මානසික, ශාරීරික සහ ආර්ථික වශයෙන් සුවපත් වන ආකාරය

සොබාදහමේ විශිෂ්ඨතම නිර්මාණය වන්නේ මනුෂ්‍යයා බව අප නිතර පවසන කාරණාවක්. මනුෂ්‍යයින්ගේ නියම අයිතිකරුවන් වන්නේ සොබාදහමයි. එයත් අප පවසා තිබෙනවා.






අද අපි කතාකරමු මනුෂ්‍යයින් විශ්වාස සහ අධිෂ්ඨානය සොබාදහම සමඟ සම්බන්ධ කර මානසික, ශාරීරික සහ ආර්ථික වශයෙන් සුවපත් වන ආකාරය පිළිබඳව.


සාමාන්‍යයෙන් මනුෂ්‍යයින්ගේ මනස දුර්වල වන විට ශාරීරික වශයෙන් ද දුර්වල වනවා. මානසිකවත් ශාරීරිකවත් දුර්වල වන විට ආර්ථික වශයෙන් ද කඩාවැටීමට ලක්වෙනවා.


සොබාදහමට අයිති මනුෂ්‍යයෝ මූලික වශයෙන් කළ යුතු අනිවාර්ය කාරණයක් වන්නේ තමන්ගේ මනස ශක්තිමත් ස්ථාවර තත්ත්වයක පවත්වා ගැනීමයි. මොනතරම් ගැටලු, ප්‍රශ්න, අභියෝග ආවත් නොසැලී මුහුණ දීමේ හැකියාවයි, මනස ස්ථාවර තත්ත්වයක පවත්වා ගන්නවා යනුවෙන් අදහස් වන්නේ.


කෙසේද මේ මනස ශක්තිමත්ව ස්ථාවරව පවත්වා ගන්නේ?


ඔබ සතු මනස නොහොත් සිත පොඩි දේකටත් නිතර සැලෙනවා නම්, නොදැනෙන, නොහැඟෙන මොකක්දෝ බියකින් පෙලෙනවානම්, එවැනිම වූ සැකයක් සිතේ තිබෙනවා නම්, ප්‍රීතියත්, සතුටත්, වින්දනයත් සිතට නොදැනෙනවා නම් ඔබ තේරුම් ගතයුතුයි ඔබේ මනස නැත්නම් සිත ව්‍යාකූල තත්ත්වයක පවතින බව.


එවැනි ව්‍යාකූල තත්ත්වයක ඔබේ සිත පවතින විට, ඔබට ඔබ ගැන විශ්වාසයක් ඇතිකර ගැනීමට නොහැකි වෙනවා. තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙන විට අධිෂ්ඨානය ගිලිහී යනවා. එහි බලපෑම කලින්ම එල්ල වන්නේ ශරීරයටයි. එවිට බාහිර පෙනුමේ ඇති සොබාව ටිකෙන් ටික අඩුවෙනවා. හිස බර ගතිය, කැක්කුම, නින්ද නොයාම, ක්ලාන්ත ගතිය, ආහාර ප්‍රිය නැති බව ඇතුළු විවිධ වූ රෝගී තත්ත්වයන් හටගන්නේ තමන්ගේ මනස නොහොත් සිත නිරවුල් තත්ත්වයෙන් ගිලිහී අවුල් ජාලාවක සිරවීම තුළයි.


මෙය වහාම වෙනස් කර ගත යුතු තත්ත්වයක්. මේ සඳහා බොහෝ ක්‍රමවේද තිබෙනවා. හසල දැනුමක් ඇති ගුරුවරයකු යටතේ සුදුසු භාවනා ක්‍රම වල යෙදීමයි, මනස නිරවුල් කර ගැනීමට හැකි ප්‍රධානතම ක්‍රමවේදය වන්නේ. එහෙත්, තමන් ගතකරන කාර්යබහුල ජීවිතය සමඟ බොහෝ අයට එය කළ නොහැකියි.


