ජාතිවාදය සහා හේතුවාදය ලිපි පෙළෙහි දෙවන ලිපියයි මේ දිගහැරෙන්නේ,
මිනිසා ඇතුළු යම් සිමාසහිත සත්තවයින් පිරිසක් බිහි වෙන්නේ මව් කුසක් තුල. මිනිසා නම් සත්තවයා මම් කුස තුල සිටින විට නමක්, ජාතියක්, කුලයක්, භාෂාවක් අදි සාධක ඇත්තටම නැහැ. නමුත් මව් කුස තුලින් පිටතට පැමිණි වාහාම මේ ලෙබල් ඒකින් ඒක වදියි. ඒවිට ජිවියාගේ ඉදිරියට ක්‍රියාව සිදු වෙන්නේ ඒ ඒ ලේබල් තුල අන්තර්ගත කරුණු හරහා ය..ඒතනදි රාමුවක් තුල කොටු විටම සිදු වෙනවා.
මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා.... මොකද්ද ප්‍රශ්නය... මෙන්න මෙකයි ඔබ සිංහලයෙක් ද? සිංහලයෙක් නම්, අප ශරීරය තුල දුවන්නේත් සිංහල ලේ නම් ඔබ ඒ බව දන්නේ කොහොම ද?
මේ ප්‍රශ්නයට ඔයාල ගොඩක් දෙනෙක් දෙන පිළිතුරු තමයි මගේ අම්මා තාත්තා සිංහල ඒක නිසා මාත් සිංහල, ඒ නිසා මගේ ශරිරයෙ දුවන්නේත් සිංහල ලේ කියල, තවත් සමහරු ඒම ප්‍රශ්නයට පිළිතුරු තවත් ප්‍රශ්නයකින්ම ලබා දෙන්න උත්සාහ කරයි.
මේ සිංහල ජාතිය විතරක් නෙමෙයි හැම ජතිකයෙකුගෙන්ම මෙය අහන්න පුළුවන්. කොයි ජාතියකින් ඇහුවත් මං මුලින් දෙන පිළිතුර හෝ වෙනත් නොගැලපෙන පිළිතුරක් ලබා දෙයි. ඒහෙමත් නැත්තම් ද්වේශ සහගත සිතුවිලි සහිත පිළිතුරක් දෙයි සමහරු මෙවනි ප්‍රශ්නයක් ඇසූ පමණින්ම පිළිතුරක් සදහා තාර්ක කරන්න පටන් ගනියි. ඒවිනි තාර්කයක් ගොඩනගන්න බලාපොරොත්තුවෙන් ඒන පිළිතුරක් ලෙස
"මගේ අම්මා සහා තාත්තා සිංහල ඒම නිසා මමත් සිංහල"
හදුන්වන්න පුළුවන්. නමුත් ඒවිට තවත් ගැඹුරට ප්‍රශ්නය මුදාහරින බවක් තමයි පෙනෙන්නේ. මන්ද තර්ක කරල ප්‍රශ්න වලට පිළිතුරු සොයන විට සිතෙන් තමයි මුලින්ම මේ තර්කය විමසන්නේ ඒවිට සිත ඔබේ තර්කයට ලබා දෙන පිළිතුර සමහර විට අසත්‍යය වෙන්න පුළුවන්. තවත් අකාරයකින් සමහර විට සතත්‍යයක් වෙන්න පුළුවන්. මගේ මතය නම් ඒය ගොඩක් දුරට අසත්‍යය වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. සත්‍ත්‍යතාවයක් බවට පත්වෙනවානම් පත් වෙන්නේ අවබෝධයෙන් සොයාගත් දැනුමත් ප්‍රඥාවත් සමග විශ්ලේෂණය, හේතු යුක්ති වැනි සාධක ඒකතුවිමෙන්.
කෙනෙකු සිංහල වන්නේ සිංහල භාෂාව කතා කරන නිසායි. ඒය තවත් තර්කයකි. ළදරු කාලයේ සිට සිංහල ගෙදරක ඇති දැඩි විම නිසා සිංහල පමණක් කතා කරන වෙනත් ජාතිවල අය සිටියි. සිංහල කථා කරන්න පුළුවන් යැයි පමණින් ඔවුන් සිංහල ජාතියට අයත් වූවන් වශයෙන් සලකනු නොලැබේ. ළදරු අවධියේ සිට වෙනත් ජාතිකයෙකු ළග ඇති දැඩි විම නිසා අන්‍ය භාෂාවක් කථා කරන සිංහලයෝ ඔනතරම් සිටියි. සිංහල භාෂාව කථා නොකළ පමණින් ඔවුන් සිංහල නෙවෙති යන සැලකිමක් සමාජය තුල නැත. ඒ නිසා සිංහල භාෂාව කථා කිරිම නිසා කෙනෙක් සිංහල වෙනේ ද , ඉංග්‍රීසි භාෂාව කථා කිරිම නිසා කෙනෙක් ඉංග්‍රීසි ජාතිකයෙකු වන්නේ හෝ නොවෙයි.
