හේ තුවාදය තුන්වන දිගහැරුම සමග කොවුර්ගේ දර්ශනවාදයෙන් මෙපිටට මෙම මතෘකාව රැගෙන යැමට මම තැත් කරමි සහා මගේ මතයන්ම නොවන බව අනුදැන වදාරමි. ඒය ඒකගතාවයකට නොපැමිණිමක් ද නොවේ. එ නිසා, ආචාර්ය අදිකාරම් ඇතුළු හේතුවාදී චින්තකයන්ගේ ලියැවිලි හා නූතන හේතුවාදී සාහිත්‍ය පිළිබඳ ව විමසීමක යෙදීම කාලෝචිත යැයි සිතමි.
නූතන හේතුවාදි අදහස්වලට ඉතා කිට්ටුවෙන් සමාන වූ හේතුවාදී චින්තන ක්‍රමයක් ඈත අතීතයේ පටන් අපේ රටේ පැවතුණේය. මිට සියවස් පහකට පමන ඈතදි විසූ උගත්, බහුශ්‍රැත බෞද්ධ හිමිපාණන් කෙනකු වූ විදාගම ස්වාමින් වහන්සේ විසින් දේව විශ්වාසය හා දේව ඇදහිලිවල යෙදුණු උදවිය කෙරෙහි දැක්වු ආකල්ප ඒම විෂයය සම්බන්ධයෙන් කොවුර් දැරු අදහස් සමග බොහෝ සෙයින් සමානය.
විදාගම හිමිපාණන් ප්‍රකාශ කළ අදහස් මදක් මෙහිදි සලකා බැලූ විට ඒය කොවූර්ගේ ද අදහස් හා බොහෝ දුරට සමාන වේ දැයි පෙනි යනවා ඇත.
නර ලොව දෙන පුදට - රිසි වන දොරින් දොර සිට
සුරනැයි යනු කුමට - දුගී යාචකයනට ඒනිවට
මිනිසුන් විසින් ගෙයක් ගානේ දෙනු ලබන පුද සදහා රුචිවන දුගි යාචකයන් පිරිසක් ලෙසිනි ඒහි දෙවියන් හදුන්වා ඇත්තේ.
ඊනියා "මහා දෙවියන්" ලෙස හදුන්වන ලබන ඊෂ්වර හෙවත් ශිව දෙවියන් ගැන උන් වහන්සේ දක්වන්නේ මෙසේ ය.
පවනින මෙලොව රැක - නැති තැන හිරි ඔතප් දෙක
ඔහු වැද පුද නොයෙක - කැළැයි වැඩ සිදු වේ කිකලක
ශිෂ්ට සමාජයේ පදනම ලෙස මෙලොව පවතින හිරි ඔතප් හෙවත් ලැජ්ජා භය නොමැති ඊශ්වර දෙවියන් පිදීමෙන් කවර විටෙක යහපතක් වේ ද? යනු ඒහි අදහසයි.
මෙකි දෙවියන් හිරි ඔතප් නැත්තකු ලෙස හැදින්විමට හේතු ද විදාගම හිමියෝ ඉදිරිපත් කරති. වැදගත් උදවිය ප්‍රසිද්ධියේ කාන්තාවන් හා නොමනා ලෙස හැසිරෙන්නෙ නැති වුවද ඊෂ්වර දෙවියා උමා නම් වූ කාන්තාව සිය සිරුර මත තබාගෙන සිටී.
උතුමෝ ලියන් වෙත - අයකු සිත රා වඩවන
ලිගු සටහන් රැගෙන - කළැයි පුද පල කිම්ද ඉන් වන
සමහරුන් සිත් තුල පිළිකුලත් තවත් උදවිය තුළ රාගයත් ඇති කරවන ලිංග සටහන් පූජා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද? යනු ඒහි අදහසයි. ඒකල අපේ රටේ ප්‍රචලිතව තිබූණු මිථ්‍ය මත විරෝධි හේතුවාදී ව්‍යාපාරය ගැන දිර්ඝ විස්තරයක් කිරීමට මේ තැන නොවේ. විදාගම හිමියන් ගේ අදහස් තව දුරටත් දැන ගනු කැමැති කෙනෙකුට බුදුගුණාලංකාරය කියවීමෙන් ඒය දත හැකිය. මා මෙහි දී පෙන්වා දෙන්ට උත්සාහ කළේ හේතුවාදී චින්තනය අපරදිගට කෙසේ වෙතත් අපේ රටට නම් අලුත් දෙයක් නොවන බවයි.
