![]() |
The Pursuit of Happyness 2006 |
ආයුබෝවන්; ඉතින් තවත් ෆිල්ම් ඒකක් අරගෙන ඔබේ අලින්දයට මම ආව, මේ ෆිල්මේ නම ඇවිල්ලා, The Pursuit of Happyness - සතුට සොයාගෙන යාම. ඉතිත් මේ ෆිල්ම ඒක ලෝකයාට බලන්න නිදහස් වෙන්නේ 2006 අවුරුද්දේ, දැන් කියයි පරණ ෆිල්ම් ඒකක් නේ කියලා. පරණ දේවල් පරණ වෙන්න වෙන්න තමයි වටිනාකම වැඩි වෙන්නේ, මට මේ ෆිල්ම් ඒක හම්භවෙන්නේ ඉතා අහම්බෙන් මනසිකව පොඩ්ඩක් වැටිල හිටපු කළේක. පෞද්ගලිකව මම මේ වගේ ෆිල්ම් බලන්න දැඩි රුචිකත්වයක් දක්වනවා මොක ද මනසිකව වැටුනු අවස්ථාවලදි ඒ මනසිකත්වයෙන් නැවත ප්‍රකෘති මනසිකත්වයට ඒන්න මේ වගේ ෆිල්ම් මට ගොඩක් උදවු වෙලා තියෙනවා. ඉතින් වර්තාමනයේ ඇතිවෙලා තියෙන මේ ප්‍රශ්නත් තෙක්ක ඔයාලගේ මනසත් අවුල් ගහලා ඇති සමහරවිට, ඒහෙම නැත්තම් ඔයාගේ අනාගතය ගැන ඔයාට ලොකු භයක් ඇති වෙලා ඇති. මම හිතනවා ඔයාලගේ ඒ භය නැති කරගන්න, අවුල් වියවුල් කරගන්න මේ ෆිල්ම් ඒක ගොඩක් උදවු වෙවි කියල. ඒ හින්ද ම තමයි මේ ෆිල්ම ඒක ගැන කාලයක් වෙන්කර ගෙන ඔයාලට කියන්න ඔන කියල හිතුවෙ.
ඒහෙනම් අපි යමු ෆිල්මේ ඒකෙ පසුබිම ගැන පොඩි ගවේෂණයක් කරන්න. The Pursuit of Happyness මේ ෆිල්මට පසුබිම සැකසීලා තියෙන්නේ සත්‍ය කතාවක් පදනම් කරගෙන. මේ කතාවේ ප්‍රධාන චරිතය ඒ කියන්නේ මේ කතාව පසුබිම් වෙල තියෙන පුද්ගලයා තමයි. ක්‍රිස්ටෝප් පෝල් ගාඩිනර් කියන්නේ. ඉපදිලා තියෙන්නේ 1954 පෙබරවාරි 09ය. මෙයා ඇවිල්ලා ඇමරිකාවේ හයි ලෙවල් ඒකෙ ඉන්න තවත් ඒක් ව්‍යාපාරිකයෙක්, අභිප්‍රේරණ කථිකයෙක් සහ හොද තාත්තා කෙනෙක්. 1987 ගාඩ්නර් රිච් ඇන්ඩ් කියන කෝටස් තැරැව් සමාගමේ ෆවුන්ඩර් වෙන්නෙත් මෙයා තමයි. ඉතින් මොහුගේ ස්ටොරි ඒක තමයි මේ ෆිල්ම තුල දිගටම ගලාගෙන යන්නේ. ඉතින් මේ ෆිල්මේ රගපන්නේ නම් මෙය නෙවෙයි ඒයාගේ නම තමයි විල් ස්මිත් කියන්නේ. නම ඇහුව ගමන් දන්නවා ඇති සමහර විට. පසුගිය සතිඅන්තේ ඔයාල දකින්න ඇති ඇමරිකාවේ BET කියන සම්මාන උළේලේදි විශේෂ තවත් සම්මානයක් දිනා ගන්නටත් මොහුට හැකි වුනා. ඒ 2021 දි රිලිස් වුණු King Richard කියන ෆිල්මේ King Richard නම් ප්‍රධාන චරිතයට අදාලව. ඒහෙනම් ඔයාලම මේ ෆිල්ම නරඹල තක්සේරුවක් දෙන්න විල් ස්මිත්ගේ හැකියාවට.