ඒහෙමනම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි,... ආදි ඔනැම ජාතියකට කෙනෙකු අයත් නිශ්චිතව දැන ගන්නේ කොහොම ද? මේ ප්‍රශ්නයට පිළිතුරක් දිමට හැකි පිළිතුරක් නොමැත. නිවරදි පිළිතුරක් දෙන්න පුළුවන් වෙන්නේ නිවරදි ප්‍රශ්නයකට විතරයි. මේ ප්‍රශ්නය සම්පුර්ණයෙන්ම් වැරදියි. ඒම නිසයි පිළිතුරක් දිය නොහැක්කේ. ඇත්ත ඇති සැටියෙන් ජාතිය යැයි කියල ගන්න පුළුවන් දෙයක් නොමැතිව තිබියදී අසවලා කිනම් ජාතියකට අයත් දැයි ඇසු විට ඊට නිසි පිළිතුරක් කෙසේ නම් දන්නේ ද? කොවුර්ගේ අදහස මෙසේය,
ඔබට කුඩා දරුවෙක් සිටියි නම් ඔහුගේ ශරීරය සැම තැනම හොදින් පරික්ෂා කර බලන්න. ඔහුගේ සිංහල බව දැක්වෙන විශේෂ අවයවයක් හෝ සලකුණක් හෝ ඒ දරුවාගේ ශරීරයේ පිහිටා තිබේ ද? කොතරම් සෙව්වත් ඒවැන්නක් ඔබට දකින්නට නොලබෙනවා ඇත. දිර්ඝ කාලයක් මුතුන් මිත්තන් ජිවත් වු භුගෝල කලාපයේ දේශගුණය අනුව ඇති වූ සුදු, කළු, දුඹුරු, කහ ආදී හමේ පාටක් මිස සිංහල, දෙමළ, ඉංශ්‍රිසි, ජර්මන් ආදි ජාතියක් දැක්වෙන කිසිම අවයවයක් හෝ ස්වභාවික සලකුණක් හෝ ලෝකයේ කිසිම රටක මනුෂ්‍ය දරුවකුගේ ශරිරයේ නොමැතියි.
ඒහෙත් මුළු මනුෂ්‍ය වර්ගයටම සාධාරණ වූ ඒ දරුවා වැඩෙක්ම දෙමව්පියන් විසින්, පරිසරය විසින්, සමාජය විසින්, ජාති නාමයක් ඒම දරුවා මතයේහි අරෝපණය කරනු ලැබේයි. තර්ක කිරිමේ, හේතු යුක්ති සොයා බැලීමේ, සංසන්දනය කර බැලිමේ, ශක්තියක් නොමැති ඒ දරුවා නොසිතාම, නොදැනුවත්වම, ඒම ජාති නාමය පිළිගනියි. ඒය පිළිගෙන මම අසවල් ජාතියට අයත් කෙනෙක් මි ය හැගිමට ක්‍රමයෙන් පත්වෙයි. ඔබ සිංහල වුනේ සිංහල වූ යම් කිසිවක් ඔබ උත්පත්තියේ සිට ස්වභාවික ලෙස ඔබට තිබුණු නිසා නොව දෙමාපියන් ඇතුළු සමාජය විසින් ඔබේ සිතේ ඇති කර වූ දෘෂ්ටිය නිසා නොව් දැයි සිතා බලන්න.
කුරුල්ලා ජාති වශයෙන් ඒකිනෙකට වෙනස් වෙයි. උකුස්සා සහ පරෙවියා අතරත්, වටුවා සහ මොනරා අතරත් ස්වාභාවික වෙනසක් තිබේ. සිංහලයා සහ දෙමළා අතරත් ඉංශ්‍රීසිකාරයා සහ ජර්මන්කාරය අතරත් ඒවැනි වෙනසක් තිබේ ද?
කුරුල්ලන් සහ සිවුපාවුන් මෙන් නොව ලෝකයේ සැම තැනම සිටින මනුෂ්‍යයෝ ඒකම ජාතියකට අයත් වෙති. ඒ ජාතිය වනාහි මනුෂ්‍ය ජාතියයි. සත්‍ය වශයෙන් පවතින්නේ ඒ ඒකම ජාතිය ය. සිංහල, දෙමළ, ඉංශ්‍රිසි ආදී දහස් ගණනක් නම් වලින් හැදින්වෙන්නේ සත්‍ය වශයෙන් නොමැති, ඒහෙත් දෘෂ්ටිය නිසා ඇති කරගත් සංඥා මාත්‍රා පමණය. අර්ථයක් නැති, නම් සමුහයක් පමණය.