ස්ව ශක්තිය කෙරේ අචල විශ්වාසයක් තැබිය යුතු යැයි පළ කළ බුදුන් වහන්සේ ද දේව විශ්වාසය මුළුමනින් බැහැර කළ සේක. වෘක්ෂ වන්දනාව, යක්ෂ වන්දනවා ආදිය පමණක් නොව සැම ආකාරයකටම මිථ්‍ය විශ්වාස බැහැර කළ උන්වහන්සේ විද්‍යාත්මක ක්‍රමය වූ හේතු ඵලවාදයට මුල් තැනක් දුන්හ. මෙය පිරිසිදු හේතුවාදය යි. ඒකල ලක්දිව සමාජය හැඩ ගැසුණේ මෙම හේතුවාදි චින්තන ක්‍රමය පදනම් කරගෙනය.
බුදුන් වහන්සේ විසින් කාලාම සූත්‍රයේ දේශනා කර ඇති පරිදි නිරන්තරයෙන් සැක කරමින් ඇතුළටම ඒබී බලා කරුණු සොයා බලා පිළි ගැනීම නැතහෝත් ප්‍රතික්ෂේප කිරිම හේතුවාදයයි. තම තම නැණ පමණින් දැන ගත යුතු යනුවෙන් මිට සියවස් කිහිපයකට පෙර ලියන ලද සිංහල කාව්‍ය ග්‍රන්ථයක දැක්වෙන්නේද හේතුවාදය මැයි.
ග්‍රහ පලාපල හා කෙන්දර මත විශ්වාසය තබා තම කාලය, ශ්‍රමය හා ධනය නාස්ති කළ උදවිය බුදුන්ගේ කාලයේ ද සිටියෝ ය. නක්කත්ත ජාතකයේ දි බුදුන් වහන්සේ ඔවුන් ගැන මෙසේ ප්‍රකාශ කරති.
නක්කත්තං පතිමානෙත්තං - අත්තෝ බාලං උපච්චගා
අත්තෝ අත්තස්ස නක්කත්තං - කිං කරිස්සන්ති තාරක ?
තාරකාවන්ට කුමක් කළ හැකි ද?
ඇතත් නැතත් පරලොව සුදනෙහි මහත
හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතත් ඒපරලොව ඉන් වන අවැඩ නැත
යන පදයෙන් ධිවනිත වන්නේ අපේ චින්ත සන්තානය පිරිසිදුව පැවතිය යුත්තේ පරලොව සුගතිය පතා නොවන බවයි. ඊට අතිරේකව පරලොව පැවැත්ම සැක කළ පිරිසක් ඒවකට විසු බව නිගමනය කිරිමට ද මේ පද්‍යය අප පොළඹවන්නේ නැද්ද?
හේතුවාදියෙකුට ආගම් භේදයක් තිබිය නොහැකිය. යම් තැනැත්තකු හින්දු භක්තිකයකු ද ක්‍රිස්තු භක්තිකයෙකු ද නැතහොත් ඉස්ලාම් ලබ්ධිකයකු ද යන්න හේතුවාදියාට වැදගත් නොවේ. ඔහු ඒවැනි ආගම් ලේබලයකින් සීමා නොවි ඉන් ඔබ්බට ගිය අයෙකි.
නිදහස, සහජීවනය හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක ජීවත්වන සියලු මනුෂ්‍යයෝ ගැහැටකින් තොර ව ජීවත් වෙති. කිසිවකුගේ හිරිහැරයකින් තොර ව ජීවත්වීමේ අයිතිවාසිකම සැම දෙනාට ම පොදු ය.
