උඹට පුලුවන්ද.....
උඹේ ඇත්තම ස්වරූපය උඹ ආදරේ කරන එකාට පෙන්නන්න..
තියෙන ඇදුමක් ඇදගෙන බාටා කෑලි දෙකක් හරි දාගෙන යන්න...
ෆර්ෆියුම් නැතුවට දාඩිය පෙරාගෙන හරි උඹේ එකා එකී ලගට යන්න...
අතේ සල්ලි නෑ කියලා බය නැතුව කියන්න...
මැක්ඩොනල්ස් කේෆ්සි නැතත් පෙට්ටි කඩේකින් හරි වඩයක් කාලා ප්ලේන්ටියක් බොන්න...
රෝද හතරක් නැතුවට තියෙන බයික් එකේ හරි නැත්තම් පයින් හරි අතේ එල්ලිලා යන්න...
මේකප් එකක් නැතුව අහුවෙන ඇදුමක් දාගෙන යන්න...
බයක් නැතුව ඕනෙම වෙලාවක උඹේ ෆෝන් එක දෙන්න...
උඹේ නැති බැරිකම් ලැජ්ජාවක් නැතුව උඹේ කෙල්ලා කෙල්ල ඉස්සරහා පෙන්නන්න...
මේවයින් කීයෙන් කීයක් උඹට පුලුවන්ද කියලා හිතපන්. ගොඩක් උන්ට බෑ. කරන්නෙම රගපෑමක්..
නැති උනත් තියෙනවා කියලා පෙන්නන්න මාර ගේමක් දෙනවා....
ඇයි...
ඇයි එහෙම කරන්නෙ
ආදරේ කරන එකා ඉස්සරහා උඹට උඹම වෙන්න බැරි ඇයි....
හැමදේම තියෙද්දි ආදරේ කරන එකෙක් නෙවෙයි මොන දේ නැතත් උඹට ආදරේ කරන එකෙක් හොයගනින්.......
එහෙම එකෙක් කවදාවත් උඹව අතහරින්නෙ නෑ හැමදේම ගොඩනගාගන්න උඹට හයියක් වෙයි. ලගින් ඉදන් පොඩි තල්ලුවක් දෙයි...
" අපි එකතු වෙලා ටික ටික හැමදේම
හදාගමු "
"අපි දෙන්නම එකට ඒ ටාගට් එකට යමු "
ඒ ටික නෙවෙයිද අපි අපේ පාට්නර්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.....
පොත්තෙ සුදයි
අදින ඇදුමයි
ගාන ෆර්ෆියුම් එකයි
පදින වාහනෙයි
කන්නෙ මැක්ඩොනල්ස් ද කේෆ්සි ද
කියන එකයි නෙවෙයි....
උඹ ඉන්න තත්වෙ මොකක්ද කියලා හරියට දැනගෙන උඹ එක්ක ඉන්න එකෙක්ට ලංවෙයන්...
බබා මැක්ඩොනල්ස් යමුද අහන එකෙක් නෙවෙයි ඔයා අතේ සල්ලි තියෙද ඔයා කාලාද ඉන්නෙ කියලා හොයන එකෙක් ඕන...
ඒ වෙලාවට සල්ලි නෑ මං කෑවෙ නෑ කියලා හරි කියන්න තරම් හිත නිදහස් වෙන්න
ඕනෙ උඹේ එකා එකී ලග.....
හැමදේම තියෙන තැනක නවතිනවට වඩා මොකුත්ම නැති තැනක නැවතිලා හැමදේම හදාගත්තම පැවැත්මක් තියෙනවා..
.
තමන්ගේ එකා එකී ඉස්සරහා උඹ උඹම වෙයන්...
උඹේ ඇත්ත ස්වරූපය ජීවත් කරවපන්...
එහෙම එකතු වුන හිත් දෙකකට දුර ගමනක් යන්න පුලුවන් ඒ ආදරේ හරි ශක්තිමත් ❤️