දිනෙන් දින කොරෝනා රෝගින් ප්‍රමාණය අඩු වුනත් කොරෝනා රෝගය කලින් නොවැළඳුන පවුලක් නැති තරම්. සමහර අය Antigen හා PCR පරික්ෂණ කරලා කොරෝනා රෝගීන් බවට තහවුරැ උන අය,සමහරැ රෝගියෙක්ගේ ආශ්‍රිතයෙක් වෙලා කොරෝනා රෝගයට අදාල ලක්ෂණ තියනවා නමුත් පරීක්ෂණ වලින් තහවුරැ වෙලා නැ,සමහර පවුල් වල එක්කෙනෙක් විතරයි පරීක්ෂණ කරලා තහවුරැ වෙලා තියෙන්නෙ ඒත් පවුලේ අනිත් අයත් නිරෝධායනය වෙන ගමන් ඉන්නෙ. ඉතින් PCR හෝ RAT පරික්ෂණයෙන් තහවුරැ උනත් නැතත්, මේ රෝගයට අදාල ලක්ෂණ තියනවානම්, ආශ්‍රිතයෙක්නම් අපි උපරිම පරිස්සම් වෙන්න ඕන. ඉස්සර දෙයියන්ගෙ ලෙඩ හැදුනම අපි කොච්චර බයද ඒ දවස්ගාන කොච්චර පරිස්සම් වෙනවද ඒ වගේම මේ රෝගයේදිත් ඒ විදියට ආරක්ෂා වෙන්න ඕන.
මුලදි කිසිම රෝග ලක්ෂණයක් නැතුව තිබිලා හිටි හැටියේ අමාරැ වෙන්නත් පුලුවන්. රෝගයේ මුලික ලක්ෂණ පෙන්වන්න පටන් අරගත්ත දිනට කලින් දවස් දෙක තුනකට කලින් ඉදන්ම ආසාධිතයෙක්ගෙන් රෝගය අනෙක් අයට පැතිරෙන්න පුලවන් කියලයි පරික්ෂණ වලින් හොයාගෙන තියෙන්නෙ. ඒකයි කියන්නෙ ලක්ෂණ තිබ්බා නැතා තමන් ආසාදිතයෙක් ලෙස හැසිරෙන්න කියලා. එලියට යන එන කෙනෙක්නම් ගෙදරත් මාස්ක් එක දාගෙන ඉන්න. මොකද ඔබට රෝග ලක්ෂණ ඇවිත් PCR හෝ RAT රෝගය තහවුරැ වෙද්දි ඔයාගෙන් විශාල පිරිසකට බෝවෙලා ගෙදර ඉන්න වැඩිහිටි අයට ලෙඩේ ඇවිත් අමාරැවෙලා ඉස්පිරිතාලෙ ගෙනියන්න පවා වෙච්ච අවස්ථා අපි දැක්කා.
මේ වෙනකොට ලෙඩේ හැදුනම හැමෝටම නිරෝධායන මධ්‍යස්තානයකට යන්න පහසුකම් නැ. සමහර විට ගෙදරම නිරෝධායනය වෙන්න සිදුවෙයි. ඒ නිසා ගෙදර වැඩිහිටි අය කුඩා දරැවන් ඒවගේම කාලින වකුගඩු රෝගින්, හෘද රෝගින්, ප්‍රතිශක්තිය අඩු අය ඉන්නවනම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.
හෙම්බිරිස්සාව, නහය බර ගතියක් එනවනම් හිසරදය, පාචන තත්ව, උණ, ඇගපත වේදනාව තියනවනම් වහාම අනික් අයගෙන් ඇත් වෙන්න. වෙනම කාමරයක ඉන්න පහසුකම් තියනවනම් වෙනම කාමරයකට යන්න. කෑම බිම ගන්න එකත් ඒ කාමරේම කරනවනම් හොදයි. එහෙම බැරිනම් මාස්ක් එක හැම වෙලේම දාගෙන ඉන්න.
හැම ගෙදරම වෙනම නාන කාමර වැසිකිලි නැහැ එහෙම තියනවනම් හොදයි ඒක තමන් වෙනම පාවිචි කරන්න. නැතිනම් තමන් ඒව පාවිච්චි කරාට පස්සෙ අනෙක් අය පාවිච්චි කරන්න කලින් හොදින් විෂබීජ නාශක දියරයක් දාල සෝදන්න. තමන් කන බොන පිගන්, කෝප්ප සියල්ල තමන්ම සබන්දාල සෝදගන්න. අදින රෙදි පිලි එහෙමත් එහෙමයි තමන්ම සෝදගන්න.