මේ සෑම ආගමකම සදාචාර පද්ධතියක් ඉගැන්වෙයි. බුදු දහමේ දැක්වෙන පංච ශිලය නැතහොත් කිතු දහමෙහි සදහන් දස පනත මෙනි. උදාහරණක් ලෙස බුදු දහමේ දැක්වෙන පංච ශීලය සලකන්න. ශිෂ්ට සමාජයක පැවැත්ම සදහා ආගම් භේදයකින් තොරව සියලු දෙනා පන්සිල් රැකිය යුතු නොවන්නේ ද? ඒ පද පහද යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් සාකච්ඡා කළ හැකි ය. උදාහරණයක් වශයෙන් පළමු පදය සලකා බලමු. “පර පණ නැසීමෙන් වළකිමි.” යනු ඒ ශික්ෂාව යි. තම ප්‍රාණය ආරක්ෂා කර ගැනීම පුද්ගලයාගේ අයිතිවාසිකමකි. එය ආරක්ෂා වනුයේ පර පණ නොනැසීමේ යුතුකම ඉෂ්ට කළ කල්හි ය. ඒසේ නම් පන්සිල් රකින තැනැත්තා කවර ආගම් ලේබලයක් පැළැද සිටියත් සැබෑ බෞද්ධයෙක් නොවේ ද? ඒ අරුතින් සැලකු කල සැම දෙනාම බෞද්ධයෝය, ක්‍රිස්තු භක්තිකයො ද හින්දු භක්තිකයකු නැතහොත් ඉස්ලාම් ලබ්ධිකයකු යයි හදුන්වා ගන්නා යහපත් බෞද්ධයින් ඔනැතරම් මෙම සමාජය තුල ජිවත වෙයි.
ඒ වගේම මෙහි තවත් විශේෂ අවධානයට ලක් විය යුතු කරණය නම් නිතරම පන්සිල් පද ජප කරන බෞද්ධයන් අතින් ද එම පන්සිල් පද පහ ඔනෑකමින් ම ඒම අයිතිවාසිකම කඩකිරිම ය. අන්තර්ජාලයේ සහ මුහුණු පොතේ ලේඛකයන්, යම් අනත්වාදි කාණ්ඩයම්, පුජකවරුන් යැයි සිතා ඒවනි ආකාරයට පෙනී සිටින ඇතැම් පිරිස් සමාජයට බෙදාහරින අදහස් ද වෛරය අවුළුවනසුලු ආතතියකින් යුක්ත වීම කනගාටුවට කරුණකි. මේ සියලු කරුණු අනුව පෙනී යනුයේ හේතුවාදී සාහිත්‍යය පුළුල් වීමේ අවශ්‍යතාව යි.
අනෙක් කරණය නම් බෞද්ධයින් යැයි කියා ගන්නා අබෞද්ධයින් කොපමණ පිරිසක් අප අතර සිටින් ද? දේශපාලකයින් ඇතුළු සමාජයට විශේෂයෙන්ම තරුණ පිරිසට ආදර්ශයක් සැපයීය යුතු අපේ බොහෝ සමාජ නායකයින් අබෞද්ධයින් නොවේද,? අබෞද්ධ භික්ෂුන් වහන්සේලා කොපමණ අප අතර සිටිත් ද? ඔවුන් බෞද්ධයින් ලෙස හැදින්විය හැක්නේ කවර මිනුම් දණ්ඩක් පදනම් කර ගෙන ද?
