![]() |
After the Pandemic 2022 |
වසංගතයෙන් පසු (AFTER THE PANDEMIC) Covid-19, වසංගතය වටා සැකසුණු අඳුරු විද්‍යා ප්‍රබන්ධ(sci -fi) ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, මෙම චිත්‍රපටය පශ්චාත්-අපෝකැලිප්ටික් ලෝකයක - post-apocalyptic world (පශ්චාත්-අපෝකැලිප්ටික් ලෝකයක් යනු ලෝක ව්‍යාප්ත ව්‍යසනයකින් පසු නිර්මාණය වන කාල පරිච්ඡේදයකි/ලෝකයකි.) පිහිටුවා ඇති අතර එහිදී ගෝලීය වාතයෙන් පැතිරෙන වසංගතයක් පෘථිවි ජනගහනයෙන් 90% ක් අතුගා දැමූවත් තරුණයන් සහ ප්‍රතිශක්තිකරණ ඉහල පුද්ගලයන් පමණක් මෙය විඳ දරා ගෙන ඉතිරි වේ. ඒසේ ඉතිරි වන ගැහැණු ළමුන් දෙදෙනෙකු වන Ellie සහ Quinn සඳහා, කිසිම අනුකම්පාවක් නොමැති දඩයම්කරවන්(මොවුන් හස්මාත් /hazmat-suit ඇඳුමෙන් සැරසී සිටින වසංගතයෙන් දිවි ගලවා ගත් අය සොයමින් විදියේ සංචාරය කරන පිරිසකි.) පිරිසක් ඔවුන් දඩයම් කිරිමට උත්සාහ දරයි. Ellie සහ Quinnට ජීවත්ව සිටීමේ දෛනික අභියෝග සංකීර්ණ වේ. නමුත් කෙසේ හෝ ඒම අභියෝග වලට මුහුණ දි මේ දඩයම්වරුන්ගෙන් මිදි පලා යයි.
මෙම චිත්‍රපටය Richard Lowry විසින් අධ්‍යක්ෂණය කරන අතර නිෂ්පාදනය Francesca Zappitelli විසින් සිදු කරයි. ඔහුගේ චිත්‍රපටය වඩාත් බිහිසුනු, ජිවිතයට තර්ජනයක් වන වසංගතයක් සහිත පරිසරයක් මැනවින් ඉදිරිපත් කරයි, මිනිසුන් මිය ගොස් පාරේ මිය යන ආකාරය, බොහෝ මිනිසුන්ට වෙනත් මිනිසුන් නොමතිව තනිවම නගරවල සහ වීදිවල ඇවිද යන තරුණ ගැහැණු ළමයෙකු ඇතුළත් චිත්‍රපටයක් අපට දැක බලා ගන්න පුළුවන්. ලෝරිගේ මේ චිත්‍රපටයේ ඇතුලත් වන වසංගතය අපගේ වර්තමාන/අතීත කොවිඩි 19ට වඩා මාරාන්තික යි. ඒය චිත්‍රපටය නරඹන විට ඔබට තේරෙවි. මෙම වසංගතයට ගොදුර වෙන වින්දිතයන් සිරුර පුරා කුහර වැනි වණ සහිත ලේ පැහැයට මුළු ශරිරයම වෙනස් වේ. පෙර සදහන් අකාරයට මෙය 80 දශකයේ පශ්චාත්-අපෝකැලිප්ටික් චිත්‍රපටවලට වඩා වත්මන් සිදුවිම් හා සම්බන්ධව වැඩි හැඟීමක් ඇති කරවනවා.
ඔබට මෙම වසංගතයෙන් පසු (AFTER THE PANDEMIC) සම්පුර්ණ චිත්‍රපටය පහලින් නැරඹිය හැක.(+13)