![]() |
source: www.marca.com |
මේ ෆිල්මේ සම්පුර්ණ කතාව මෙතන කොටන්න යන්නේ නැ මොකද ඒහෙම වුනොත් ඔයාලට බොරින් වෙන නිසා සහ කුතුහලයක් තියෙන්න ඔින නිසා. ඒ හින්ද පොඩි සරාංශයක් කොටුවට ඒක ජේදයකින් කොටන්නම්.
තනිකඩ පියෙක් බවට පත්වෙන ක්‍රිස් ගාඩ්නර්(විල් ස්මිත්)ට විශාල ජිවිත අරගලයකට මුහුණු දිමට සිදු වේ.(මොහුගේ බිරිද වන ලින්ඩා - තන්ඩි නිව්ටන් මොහුව තේරුම් ගන්නේ නැහැ. වැඩියත් ඒ වෙනකොට මොහු කරපු සැම වැඩක්ම අසර්ථක වෙන නිසා. ඒ හින්ද ක්‍රිස්ගෙන් වෙන් වෙන්න ලින්ඩා තිරණය කරනවා.) කුලි මහල් නිවාසයෙන් දොට්ට දාන ක්‍රිස් තමන්ගේ කුඩා පුතාත්(ජේඩන් ස්මිත්) සමග යන්නට තැනක් නැතිව තනි වෙලා ඉන්නවා....ක්‍රිස් අවසානයේදි කිර්තිමත් තැරැව්කාර ආයතනයක සිමාවාසිකයෙකු විදියට රැකියාවක් ලබා ගත්තාත් පුහුණු විම් කාලය මුලින් සම්පුර්ණ කරන්න වෙනවා. ඒ කාලය තුල ක්‍රිස්ට ඒම ආයතනයෙන් කිසිම මුදලක් ගෙවන්නේ නැහැ ඒ හින්ද ජිවිත අරගලය තවත් සංකීර්ණ වෙනවා. ඉතින් මේ තාත්තායි පුතායි විවිධ නවාතැන් වල ජිවත් වෙන ගමන් ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ක්‍රිස් තමන්ගේ පුතාට හොද ජිවිතයක් නිර්මාණය කිරිම ඒක් ප්‍රධාන අධිෂ්ඨානයක් කරගෙන තමන්ගේ අරමුණු සුන් වෙන්න ඉඩ දෙන්නේ නැතිව සියලු දුෂ්කරතා ප්‍රතික්ෂේප කරල ඔහුගෙ ගමන ඔහු ජය ගන්නවා.
ඉතින් ලොකු කුඩා වයස් භේදයක් නැතිව බලන්න පුළුවන් ජිවිතයට ගොඩක් දේවල් ඒකතු කරගන්න පුලුවන් සුපිරිම ෆිල්මක්. ඉතින් මිත්‍රවරනි ඔයාලට අරධාන කරනවා ෆිල්ම බලන්න ඒකතුවෙන්න කියලා. පහළින් සම්පුරණ ෆිල්ම බලන්න, බාගතකරන්න අවස්ථාව දීල තියෙනවා.
වෙළද දැන්වීම් අඩංගු නොවේ. ස්මාර්ට් දුරකථනයක් භාවිත කරන ඔයාට ප්ලෙර්යේ කොටසක් පමණක් දිස් වෙනවා නම්, ඔබ ප්‍රවේශ වෙන වෙබ් අතිරික්සුවේ ඩෙක්ස්ටොප් සයිට් ඔන් කරන්න. ඒවිට සම්පුර්ණ ප්ලේරය දිස් වේ.