බලහත්කාරයෙන් නැතහොත් අයථා අන්දමින් අන් ආගම්වලට හරවා ගැනීම් යනු හුදෙක් ආගම් ලේබලය මාරු කිරිමක් බව පැහැදිලි වේ. හේතුවාදියකු මේ ගැන කලබල වන්නේ නැත. ඒවැනි ආගම් මාරුවක් නිසා මුලදි භික්ෂුවක් පාලි බසින් කියවු තමාට නොවැටහෙන ශබ්දයන් සමූහයක් මුමුනමින් සිටී යම් තැනැත්තෙකු තවදුරටත් ඒසේ නොකර සිටිනවා විය හැකිය. ඒහෙත් ඒය මහා අන්දෝලනයක් ඇති කිරිමට හේතුවක් නොවේ. තමාට නොවැටහෙන පාලි පාඨ ළමයින් ලවා කට පාඩම් කරවිමට වෑයම් කරන බෞද්ධ දෙමාපියන් විසින් සිතා බැලිය යුතු කරුණක් නම් ගිරවුන් සැළලිහිණියන් මයිනන් වැනි පක්ෂින් ලවාද ඒසේ කටපාඩම් කරවිය හැකි බවයි.
සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසුණු මේ විද්වතා ප්‍රකට වූයේ පන්සිල් නොගත් බෞද්ධයකු හා පරම අවිහිංසාවාදියකු හැටියට ය.
මීට දශක කිහිපයකට පෙර ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් විසින් ලියන ලද “ජාතිවාදියා මානසික රෝගියෙක් නොවේ ද?” යන ලිපියෙන් ඉහත ඡේදය උපුටා ගැනිණ. මිට පෙර සැපයු පළමු ලිපිය තුලින් අදිකරාම් තුමාගේ මතය සහා දැක්ම ඔබට පැහැදිලි වී ඇතැයි මා සිතමි. ඔහු හේතුවාදි සංගමයෙ මුලසුන හෙබවු පුද්ගලයෙක් බව අදටත් නොරහසකි. ඒමෙන්ම ඔහු ලියූ නිදහස් සිතුවිලි පත්‍රිකා සහ පැවැත්වූ විවිධ දේශන නියම හේතුවාදියකු ලෙස මිනිස් ජීවිතය විග්‍රහ කිරීමට දැරූ උත්සාහයන් ලෙස සැලකීම යුක්ති යුක්ත ය.
තවත් මිට සමගාමි අදහස් ඇති දේශිය අගනා විද්වතෙකු වූ පෞද්ගලික ව මා වඩාත් ප්‍රිය කරන රචාකයන් ලැයිස්තුවෙන් පළමු අයිතිය හිමි වු මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ දර්ශනික හේතුවාදි පැතිකඩ පිළිබදව විචාරශීලිව අවධානය යොමු කරන්නට මම වැයම් කරමි.
හෙළදිව මහ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ කලක් හේතුවාදී යන ආරූඪ නාමයෙන් පුවත්පත් ලිපි ලිවී ය. පෙර’පර දෙදිග සාහිත්‍යය මෙන් ම විද්‍යාව, පරිනාමවාදය හා දර්ශනය යනාදී විෂය ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ද ඔහුට විය. උදාහරණයක් හැටියට 1917 වසරෙහි නීට්ෂේ පිළිබඳ ව ඔහු දිනමිණට ලියූ ලිපියක නීට්ෂේගේ අදහස් විමංසනය කිරීමේදී බර්ගසන් වැනි දාර්ශනිකයන්ගේ අදහස් ද සැලකිල්ලට ගනී. මෑත කාලයෙහි නීට්ෂේගේ දර්ශනය පිළිබඳ ව වෙනත් කණ්ඩායම මති මතාන්තර ඉදිරිපත් කළේ ය. ඊට වසර අසූ ගණනකට පෙර පොත් කියවීමෙන් පිපාසාවෙන් පෙළුණ තරුණ ශාස්ත්‍ර ගවේෂකයකු හැටියට මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ හේතුවාදී සාහිත්‍යය පෝෂණය කළ පුරෝගාමියකු බවට පත් වීම අපගේ සැලකිල්ලට ලක්විය යුතු ය. මාර්ටින් වික්‍රමසිංහ සිංහල යථාර්ථවාදී නවකතාවෙහි පුරෝගාමියා වීම කෙරෙහි ඔහුගේ හේතුවාදී චින්තනය බලපෑවේ ය. හේතුවාදියා මිථ්‍යා විශ්වාස පිළිකුල් කරයි. පෘථිවිය, ග්‍රහලෝක ඇතුළු විශ්වය පිළිබඳ ආදි කාලීන මිථ්‍යා මත පදනම් කරගත් නූතන චින්තනයෙහි සදොස් තැන් දකී. තුන් ඈඳුතු නවකතාව හුයක් මෙන් සම්බන්ධ කරන සුවිශේෂ චරිතයක් වන තිස්ස යනු මාර්ටින් වික්‍රමසිංහ තම හේතුවාදී මතිමතාන්තර ඉදිරිපත් කිරීම සඳහා යොදාගත් චරිතයකි. එසේ වුව ද නවකතාවේ කලාත්මක බවට හානි නොවන පරිදි ඒ චරිතය ඉදිරිපත් කෙරේ.
