පාඩම් කරන විට නිදිමත ඇතිවෙන්නේ ඇයි?





සමහරුන්  අධ්‍යාපනයේ නිරත වීමට ප්‍රියතාවක් දක්වයි. ඒත් තවත් පිරිසක් අධ්‍යාපනයේ නිරත වීමට මැලිකමක් දක්වයි.


පාඩම් කරන විට නිදිමත ඇතිවන බව පවසන ගොඩක්  ඒ පිළිබඳ ඉතාම කනගාටූවට පත් වන අතර මවූපියන්ගේ දොෂාරෝපනයන්ටද ලක්වෙයි.


"පොතක් අතට ගත්තොත් නිදි මෙහෙම කියන අම්මලා ළමයින්ට දොස් නගන්නේ පාඩම් නොකරන බවට මැසිවිලි නගමිනි.


පාඩම් කරන කොට නිිදිමත එන්න හේතු ගණනාවක් තිබෙනවා. දවල් මහන්සිවෙලා වැඩ කරලා හවසට මද විවේකයක් අවශ්‍යයි. විනාඩි 45 පමණ ඇඳ විවේකයක් තමයි අවශ්‍ය වෙන්නේ. එය අනිවාර්යයි කීවත් වැරදි නැහැ. එහෙම නැති වූණාම තමයි නිදිමත ගතිය එන්නේ .ළමයින්ට විතරක් නෙමෙයි හැමෝටම මේ විවේකය අවශ්‍යයි. එසේ නොවූ විට තමන්ගේ කාර්යය නියමිත පරිදි කර ගැනීමේ නොහැකියාව නැති වෙනවා. එනම් නිදිමත වෙහෙස දෑනෙනවා.


🔵අධ්‍යාපනය පිළිබඳ සූබ හැඟීම් නැති විට ඇතිවන්නේ අසූබ හැඟීමක්. ඒ හැඟීමත් නිදිමත ඇතිකරන්න හේතුවක් වෙනවා.


🔵ඇනීමියා (ලේනැතිකම) තයිරොයිඩ් ග්‍රන්ථියේ ඌනතා වැනි දේ නිසා මොළයේ ෙසෙලවල ක්‍රියාව දුර්වල වී නිදිමත ඇති වෙන අවස්ථා තිබෙනවා.


🔵බොහෝ පීඩාකාරී ගැටලු එනම් නිවසේ අර්බූද, කායික රෝග පාසලේදී වයසේ ළමයින්ගෙන් කොන්වීම නිසාත් නිිදිමත කලකැරුණූ ස්වභාවය ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයකට හේතුව සොයාගත යූතු යි.


ළමයාව නිවැරදි මනෝ උපදේශන සේවයකට යොමූ කර බලපාන ප්‍රශ්නය සඳහා විධිමත් නිවැරදි මනෝ උපදේශන සේවයක් ලබා දිය යූතුයි. මෙහිදී විශේෂයෙන් මව්පියන් මතක තබා ගත යූත්තේ දරුවා නිවැරදි මනෝ උපදේශනයක් සඳහා යොමූකිරීමටයි.


🔵සෙම, හිසරදය, මිගේ්‍රන් හිසරදය වැනි තත්ත්වයන් නිසාද පාඩම් කිරිමේදී නිදිමත ගතිය ඇති වේ. එවැනි තත්ත්ව හඳුනාගෙන නිවැරදි වෛද්‍ය උපදෙස් සඳහා යොමූ කර රෝග පාලනයට අවශ්‍ය උපදෙස් ලබා දීම කළ යූතුයි.


🔵වෂය අවබෝධ කර ගැනීමට අපහසූ වීමද  නිදිමත ගතිය ඇතිවීමට ප්‍රධාන හේතුවකි. මෙවැනි පිරිස්  විශාල වශයෙන් සිටී. එය අධ්‍යාපනයට පීඩාකාරී තත්ත්වයකි. එම තත්ත්වය අවබෝධ කර ගනිමින් විෂය පහසූවන ක්‍රම අවබෝධ කර දීමෙන්ද දරුවාට සූබවාදී සිතිවිලි ඇති වී පාඩමට සතුටින් යොමූ වෙයි.


🔵කාල කළමනාකරණය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොවීම තුළ නිවැරදි නින්දක් රාත්‍රියේදී නොලැබීම තුළින් නිදිමත ගතිය ඇතිවන බව අමූතුවෙන් කිව යූතු නොවේ. එනම් රාත්‍රියේදී කඩින් කඩ අවදි වන සියලු දෙනා මෙම ප්‍රශ්නයට මූහූණ දෙයි.


බොහෝ වැඩිහිටියන්  උපදෙස් දෙන්නේ පැය 4 නිදාගන්නටයි.


