"අනේ මල්ලි මේකට මොකක් හරි කරලා දෙන්න, ලොකු උදවුවක්. මට මොකුත් හිතාගන්න බැරුවහ්"
ක්‍රීන්... ක්‍රීන්... ( දුරකතනය නාද වෙයි )
"හෙලෝ රමේශ්"
"අනේ මම දන්නෙ නෑ. අනේ මාව විශ්වාස කරන්න. ප්ලීස්."
"අනේ එහෙම කරන්න එපා"
"රමේශ්... රමේශ්.."
(දුරකතනය තබමින්)
"මල්ලි ඔයාට පේනවනෙ මම ඉන්න තත්වෙ, කොහොම හරි මම වැරදි නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්නයි මට ඕනි. මේක උනේ කොහොමද කියලා හොයලා දෙන්න"
"හරි අක්කා කලබල වෙන්න එපා මේ වගේ වෙලාවට කලබල වෙලා වැඩ කරන්න බැහැ. අපි ඉවසීමෙන් මේ ගැන හොයලා බලලා මොකක් හරි කරමු."
දැන් ටිකකට කලින් මම අදුරන අක්කා කෙනෙක් ආවා. එයාගෙ boyfriendට උදේ facebook එකට photos වගයක් ඇවිත් තියෙනවා. මේ photosවල තිබිලා තියෙන්නෙ අර අක්කා කොල්ලෙක් එක්ක ආදරනීය විදියට කරපු චැට් වල screenshot ටිකක්. මෙතනදි අක්කා එයාගෙ පොටෝස් ටිකකුත් යවලා තියෙනවා screen shotවල පේන්න තියෙනවා. ඒත් අක්කා කියන්නෙ එයා කොහොමවත්ම මෙහෙම කිසි කෙනෙක් එක්ක චැට් කරලා නෑ කියලා. ඒ වගේම ඒ screen shotවල තියෙන අක්කගෙ photos තියෙන්නෙ එයාගෙ phone එකේ විතරමයි කියලත් එයා කියනවා.
හරි මගේ First Mission එක තමයි මේ photos වෙන කෙනෙක්ට ලැබුනෙ කොහොමද කියලා හොයාගන්න එක. අපේ photos , videos වගේ දේවල් වෙන කෙනෙක් අතට යන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි අපි phone එකට දාගන්න හානිදායක apps.
"අක්කෙ අක්කගෙ පෝන් එක ටිකක් දෙන්නකො"
හරි මම පෝන් එකේ තියෙන apps ටික නිකන් බැලුවා. පේන්න මොකුත් හානිදායක apps නෑ. ඒත් හැංගිලා තියෙන්න පුළුවන්. ඒ නිසා phone එකේ setting වලින් ගිහින් තියෙන apps ටික බැලුවා. මෙන්න තියෙනවා beauty cam කියලා app එකක්. ඒක නම් මගේ හිතට ඇල්ලුවෙ නෑ.
"අක්කෙ මේ app එක කොහෙන්ද ගත්තෙ"
"ඕක මල්ලි මට ෆේස්බුක් එකෙන් කෙනෙක් දුන්නෙ"
"අදුරන කෙනෙක්ද"
"නෑ අදුරන්නෙ නම් නෑ. මම දාන පෝස්ට්වලට කමෙන්ට් කරන කෙනෙක්"
හරි මම යන පාර හරි කියලා මට තේරුනා. ඒ ඇප් එක හරහා තමයි අක්කගෙ පොටෝ වෙන කෙනෙක්ට ලැබිලා තියෙන්නෙ. අපි apps ගද්දි playstore එකෙන් විතරක් ගන්න මතක තියාගන්න ඕනි. මොකද playstore එකෙන් අපිට ලොකු ආරක්ෂාවක් දීලා තියෙනවා. අපි වෙන තැන්වලින් ගන්න ඇප්වලින් අපේ විවිධ තොරතුරු වෙනත් කෙනෙක් ලගට යන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩී.
මගේ Third Mission එක උනේ මේ ෆේස්බුක් එකවුන්ට් එකේ කෙනා හානිදායක ඇප් එක එව්වෙ හිතලමද නැද්ද කියලා හොයාගන්න එක. ඒකට මට එයත් එක්ක කතා කරන්නම වෙනවා. ඒත් කෙලින්ම කතා කලොත් සැක හිතන්න පුළුවන්. ඔව් එයාම msg එකක් දම්මන්න සලස්වන්න ඕනි. මම හැදුවා පොඩි web page එකක්. මේ web page එකට දැන්මා අක්කගෙ පොටෝ ටිකක්. ඊලගට කලේ අක්කගෙ ෆේස්බුක් අකවුන්ට් එකෙන් status එකක් දාන එක.