මාර්ටින් වික්‍රමසිංහ සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ නිබන්ධ රැසක් ලිවී ය. මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය, බුදු සමය හා සමාජ දර්ශනය ඉන් වඩාත් කැපී පෙනේ. එසේ වුවද ඔහු ජාතිවාදය ප්‍රතික්ෂේප කළේ ය; විවේචනයට ලක් කළේ ය. උතුරේ දෙමළ උගතුන්ට ඉරිසියා කරන සිංහල පඬිවරුන් හෙළා දැක්කේ ය.
ඔහුගේ සාහිත්‍ය කෘතිවල කැපී පෙනෙන ලක්ෂණයක් වනුයේ මානව හිතවාදය යි. ගුණදාස අමරසේකර සහ මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍යවේදීන් දෙදෙනා පිළිබඳ සසැඳීමක යෙදෙන ට්‍රොට්ස්කිවාදී ලේඛකයකු වන ටී. අන්ද්‍රාදි, වික්‍රමසිංහ ජාතිවාදයෙන් කුරුවල් නොවූ මානව හිතවාදියකු ලෙස අගය කරයි. ඔහු අමරසේකරගේ විසකුරු ජාතිවාදය දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි. මීට වසර 15කට පමණ පෙර විවිධ මේ හා සම්බන්ධ විද්වාත් මතදාරින්ගේ ද දායකත්වය ඇති ව ශ්‍රී ලංකා හේතුවාදී සංගමය නැවත පණ ගැන්වූ මොහොතෙහි එහි ක්‍රියාකාරකම් ජනමාධ්‍ය ඔස්සේ විවේචනයට ලක් කළ ගුණදාස අමරසේකර හේතුවාදී අදහස් බටහිර එන්ජීඕකාරයන්ගේ අදහස් හැටියට හෙළා දැක්කේ ය. තමා උසස් කොට සලකන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍යය සහ ශාස්ත්‍රීය ලේඛනය හේතුවාදී චින්තනය මත පදනම් වී ඇති අයුරු ඔහුට නොපෙනිණ. නො එසේ නම් නොපෙනුණා මෙන් හැසිරිණ. හේතුවාදය, විද්‍යාත්මක චින්තනය සහ මානව හිතවාදය යනු එකිනෙකට සතුරු නොවූ චින්තන ක්‍රමයක ශාඛා හැටියට හැඳින්වීම යුක්ති යුක්ත ය. විශේෂයෙන් ම බුදු දහමේ සංකල්ප සමඟ ගැටීමක් ඒවාට නොමැත. එහෙත් අවාසනාවට මෙන් ගුණදාස අමරසේකරගේ අදහස් අනුව කටයුතු කරන නව පරම්පරාව හේතුවාදය හා විද්‍යාත්මක චින්තනය ප්‍රතික්ෂේප කරමින් ආගම්වාදය, ජාතිවාදය හා මිථ්‍යාව තම චින්තනය බවට පත් කරගෙන සිටිනු පෙනේ.
