|
The Pursuit of Happyness 2006 |
ලෝක ප්‍රකට 'Time' සගරාවේ, 'වසරේ පුද්ගලයා' (person of the Year) නම් කිරීමේ සම්ප්‍රදායයේ ඉතිහාසය, ක්‍රි.ව. 1927 තරම් ඇතට දිව යන්නකි. 1999 වසර වන තුරු ම ඒය හදුන්වන ලද්දේ, 'වසරේ මිනිසා' හෝ 'වසරේ කාන්තාව' (Man of the year/Woman of the year) ලෙසිනි. ටයිම්ස් සගරාවේ සංස්කාරක මණ්ඩලය ඒක් වී වසරේ පුවත් මවන්නන් සැලකිල්ලට ගනිමින් මේ තෝරාගැනීම සිදු කරනු ලබයි. මෙහි දී යම් පුද්ගලයෙකු, පුද්ගල කාණ්ඩායමක්, යම් අදහසක් හෝ යම් වස්තුවක්, අදාල වර්ෂය තුළ ජන සමාජයට කරන ලද ඉහළ ම 'හොද' හෝ 'නරක' බලපෑම විමසිල්ලට බදුන් වේ.
ගෙවි ගිය ආන්දෝලනාත්මක 2021 වසරේ ඒම ඉහළ ම බලපෑම කර ඇත්තේ 'ඔහු' යැ යි ටයිම්ස් සගරාවේ සංස්කාරක මණ්ඩලය තීරණය කර තිබිණ.
සමස්ත ලෝකයේ අවඥා සහගත ව සිනා වෙද්දි, ඩොලර් මිලියන 100ක් පමණක් අතැතිව ඔහු රොකට් තනන්නට සිහින දැක්කේ ය. පළමු උත්සාහයන් ත්‍රිත්වය ම අසාර්ථක වී තමන් ඇරඹු රොකට් තනන්නට සිහින දැක්කේ ය. පළමු උත්සාහයෙන් ත්‍රිත්වය ම අසාර්ථක වී තමන් ඇරඹු රොකට් සමාගම මළගම ආසන්නයේ සිටිය දී පවා ඔහු සිය උත්සාහය අත් නො හළේ ය. ඒපමණක් නො ව තමන් හිමිකාරීත්වය දැරු සමාගම් ද්විත්වය ම බුන්වත් වන්නට ඔන්න මෙන්න කියා තිබිය දීත් ඔහු සිය උත්සාහය අත් නො හළේ ය. තමන් සතු සියල්ල සූරා ඒකතු කොටගෙන හතර වැනි වතාටවට ද ඔහු රොකට්ටුවක් ගුවන්ගත කළේ ය. ඒය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. ඒමතු නො ව ඒය ලෝක අභ්‍යවකාශ ගමන්වල හැරවුම් ලක්ෂ්‍යය විය.
ඉනික්බිති, ගුවන්ගත වන රොකට් පමණක් දැක තිබු ලෝකයකට රොකට් නැවත නිරුපද්‍රිත ව ගොඩබස්වන හැටි ඔහු කියා දුන්නේ ය. ඒමතු ද නො ව මහා සයුරේ දියවැල් මත පා වෙමින් තිබෙන්නේ ස්වයංක්‍රීය වේදිකා මතට ම රොකට් ගොඩබස්සවා පෙන්වූයේ ය. ඒසේ ගොඩබැස්වූ 'රොකට්' නවීකරණය කොට නැවත නැවත භාවිතයට ගැනීම මගින් සැලකිය යුතු අන්දමින් අභ්‍යවකාශ ගමන්වල වියදම අවම කර ගන්නා සැටි ලෝකයට කියා දුන්නේ ය.
විද්‍යුත් මෝටර් රථ නිපදවීම ඉතා අපහසු කාර්යයක් වී තිබුණු යුගයක ඔහු, දැකුම්කලු, සුඛෝපභෝගී විද්‍යුත් මොටර් රියක් නිපදවා ඒයිනුදු නො නැවතී ඒය තමන්ගේ ම රොකට්ටුවක නංවා අභ්‍යවකාශයට මුදා හැරියේ ය.
