උද්භිත විද්‍යාත්මක නාමය | Citrus_aurantium |
කුලය | Rutaceae |
සිංහල නම | ඇඹුල්දොඩම් |
සංස්කෘත නම | ජම්බීර |
ඉංග්‍රීසි නාමය | sour orange/bitter orange |
දෙමළ නාමය | පුලි තෝඩං කයි |
හින්දි නාමය | ජම්බීර නීබු |
මෙය මීටර් දහයක් පමණ උස කුඩා ප්‍රමාණයේ ශාකයක් වන අතර අළු පැහැති දුඹුරු සිනිඳු පොත්තක් සහිතයි. ශාඛා ක්‍රමවත්ව විහිදී ඇත. පත්‍ර සැලකු විට ඕවලාකාර වේ .ඒනාන්තර වේ. ඒ වගේම කොළ පැහැති පත්‍ර වේ . සෙන්ටි මීටර් තුනක් හතරක් දිගකින් යුක්තයි. පත්‍ර උඩ පෘශ්ටය සිනුඳු අඳුරු කොළ පැහැයක් ගනියි .යටි පෘෂ්ඨය ලා පැහැති වේ. පුෂ්ප මනිය කෝප්ප ආකාර වන අතර තුනී මාංසල පෙති පහකින් සමන්විත වන අතර සුදු පැහැති වේ .පටු පස්සට වකුටු වී ඇත. ඵල ගත් විට රවුම් අඳුරු පැහැයකින් යුක්ත වේ.
ඖෂධ පිණිස ශාකයේ පංචාංගයම භාවිතයට ගනියි.
ආයුර්වේද මතානුකූලව මෙහි ප්‍රධාන වශයෙන් ප්‍රභේද හයක් පවතී ජම්බීර, මධු ජම්භීර , නාරංග ,වන බීජ පූරක,මදු කර්කටිකා ලෙස ඒවා බෙදී පවතී.
පංච පදාර්ථය සැලකූ විට අම්ල රසයෙන් යුක්ත වන අතර ,ගුරු තීක්ෂණ යන ගුණ ප්‍රධාන ව පවතී .උෂ්ණ වීර්ය වන අතර අම්ල විපාක වේ. ශරීරයේ ප්‍රධාන වශයෙන් ත්‍රිදෝෂ වල කඵ වාත සමනය කරයි .
ආයුර්වේදයේ මේ සඳහා විවිධ පර්යාය පවතී. තද ඇඹුලින් දත් හිරිය උපදවන ලද හෙයින් දන්ත ශත නමින්ද දන්ත හර්ෂණ යන නම් දෙකද යොදා ගනී. කට පිරිසිදු කරන හෙයින් මුඛ ශෝධී යන නමද යොදා ගනියි .සාමාන්‍යයෙන් ජම්බීර නමින් ලොකු ඇඹුල්දොඩම් ද ස්වල්ප ජම්බීර නමින් කුඩා ඇඹුල්දොඩම් ද හඳුන්වය. ගුණ සාමාන්‍ය නිසා ගෙඩි වලින් දැක්වෙන මේ සුළු භේදය ගැන මේ රටේ සැලකිල්ලක් නැති තරම්ය. සාමාන්‍යයෙන් දොඩම් යන්නෙන් පැණි දොඩම් ගැනෙන හෙයින් එයින් වෙන් කොට දැක්වීම සඳහා ඇඔුල් විශේෂණය යෙදී ඇත.
ශරීරයේ විවිධ ව්‍යූහ ආශ්‍රිතව විවිධ ගුණ පවතී.ආහාර ජීර්ණ මාර්ග පද්ධතිය ආශ්‍රිතව දීපන, පාචන ගුණ ඇති අතර පිපාසය සංසිඳුවයි. රුචි කාරක ගුණය ඇත . ඒ වගේම අනුලෝම ගුණ ඇත.පිත වැඩිකිරීමේ ගුණත් ඇත .ඒ නිසා වමන, අජීරණ ආදී රෝග වලට යොදා ගැනේ. එමෙන්ම කෘමි නාශක හැකියාව ද මේ සතුව පවතී .
රධිර සංසරණ පද්ධතිය හා ආශ්‍රිතව ගත්කල මෙය හෘදයට ඉතා හොඳ වේ. රත් පිත් සමනය කරයි , රක්තය ශෝධනය කරයි . ඒ නිසා හෘදය ආශ්‍රිත රෝග, රත් රත්පිත් රෝග, වාත රක්ත රෝග සඳහා ප්‍රධානම මෙය අපි යොදා ගනී.
ශවසන ව්‍යුහය ආශ්‍රිතව ගත් විට කඵ හෙවත් සෙම නැති කිරීම සිදු කරයි .
මත්‍රණ ව්‍යුහය ආශ්‍රිතව ගත්කල මුත්‍රාල හෙවත් මුත්‍රා වැඩි වීමේ ගුණයක් සහිතයි. එමෙන්ම මුත්‍රාවල අධික ආම්ලික ගතිය අඩු කිරීමේ ගුණයක් ද පවතී.
රෝග වලදී යොදා ගැනීමේදී,,
අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් ඇති අවස්ථා වලදී ඇඹුල් දොඩම් ඉස්ම සවස් කාලයේ දී බීම ඉතා සුදුසුයි .
ඒ වගේම මුල් අවස්ථාවේදී වසූරිය සංසිඳීමට නම් ජම්බීර ගුඩය එළකිරි සමඟ උදෑසන පෙවීම ද ඉතා සාර්ථක වේ.
කනේ වේදනාවන් ඇති විට ඇඹුල් දොඩම් යුෂ යොදා සිඳගත් තෛලය කනෙහි යෙදීම සිදු කරයි .
ඔබ සැමට නිදුක් නීරෝගී සුවය
මුලාශ්‍ර - ඖෂධ සංග්‍රහය