විද්‍යාත්මක දියුණුව නිසා සැපවත් ව ජීවත් වන්නට සියලු ම ඉඩ ප්‍රස්තා සැලසී තිබෙන වර්තමාන ලෝකයෙහි පවා නොයෙකුත් දුක්හිරිහැරවලට මනුෂ්‍යයාට මුහුණ පාන්නට සිදු වී තිබෙන්නේ දේශපාලන දෘෂ්ටිවලින් වෙළී ගිය ජාතිවාදය නිසා යැයි ආචාර්ය අදිකාරම් පැවසී ය. කාලීනව සියළුදෙනාටම ඇස් පනාපිට ඒහි සැබැ යටි අර්ථය දැක - තේරුම් ගත හැකීවිම වසනාවක්ම යැයි මම සිතමි.
වත්මන් ශ්‍රී ලාංකික සමාජය අන් කවරදාකටවත් වඩා මිථ්‍යාන්ධකාරයක ගිලී සිටී. නිදහසින් පසු ව දකුණේ සහ උතුරේ තරුණ කැරලි තුනක් මර්දනය කිරීමට පාලකයන් හට සිදු විය. සිදු වූ ජීවිත හානිය ලක්ෂ ගණනක ආබාධිතයෝ, වැන්දඹුවෝ, ක්ලමථයට හා කාන්සාවට ගොදුරු වූවෝ විශාල ගණනක් වෙති. නිවැරැදි දර්ශනයක් මත පිහිටා ජාතිය ගොඩනැඟීමට පාලකයන් අසමත් වීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ජාතික එක්සත්කම බිඳ වැටිම ය. ඒය නිවරදි වු බවක් අද වන තෙක් සක්ෂි නොදරයි සහ අනාගතය පිළිබදව ද විශ්වාසයක් හා ආත්ම ශක්තියක් නොමැති සමාජයක් බිහි වීම ය. අසරණ භාවයෙන් පීඩා විඳින ජනතා ආධ්‍යාත්මයෙහි හිස් බව පිරී යන්නේ මිථ්‍යා මතාන්තරවලිනි. මේ සදහා නිදසුනක් ලෙස,
ගමක ජිවත්වන අර්ථික මට්ටම අතින් මධ්‍යාස්තව සමාන්‍ය ලෙස ජිවිකාව පවත්වා ගෙන යන පවුලක්; හෙන ගෙඩියක් පත් වුවාක් මෙන් කරන කියන කිසිම දෙයක් ඉෂ්ට නොවේ. ඒම තැනටම වැඩ සිද්ධ වේ. මධ්‍යාස්ථ භාවයෙන් තවත් පහළට වැටේ. ඒ සදහා හේතු සාධක සේවිම සදහා තෝරා ගනු ලබන්නේ ගමේ කට්ටඩිය හෝ දේවාල කපුවාය හෝ වෙනත් අදෘෂ්‍යමාන බලවේගයක් ඔස්සේ අමුතු සෙල්ලම් පෙන්නන නම ගියපු පුද්ගලයෙකි... ඒම මිථ්‍ය අන්ධකරය තුලට වැටිම ඒම පවුලේ අවාසනයම නොවෙන්නේ ද? සමාන්‍යය පවුල් ජිවිතය තුල හටගන්නා මෙවන් වූ ගැටලු සදහා නොපෙනෙන බලවේගයන් වලින් පිහිටක් අයදින්න තරම් මානසිකව අසරණ භවයට මිනිසුන් පත් ව තිබේ. මෙයින් පෙන්නුම් කරන්නේ ලංකාගමේ මිනිසුන්ගේ විචාරශිලි බවේ හීනතාවය යි. විචාරශිලි තාවයේ හීනතාවම තම පෞරුෂ හීනතාවයටම බලපෑම් කරන බව ඉදුරාම සදහන් කළ යුතු වේ. මෙය වැඩි දුරටත් තහවුරු විම පෙරදැරිව තවත් උදාහරණයක් සලකා බැලිම වටි යැයි මම සිතමි.
