ගැන කිසිම තොරතුරක් නෑ .
කෙසේ වෙතත් 2003 දී නෝර්ජියනු මුහුදු කලාපයේ තිබී නාසි U -864 සබ්මැරීන් එකක් ටොන් 65 ක් රසදිය ( Mercury ) ප්‍රමානයක් එක්ක සොයා ගන්නවා.මෙය විනාශ කාර ඇත්තේ බ්‍රිතාන්‍යයේ HMS සබ්මැරීන් එක 1945 වසරේදී.ඒ වගේම ඉන්දුනීසියානු මුහුදු කලාප යේද නාසි සබ්මැරීන් එකක් මෙවැනි ටොන් ගණනක රසදිය ( Mercury ) එක්ක සොයා ගනු ලැබුවා .යුද්ධයෙන් පෙරදී පළා යන පිරිසකට මෙපමණ රසදිය ප්‍රමානයක් මොකටද ?
ලංකා ඉතිහාස පුවත් අනුව රාවණ රජුගේ පුෂ්ප ක විමාන හා දඬු මොනරා වැනි යාන සඳහා මෙන් ම, භාරත ග්‍රන්ථවල ඇති විමාන ගුවන් යන්ත්‍ර සදහා මෙවැනි රසදිය පාවිච්චි කර බල ගෙන්වූ බව සදහන් වෙනවා. මේ කතාව ඇත්ත කියලා නොගත්තත් මෙච්චර රසදිය (Mercury) ප්‍රමාණයක් නාසින්ට මොකටද ? මේවා කොහේටද ගෙනියන්න හැදුවේ කියලා නිසි පිළිතුරක් නෑ.රස්දිය මගින් විෂ වායු උත්පාදනය කරන්න පුළුවන් වගේම,Iron proposal system යොදාගෙන අභ්‍යවකාශ තරණය කිරීමේ හැකියාවක් පවතින බවත් ඒ පිළිබඳව NASA ආයතනය පරීක්ෂන කරමින් පවතිනවා.ඔබට යම් සම්බන්ධයක් වැටහෙනවා ඇති.
කෙසේ නමුත් 1947 දී USA operation highjump Antarctica කියන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්වා.මේ සඳහා නැව් 13, ගුවන් යුද යාන 33 ,සෙබළුන් 4700 පිරිසක් යොදා ගන්නවා.සීතල වගේම කාත් කව්රු වත් නැති මේ ඇන්ටාක්ටිකාව ට මෙපමණ පිරිසක් මොකද ? හරියට යුද්ධයකට යනවා වගේ. නාසි න් ඇන්ටාක්ටිකාව ට පළා ගිය නිසාද ? නැත්තම් වෙනත් කරුණක් නිසාද? කෙසේ වෙතත් මේ පර්යේෂණය මාස 9 ක් කරන්න තිබ්බත් මාස 3 කට්ටිය ආපහු එනවා.ඉන් අනතුරුව මේ නැවේ අද්මිලාර්වරය සැන් දියිගෝ වලදී මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා හඳුනා නොගත් වේගෙන් යන යාන කිහිපයක් පැමිණ ඔවුන්ට පහර දුන් බවත් ඇමරිකාව ට මින් මතු යුද්ධයකට මැදිහත් වෙන්න වෙනවා නම් අර යාන වලට මුහුණ දෙන්න තාක්ෂනය අවශ්‍ය බවත්.මෙහිදී ඔවුන්ගේ යාන හා නැව් පැහැදිලි කළ නොහැකි ලෙස බරපතල ලෙස විනාශයට පත් වී තිබෙනවා.ඔහුගේ මේ ප්‍රකාශය ඉතා බරපතලයි.ඒ වගේම මේ පර්යේෂණය විද්‍යාත්මක දත්ත බිංදුව යි,සිදු වූ හානිය අති මහත්.ඔහුගේ ප්‍රකාශය අන්තර්ජාලයේ පවා සොයා ගන්න පුළුවන් .
ඇමරිකා එක්සත් ජනපද යුද ගුවන් හමුදා 509 වන අනුඛණ්ඩයේ රොස්වෙල් කදවුරු භූමිය තුළ 1947 වසරේ ජුලි 9 වනදා සිදුවූ එම ප්‍රථම සම්මුඛ සාකච්ඡාව මෙලෙස දිග හරිමි. (සිතිවිලි සම්ප්‍රේෂණ ආමන්ත්‍රණය හරහා)
ප්‍රශ්නය - ඔබට තුවාල සිදුවී ද?