ඉන් පසු ඔහු තවත් සිහිනයක් දකින්නට පටන්ගත්තේය. ඒ මානව වර්ගයා අන්තර් ග්‍රහලෝක සරන්නන් බවට පත් කිරිමත්, මේ ජිවිත කාලය තුළ දී ම තවත් ලෝකයක ජනාවාස ඉදි කිරීමත් ඒ සිහිනයයි. ඒ ද තවමත් මිනිස් පා පහස හෝ නො ලද ලොවක ය.
අද වන විට තමන් අත තබන ඔිනෑම කේෂත්‍රයක් විප්ලවීය සංවර්ධනයක් කරා ගෙන යෑමට අරුම පුදුම සමත්කමක් පෙන්වන මේ අපූරු ව්‍යවසායකයා, ගෙවී ගිය 2021 වසරේ දෙසැබ්බරය වන විට ඇ.ඩො. බිලියට 280ක ශුද්ධ වත්කමක් සහිත ව ලොව ධනවත් ම පුද්ගලයා බවට ද පත් ව සිටි යි.
ඇතැමකුට අනුව ඔහු අසම්මත මතධාරියෙකි. ඔහුගේ ම ඇතැම් සේවකයන්ට අනුව ඔහු කලහකාරී, අනම්‍යශීලී, උන්මත්තකයෙකි. සමහරකුට අනුව ඔහු අනාගතයෙන් හෝ පිටසක්වලින් පැමිණි ජීවියෙකි. තවත් සමහරකුට අනුව ජවමාන 'Tony Stark' ඔහු ය.
දිනපතා පුවත් මන 'ඔහු' අන් කිසිවකු නොව ඉලෝන් රිච් මස්ක් (Elon Reeve Musk) ය.
අද වන විට සිය ව්‍යාපාර මෙන් ම අදහස් හරහා ජන සමාජය වෙත ඔහු කර තිබෙන බලපෑම සුළුපටු ඒකක් නො වේ. ඒබැවින් ඒ පිළිබදව සුළුවෙන් හෝ විමසා බැලීම වටියි.
ස්පේස් ඒක්ස් (SpaceX)
ඒදා මෙදාතුර ලෝක ඉතිහාසයේ මිනිසකු අභ්‍යවකාශයට යවා නැවත ගෙන්වා ගෙන ඇත්තේ රටවල් තුනක් පමණි. ඒ ඇමරිකා ඒක්සත් ජනපදයත්, රුසියාව හා චීනයත් පමණි. සතරවැන්න වූයේ ඔහුගේ අභභවකාශ ආයතනයයි. ලියාපදිංචි ව්‍යාපාර නාමය Space Exploration Technologies Corporation වුව ද බොහෝ දෙනා මස්ක්ගේ අභ්‍යවකාශ සමාගම ගැන දන්නේ, SpaceX යන අරුඪ ව්‍යාපාර නාමයෙනි. ඉතා ඉක්මනින් නැවත නැවත භාවිතයට ගැනීම තුළින් අභ්‍යවකාශ ගමන්වල වියදම අඩු කර ගැනීමත් ඒ මගින් අගහරු ජනාවාස කිරීමේ සිය දිගුකාලීන අරමුණ සාක්ෂාත් කර ගැනීමත් ඔවුන්ගේ ඉලක්කයයි. 'ඩ්‍රැගන් කැප්සියුල', 'මර්ලින්', 'ඩ්‍රැකෝ', 'සුපර් ඩ්‍රැකෝ' සහ 'රැප්ටර්' රොකට් ඒන්ජිම මෙන් ම අඩ වශයෙන් නැවත භාවිතයට ගත හැකි Falcon 9, Falcon Heavy රොකට්වල නිර්මාපකයෙක් වන්නේ 2002 වසරේ දී අරඹන ලද SpaceX සමාගමයි. සම්පූර්ණයෙන් ම නැවත භාවිතයට ගත හැකි, තවම අත්හදා බැලීමේ හා සංවර්ධන අදියරේ තිබෙන අති දැවැන්ත Starship ඔවුනගේ මීලග පිම්මයි. පෞද්ගලික සමාගමක් වන SpaceX ආයතනයේ නමට ඉදිරියෙන් දැනටමත් ලියැවී ඇති වාර්ථ ගණන අතිමහත් ය. ඉදිරියේ දී ඒය තවත් දිගු වනවාට කිසිදු සැකයක් නැත.