එහෙත් එය නිවැරදි පැය ගණන නොවේ.


නින්ද යනූ ඉගෙන ගන්නා උපක්‍රමයකි. මෙය බොහෝ දෙනා නොදැනීම නිසා ඉගෙන ගන්නා දරුවන්ට ඇතිවන ප්‍රශ්න සූළු පටූ නොවේ.


🔵ළමයෙකු  පැය 6 ක නින්දක් ලැබීම ගැඹූරු මතකය එනම් පස් ගුණයකින් මතකය වැඩි කර ගැනීමට හේතු වේ.


එය මතක තබා ගත යූතු කරුණකි.ඇතැම් අයගේ හැඟීම අවදියෙන් සිටීම තුළ වැඩ බොහොමයක් කරන්නට හැකියාවක් ලැබෙන බවයි.. ඒත් එය එහෙම නෙමෙයි. හැකි තරම් හොඳ නින්දක් ලබා ගැනීම තුළ (පැය 6 ක කාලය) විෂය සරල කර ගැනීම තුළින් මනසේ උපරිම බලය අධ්‍යාපනයටම යොමූ කිරීමට හැකි වේ. කාල කළමනාකාරණය කරන ළමයෙකු නිදි කිරා වැටෙමින් පාඩම් කරන ළමයෙකුට  වඩා උසස් ප්‍රතිපල ලබා ගත හැකි බව විවාදයකින් තොරව ප්‍රකාශ කළ හැකි වේ.


🔵ඉගන ගන්නා සියලු දෙනා  බොහෝ නිදි නැතිව සිටීම එනම් ඇති තරම් නිදි නොලැබීම දිවා කාලයේදී උගන්වන කරුණූ ධාරණය කර ගැනීමද අපහසූ කරවයි. විෂය ධාරාවට අවධානය යොමූ කිරීම හා අවබෝධ කර ගැනීම දුර්වල වේ. හොඳ තීරණ එනම් නිවැරදි පිළිතුරු සැපීම අඩාල කරයි. විභාගයේදී හොඳ පිළිතුරු දෑන දෑනත් වෙනත් පිළිතුරු ලියන්නේ එවැනි දරුවන්ය.


🔵පාඩම් කරන විට  නිදිමත ඇතිවෙනවා කියන්නේ  දුර්වලකම නොව දෑනූම ලැබී තිබූණද එය වෙනස් කළ යූතු තැනක සිටිනවා යන්නයි. "නිවැරදි මාර්ගය පෙන්වා නොදීම නිසා ඇති වූ ප්‍රතිඵලයක් ලෙසයි.


අප විසඳුම් සෙවිය යූත්තේ අන්න ඒ ප්‍රශ්නයටයි.  ඔබගේ දුර්වලකමට ඔබගේ  සැඟ වී ඇති දක්ෂතා ඉදිරියට ගැනීමටයි.


පාඩමට අලස වීම, නිදිමත ඇතිවීම යන කරුණූවලට මූල සෙවීමටයි.


එසේ නැතිව නිදිමත නිසාවෙන් පාඩම අතපසූ වු දේ ගැන  තමන්ට දොස් නැගීම නොව නිිදිමතට සාධාරණ හේතුව සොයා ගැනීමටයි.


ඇතැම් අවස්ථාවල හේතුවක් නැතිව නිදිමත ඇතිවන අවස්ථාද තිබේ. එය මෝහනය මගින් ඉවත් කර මනසට ඉගෙනීමේ බලය ඇතුළු කිරීම තුළින් දරුවාගේ දක්ෂතා මතු කර ගත හැකි අවස්ථාවන්ද තිබේ.


🔰⚜️"මා මේ ඉගෙනගනු ලබන්නේ මාගේ අනාගතය තීරණය කරනා වු විෂය වේ. මගේ වෘත්තීය ම ජීවිතය තීරණය කරන්නා වු විෂය වේ. එබැවින් මාගේ උපරිම ජවය මෙම විෂය හොදින් අධ්‍යනය කිරීමට යොදවමි. කෙසේ හෝ (ඔබගේ අනාගත සිහිනය ) සිහිනය සැබෑ කරගනිමි"🔱🔰(මෙය ඔබගේ උදාන වාක්‍ය කරගන්න ඔබට නිතරම ඇස ගැටෙන තැනක මෙය සවි කරගන්න සිතට ගතට අලස බවක් දැනුනු විගස මෙම වාක්‍ය ඔබගේ අත මිට මොල‌ොව ශබ්ද නගා කියවන්න 👉 ඔබට අමුතු ජවයක් ලැබේ.)




ඔබට ජය වේවා

ස්තුතියි.💖

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.