බොහෝ කාලයක් ආශ්‍රය කිරීමෙන් පසුව තමන්ට වඩාත්ම ගැලපෙන පෙම්වතියක් හෝ පෙම්වතෙක් පිලිබද සොයා බැලීමට පොරොන්දමක් සොයයි නැනිනම් සාදයි. පෙම්වතිය හෝ පෙම්වතා තමන්ට ගැලපෙන බව දැන දැනත් දෙමාපියනුත් නොවන කිසිදු වගකීමක් නොදරන වෙනත් පාර්ශවයකගෙන් උපදෙස් ලබාගැනීම ඉතාම පෞරුෂහීන තත්ත්වයකි. ඒමෙන්ම තවත් සමහරුන් තමන් අධ්‍යාපනය ලබා හොදින් පාඩම් කරන කරුණු මතකයේ තබාගෙන විභාග ලිවීමට දෙවියන්ට බාර හාර කරයි. නැත්තම් කුමක් හෝ වෘක්ෂයකට ඒම වගකීම බාර කරයි.
විචාරශීලීව සිතන පුද්ගලයා විවාහය සදහා ගැලපෙන කෙනා සෙවීමට වගකීමක් නැති වෙනත් පාර්ශවයක උපදෙස් ලබා නොගනී. එසේ ලබාගන්නේ ඇයි දැයි; සංස්කෘතිය තුල ඔහු ප්‍රශ්න කරයි. එහි ඇති හිස්බව ඔහු දකී....
1972 ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළ මොහොතෙහි එහි නිර්මාතෘ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා වෙත හේතුවාදී සංගමයේ සභාපති ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් මහතා යැවූ යෝජනාවලියෙහි ඇතුළත් එක් යෝජනාවක් උපුටා දක්වමි.
ළමා අවධියේ සිට ම දරුවන්ගේ සිත්වලට ආගමේ නාමයෙන් සැක සහිත දේ ගැන විවිධ මත ඇතුළු කිරීම නොමනා බව ලෝකය පුරා අධ්‍යාපනඥයෝ ද මනෝ චිකිත්සකයෝ ද පෙන්වා දෙති. එබැවින් රජයේ පාසල්වල ආගම් නොඋගැන්වීම මැනවි. ආගම් ඉගැන්වීමට ආගමික ආයතනවලට ඉඩ දී රජයේ පාසල්වල ආගම වෙනුවට සදාචාරය ඉගැන්විය යුතු ය.
මෙම යොජනාවලිය අද වෙත්ම ක්‍රියාත්මක වූ බවක් මා හට නම් නොපෙනේ. ඒසේ ක්‍රියාත්මක වූවා නම් මෙවනි ලිපි මගින් විටින් විට ඔබව දැනුවත් කිරීම් හෝ සංවාද, විවාද ද කිරිමට අවශ්‍යය නොවුනු ඇත.
මිනිසා ජාතීන් වශයෙන් බෙදීම විද්‍යාත්මකද? ඒ පිළිබඳව බුදුදහමේ එන වාසෙට්ඨ සූත්‍රය(මේ පිළිබදව සවිස්තරාත්මක ලිපියක් බලාපොරොත්තු වන්න.) ඇසුරින් විස්තරයක් ගෙන එන්නේ ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් මහතායි. එතුමා සිය සිතිවිලි පත්‍රිකාවල 'ජාතිවාදය සහ බුදුදහම' යන මාතෘකාව යටතේ එය මෙසේ විස්තර කරයි.