ස්ටාර්ලින්ක් (Starlink)
මුළු ලොවටම දැරිය හැකි මිලකට වේගවත් චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම් ලබා දිමේ අරමුණෙන් ක්‍රියාතමක වන Starlink ඔවුන්ගේ තවත් ව්‍යාපෘතියකි. පහළ පෘථීවි කක්ෂය වෙත සමූහ වශයෙන් මුදා හැරෙන කුඩා කෘතිම චන්ද්‍රිකා 1,700කට මදක් වැඩි ප්‍රමාණයක් මේ ජාලය බල ගන්වමින් දැනටමත් පහළ පෘථීවි කක්ෂවල සැරි සරමින් තිබේ. තවමත් මූලික අදියරේ පවතින ස්ටාර්ලින්ක් ව්‍යාපෘතියට වැඩිමනත් ම දෝෂාරෝපණ ඒල්ල වෙමින් තිබෙන්නේ තාරකා විද්‍යාඥයන් ගෙන් සහ රාත්‍රී අහස නිරීක්ෂකයන් ගෙනි. ඊට අමතර ව ප්‍රතිවාදී තරගකරුවන් ගෙන් ද ඒයට බොහෝ බලපෑම් ඒල්ල වෙමින් තිබේ.
රුසියාව සහා යුක්රේනය අතර පවතින යුද්ධය රුසියාවේන් ඒල්ල වන බිහිසුනු ප්‍රහාර නිසා යුක්රේනය තුල අන්තර්ජාල සබදතාවයට විශාල හානි සිදු විය. යුක්කෙරේන ජනධිපති මේ සදහා සහාය වන ලෙස ඉල්ලා ඊලෝන් මස්ක්ට twitter පණිවුඩයක් යවා තිබුණි. ඊලොන් මස්ක් ප්‍රතිඋපකාරයක් ලෙස ස්ටාර්ලින්ක් ව්‍යාපෘතියේ චන්ද්‍රකා 2000ක් පමණ යුක්‍රේනයට ඉහළින් රදවා යුක්‍රේනයට අධිවේශි අන්තර්ජාල පහසුකම් ලබා දී ඇත.
ටෙස්ලා(Tesla)
විද්‍යුත් රථ වාහන සැලසුම් කිරීමේ සහා නිපදවීමේ සමාගමක් වන ටෙස්ලා සමාගම අද වන විට පිරිසිදු බලශක්තිය කෙරෙහි ද සිය අවධානය යොමු කර තිබේ. වර්ෂ 2003 දී අරඹන ලද සමාගම නව නිපැයුම්කරුවකු හා විදුලි ඉංජිනේරුවකු ලෙස ප්‍රකට නිකොලා ටෙස්ලාට උපහාර පිණිස සිය ව්‍යාපාර සාමය ලෙස ටෙස්ලා යන්න භාවිතයට ගෙන තිබේ. වර්ෂ 2004 දී ඒහි විශාලතම කොටස්කරු සහ සභාපතිවරයා ලෙස මස්ක්ගේ ආගමනය සිදු වු අතර 2008 වසරේ සිට ඔහු ඒහි ප්‍රධාන විධායක නිලධාරිය ලෙස කටයුතු කරයි. ලොව ඉතා වටිනා ම සන්නාම අතර ඒකක් බවට පත් වී ඇති ටෙස්ලා සමාගම අද වන විට ඇමෙරිකානු විද්‍යුත් රථ වාහන වෙළෙදපොළේ 2/3ක සිය ආධිපත්‍ය පතුරවන්නට ද සමත් වී තිබේ. ටෙස්ලා සමාගම විසින් ඔවුන්ගේ නවතම විද්‍යුත් රථ වාහන සමග හදුන්වා දුන් Self Driving පහසුකම මේ වන විට ඉමහත් ආන්දෝලනයට තුඩු දී ඇත. ඒ ඒම පහසුකම භාවිතය නිසා සිදු වූවා යැ යි චෝදනා නැගෙන සමහර රිය අනතුරු නිසාවෙනි.
මේ වන විට පරම්පරා කිහිපයක විද්‍යුත් වාහන වෙළෙදපොළට ඒක් කර ඇති සමාගමේ මීළග නව නිෂ්පාදයන Cyber Truck ලෙස ඒළි දක්වා ඇති අතර ඒය 2022 අවසානය වන විට වෙළෙදපොළට නිකතු කිරීමට සමාගම අදහස් කර තිබේ.
