ඇයි අපි අපෙන් උදව් අවශ්‍ය නැති අයට ත්‍යාගශ්‍රීලී වෙන්නේ ?

 


"මෙව්වා කීයටද විකුනන්නේ ?"
ඇය, තැඹිලි වෙළෙන්දාගෙන් ඇසුවේය.
"එකක් රු.80 යි නෝනා"
ඔහුගේ පිළිතුර විය.
"6 ක් ගන්නම් 400 කට දෙනවද?"
ඇය ඔහුගෙන් ඇසුවේය.
"හරි කමක් නෑ නෝනා. බොහොම ස්තුතියි මගෙන් තැඹිලි මිලදී ගත්තට. අද දවසට එක ගෙඩියක් වත් විකුණා ගන්න බැරුව හිටියේ."
මහලු තැඹිලි වෙළෙන්දාගේ පිළිතුර විය.
ඇය ලොකු ජයග්‍රහනයක් ලැබූ පරිද්දෙන් එම තැඹිලි ටිකද ගෙන ඇගේ ලස්සන හුරුබුහුටි කාරයට ගොඩ වී ගියේ ඇගේ හොඳම මිතුරියව කාර් එකට නග්ග ගැනීමේ අරමුණිනි.
මිතුරියගේ නිවස අසලට ගිය ඈ, මිතුරිය සමග හෝටලයකට යන්නෙහිය. ඇය සහ ඇගේ මිතුරිය තමාට කැමති ආහාර එම හෝටලයෙන් මිලදී ගෙන, ඉතා සුළු ප්‍රමාණයක් කෑ අතර, කෑවාට වඩා ප්‍රමාණයක් ඉතුරු කරයි.
පසුව ඈ බිල ගෙවන්න යන අතර ඔවුන්ගේ කෑම සඳහා අය කිරීම වන්නේ රු.1400 කි. 
රු.1500 ක් දෙන ඈ එම හෝටලේ අයිතිකරුට පවසන්නේ "ආ ඉතුරු 100 ය ඔයා තියාගන්න"යනුවෙනි.
මෙය හෝටලේ අයිතිකරුට නම් අලුත් හෝ අමුතු සිද්ධියක් නොවේ. නමුත් අසරණ තැඹිලි වෙළෙන්දාගේ කොනයෙන් බලද්දී නම් මෙය හිතට වේදනා ගෙන දෙන කරුණකි.


මෙසේ ලියමි,

ඇයි අපි හැමවෙලේම දුප්පත් හා අසරණ වෙළෙඳුන්ගෙන් යමක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම අපිට බලය ඇති බවට පෙන්වීමට උත්සහ දරන්නේ ?

ඒ වගේම ඇයි අපි අපෙන් උදව් අවශ්‍ය නැති අයට ත්‍යාගශ්‍රීලී වෙන්නේ ?

'සීයක් මේක බැලුවොත් අඩුමගානේ පස් දෙනෙක්වත් මේ දේ හිතටගනී.. 


උපුටා ගැනීමකි.

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.