සොටු සීරිමට පාවිච්චි කරන ටිෂු හා ලේන්සු නිසි ලෙස බැහැර කරන්න අන් අයට අල්ලන්න දෙන්න එපා. තමන්ට ඒව කරගන්න බැරිනම් ලෙඩෙත් එක්ක ශරිරය දුර්වලනම් ඒව පිරිසුදු කරන කෙනාට අත්වැසුම් මාස්ක් දාලම ඒව කරන්න කියන්න.ඒව පිරිසුදු කරලා ඉවර වෙලා හොදින් සබන්දාල අත් හෝදගන්න ඕන ඒ අය. ඉන්න කාමරය හොදින් වාතාශ්‍රය ලැබෙන විදියට දහවල් කාලයේදි දොර ජනෙල් ඇරලා තියන්න. හැබැයි වහින වෙලාවට හරි අධික හුලං තියන වෙලාවක හරි කාමරය ඇතුලට හුලං එන්නෙ නැති වෙන්න දොර ඡනෙල් වහල තියන්න.
කොරෝනා වලදි කොවිඩ් නිව්මෝනියා තත්ව එන්න පුලුවන්. මේකට ප්‍රධානවම අපිරිසුදු ඇද ඇතිරිලි දුවිලි ආදි දේ බලපානවා. පුලුවන් තරම් පිරිසිදු ඇද ඇතිරිලි කොට්ට භාවිතා කරන්න. කෙරෝනා හැදෙන්නම ඕනනැ පුරැද්දක් විදියට දුවිලි ඉවත් වෙන්න හැමදාම කාමර, නිදින ඇද අල්මාරි කබඩ් ආදිය පිරිසිදු කරන්න. නිතර ඇද රෙදි කොට්ට උර මාරැ කරන්න. ලෙඩේ හැදිලා ඉද්දි දුවිලි ඇවිස්සෙන්න කාමරේ අස්කරන්න යන්න එපා. එක ගෙදර ගොඩක් අය ඉන්නවනම් ඉඩ පාඩු නැත්තම් පුලුවන් තරම් පරිස්සම් වෙන්න හොද වාතාශ්‍රයක් ලබා ගැනිම වැදගත්. ගෙදර ඉඩ තියනවනම් උදේට පොඩ්ඩක් දහයට විතර කලින් අව්වේ පැය බාගයක් විතර ඉන්න. එහෙම ඉඩ නැති අය ජනේලෙ ඇරලා හිරැ එලිය ඇගට වැටෙන විදියට ඉන්න.
එතකොට කැම බිම කොහොමද කන්නෙ කියන ප්‍රශ්නෙ ගොඩක් අය අහනවා මේ දවස්වල කෝල් කරලා. දැන් ලෙඩේ හැදුනම හොදට කන්න ඕන ප්‍රතිශක්තිය වැඩි වෙන්න කියලා හිතන් කවදාවත් කෑවෙ නැති කෑම ප්‍රමාණයක් මේ කාලෙ කන්න එපා. අහල පහල උදව්වට කොරෝනා හැදුන ගෙවල් වලට කැම දෙනවනම් කොත්තු, චිකන් ඩෙවල්, ෆරයිඩ් රයිස් වගේ මගුල් ගෙදරකට වගේ තෙල් මිරිස් යහමින් දාල උයලා ගෙනියන්න එපා. උන හැදුනම අපි කන්නෙ කොහොමද අන්න එහෙම තමා කන්න ඕන. ප්‍රතිශක්තිය වැඩෙන්න හොදට කන්න ඕන කලින්. ලෙඩේ හැදුනම කන්න ඕන දිරවන්න පහසු විදියට. උයපු ආහාරම ගන්න, අමුවෙන් ගන්න සැලඩ් වගේ දේවල් හොදනැහැ දිරවන්න අමාරැයි. හාල් බැදලා හදා ගන්න බැදි හාල් කැද, දියබත් කැද, සුදුළුුණු ගම්මිරිස් දාල හදපු බෙරිබත් කැද, තැම්බුම් හොදි සමග බත්, කිරි හොද්දක් එක්ක බත් එලවලු හොදට පහේ දාල කිරට හදපු මාලුවක් එක්ක බත්, රෑට එලවලු සුප් නැත්තම් එලවලු තම්බලා වගේ දේවල් හොදයි. මාළු කනවනම් සුදු මාළු, තෝර, පරා, ගල්මාළු වගේ හොදයි හැබැයි කිරට උයලා. චිකන් වගේ දේවල් කනවනම් සුප් එකට දාල හොදට තම්බලා කන්න. සුප් එකක් හදද්දි සුදුරැ, මාදුරැ, කොත්තමල්ලි, ඉගුරැ, ගම්මිරිස් වගේ දේවල් දාල හදන්න. රතු මස් ඒ කියන්නෙ එළු මස්, හරක් මස්, ඌරැ මස් වගේ දේවල් දිරවන්න අමාරැයි ඒව කන්න එපා. කිරි, චිස්, මුදවපු කිරි, යෝගට් වගේ දේවලුත් හොද නැහැ.