පුවත් මවන්නට සමත් තවත් නිෂ්පාදනයක් පිළිබදව ව පසුගිය අගොස්තුවේ දී, ටෙස්ලා සමාගම විසින් අනාවරණය කරන්නට යෙදුණි. ඒ ඔවුන් විසින් ඒළි දක්වන්නට බලාපොරොත්තු වන මානවරූපී රොබෝ යන්ත්‍රය වන ටෙස්ලා බොට් පිළිබදව ය.
අනතුරුදායක, නැවත නැවත කළ යුතු මෙන් ම කම්මැලි වැඩ කිරිම සදහා ඒය හදුන්වා දීමට බලාපොරොත්තු වන බව සමාගමේ කෘතිම බුද්ධි දින වැඩසටහනට (AI Day Event ) සහභාගි වෙමින් මස්ක් සදහන් කර සිටියේ ය.
සෝලා නගර (Solar City | Tesla Energy)
මස්ක් විසින් මූලික අදහස හා ප්‍රාග්ධනය සැපයූ සෝලා සිටි සමාගම ඔහුගේ ඥාති සොයුරන් දෙපළක් විසින් 2006 වසරේ දී ආරම්භ කරන ලද සූර්ය බලශක්තිය උත්පාදක පද්ධති සැපයීමේ සහ සවි කර දීමේ සේවා සපයන සමාගමකි. 2014 වසර වන විට මස්ක් සභාපතිත්තවය දැරූ සෝලා සිටි සමාගම ඇමෙරිකාව තුළ දෙවැනි විශාලතවම සුර්ය බලශක්ති පද්ධති සැපයුම්කරු බවට පත් ව තිබිණි. වර්ශ 2016 දී ටෙස්ලා ඒන(ර්)ජී ලෙසිනි. ඔවුන් විසින් හදුන්වා දෙන ලද 'Solar Roof' නම් සූර්ය සෙවිලි තහඩු සහ 'Powerpack' හා 'Megapack' නමැති නිවෙස්වල සවි කරන, පුනරාරෝපණය කළ හැකි ලිතියම් අයන් බැටරි අද වන විට ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවති. Powerwallහි ම ප්‍රමාණයෙන් හා ධාරිතාවයෙන් විශාල 'Powerpack' හා 'Megapack' යන බලශක්ති ගබඩා විසදුම් ද සමාගම විසින් හදුන්වා දී තිබේ.
හයිපර්ලූප් (Hyperloop)
හයිපර්ලුප් යනු භාණ්ඩ සහා මගී ප්‍රවාහනය සදහා මස්ක් විසින් යෝජනා කරන්නට යෙදුණු අධිවේශි ප්‍රවාහන පද්ධතියයි. භාණ්ඩ හෝ මගීන් රැගත් 'Pod' නමින් හැදින්වෙන කැප්සියුලයක්. අවම වායු පිඩනයක් සහිත සංවෘත රික්තක නාල පද්ධතියක් තුළින් ගමන් කරවීම මෙහි මුලික සංකල්පයයි. සියවසකට වඩා පැරණි Vacuum Tube Train සංකල්පය පාදක කරගනිමින් වර්ෂ 2013 දී SpaceX හා Tesla ඉංජිනේරුවන් පිරිසක් විසින් මුලික පදනම දමන ලද මෙම ව්‍යාපෘතිය 'විවෘත හා නිදහස්' ඒකක් ලෙස සංවර්ධනය කරන්නට මස්ක් විසින් පියවර ගන්නා ලද අතර ඒ සදහා 2015 සිට 2019 දක්වා වාර්ෂික ව "Hyperloop Pod competition" නමින් සැලසුම් තරගයක් ද සංවිධානය කරන්නට යෙදිණ. අද වන විට විවිධ ආයතන ගණනාවක් මේ සංකල්පය සංවර්ධනය කරමින් ප්‍රායෝගික සැලසුම් ඉදිරිපත් කර තිබෙන අතර ඒ අතර ඉදිරියෙන් ම සිටන "Virgin Hyperloop" සමාගම 2020 නොවැම්බරයේ දී මිනිසුන් යොදාගත් ප්‍රථම අත්හදා බැලීම සිදු කරන්නට යෙදීණි. ඒහි දී අත්පත් කර ගන්නා ලද උපරිම වේගය පැයට කි.මි 172කි. ඒහෙත් හයිපර්ලූප් පද්ධතියක් සදහා දැනට වාර්තාගත ඉහළ ම වේගයට හිමිකම් කියන්නේ "Technical University of Munich" හි පර්යේෂණ කණ්ඩායමක් වන අතර, 2019 දී තබන ලද ඒම වාර්තාව, පැයට කි.මි. 463ක වේගයකි.
