හේතුවාදය වනාහි බුදිධිමතුන්ට සෙල්ලම් කිරිමට ඇති සෙල්ලම් බඩුවක් නැතහොත් නිකම්ම හන්සි පුටු වාදයක් නෙවෙයි. ඒය ඒදිනෙදා ජිවිතයේ සෑම අවස්ථාවකම භාවිත කළ හැකි, භාවිත කළ යුතු ප්‍රායෝගික විධි ක්‍රමයකි. හේතුවාදය ජිවන ක්‍රමයක් ලෙස හෙක්ටර් හෝට්න් හදුන්වන්නේ ඒ නිසාය. ඒහි අදාලතාව කිසියම් කාලයකට හෝ කිසියම් දේශයකට සිමා වන්නේ ද නොවේ.
හේතුවාදය හා ජාතිවාදය ඒක්ව යන්නේ නැත. ඒ අහසට පොළොව මෙන් ඈත් වු දෙයකි. ජාතිවාදි සිතුවිලිවලින් කිලිටි වී ඇති වර්තමාන ලංකාවේ සමාජයට මෙහි විශේෂ වැදගත්කමක් තිබේ. ඒබැවින් හේතුවාදය ජාතිවාදය දෙස බලන ආකාරය සහ හේතවාදියකු හැටියට ඒබ්‍රහම් කොවූර් ඒ් පිළිබදව දැරූ අදහස් සොයා බැලීම මැනවී.
මා කේරළයේ(ඉන්දියාවේ ඒක්තාරා ප්‍රාන්තයකි) ක්‍රිස්තියානි දෙමව්පියන්ගේ දරුවකු ලෙස උපත ලැබුවේ හුදු භුගෝල විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක සිද්ධි මාලාවක ප්‍රථිඵලයෙනි. උපත ලබන විට මම මලයාලි ජාතිකයෙකු හෝ ක්‍රිස්තියානි ආගමිකයකු නොවීමි. මගේ සමහර පාඨකයින්ගේ මනසට සිංහල හා බෞද්ධ බව හෝ ද්‍රවිඩ විමේදි මගේ මනසට ක්‍රිස්තියානි හා මලයාලි බව ඇතුලත් කර ඇත. මගේ වර්තමාන මනස වූ කලී ළමා කාලයේ සිට අද දක්වා ලබන ලද පුහුණුවේ මුළු ඒකතුවයි. මා දන්නා යමිකිසි භාෂාවකට හෝ ආගමකට හංවඩු ගසනු ලැබීමට මම නොකැමැත්තෙමි. උප්පත්තියේදී කිසිවකු කිසිම ආගමකට හෝ ජාතියකට අයත් නොවේ. ඒකිනෙකාගේ ආගම, භාෂා, කුල, ධනය ආදිය අනුව මිනිසා කොට්ඨාසවලට වෙන් කිරිම, වැරදි සහ අනුවණ ක්‍රියාවකි.
මේ කොටස උපුටා ගන්නා ලද්දේ ඒබ්‍රහම් කොවූර් විසින් 1966දී පුවත් පතකට ලියන ලද ලිපියකිනි. ඔහුගේ ජාතිය කුමක්දැයි මේ ප්‍රකාශයෙන් පැහැදිලි වනවා ඇත. නොපැසුණු උදවිය ආගම් හා ජාති නාමයෙන් කුලල් කා ගනිද්දී බුද්ධිමතුන්ගේ සිතුවිලි ඒවැනි පටු වාද භේද ඉක්මවා ගිය මට්ටමකින් පැවතීම පුදුමකය් නොවේ. අද ලංකාවේ තිබෙන දේශාපාලන හා සමාජික වාතාවරණය අනුව ඒදාටත් වඩා අද කොවුර් වැනි අය අපට අවශ්‍යව ඇතිබව මේ අනුව පෙනී යනවා ඇත.
කොවුර් මේ ප්‍රකාශ කර ඇති අදහස මේ අන්දමින් වෙනත් බුද්ධිමතුන් විසින් ප්‍රකාශ කර ඇති අවස්ථා රැසක් අපට හමු වී තිබේ. මෙසේ පුළුල් ලෙස සිතන චින්තකයින් විදේශවල පමණක් නොව අප රටේ වුවද නැත්තේ නොවේ. උදාහරණයක් වශයෙන් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ පහත සදහන් ප්‍රකාශය කොවුර්ගේ ප්‍රකාශයට කොතෙක් දුරට සමානදැයි බලන්න. බුද්ධිමතුන් කාගේත් සිතුවිලිවල සමානත්වයක් ඇති නිසා මේ ගැන පුදුම විමට කාරණයක් නැත.
මනුෂ්‍යයා ජාති වශයෙන් බෙදිම මුලාවකි. සිතින් මවාගත් වෙනස්කම් හැර නිසර්ගයෙ පිහිටි වෙනසක් සිංහලයකුත් වෙනත් ජාතියකට අයත් කෙනෙකුත් අතර නොමැතියි. කෘතිම බෙදිමක් අනුව මිස ස්වභාවික වෙනස්කමක් අනුව 'සිංහල ජාතිය' යයි වෙන් කර ගත හැකි මනුෂ්‍ය කොටසක් නොමැත
මිනිසුන් කාණ්ඩායම් වලට වෙන් කිරීම මුළුමනින්ම පදනම් විරහිත වුවකැයි කියන කොවුර් මේ සදහා තමා තුළින්ම කදිම උදාහරණයක් ඉදිරිපත් කරයි.
ඹහුගේ මුත්තා මලයාලම් භෂාව පමණක් දත් ක්‍රිස්තු භක්තිකයෙකි. පිය මලායලම් ඇතුළු භාෂා පහක් දත් කිුස්තියානි පූජකයෙකි. කොවුර්ද මලයාලම් ඇතුළු භාෂා පහක් දන්නා නමුත් ක්‍රිස්තු භක්තිකයෙක් නොව්. ඔහුගේ පුත්‍රයා "මව් බස" වන මලයාලම් බස දන්නේම නැත.! ඔහුට ආගමක් ද නැත. කොවුර්ගේ මුණුබුරත් දන්නේ ප්‍රංශ බස පමණකි. ඒහෙත් මේ සියලු දෙන කොවුර් පරම්පරාවට අයත් වගේම කොවුර් නමින් හැදින්වෙන්නෝය. ඉදින් ඔවුන් අයත් වන්නේ මොන ජාතියකට ද ?
මේ සම්බන්ධයෙන් ආචාර්ය අදිකරම්ගේ අදහස මදක් සොයා බැලීමද මැනවී මන් ද යත් ඔහුගේ අදහස කොවුර්ගෙ අදහස හා සමාන වනවා පමණක් නොව මුළු ලෝකයටම අද අවශ්‍යව ඇත්තා වුත් අදහසක් බැවිනි. මෙය ආචාර්ය අදිකාරම් විසින් ලියන ලද්දේ මිට දශක තුනකට පමණ ඇතකදි වුවත් මේ අදහස් ඒදාට මෙන්ම අදට ද ගැලපේ.
තවත් මෙහි ලා අන්තර්ගත කරණු වලට අමතරව තවත් කරණු සෙවිමට පුහු ප්‍රාර්ථනා සහ වෙනත් ලිපි - 1952 පිටු 47 - 48 මේ ගැන අදිකාරම් මහතගේ අදහස් සවිස්තරව පසුව දැක්වේ. තවත් බලන්න 'මා කළ ගවේෂණ' පොතේ මානව වර්ගයාගේ පැවැත්මකට මිශ්‍ර විවාහ යන පරිච්‌ඡේදය.{alertInfo}