එසේ නම් අවම වශයෙන් සතියකට එක් වතාවක් හෝ සොබාදහමට අදාළ පූජනීය වෘක්ෂයක් ඇසුරු කරනවා නම්, මනස නිරවුල් කර ගැනීමට උපකාරී වන බාහිර ශක්තීන් තමන්ට ළඟාකර ගත හැකියි




බෝ ගස් සහ නා ගස් වැනි පූජනීය වෘක්ෂයන්ට මනුෂ්‍යයින් බොහෝ පිරිසක් පුද පූජා පවත්වමින් වන්දනාමාන කිරීම නිතර සිදුවන බව ඔබ දන්නවා.


ඔබට හැකි නම් අවම වශයෙන් සතියකට එක් දිනක් හෝ හිමිදිරි උදෑසන 05 ත් 06 ත් අතර කාලය තුළ තමන්ගේ මනස නිරවුල් වේවා! සිත සුවපත් වේවා…!! යන සිතිවිල්ල සිතේ තදින් ධාරණය කරගෙන පූජනීය වෘක්ෂයක් අසලට ගොස් එයට පුද සත්කාර කිරීම එනම්, වෘක්ෂය අසල අතුපතුගා පිරිසිදු කිරීම, මල් ආසන සෝදා පිරිසිදු කිරීම, තණකොළ වැනි වල් පැළෑටි ගලවා සුද්ධ පවිත්‍ර කිරීම ඇතුළු සිතට හැඟෙන යහපත් දේ කිරීම තුළින් ඔබගේ මනසට, සිතට මහත් අස්වැසිල්ලක් අත්වේවි.


එය ඒ මොහොතේම දැනෙන දෙයක්. මේ ක්‍රමවේදය කෙසේ හෝ සතියකට අවම වශයෙන් තෝරාගත් එක දිනක් හෝ කිරීමෙන් විශාල ප්‍රතිඵල ලබාගත හැකියි.


මෙහිදී සිදුවන්නේ විශාල පිරිසක් නිතර නිතර භක්තියෙන් හා විශ්වාසයෙන් යුතුව සොබාදමට අදාළ වෘක්ෂයකට වන්දනාමාන කිරීමේදී දැඩි භක්තියත් විශ්වාසයත් නිසා උපදින තරංග විශේෂ අදාළ ගස විසින් උරා ගැනීමයි. විශාල පිරිසක් නිතර නිතර වන්දනා කිරීමේදී මනුෂ්‍යයන්ගේ මනසේ උපදින තරංග විශේෂයන් ගස විසින් උරා ගැනීම නිසා ගස තුළ ප්‍රභල ශක්තියක් නිර්මාණය වීමයි.



උදෑසන 05 ත් 06 ත් අතර කාලය තුළ සොබාදහමට අයත් සියලු දේ ප්‍රබල සක්‍රීය තත්ත්වයකයි තිබෙන්නේ. මෙම කාලය තුළ මනුෂ්‍යයින් පූජනීය වෘක්ෂයක් අභියස සිට පෙර කී ආකාරයට සත්කාර කිරීමෙන් තමන්ගේ යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවීමට සුදුසු ශක්තීන් අදාළ වෘක්ෂය විසින් මනුෂ්‍යයාට ලබා දෙනවා. (ඉබේ ලැබෙනවා.) මෙය ඉතා නිවැරැදි සත්‍ය ක්‍රමයක්. පළමු දිනයේම ප්‍රතිඵල ලැබෙනවා.


අවිශ්වාසය හා සැකය ඉවත් කර සතියකට අවම වශයෙන් එක් දිනක් හෝ මෙය ක්‍රියාත්මක කර බලන්න. අනිවාර්යයෙන් උදෑසන 05 ත් 06 ත් අතර කාලය මේ සඳහා යෙදවීමට උත්සාහ කරන්න.


උදෑසන 06 වන විට ඔබේ සිතට මහත් සතුටක් ප්‍රීතියක් දැනේවි. ඒ ඔබ සාර්ථක වී ඇති බවට ලැබෙන ප්‍රථම හෝඩුවාවයි.


උපුටා ගැනිම: "දහම් මග  "

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.