සාර්ථකත්වයේ රහස ( පුංචි කතාවක්)


ග්‍රීකයේ පහල වුන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වුන සොක්‍රටීස් ගැන ඔබ අහලා ඇති. දවසක් සොක්‍රටීස් ලගට ආපු එක තරුණයෙක්  ඔහුගේන අහනවා " ඔබ‍ට පුලුවන් ද මට සාර්ථකත්වයේ රහස කියලා දෙන්න" කියලා. තරුණයා  දිහා ටිකක් වෙලා බලා ඉදපු සොක්‍රටීස් කියනවා " ඔව් මට පුලුවන් හැබැයි ඔබ හෙට උදේ ගග ලග දී මාව මුණ ගැහෙන්න ඕනේ කියලා.  තරුණයා කැමති වෙනවා. ඔහු ඊලග දවසේ උදේම සොක්‍රටීස්ව මුණගැහෙන්න ගග ලගට එනවා. සොක්‍රටීස් තරුණයාව ගගේ ටික දුරක් අරගෙන යනවා. ටික දුරක් ගියාට පස්සේ සොක්‍රටීස් එක පාරටම තරුණයාගේ ඔලුව වතුරේ ඔබනවා. තරුණයා පුදුම වෙනවා. ටික වේලා ගියාට පස්සේ සොක්‍රටීස් තරුණයාව අතඅරිනවා තරුණ‍යා වේගයෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. සොක්‍රටීස් තරුණයාගෙන් අහනවා ''වතුර යටදී ඔබට මොනවාද වැඩියෙන්ම අවශ්‍ය වුනේ ''කියලා. තරුණයා කියනවා ''මට හුස්ම ගන්නයි ඕනේ වුනේ'' කියලා.  සොක්‍රටීස් තරුණයාට කියනවා ඔබට යම් දෙයක් ලබා ගැනී‍මේ වුවමනාව වතුර යටදී ඔබට හුස්ම ගැනීමට අවශ්‍ය වූ තරමටම වෙනවා නම් එය තමයි සාර්ථකත්වයේ රහස කියලා. තරුණයා තේරුම් ගන්නවා සාර්ථක වෙන්න අවශ්‍ය කරන්නේ අපගේ අභ්‍යන්තර ‍පෙළඹවීමයි කියලා. 


අපිට යම් දෙයක් සාර්ථක කරගන්න අවශ්‍ය නම් අපිට ඒ සදහා වැඩිපුරම අවශ්‍ය කරන්නේ ඒ ‍සදහා අපගේ අභ්‍යන්තරයේ පවතින දැඩි කැමැත්ත, ආශාව හා පෙළඹවීමයි. ඔබටත් යම් දෙයක් සාර්ථක කර  ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අභ්‍යන්තරයේ දැඩි කැමැත්තක් පෙළඹවීමක් ඇති කරගන්න. ඒ පෙළඹවීම කුමන දෙයක් නිසාවත් අඩුවෙන්න දෙන්න එපා. ඒ පෙළඹවීම දවසක ඔබව සාර්ථකත්වය කරා ලගා කරාවී.

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.