බෝරින්ග් සමාගම (Boring Company)
SpaceX ආයතනයේ පරිපාලක සමාගමක් ලෙසින් 2016 වර්ෂයේ දී අරඹන ලදුව 2018 වසරේ දි ස්වාධින සමාගමක් තත්ත්වයට පත් වු බෝරින්ග් සමාගමේ අරමුණ යටිතල පහසුකම සහ වේගතවත් උමං පද්ධති ඉදිකිරිමේ සේවා සැපයීමයි. අතිවේගවත් නගරාන්තර හයිපර්ලුප් ප්‍රවාහන සේවා සැපයීම සහ සංවර්ධනය මෙම සමාගමෙහි වර්තමාන අභිප්‍රාය වී තිබේ. මතු යම් දවසක රතු ග්‍රහයා මත ඉදි වන ජනාවාස සම්බන්ධ කරමින් ඉදි කෙරෙන හයිපර්ලුප් පාදක ප්‍රවාහන පද්ධති හෝ උමං පද්ධති ඉදිකිරිමේ දී මේ සමාගම දායකත්වය ඉතා ම වැදගත් වනු ඇත.
නියුරෝලින්ක් (Neurolink)
මිනිස් මොළය, කෘතිම බුද්ධිය සමග සහ සම්බන්ධ කිරීමේ මූලික අභිප්‍රාය පෙරදැරි ව වර්ෂ 2016 දී සම-ප්‍රාරම්භකයකු ලෙසින් මස්ක් විසින් අරඹන ලද 'ස්නායු තාක්ෂණය' පිළිබද සමාගමකි. මොළය මගින් පාලනය වන පරිගණක අතුරු මුහුණතක් බිහි කිරිම ඔවුන්ගේ අරමුණයි. මේ තාක්ෂණයේ මූලික අදියර පිළිබිඹු වන ආදර්ශනයක් පසුගිය වසරේ දී සමාගම විසින් ඒළිදක්වන්නට යෙදුණි. 'පේපර්' නම් වදුරෙකු සිය මොළයෙහි තැන්පත් කරන ලද චිපයක් මගින් සිය ප්‍රියතම පරිගණක විඩියෝ ක්‍රිඩාවෙහි නිරත වන අයුරු ඒයින් විදහා දැක්විණ. මස්ක්ගේ අදහස ඉදිරියේ දී අංශභාග / පක්ෂගාත තත්ත්වයට මුහුණ දී සිටින රෝගීන්ට මේ හරහා පරිගණක භාවිතයට ඉඩ හසර විවර වනු ඇති බවයි.
Open AI
|
source: medium.com |
වර්ෂ 2015 දී මස්ක්ගේ සම දායකත්වයෙන් අරඹන ලද පර්යේෂණ ආයතනයක් වන මෙය මානව වර්ගයාගේ අභිවෘදිධිය වෙනුවෙන් මිත්‍රශීලි කෘතිම බුද්ධිය ප්‍රවර්ධනය වෙනුවෙන් පිහිටුවන ලද්දකි.
මස්ක් හා ඔහුගේ Twitter භාවිතය
අද වන විට ලොව ධනවත් ම මිනිසා බවට පත් ව සිටින ඔහුට, ඒක Twitter පණිවිඩයක් හරහා කොටස් වෙළෙදපොළ පවා කළඹවන්නට පමණක් නො ව ඒක් අතථ්‍ය මූල්‍ය ඒකකයක (Crypto currency) සිට තවත් ඒකකට පිරිස් ගොනු කරවිමට තරම් හැකියාවක් ලැබී තිබේ. මිලියන 66ක් Twitter අනුගාමිකයන් සිටින ඔහු, සිය නොසැලකිලිමත් වගකීම් විරහිත Twitter භාවිතය නිසා අකරතැබ්බවලට මෙන් ම නීතිමය ගැටලුවලට පවා ලක් වී තිබේ. 2018 දි ඇමෙරිකානු සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (US Securities and Exchange Commission - SEC) ඔහුට විරුද්ධ ව නඩු මගට පිවිසියේ ඒවන් ඒක් ට්විටර් පණිවිඩයකට ඒරෙහි ව ය. පසුව ඒය සමථයකට පත් කර ගැනීමට සමත් වූ නමුත් ඔහු ඒවායින් පාඩමක් ඉගෙන ගෙන ඇති බවක් නො පෙනේ. ට්විටර් යනු ඔහුගේ කෙළි බිමයි. ඔහු ඒහි සිතු සේ හැසිරෙයි.
