විෂම භාග (The Other Half) චිත්‍රපටය


චායාරුපය :  ශ්‍රද්ධා වෙබ් අඩවිය


ලලිත් රත්නායකයන් අධ්‍යාක්ෂණය කල, ශ්‍රද්ධා මාධ්‍ය ජාලය නිෂ්පාදනය කළ විෂම භාග (The Other Half) චිත්‍රපටය

භුතානයේ රන් මකරා සම්මාන උළෙලේ දී Golder Dragon Awards - 2020 රටවල් 130කින් ඉදිරිපත් වු සිනමා නිර්මාණ 3500 අභිබවමින් ශ්‍රි ලංකික සිනමාවට මහත් කිර්තියක් අත්කොට දෙමින් හොදම නිෂ්පාදකයා - Best Producer සදහා වන රන් මකරා සම්මානයෙන් පිදුම් ලැබ ඇත.

“වැඩිහිටියකුගේ එක වචනෙකින් පුංචි ළමා මනසකට කොයි තරම් බලපෑමක් කරන්න පුළුවන්ද? අවුරුදු 10ක විතර පොඩි දරුවකුට පාසලේදී දෙන නියෝගයක් නිසා හිතේ ඇතිවන ප්‍රශ්නය නිසා ඇතිවන වේදනාව දරාගෙන දරුවා තමන්ගේ දෛනික ජීවිතය ගත කරන ආකාරය කෙබඳුද? එය ප්‍රේක්ෂකයාට දනවන්න දරන උත්සාහයක් තමයි විෂම භාග. මතුපිටින් කතා කරන්නේ ඒ දේ වුණත් කතාව අභ්‍යන්තරයෙන් ගලා යන තේමාව පිළිබඳ විද්වතුන් මට කීවේ විෂම භාග කතා කරන්නේ වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදයේ තිබෙන යම් දුර්වලතාවක් ගැන. ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු කියන අතීත අධ්‍යාපන ක්‍රමය අදටත් සරිලනවාද? ඒ කාලේ දක්ෂ ශිෂ්‍යයකු කීවේ ගණිතය, විද්‍යාව වැනි සම්මත විෂයයන්ට හැකියාව ඇති දරුවන්.

ඒත් ඒ ගණිත කුල්ලෙන් බිමට හැළෙන මිණිකැටවලට, සංගීතයට, නර්තනයට, ලලිතකලාවලට ආදරය කරන ඒවාට දක්ෂ ළමයින්ට මේ අධ්‍යාපන ක්‍රමය තුළ මොකද වෙන්නේ කියන ගැඹුරු යථාර්ථය වගේම ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයට වඩා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක වැදගත්කම කුමක්ද? දියුණු රටවල ඒ ක්‍රමය භාවිත කිරීමෙන් කොතරම් ප්‍රතිලාභ ලබා තිබෙනවාද කියන පණිවිඩය විෂම භාග මඟින් කතාවෙනවා.”


විෂම භාග සිනමා පටයේ අධ්‍යක්ෂ ලලිත් රත්නායක සරසවියට ගොඩ වී කීවේ එහෙමයි. 


ඉතින් තවත් මොකට ද බලාගෙන ඉන්නෙ අනිව බලන්න.👇

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.