සුද යෑම හෙවත් ශ්වේත ප්‍රදර රෝගය


ලොව ලස්සන කරනු ලබන්නේ කාන්තාවන්ය. දේශීය වෙදකමේ සහ ආයුර්වේදයේ ඉගැන්විම්වලට අනුව උපදින සෑම ගැහැනු දරුවකුම අනිවාර්යයෙන්ම මවක් වීමට හිමිකම් කියන්නීය. ඒ නිසාම ඇයට ලෝකයේ උතුම්ම පදවිය වූ මව් පදවිය පිරිනැමීම තුළ සමාජයේ සුවිශේෂ තත්ත්වයක් ලබා දී තිබේ. නමුත් අද වන විට මෙම සුන්දර කාන්තාවන්ට බොහෝ ලෙඩ රෝගවලට මුහුණදීමට සිදු වී ඇත. ආහාරපානවල බලපෑම, මානසික බලපෑම(විෂාදය වැනි...) ආදිය නිසා ඒසේ වී තිබේ.

අද සුලබව කතා වන මාතෘකාවක් ලෙස සුද යෑම හෙවත් ශ්වේත ප්‍රදාර රෝගය හැදින්විය හැක. ඒ පිළිබද තමයි මෙතැන් සිට මා සොයාගත් කරනු ලියන්නට අදහස් කලේ, ඒ මෙසේය.

කාන්තාවන්ගේ යෝනිය ආශ්‍රිත ස්‍රාවය ස්වාභාවික සංසිද්ධියකි‍. මෙම යෝනි ස්‍රාවය පැවැතිය යුත්තේ කාන්තාවන්ට කරදරකාරී නොවන අයුරිනි. ශ්වේත වර්ණයක් සහිතව පවතින මෙම ස්‍රාවය තුළින් කාන්තාවන්ගේ ප්‍රජනන ඉන්ද්‍රිය ආශ්‍රිතව නිරෝගිතාව විදහා දක්වයි. ඒම මාධ්‍යයට නිශ්චිත වූ PH අගයක්ද ඒය තුළ පවතියි. පිරිම් ශුක්‍රාණුවකට ඩිම්බයක් කරා පිහිනා යෑමට මෙම ස්‍රාවය ඉතා වැදගත්ය. යෝනි ස්‍රාවය කෙරෙහි ඇත්තේ මෙවැනි වැදගත්කමක් වුවත් මෙම තත්ත්තවය වෙනස් වීම අද දැකිය හැකි ප්‍රබල ගැටලුවකි. මෙම රෝගය සුද යෑම හෙවත් ශ්වේත ප්‍රදර රෝගය ලෙස හදුන්වනු ලබයි.

බොහෝ කාන්තාවන් යෝනි ස්‍රාවය පිළිබද කිසිදු අවධානයක් යොමු නොකරන අතරම, ඒ පිළිබද කතා කිරිමට පවා මැලිකමක් දක්වයි. යෝනි ස්‍රාවය ලිංගේන්ද්‍රිය ආශ්‍රිත නොයෙක් රෝග නිසා තිබිය යුතු ස්වාභාවික තත්ත්වයෙන් වෙනස් විය හැකිය. මෙම තත්ත්වය රෝගයක්ද නොඒසේ නම් සාමාන්‍ය තත්ත්වයක්ද යන්න සොයා බැලීමේදී ඒහි පිටවන ප්‍රමාණය, ගන්ධය, වර්ණයේ වෙනස් ස්වරුපයකින් පිටවිම  සිදුවේ. මෙම තත්ත්වය සුද යෑම ලෙසද හදුන්වායි. සාමාන්‍යයෙන් යෝනි මාර්ගය පවතින්නේ තෙත් ස්වභාවයකිනි. මෙම ස්‍රාවයෙහි වර්ණය වන්නේ ශ්වේත වර්ණයයි. ඒහි පවතින රෝග තත්ත්වයන් නිසා මෙම වර්ණය වෙනස් වි සැරව පැහැති වූ වර්ණයකින් යෝනි ස්‍රාවය පිට විය හැක. මෙලෙස අධික ලෙස ශ්වේත ප්‍රදාර රෝගය ඇති විමෙන් අවසානයෙහි ඔබට උරුම විය හැක්කේ වදභාවයයි. මෙවැනි තත්ත්වයක් නිර්මාණය විමේදි රෝග කීපයක් ඒ සදහා බලපානු ලබයි. ඒ කිරිපණු රෝග, පුස් වර්ග, වෛරස් වර්ග, බැක්ටීරියා ආසාදන යන තත්ත්වයන්ය. ඊට අමතරව ඔනෑම ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතිගත රෝගයක් නිසා මෙම තත්ත්වය ඇති වේ. ඊට අමතරව අපිරිසිදුභාවයද බලපානු ලබයි. ඒ වගේම ක්‍රිම් ආසාදන(පණු ක්‍රිම් රෝග), ලිංගික චර්යාවන්, වැඩිපුර හිටගෙන සිටින කාන්තාවන්, ඒමෙන්ම වැඩි වශයෙන් හිදගෙන සිටින කාන්තාවන් ද මීට ගොදුරු විය හැකීය. පොදු වැසිකිළි භාවිතයෙදි ඒවායේ පිරිසිදුකම පිළිබද සැලකිල්ලක් නොදැක්වීම, බහු පුරුෂ සේවනය හා සමාජ රෝග සුද යෑමත් සමග ඇතිවන රෝග ලක්ෂණ වේ. ඉහත හේතුන්ට අමතරව උෂ්ණ අධික ආහාර ගැනීම මේ සදහා බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හැදින්විය හැකිය.

විශේෂයෙන් තරුණ වයස්වල පුසුවන කාන්තාවන් අමු අඹ, අන්නාසි, බිලිං, ඇඹැරැල්ලා, අච්චාරු වැනි දේවල් ආහාරයට ගැනීමත්, කෘතිම ආහාරපානවලට යොමු වීමත් නිසා ඔවුන්ගේ ශරීර උෂ්ණය අධික තත්ත්වයට පත් වේ. මානසික වශයෙන් ඇතිවන පීඩනයද මෙම රෝග තත්ත්වය ඇති වීමට බලපාන සාධකයකි. මෙලෙස අධික ලෙස මෙම තත්ත්වය ඇති වුවහොත් වෛද්‍යවරයෙකු හමුවීමට අමතක නොකරන්න. නැතහොත් ඒවැනි තත්ත්වයක් අවසානයේ කාන්තාවක වන ඔබ සතු වු මවක වීමේ සිහිනය ඔබෙන් ගිලිශි යෑමට හේතුවක් විය හැකි බැවිනි. මෙම රෝගී තත්ත්වය සදහා ප්‍රතිකාර ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකුලව රෝගී තත්ත්වය සියමු ලෙස වෛද්‍යවරයාගේ පරික්ෂාවට ලක්වන අතර, සියලුම රෝගී තත්ත්ව හා රෝග ලක්ෂණ මත ප්‍රතිකාර යොදනු ලැබේ.

වර්තමානයේ බොහෝ කාන්තාවන් ඉතාමත් කාර්ය බහුල ජිවිතයක් ගත කරන බැවින් ප්‍රතිකාර නොලබා සිටින අවස්ථා ඔනෑ තරම් තිබිය හැක. මේ නිසාම අපගේ වෛද්‍ය ක්‍රම අනුව නිපද වූ ඖෂධ ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි නිසා ඉතා පහසුවෙන් රෝග නිවාරණය කරගත හැකිය.

Getting Info...

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.