මනුෂ්‍යයා ඇතුළු සත්ත්වයින්ගේ ජාතිභේදය ගැන විස්තර කිරිමේදී “ලිංගං ජාතිමයං” යන වචන නැවත නැවත සඳහන් වෙයි. වර්තමාන ව්‍යවහාරයෙහි දී “ලිංග” යන වචනය සාමාන්‍ය වශයෙන් පාවිච්චි වන්නේ ස්ත්‍රී පුරුෂ භේදය දැක්වීම සඳහා ය. එහෙත් පාලි සහ සංස්කෘත භාෂාවන්හි මෙම වචනය මූලික වශයෙන් ව්‍යවහාර වන්නේ ඊට වඩා පුළුල් අර්ථයකින් ය. යම්කිසි දෙයක් අනික් දේවලින් වෙන් කර හඳුනා ගැනීමට ආධාර වන විශේෂ ලක්ෂණය දැක්වීමට ය. එවිට “ලිංගං ජාතිමයං” යන්නෙහි අර්ථය වන්නේ “ජාතියෙන් සැදුණු හෙවන් උත්පත්තියෙන්ම හටහත් විශේෂ ලක්ෂණය” යන්න ය. තෘණ පැළෑටිය සහ කොස් ගස යන ගස් ජාති දෙක වෙන් කර දැක්වෙන්නේ උත්පත්තියෙන්ම ඒ දෙවර්ගයෙහි පිහිටි ලිංගයෙන් ය හෙවත් ලක්ෂණයෙන් ය. එමෙන්ම කුඩා සතුන් අතරෙහි නයා සහ පොළඟා ද මත්ස්‍යයන් අතරෙහි තෝරා සහ මෝරා ද පක්ෂීන් අතරෙහි කපුටා සහ මයිනා එකිනෙකින් වෙන් කර දැක්වෙන්නේ උත්පත්තියෙන්ම පිහිටි ලිංගයෙන් ය හෙවත් විශේෂ ලක්ෂණයෙන් ය. එහෙත් ලෝකයෙහි වාසය කරන මනුෂ්‍ය කොට්ඨාසයන් අතරෙහි උත්පත්තිය නිසා ඇති වුණු ලිංගයක් හෙවත් විශේෂ ලක්ෂණයක් නැත්තේ ය.
“යථා එතාසු ජාතීසූ - ලිංගං ජාතිමයං පුථූ
එවං නත්ථි මනුසෙසසු - ලිංගං ජාතිමයං පුථූ”
(යම් සේ මේ ජාතීන් අතරෙහි ඒ ඒ ජාතිය නිසා ඇති වූ ස්වාභාවික ලක්ෂණ ඇත්තාහු වෙත් ද එලෙසම මනුෂ්‍යයන් අතරෙහි ජාතිය නිසා ඇති වූ විවිධ ස්වාභාවික ලක්ෂණ නැත.)
ලෝකයේ කොතැන සිටියත් මනුෂ්‍යයා එකම ජාතියක් වන්නේ එහෙයින් ය.
මනුෂ්‍යයා එකම ජාතියක්ය යන්න පුළුල් අරුතින් ගත යුත්තකි. එය අපේ ජාතිවාදී අදහස් අඩු කර ගැනීමට උදවු වේ. එහෙත් සාමාන්‍ය භාවිතාව සලකන විට විවිධ භාෂා සහ සංස්කෘතීන් ජාතීන් ලෙස හැඳින් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ ජාතීන් දෙකකි. ලොව කිසිම ජාතියක් තවත් ජාතියකට වඩා උසස් හෝ පහත් හෝ නොවේ. තමන්ගේ ජාතියට ආදරය කිරීම ජාත්‍යාලයයි. වෙනත් ජාතීන්ට ගරු කිරීම ඒ හා බැඳී ඇත. වෙනත් ජාතියක් හෝ ජාතීන් පහත් සේ සලකන විට එය ජාතිවාදය බවට පත්වේ. අපට ජාතිය පිළිබඳව යහපත් ආකල්ප තිබුණා නම් තිස් අවුරුදු යුද්ධයක් ඇති වන්නේ නැත. ලේ ගංගා ගලා යන්නේ ද නැත. එයින් පාඩම් ඉගෙන නොගෙන වර්තමානයෙත් අනාගතයෙත අපි තවත් දරුණු ලෝක යුද්ධයකට පසුබිම සකස් කරමින් සිටිමු ද?
එනම් හේතුවාදය යනු අපට නොරැවටී, නිදහසේ ජීවත් වීමට ඇති හොදම ක්‍රමය නොවන්නේ ද?..
මේ උත්සාහය උදර පෝෂණය සදහා නොව මිත්‍යාවෙන් ගිලෙන්නට යන සත්තවයෙකු බේරාගන්නටය....