![]() |
යටි සිත අවදි කිරිම ලිපි 01 |
පසුගිය කාලයේ ගොඩක් දෙනෙක් යට්සිත අවදි කරන ආකාරය එහෙමත් නැතිනම් යට්සිත සමග සන්නිවේදනය කරන ආකරය ගැන උනාන්දු වෙලා තිබුුුණා. යට්සිත අවදි කරන සරලම අභ්‍යසයක් පිළිබද ගැන කතා කරන්නයි මේ වැයම ලිපිය ඉවර වෙනකම් කියවද්දි ඔයාලාට එක දැන ගන්න ලැබෙයි.
ඉතින් අපි ක්‍රමය ගැන කතා කරන්න කලින් මනස එක්ක ගනුදෙනු කරන දේවල් එහෙම නැතිනම් න්‍යයික කරුණු කිහිපයක් පිළිබදව අවධණය යොමු කරලා ඉදිමු. මෙහිදි අපි යට්සිත පිළිබදව අවදානය යොමු කරපු ව්ද්‍යයන් හා එම ක්‍රම කිහිපයක් පිළිබදව අවධානය යොමු කරනවා.මෙහිදි අවසානයේ ඔයාලාට කරන්න සරල අභ්‍යසයක් තියනවා. මෙය ක්‍රම දෙකක් ඔස්සේ පැහැදිලි කරගනිමු.
- Napoleon Hill ගේ ක්‍රම.
- අවිඥාණක ආයාචනයයි.
(මේ 2 කොටසින් තමා ඔයාලා කරන අභ්‍යසය ගැන කතා කරන්නේ ආනිවාර්යෙන්ම කියවන්න ඔනේ කොටස)
01. Napoleon Hill
වසර 20ක පමණ කාලයක් කැප කොට ලෝකයේ සාර්ථක වූ මිනිසුන්ගේ ජීවිත පිළිබඳව අධ්‍යනය කළ අයෙකි.එසේ අධ්‍යනයක යෙදුණු ඔහු විසින් රචිත කෘතිය වන්නේ Think and grow rich නම් කෘතියයි.සැබවින්ම ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් තම සිත අවදි කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහු මෙයින් පෙන්වාදෙයි.
i) යටිසිත අවදි කරන්න
ඔහු පෙන්වාදෙන ප්‍රධානතම මූලධර්මය නම් යට් සිත අවදි කරන්න යනුවෙනි.ඔබේ අරමුණු වඩාත් පැහැදිලිව ඔබේම යටි සිතට පෙන්වාදෙන ලෙසට ඔහු යෝජනා කරයි.එනම් දිනන්න ඔබට ඇති බලවත් ආශාව පැහැදිලි කිරීමයි.එහිදී ඔබට අවශ්‍ය දේ වඩාත් පැහැදිලි ලෙස විස්තර සහිතව මනසින් දැකීමේ වැදගත්කම ඔහු පෙන්වාදෙයි.මෙය සාර්ථක වීමට ඇති මූලික පියවරයි.
ii) අරමුණ පැහැදිලි කරගන්න.
ඔබේ අරමුණ යටි සිතට පැහැදිලි කළ යුතු ආකාරය පිළිබඳව ද ඔහු සිය කෘතිය හරහා අපිට පෙන්වාදෙයි.ඒ අනුව ඔබට යම් මුදලක් අවශ්‍ය බව සිතන්න.හරියටම ගණන් මිනුම් සහිතව.ඒ වගේම ඔබ එය ලබාගන්නා දිනයත් ඔබට එම මුදල ලබාගැනීමට අවශ්‍ය දිනයත් පැහැදිලිව තීරණය කරන්න.ඉන්පසු එය ලබාගැනීම; වෙනුවෙන් පැහැදිලි සැලැස්මක් ඔබම ගොඩනගන්න.ඊළඟ පියවර ලෙස ඔබට ඔබේ අරමුණ පිළිබඳව කෙටි වාක්‍ය කිහිපයක් ගොඩනගාගත හැකියි.එම වාක්‍ය දවසට දෙවරක් එනම් උදෑසනම හා නින්දට පෙර ඔබට කියවිය හැකියි.මේ නම් ස්වයං යෝජනා කිරීමයි.ස්වයං යෝජනා ක්‍රමය වඩාත් බලවත් එකක් බව නැපෝලියන් සිය කෘතියෙන් පෙන්වාදෙයි.
Specify amount – What are you going to give in return – Specify date – Create a definite plan and start right away – Write 1-4 into a statement – Read statement 2× daily
iii) හැඟීම්වල ශක්තිය
මේ ලෝකයේ භාෂාවන් කොතෙක් පැවතියත් හැඟීම් තරම් ප්‍රබල භාෂාවක් නැති බව ඔබත් දන්නවා ඇති.එසේ නම් නැපෝලියන් මේ පවසන්නේ ඔබේ අරමුණට ඔබේ හැඟීම් මුහුකරමින් එය ඔබ දිනූ බව මනසින් දකින ලෙසයි.උදාහරණයක් ලෙස ඔබට සුඛෝපභෝගී නිවසක් අවැසි නම් ඒ ඔබේ අරමුණ නම් ඔබ ඔබේ නිවසේ සැරිසරන ආකාරය මනසින් දකින්න.සදළුතලයේ සිටින ඔබට සිහිල් සුළං රැළි මුහුණත දැවටෙන ආකාරය ඔබ මනසින් දකින්න.ඔබේ නිවසට පැමිණෙන අමුත්තන්ට ඔබ සංග්‍රහ කරන ආකාරය,ඔවුන් සමග සිනහසෙන ආකාරය ඔබ මනසින් දකින්න.මේ ඔබ ඔබේ අරමුණට හැඟීම් මුහු කිරීමයි.
iv) ධෛර්යය සම්පන්න බව
සාර්ථක මිනිසෙකුට තිබිය යුතුම දෙය නම් ධෛර්යය සම්පන්න බවයි.ඔබේ හැකියාවන් ගැන ඔබ විශ්වාස කරන්න.කැපවෙන්න,වැඩ කරන්න.ඔහු පවසන්නේ පලා යන මිනිසුන් කවදාවත් දිනන්නේ නැති බවත් දිනන මිනිස්සු කිසිදාක පලා නොයන බවත් ය.එසේ නම් ඔබ ඔබේ අරමුණු අතහැර පලායන අයෙක් නොවන්න.ධෛර්යය සම්පන්න බව සාර්ථකත්වය ළඟා කරන බව ඔහු පෙන්වාදෙයි.
එසේ නම් ඔබත් ඔබේ යටි සිතට ඇහුම්කම් දෙන්න.එය දිවා රෑ දෙකෙහිම අවදිව ඇති බවත් ක්‍රියාත්මක වන බවත් අමතක නොකරන්න.