උදේට බත් කැද ටිකක් හරි, කොළ කැඳ වර්ග සඳහා යකිනාරං කොළ, එළ පිටවක්කා කොළ, එළබටු කොළ, වැල් තිබ්බටු කොළ, ගොටුකොල, හීං බෝවිටියා, මුස්සැන්ද, පොල් පලා, කරපිංචා වලින් හදාගත්ත කැද එකක් බොන්න කිරි වෙනුවට.
හවසට කොත්තමල්ලි, වෙනිවැල්ගැට, සූදුරු, බෙලිමල්, බෙලි කොළ, රණවරා, පොල්පලා, නීරමුල්ලිය, මදුරුතලා, කටුවැල්බටු ආදියෙන් වර්ගයක් හෝ කිහිපයක් ඉඟුරු කැබැල්ලක් හා, සුදුලූනු බික් එකක් හෝ දෙකක් දමා හොදින් තම්බා පානය කරන්න. උදේ දහයට වගේ පලතුරැ මොනාහරි කන්න. සෙම අඩුවෙන ලංකාවෙ දොඩම් වර්ග, නෙල්ලි, ඇඹරැල්ලා, අඹ, පේර (ඇට කන්න එපා දිරවන්න අමාරැ නිසා), දෙළුම් වගේ දේවල් හොදයි.
පැය තුනෙන් තුනට මද රස්නෙ වතුර විදුරැවක් වගේ බොන්න. ඇල් වතුර උණු වතුර කලවම් කරන්න එපා හොදින් උතුරැවා නිවාගත් වතුර තමයි බීමට ගන්න ඕන.
කෑම අප්පිරියාව, වැසිකිලි නොයෑම හා වමනය තියනවනම් කරාබු නැටි කිහිපයක් තලලා නටන වතුර අඩු කෝප්පයකට දාල තියලා සැරින් සැරේ ඒක බොන්න.
එතකොට ලෙඩේ හැදුනම නාන්නෙ කොහොමද. මුල් දවස්වල උණ තියෙද්දි නාන්න ඇගපත සෝදන්න එපා. උණ නැතත් මුල් දවස් 14 නාන්න හොද නැහැ. උණ තියෙනවනම් තෙත රෙදි කැල්ලකින් ඇගපත පිහිදාගන්න. උණ ගතිය අඩු වෙද්දි පස්වෙනි හයවෙනි දවසේ ඉදන් වගේ උණු වතුරින් ඇග සෝදන්න. ඒ වෙදදිත් උණ තියනවනම් ඇග සෝදන්නත් එපා.
දවස් 14 පස්සෙ සෙම ගතිය අඩුනම් උණු වතුරින් නාන්න පුළුවන්. හැබැයි ඇග සෝදනකොට නානාකොට ගොඩක් වෙලා වතුරෙ ඉන්න එපා. හොදට කොන්ඩෙ තෙත නැති වෙන්න පිහිද ගන්න. ඊට පස්සෙ ඉගුරැ කොත්තමල්ලි එකක් රස්නෙන් බොනන. දවස් 14 පරිස්සම් උනොත් මේ ලෙඩේ හැදිලා අමාරැවක් නැතුව සුව වෙන්න පුලවන්. තව දුරටත් වැඩි විස්තර අවශ්‍යනම් රට වටේම ඉන්න ආයුර්වේද ප්‍රඡා ෙසෟඛ්‍ය නිලධාරින් ඉන්නවා ඔබට උදව් කරන්න. ඒ අයගෙන් කෙනෙක්ට අමතන්න පුලුවන්.
✍️ සටහන :- ආයුර්වේද වෛද්‍ය W.T.M ගිම්හානි උදාරි පෙරේරා