නීතිඥයන්ට සහ බලපෑම් කිරිම්වලට ඔබව පෘථිවි කක්ෂය වෙත ගෙන යා හැකි නම්, බේසොස් මේ වන විට සිටිනු ඇත්තේ, ප්ලුටෝ මතයි මස්ක්ගේ ප්‍රධානතම ප්‍රතිවාදිය වන Blue Origin රොකට් සමාගමේ සහ ඇමසන් සමාගමෙහි නිර්මාතෘ මෙන් ම ලොව දෙවැනි ධනවතා ද වන ජෙෆ් බේසොන් (Jef Bezos), 2024 වන විට Artemis ව්‍යාපෘතිය යටතේ සද මතට නැවතත් අභ්‍යවකාශගාමින් ගෙන යෑමේ HLS - Human Landing System සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව SpaceX ආයතනයට පමණක් ලබා දිමට විරුද්ධ ව, NASA ආයතනයටත් SpaceX ආයතනයටත් ඒරෙහිව නඩු පෑවැරු අවස්ථාවේ ඔහු සිය නොසතුට ට්විටර් හරහා පළ කළේ ඒසේ ය. ජෙෆ් බේසෝස්ගේ නඩු පැවරීම නිසා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරම් තාවකාලික ව නැවතුණු අතර ඒ නිසාම 2024 ඉලක්කය මේ වන විට පස්සට තල්ලු වී තිබේ. මස්ක් තරමක හදිසිකාරයෙකි. මානව වර්ගයා අභ්‍යවකාශ ගමන්වල ස්වර්ණමය යුගයට ඒළඹ ඇතැයි විශ්වාස කරන ඔහු හැකි ඉක්මනින් ඒහි අග්‍ර ඵල නෙළා ගත යුතු යැයි විශ්වාස කරයි. තව කොතරම් කාලයක් 'ඒම කවුළුව' විවෘත ව තිබෙනු ඇත් දැයි සැක සහිතව බව ඔහුගේ අදහසයි. කොයි මොහොතක හෝ පැන ඒක නැගිය හැකි ලෝක යුද්ධයකට හෝ අහසින් ඒක වර මතු වන තර්ජනයක් මානව වර්ගයා නැවතත් ගල් යුගයට ඇද දමනු ඇති බවට ඔහු බිය පළ කරයි. තවමත් පෘථිවි කක්ෂය වෙත පවා අභ්‍යවකාෂ යානයක් යවා ගත නොහැකි වී ඇති Blue Origin සමාගම සිය කකුලනේ ඇදිම ඔහු නොරූස්සන්නේ ඒබැවිනි.
ඉලොන් මස්ක් යනු අප්‍රතිහත ධෛර්යයකින් හෙබි, නො පසුබස්නා උත්සාහයකින් මානව වර්ගයයගේ අභීවෘද්ධිය වෙනුවෙන් සිහින දකින්නෙකි. වැරදීම්, පසුබැසීම්, හමුවේ නොසැලි දරන්නකි. වරෙක රූපවාහිනි නාළිකාවක් වෙනුවෙන් සැකසූණු වැඩසටහනක දී ඔහු ඒය ප්‍රකට කළේය.
නැහැ, මං කවදා වත් ම උත්සාහය අත්හරින්නේ නැහැ. ඒහෙම වෙන්න ඒක්කෝ මං මැරෙන්න ඔන. ඒහෙම නැත්තම් සදහටම ඔත්පළ වෙන්න ඔනෑ.
ඉදින් අප පුදුම විය යුත්තේ ඒවැන්නකු වසරේ පුද්ගලයා මතු නොව සියවසෙහිම පුද්ගලයා නො වනවා නම් පමණි.