මෙ අනුව මා ලිපිය ආරම්භයේදි පැවුස් දේ කොවුර්ගේ මතය අනුව තවත් පැහැදිලි වෙනු ඇත. නැති දෙයක් නැහැ කියා සිතාගෙන ඒ අනුව හැසිරෙන තැනැත්තා මානසික රෝගියෙකි. තිබෙන්නේ ඒකම මනුෂ්‍ය ජාතිය යි. අපි සිංහලයින්, දෙමළුන් හෝ ඉංශ්‍රිසින් නොව මනුෂ්‍යයෝ වෙමු. සත්ත්ව ජාතීන්ගේ ස්වභාවික බෙදිම අනුව මනුෂ්‍ය වර්ගයා සම්බන්ධයෙන් පවතිනා සත්‍ය මෙයයි. නමුත් නැති ජාති විශේෂයක් තිබේ සිතා ගෙන ඒම දෘෂ්ටියෙන් බැදුණු අය මෙම සත්‍ය දකින්නට අපොහොසත් වෙති.
නැත්තක් තිබේයි සිතාගෙන හටගන්නා දෙයක් නිසා ජාතිවාදය මානසික රෝග විශේෂයක් වශයෙන් සලකන්න පුළුවන්. මෙරට පමණක් නෙවෙයි ලෝකයේම සිටිනා වැඩි දෙනා ඒම දෘෂ්ටියෙන්, ඒම මුලාවෙන්, බැදුනාහු වෙති. ඒ නිසා ඔවුන් ඒම සත්‍යය දැකිමට අසමර්ථ වෙයි. අතීතයෙ ලෝකයේ ඇති වූ සියලුම යුද්ධ කෝලාහලවලට මූලික හේතුව වුනේ ජාතිවාදය නම් වූ මෙම මානසික රෝගයයි.
විද්‍යාත්මක දියුණුව නිසා සැපවත්ව ජිවත් වෙන්නට සියලුම ඉඩ ප්‍රස්ථා සැලසී තිබෙන වර්තමාන ලෝකයෙහි පවා නොයෙකුත් දුක් හිරිහැරවලට මනුෂ්‍යයාට මුහුණ පාන්ට සිදු වි තිබෙන්නේ දේශපාලන දෘෂ්ටිවලින් වෙලී ගිය ජාතිවාදය හේතු කොට ගෙන ය.
ජාතිවාදය තිබෙන තාක්කාල් දේශාපාලකයින්ට හොරකම්, ජාඩකම් හැකිතරම් කිරිමටත් ඔවුන්ට අවශ්‍යය අකාරයෙන් පාලන තන්ත්‍රය වෙනස් කිරිමට හැකිය.
ලොකු රටවල මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනිසුන් ලක්ෂ ගණන් මැරීම සදහා පරමාණු ආයුධ තැනීම ආදී ලොකු උමතු ක්‍රියාවල යෙදෙති. ලංකාව වැනි කුඩා රටවල මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනි මැරීම, කැති පොලුවලින් ඇන කොටා ගැනීම, තමන්ගේ නොවන භාෂාවකින් ලියන ලද නාම පුවරුවලට තාර ගෑම ආදි කුඩා උමතු ක්‍රියාවල යෙදෙති.
මනුෂ්‍යයා අද සිටින්නේ ඉතාම අවදානම් සහිත යුගයකය. වර්තමාන තත්ත්වය කොතරම් භයානක දැයි බොහෝ දෙනා නොදනිති. අද ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ මීට පෙර කිසි කලෙක ඇති නොවූ විධියේ බලවේගයක් බැව් සැලකියි යුතුයි. ස්වල්පයක් වැරදිගිය හොත් අවුරුදු කිහිපයක් ඇතුලත දී මුළු මනුෂ්‍ය වර්ගයම පෘථිවියෙන් වද වී යාමට මාර්ගය සැලසෙන්නට බැරි නැත. ඒවැනි අනතුරකට දැනුත් ලක්වෙමින් පවතින බවයි මගෙ අදහස ඒනම් ඒක්තරා වෛරසයක් මවා හුදෙක් යටි අරමුණු ඉටු කරගැනිමට තැත් කිරිමයි. විශේෂයෙන්ම වර්ථමානය, අනාගතය තුල තීරණාත්මක අවස්ථාවන් පසු කරගත හැකි වෙන්නේ අපේ ජාතිය, අපේ රට යනාදි වශයෙන් සිතාගෙන ඔවුනොවුන් ඇන කොටා ගැනිමෙන් නෙවෙයි අපේ ලෝකය යයි සිතා මනුෂ්‍ය වර්ගයම සිහියෙන් යුක්තව වැඩ කිරීමෙන් ය. ඒම නිසා අපේ ජාතිය අපේ රට යැයි අද සිතන පතන තැනැත්තා අසිහියෙන් ක්‍රියා කරන තැනැත්තෙක් නොවේ ද? මුළු මනුෂ්‍ය වර්ගයේම සතුරෙක් නොව් ද?
මිලග ලිපියෙන් හමුවෙමු. ඒතෙක් ඔබට සිතන්නට විරාමයක්....