පිළිතුර - නැත.
ප්‍රශ්නය - ඔබ හට කුමන ආකාරයේ වෛද්‍ය පහසුකම් අවශ්‍යද?
පිළිතුර - නැත
ප්‍රශ්නය - ඔබ හට යම් ආහාර හෝ ජලය හෝ වෙනයම් දෙයක් අවශ්‍යද?
පිළිතුර - නැත.
ප්‍රශ්නය - ඔබට යම් සුවිශේෂී වූ පාරිසරික තත්ත්ව, වායුගෝලීය උෂ්ණත්වයන්, වායුගෝලයේ රසායනික අඩංගු ප්‍රමාණයන්, වායු පීඩනය, අපද්‍රව්‍ය බැහැර කරලීම වැනි දෑ අවශ්‍යතා මතු වී ඇත් ද?
පිළිතුර - නැත. මා ජීව විද්‍යාත්මක සත්වයෙකු නොවේ.
ප්‍රශ්නය - ඔබගේ සිරුරෙන් හෝ ඔබ පැමිණි යානාව මගින් පෘථිවියට හෝ පෘථිවි ජීවීන්ට හානිකර විෂබීජ අපද්‍රව්‍ය පැමිණියේ ද?
පිළිතුර - නැත.
ප්‍රශ්නය - ඔබගේ රාජ්‍ය ඔබගේ පෘථිවි ආගමනය පිළිබඳ දැනුම්වත් වී ඇත් ද?
පිළිතුර - මේ මොහොත වන විට දැනුවත් වී නැත.
ප්‍රශ්නය - ඔබගේ ජන්ම භූමියේ සිට ඔබ සොයා ඔබගේම වූ ජීවීන් පිරිස් පිරිස් මෙහි පැමිණේවීද?
පිළිතුර - පැහැදිලිවම ඔව්.
ප්‍රශ්නය - ඔබගේ ලෝකවාසීන්ගේ ආයුධ හැකියාව කෙබඳුද?
පිළිතුර - අතිශය විනාශකාරී.
ප්‍රශ්නය - ඔබගේ අභ්‍යවකාශ යානාව විනාශ වූයේ ඇයි?
පිළිතුර - වායුගෝලීය විද්‍යුත් විසර්ජනයකට හසුවීම නිසා යානාවේ පාලනය නොමැති වීමෙන්.
ප්‍රශ්නය - ඔබගේ අභ්‍යවකාශ යානාව පෘථිවි තලය ආසන්න ප්‍රදේශයේ සැරිසරන්නේ ඇයි?
පිළිතුර - විකිරණශීලී තත්වයන් තත්ත්වයන් හා පිපිරවීම් සම්බන්ධ ඔබ කරන දෑ පිළිබඳ පරික්ෂා කිරීමට.
ප්‍රශ්නය - ඔබගේ අභ්‍යවකාශ යානාවේ ක්‍රියාකාරීත්වය සිදු වන්නේ කෙසේද?
පිළිතුර - අපගේ යානාව පාලනය වන්නේ මනසින් එය ක්‍රියා කරන්නේ සිතිවිලි අණදීම වලින්. (මෙම පිටසක්වල ජීවීන්ගේ සිරුරු හා යානාව අතර එක්තරා අන්දමක විද්‍යුත් ස්නායු පද්ධතියක් වැනි දෙයකින් සම්බන්ධිත අතර එම සිරුර හා යානාව සිතිවිලි මඟින් පාලනය වීම අදහස් කෙරුණි.)
ප්‍රශ්නය - ඔබගේ ලෝකයේ ජනයා එකිනෙකා අතර සන්නිවේදනය කර ගන්නේ කෙසේද?
පිළිතුර - මනසින් හා සිතිවිලි මගින්
ප්‍රශ්නය - ඔබේ ජනයා හට භාෂාවක් හෝ සුවිශේෂී ලකුණු සන්නිවේදනය සඳහා තිබෙනවාද?
පිළිතුර - ඔව්
ප්‍රශ්නය - ඔබ පැමිණි ලෝකය කුමක්ද?