( මම පොඩි කොල්ලෙක්. විනෝදෙට කරන්නෙ කම්පුටර්ස් සම්බන්ධ වැඩ කෑලි ඉගෙන ගන්න එක. අද මට ලොකු රාජකාරියක් ලැබිලා තියෙන්නෙ. මගේ internet එක ගැන computers ගැන තියෙන දැනුමෙන් වැඩක් ගන්න වෙලාව. )
මම Second Mission එක විදියට කරන්න ඕනි මේ ඇප් එක එවපු කෙනා ගැන තොරතුරු හොයන එක. මේක ෆේක් account එකක්. මාස කිහිපයකට කලින් හදලා තියෙන්නෙ. අකවුන්ට් එක හදපු දවස්වල ඉදලම අක්කගෙ අකවුන්ට් එකේ දේවල්වලට ලයික් කමෙන්ට් කර කර ඉදලා තියෙනවා. ඒකෙන් මට හිතුනෙ මෙයා අවස්ථාවක් එනකන් අක්කව follow කරලා තියෙනවා කියන එක. එයාට පෙරේදා අවස්ථාවක් ලැබිලා තියෙනවා. පෙරේදා අක්කා ස්ටේටස් එකක් දාලා තියෙනවා " හොද beauty camera app එකක් කියන්නකො " .
ඔන්න අර ෆේක් අකවුන්ට් කාරයගෙ අවස්ථාව. එයා අක්කගෙ පෝන් එකේ තියෙන photos ගන්න පුළුවන් වෙන්න app එක වෙනස් කරලා අක්කට එවලා තියෙනවා. එහෙමත්_නැත්නම් මේ ෆේක් අකවුන්ට් එකේ කෙනත් වෙන කොහෙන් හරි ගත්ත ඇප් එකක් අහම්බෙන් අක්කට එව්වා වෙන්නත් පුළුවන්.
"අනේ මගේ පොටෝ ටිකක් කවුද web site එකකට දාලා කාට හරි උදවු කරන්න පුළුවන්ද "
ඕක තමයි දාපු status එක. මගේ වැඩේ සාර්ථකයි. අර ෆේක් අකවුන්ට් කාරයා msg එකක් දැන්මා,
"මොකක්ද නංගි වෙලා තියෙන්නෙ? "
"අනේ අයියෙ මේ බලන්නකො මගේ පොටෝ ටිකක් මේ web එකේ තියෙනවා."
මේ විදියට මම හදපු වෙබ් එකේ url එක යැවුවා. මම මේ web එක හැදුවෙ ඒක බලන අයගෙ විස්තර save වෙන විදියට. ( device එකේ වර්ගෙ , screen size , oparating system එක වගේ විස්තර ). මාලුවා ඇම කෑවා. ෆේක් මෑන් මම දීපු url එකට ගිහින්. මට එයාගෙ විස්තර ටික ලැබුනා.
මම ඊලගට මේ හොයාගත්ත විස්තර ඔක්කොම අර අක්කගෙ boyfriendට කියලා තේරුම් කරලා දුන්නා. ඊලගට මම තව website එකක් හැදුවා. ඒකෙ මොකුත් නැහැ. ඒකට ගියාමත් කලින් වගේම විස්තර එන එක විතරයි වෙන්නෙ. ඊට පස්සෙ මම අක්කගෙ boyfriendට කිව්වා,
" අයියෙ අයියට screenshot එවපු කෙනාට මේ link එක යවන්න. යවලා කියන්න `මම මේ කෙල්ලට ගොඩක් ආදරේ කලා ඒත් මම රැවටුනා.` මේ විදියට. එතනින් පස්සෙ එයාට msg කරන්න එපා. ලින්ක් එක මොකක්ද ඇහුවත් මොකුත් කියන්න එපා. එයාට බලන්න දෙන්න "
" හරි මල්ලි මම කරන්නම් "
වැඩේ හරි ටික වෙලාවකින් මට ඒ කෙනාගෙ විස්තර ටිකත් ලැබුනා. මම හිතුවා හරියටම හරි. අර අක්කට ඇප් එක දුන්න කෙනාම තමයි මේ ෆේක් චැට්වල screenshot යවලා තියෙන්නෙ. device එක browser එක oparating system එක හැම දේම සමානයි. මගේ mission එක complete අක්කා වරදක් කරලා නෑ කියලා ඔප්පු කලා.
ඒත් ඉවර නෑ. ඊලග කොටසින් බලමු මේ ෆේක් අකවුන්ට් එකේ වෙස් මූණ ගලවපු විදිය. මතක තියාගන්න internet එක ඇතුලෙ නොදන්න අය වැඩිය ලං කර ගන්න එපා. විශේෂයෙන් social meadiaවල මිනිස්සු ආස්‍රය කරද්දි පරිස්සමින්. ඒ වගේම ප්‍රසිද්ධ නැති apps ,software එහෙම ගන්න එපා. විශේෂයෙන් පෝන් එකට apps ගද්දි playstore එක පාවිච්චි කරන්න.
The Internet is a weapon. Be careful.
උපූටා ගැනීමකි.