පිළිතුර - මගේ නිවහන ඩොමෙන් නම් වූ ලෝකයයි. (මා අජටාකාශගාමීයකු නොවන බැවින් මා හට, තරු මන්දාකිණි, ග්‍රහ මණ්ඩල ආදිය ගැන හෝ විශ්වයේ දිශානති පිළිබඳ අවබෝධයක් නැත. නමුත් මා සිතන අන්දමට මෙම ඩොමේන් ලෙස පිටසක්වල ජීවියා හැඳින්වූයේ ග්‍රහලෝකයක්ද? නැතහොත් මන්දාකිණි ගණනාවක මධ්‍යයේ වූ සුවිශේෂී වූ ස්ථානයක් ද යන්න නොවැටහුනද මා සිතන්නේ එම ජන්ම භූමිය එක ග්‍රහලොවක් හෝ සෞරග්‍රහ මණ්ඩලයක් හෝ තරු පන්තියක් නොව අති විශාල මන්දාකිණි එකතුවක් බවයි. -මැටිල්ඩා-
ප්‍රශ්නය - ඔබගේ රාජ්‍යය අපගේ රාජ්‍ය නායකයන් හමුවීමට නියෝජිතයන් ඒවා විද?
පිළිතුර - නැත
ප්‍රශ්නය - පෘථිවිය පිළිබඳව සැලකිලිමත් වීමට හේතුව කුමක්ද?
පිළිතුර - මෙය ආරක්ෂා කිරීමට මෙන්ම එය ඩොමේන්හි දේපලක් නැතහොත් අප සතු වස්තුවක් ලෙස සලකන නිසා.
ප්‍රශ්නය - පෘථිවියේ ඇති රාජ්‍ය වල ආණ්ඩු ක්‍රියාකාරිත්වයන් හා යුධමය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව ඔබ හදාරා ඇතිද?
පිළිතුර - ඔව්. ඉතාම දුර්වල තත්ත්වයක්. පෘතිවියට විනාශකාරී තත්වයක් උදා කරනවා.
ප්‍රශ්නය - ඔබගේ පැමිණීම, ඔබගේ ලෝකයේ ජීවින්ගේ පැවැත්ම පෘථිවි වාසීන්ට නොදන්වන්නේ ඇයි?
පිළිතුර - අප නිරීක්ෂණයෙන් සිටිනවා එමෙන්ම නිරන්තර අවධානයෙන් සිටිනවා. නමුත් අප ආශ්‍රයන් ගොඩනඟා ගන්නේ නෑ.
ප්‍රශ්නය - ඔබ ලෝකවාසීන් මීට ප්‍රථම පෘථිවියට පැමිණ තිබේද?
පිළිතුර - වරින්වර පැමිණ තිබෙනවා.
ප්‍රශ්නය - පෘථිවිය ගැන දැනගත්තේ කවරකාලෙක පටන් ද?
පිළිතුර - මිනිසා ජනිත වීමට පෙර පටන්
ප්‍රශ්නය - ඔබගේ ලෝක තත්ත්වයන් විග්‍රහ කළ හැකිද?
පිළිතුර - ජන සමූහයක් ඇති සංස්කෘතියකින් පෝෂිත අතීතයක් සහිත අතිවිශාල ලෝකයක්, සශ්‍රීක බව සියලු සම්පත්වලින් අනූන බව එහි විශේෂයි. සූර්යන් 2ක් සහ චන්ද්‍රයින් 3කි.
ප්‍රශ්නය - ඔබගේ ජනයාගේ සංවර්ධනය කෙසේද?
පිළිතුර - පුරාණයේ සිටම, වසර ට්‍රිලියන ගණනක් සිට සෑම විටම අන් සැමටම වඩා ඉදිරියෙන් සිටිමින් විශාල ඉලක්ක වෙත යොමු වීම.
ප්‍රශ්නය - මේ අනන්ත විශ්වයේ ඔබ හැර වෙනත් දියුණු ජීවීන් සිටිනවා ද?
පිළිතුර - විශ්වයේ බොහෝ තැන්වල එවැනි දියුණු ජීවීන් සිටිනවා නමුත්. ඒ අතරින් අප තමයි ඉහළින්ම සිටින ජීවි කොට්ඨාශය අප විශිෂ්ටතමයන් වන්නෙමු.........
මෙම සංවාදයේ ඉතිරි කොටස ඉදිරියේදී බලාපොරොත්තු වන්න......
(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ 2016 අප්‍රේල් මස 3 වන ඉරිදා දින පලවූ ලංකාදීප පුවත්පතෙනි.)
(මේ සම්බන්ධව විවිධ පුද්ගලයින්ට විවිධාකාර මත දැරීමට හැකියාව ඇත. අප සිදු කරන්නේ එම පුවත්පතෙහි පලවූ ලිපිය උපුටා දැක්වීම පමණි. එහි සත්‍ය අසත්‍යතාව්‍ය අප හට විනිශ්චය කල නොහැක. තීරණය ඔබ සතුයි.)